News Category
From Date
To Date
Maximum Number of Result

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ආසියා පැසිපික් සමුළුවේ දී පැවසුවේ ඉතිහාසයේ විශාලතම පෞද්ගලීකරණය තමන්ගේ ආණ්ඩුව යටතේ ක්‍රියාත්මක වන බව යැයිද, අනුප්‍රාප්තික ජනාධිපතිවරයකු වන ඔහුට ලැබී ඇත්තේ ගෝඨාභය හිටපු ජනාධිපතිවරයා ඉදිරිපත් කළ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට ජනතාව ලබාදුන් ජනවරම ඉදිරියට ගෙනයාම වුවද එම ප්‍රතිපත්ති ප්‍රකාශනය ගොඩනැගී තිබුනේ පෞද්ගලීකරණය හා රට විකිණීමට එරෙහිව බවද ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පෙන්වා දෙයි.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නොයෙල් ප්‍රියන්ත මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වෙයි.

දේශපාලකයන්ට සිංහල භාෂාව අවශ්‍ය වන්නේ ඡන්ද ලබා ගැනීමට පමණක් යැයි මහාචාර්ය සඳගෝමි කෝපරහේවා කොළඹ 7 පදනම් ආයතනයේ පැවති මවු භාෂා දින ජාතික සැමරුම් උත්සවයේදී ඊයේ (පෙබ. 21) චෝදනා කළේ ය.

රට ඉන්දියානුකරණයට භාජනය වන්නේ නම් එයට විරුද්ධ බවත්, ඉන්දියානු රුපියල මෙරට භාවිතයට පැමිණෙන්නේ නම් හා මෙරට ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වන්නේ නම් එයට විරුද්ධ බවත් විශ්‍රාමික රියර් අද්මිරාල්, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි.

ඉන්දියානුවන්ට මෙරට රැකියා වෙළඳපළ සහ වෙළඳාමට නිදහසේ පිවිසිය හැකි ආකාරයට සැකසෙමින් තිබෙන එට්කා ගිවිසුම අත්සන් තැබීමට ඉඩදී නිහඬව සිටියහොත් මේ සියවසේ, මේ රටට එරෙහිව අගතිදායකම දේ සිදුකළ පිරිස බවට වත්මන් මැති සබය පත්වන බවට ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අවධාරණය කරයි.

ඉන්දියාව කියන සාධකය මෙරටට නොසලකා හැරිය නොහැකි දෙයක් බවත්, චීනයට ශ්‍රී ලංකාව සමග ඇති සම්බන්ධය ආර්ථිකමය සම්බන්ධයක් වුවද, ඉන්දියාවට ශ්‍රී ලංකාව සමග ආර්ථිකමය හා ආරක්ෂාව සම්බන්ධයෙන්ද සම්බන්ධයක් ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා පවසයි.

සත්‍ය, සමඟිය සහ සංහිඳියාව සඳහා වූ කොමිසමේ පනත් කෙටුම්පත පිළිබඳ මල්වතු, අස්ගිරි මහා නා හිමිවරු වෙත පිළිගැන් වූ බව ජනාධිපති කාර්යාලය පවසයි.

රුසියාව ඇත්ත වශයෙන්ම සාම්ප්‍රදායික නොවන ලිංගික දිශානති සහිත පුද්ගලයන්ගේ ක්‍රියාකරකම් දරුවන් ඉලක්ක නොකර හෝ ඔවුන්ගේ මනාපයන් ප්‍රකාශ නොකරන තාක් කල් ඉවසා සිටින බව ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ඊයේ(20) පැවසීය.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ ඉරාන විදේශ කටයුතු අමාත්‍ය හොසේන් අමීර් අබ්දුල්ලාහියාන් (Hossein Amir-Abdullahian) මහතා අතර, සාකච්ඡාවක් (20) අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.


දේශීය පුවත්

යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් සමඟ වෙසක් පොහෝ දින අට සිල් සමාදන් වූ උපකුලපතිවරයා..

යාපනය විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා වන මහාචාර්ය ශ්‍රී සත්ගුණරාජ් මහතා වෙසක් පොහෝ දින විශ්ව විද්‍යාල සිසුන් සමඟ අට සිල් සමාදන් වී තිබේ.

රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?

මේ වන විට දිවයින පුරා පැපොල රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබුණද, රෝගය වැළැක්වීමට උපකාරී වන වරිසෙල්ලා එන්නත දැනට රජයේ රෝහල් ගබඩාවල නොමැති බව වාර්තා වේ.

අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරය බලරහිත කරන්නැයි ඉල්ලු පෙත්සම සලකා බලන්න දින දෙයි..

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම තහවුරු කිරීම සඳහා ජුනි මස 26 වන දා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.

ඡන්දේ කාලේ කුඩු බෙදූ විපක්ෂයේ අය හෙළිකරන්නැයි චතුරංග අබේසිංහට කියයි..

නි. අමාත්‍ය චතුරංග අබේසිංහ පසුගිය මැතිවරණ සමයේ සිය පාක්ෂිකයන්ට මත්ද්‍රව්‍ය ලබාදුන් සියලු විපක්ෂ සාමාජිකයන්ගේ නම් හෙළිකළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් පවසයි.

ආනයන වියදම 11.1% කින් ඉහළට..

මේ වසරේ (2025) පළමු මාස තුනේදී ශ්‍රී ලංකාවේ මුළු වෙළෙඳ භාණ්ඩ ආනයන වියදම සියයට 11.1කින් ඉහළ ගොස් ඇත.

අපි සන්ධානවලට නැහැ - සාගර කියයි..

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කිසිම පක්ෂයක් සමග සන්ධානගත වීමට අපේක්ෂා නොකරන බව එම පක්ෂයේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පවසයි.

ජනපති අනුර කොළඹින් ගෙයක් හොයනවලු..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් කොළඹින් නිවසක් සොයමින් සිටින බව සමගි ජන බලවේග ආසන සංවිධායක හිටපු පළාත් සභා මන්ත්‍රී වරුණ රාජපක්ෂ මහතා සඳහන් කරයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.