27 වනදා The Island පුවත් පතේ පලවූ ලින් ඔකර්ස්ගේ රුසියානු විරෝධී ලිපියට ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයෙන් දැඩි විරෝධය
ඊයේ(27) පලවූ "The Island" පුවත් පතේ "Huge Question marks remain over Ukraine and Gaza (යුක්රේනය සහ ගාසා තීරය සම්බන්ධයෙන් දැවැන්ත ප්‍රශ්නාර්ථ ලකුණු ඉතිරිව පවතී) " යන මාතෘකාව යටතේ ලින් ඔකර්ස් විසින් රචිත ලිපියක් සම්බන්ධයෙන් රුසියානු තානාපති කාර්යාලය දැඩි විරෝධය පල කර තිබේ. ලින් ඔකර්ස් මහතා සිය ලිපිය මගින් ඇඩොල්ෆ් හිට්ලර් යුරෝපය අත්පත් කර ගැනීමට කළ ලේ වැකි යුද්ධය සහ යුක්රේනයේ රුසියානු භාෂාව කතා කරන ජනනයාට වෙනස් කොට සැලකීමෙන් සහ එම ජනයා විනාශාකර අවසන් කිරීමට ගන්නා උත්සාහය ව්‍යවර්ථ කිරීමේ අරමුණු කරගත් රුසියාව යුක්රේනයේ කරනු ලබන විශේෂ හමුදා මෙහෙයුම සමඟ සංසන්දනය කිරීම ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය දැඩි ලෙස හෙලා දකින බවද පවසයි. ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසා තිබේ. ලින් ඔකර්ස් මහතා සිය ලිපිය මගින් සාවද්‍ය මතයක් ශ්‍රී ලංකාවේ පාඨකයා වෙත පැටවීමට උත්සහා ගන්නා බවද මාධ්‍ය නිවේදනය මගින් වැඩිදුරටත් පවසයි.
මේ වන විට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය ඉදිරිපත් කර ඇති සාම සැලැස්ම නාසි ජර්මනියේ මියුනිච් ගිවිසුම සමඟ සමාන කිරීමට ලින් ඔකර්ස් මහතා දරන උත්සාහය ද රුසියානු තානාපති කාර්යාලය දැඩි ලෙස හෙළා දකින බවද එම මාධ්‍ය නිවේදනය පවසයි. මියුනිච් ද්‍රෝහී විධිවිධාන පිටුපස සිටි මහා බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය සම්බන්ධයෙන් ලින් ඔකර්ස් සඳහන් නොකරන්නේ මන්දැයි මාධ්‍ය නිවේදනය ප්‍රශ්න කරනු ලබයි. යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි ගේ නාසි සහ කියෙව්හි දූෂිත තන්ත්‍රයට එරෙහිව රුසියාව ගත් සාධාරණ ක්‍රියාමාර්ගයට එරෙහිව දොස් පැවරීමෙන් ඔකර්ස් මහතා ඇත්ත වශයෙන්ම තමන් නව-නාසි දෘෂ්ටිවාදයේ ආධාරකරුවෙකු බව ඔප්පු කරන බවද මාධ්‍ය නිවේදනය පවසයි.
අවසාන වශයෙන් ඔස්කර් මහතා වැනි අය පලකරන ඕනෑම රුසියානු විරෝධී මතයකට දැඩි ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය සතු බවද එම නිවේදනය අවධාරණය කරනු ලබයි.

සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්