News Category
From Date
To Date
Maximum Number of Result

මෙරට ආර්ථික මධ්‍යස්ථාන 6ක් ඉන්දියානු සමාගමකට විකිණීම සඳහා පිඹුරුපත් සකසමින් සිටින බවත්, කළමනාකරණය යටතේ බව පවසමින් මෙම මධ්‍යස්ථාන හය ඉන්දියානු සමාගමකට ලබාදීම මෙමගින් සිදු කරන බවත් ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා පවසයි.

මෙරට ප්‍රධාන පෙළේ ආර්ථික මධ්‍යස්ථාන හයක් කළමනාකරණය සහයෝගිතා ගිවිසුමක් හරහා විදේශ රටකට පවරා දීමේ රජයේ සූදානමක් ඇතැයි කෘෂි ක්‍ෂේත්‍රයේ ආරංචිමාර්ග පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම සඳහා වූ ආංශික අධීක්ෂණ කාරක සභාව පසුගිය බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වූ අවස්ථාවේදී අනාවරණය වී ඇත්තේ පසුගිය වසර තුළ රට පුරා විදුලිය විසන්ධි කිරීම් මිලියනයකට අධික සංඛ්‍යාවක් සිදු කරඇති බවයි.

බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයට ආධාර අනුබල දුන් ඌරගහ මයිකල් සහ බූස්සේ හර්ෂ යන දෙදෙනා සහ වෙඩි තැබීම සිදුකළ බවට සැක කෙරෙන දෙදෙනෙකු ඩුබායිහි දී එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

දෙදහස් නවයේ විදුලිබල පනතේ 30 වැනි වගන්තිය අනුව විදුලිබල මණ්ඩලයට ලාභ ලැබිය නොහැකි බැවින් එම මණ්ඩලය ලැබුවා යැයි කියන රුපියල් බිලියන හැටකට ආසන්න ලාභය මෙම රටේ සමස්ත විදුලි පාරිභෝගිකයන් අතරේ රුපියල් දොළොස්දහස බැගින් බෙදා දිය යුතු යැයි විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා පවසයි.

කොක්කුතුඩුවායි සමූහ මිනිවළ 1994 - 1996 දක්වා කාලයට අයත්විය හැකි බවට සමූහ මිනිවළ සම්බන්ධයෙන් කැනීම් කටයුතුවලට එක්වු පුරාවිද්‍යා නිලධාරීන් නිගමනය කරන බවට මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තාවක් මඟින් දන්වා ඇතැයි, මුලතිව් දිස්ත්‍රික් රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි කනකසභාපති වාසුදේව පවසයි.

ඉන්දියාවේ ධන කුවේරයන් ලංකාවට පැමිණ සෙල්ලම් දමන තත්පොළක් බවට අද මෙරට පත්ව ඇති බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ද මෙරට රුදුරු අත්හදා බැලීම් සිදුකරමින් සිටින බවත් ජන අරගල ව්‍යාපාරයේ විධායක කමිටු සාමාජික වසන්ත මුදලිගේ මහතා පවසයි.

පවතින තත්ත්වය මත ඉදිරියේදී මැතිවරණයක් පවත්වනු ඇතිද යන්න විශ්වාසයක් නොමැති බව ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන ස්වාමීන් වහන්සේ පැවසූහ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව නොගොස් ඡන්ද කල් දමනවා නම් එය වැරදි බවත්, ව්‍යවස්ථාවෙන් විධායකයට මැතිවරණ කල්දැමීමට බලයක් ලබාදී නැතිබවත් පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.


දේශීය පුවත්

යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් සමඟ වෙසක් පොහෝ දින අට සිල් සමාදන් වූ උපකුලපතිවරයා..

යාපනය විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා වන මහාචාර්ය ශ්‍රී සත්ගුණරාජ් මහතා වෙසක් පොහෝ දින විශ්ව විද්‍යාල සිසුන් සමඟ අට සිල් සමාදන් වී තිබේ.

රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?

මේ වන විට දිවයින පුරා පැපොල රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබුණද, රෝගය වැළැක්වීමට උපකාරී වන වරිසෙල්ලා එන්නත දැනට රජයේ රෝහල් ගබඩාවල නොමැති බව වාර්තා වේ.

අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරය බලරහිත කරන්නැයි ඉල්ලු පෙත්සම සලකා බලන්න දින දෙයි..

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම තහවුරු කිරීම සඳහා ජුනි මස 26 වන දා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.

ඡන්දේ කාලේ කුඩු බෙදූ විපක්ෂයේ අය හෙළිකරන්නැයි චතුරංග අබේසිංහට කියයි..

නි. අමාත්‍ය චතුරංග අබේසිංහ පසුගිය මැතිවරණ සමයේ සිය පාක්ෂිකයන්ට මත්ද්‍රව්‍ය ලබාදුන් සියලු විපක්ෂ සාමාජිකයන්ගේ නම් හෙළිකළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් පවසයි.

ආනයන වියදම 11.1% කින් ඉහළට..

මේ වසරේ (2025) පළමු මාස තුනේදී ශ්‍රී ලංකාවේ මුළු වෙළෙඳ භාණ්ඩ ආනයන වියදම සියයට 11.1කින් ඉහළ ගොස් ඇත.

අපි සන්ධානවලට නැහැ - සාගර කියයි..

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කිසිම පක්ෂයක් සමග සන්ධානගත වීමට අපේක්ෂා නොකරන බව එම පක්ෂයේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පවසයි.

ජනපති අනුර කොළඹින් ගෙයක් හොයනවලු..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් කොළඹින් නිවසක් සොයමින් සිටින බව සමගි ජන බලවේග ආසන සංවිධායක හිටපු පළාත් සභා මන්ත්‍රී වරුණ රාජපක්ෂ මහතා සඳහන් කරයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.