News Category
From Date
To Date
Maximum Number of Result

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේ විශ්වාසයත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් උල්ලංඝනය කර ඇති බව පවසමින් සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානය කථානායකවරයාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවට අත්සන් තැබීම ආරම්භ කර තිබේ.

ශ්‍රී ලංකාවේ ඉන්ධන වෙළෙඳපොළ තරගකාරීත්වය වැඩිකරමින් ඔස්ට්‍රේලියාවේ "යුනයිටඩ් පෙට්‍රෝලියම්" සමාගම මෙරට වෙළෙඳපොළට අවතීර්ණ වී තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකු සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම ශ්‍රී ලංකා මහ බැංකු පාලක මණ්ඩලයේ අනුමැතිය සහිතව වෘත්තිය සමිති හා එළැඹ ඇති එකඟතා ගිවිසුමට අනුකූලව සිදුකර ඇති බව මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ඔක්තෝබර් මාසයේ පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා නිර්පාක්ෂික අපේක්ෂකයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වන බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

මාර්තුවේ දී එට්කා ගිවිසුම අත්සන් කිරීමෙන් පසු ඕනෑම ඉන්දියානුවකුට රැකියාවකට, වෙළඳාමකට ශ්‍රී ලංකාවට නිදහසේ පැමිණිය හැකි බවත් කලක් ගත වන විට ශ්‍රී ලංකාව ඉන්දියානුවන්ගෙන් පිරී යාම සහ ශ්‍රී ලාංකිකයන් මේ රටේ සුළුතරය බවට පත්වීම නොවැළැක්විය හැකි බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

එක්සත් ජනරජ පෙරමුණ විසින් ‘දේශය වෙනුවෙන් එක්වන පියවරක්’ නමින් ජනගත කරනු ලැබූ පොදු අවම වැඩපිළිවල යටතේ සියලු පක්ෂ සමඟ සාකච්ජා සිදුකිරීමට යෝජනා වූ අතර එහි එක් පියවරක් වශයෙන් එක්සත් ජාතික පක්ෂය, එක්සත් ජනරජ පෙරමුණ වෙත ආරාධනයක් සිදුකර තිබිණි.

මෙරට රැඳී සිටින රුසියානු සහ යුක්‍රේන සංචාරකයින් දින 14ක් ඇතුළත රටින් පිට විය යුතු බවට කැබිනට් අනුමැතියකින් තොර ව කර ඇති දැනුම්දීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නියෝග කර තිබේ.

රජය දේශීය සහ විදේශීය වශයෙන් ලබා ගෙන ඇති සමස්ත ණය ප්‍රමාණය 2023 වසරේ ඔක්තෝබර් වන විට රුපියල් බිලියන විසිඅටදහස් අනූහතරයි දශම හයයි නවයක් (28094.69ක්) බවත් ඒ අනුව ඒක පුද්ගල ණය ප්‍රමාණය රුපියල් දොළොස්ලක්‍ෂ හැටපන්දහසකට (12,65,000 කට) ආසන්න වී ඇති බවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පවසයි.

නැගෙනහිර පළාතේ මහ ඇමැති සෙන්දිල් තොණ්ඩමන් තම බලය පාවිච්චි කරමින් නැගෙනහිර පළාතේ ඉඩම් මහා පරිමාණයෙන් හිතවතුන් අතර බෙදාදෙන බව සහ මුදලට විකුණන බවට පළාතේ මහජනයා පැමිණිලි කරති.


දේශීය පුවත්

යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් සමඟ වෙසක් පොහෝ දින අට සිල් සමාදන් වූ උපකුලපතිවරයා..

යාපනය විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා වන මහාචාර්ය ශ්‍රී සත්ගුණරාජ් මහතා වෙසක් පොහෝ දින විශ්ව විද්‍යාල සිසුන් සමඟ අට සිල් සමාදන් වී තිබේ.

රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?

මේ වන විට දිවයින පුරා පැපොල රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබුණද, රෝගය වැළැක්වීමට උපකාරී වන වරිසෙල්ලා එන්නත දැනට රජයේ රෝහල් ගබඩාවල නොමැති බව වාර්තා වේ.

අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරය බලරහිත කරන්නැයි ඉල්ලු පෙත්සම සලකා බලන්න දින දෙයි..

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම තහවුරු කිරීම සඳහා ජුනි මස 26 වන දා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.

ඡන්දේ කාලේ කුඩු බෙදූ විපක්ෂයේ අය හෙළිකරන්නැයි චතුරංග අබේසිංහට කියයි..

නි. අමාත්‍ය චතුරංග අබේසිංහ පසුගිය මැතිවරණ සමයේ සිය පාක්ෂිකයන්ට මත්ද්‍රව්‍ය ලබාදුන් සියලු විපක්ෂ සාමාජිකයන්ගේ නම් හෙළිකළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් පවසයි.

ආනයන වියදම 11.1% කින් ඉහළට..

මේ වසරේ (2025) පළමු මාස තුනේදී ශ්‍රී ලංකාවේ මුළු වෙළෙඳ භාණ්ඩ ආනයන වියදම සියයට 11.1කින් ඉහළ ගොස් ඇත.

අපි සන්ධානවලට නැහැ - සාගර කියයි..

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කිසිම පක්ෂයක් සමග සන්ධානගත වීමට අපේක්ෂා නොකරන බව එම පක්ෂයේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පවසයි.

ජනපති අනුර කොළඹින් ගෙයක් හොයනවලු..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් කොළඹින් නිවසක් සොයමින් සිටින බව සමගි ජන බලවේග ආසන සංවිධායක හිටපු පළාත් සභා මන්ත්‍රී වරුණ රාජපක්ෂ මහතා සඳහන් කරයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.