ආණ්ඩුව කඳුකර ඉඩම් සමාගම්වලට විකුණන්න ද සූදානම් වෙන්නේ කියලා සැකයි - දුමින්ද නාගමුව
රටට ව්‍යසනයක් සිදුවූ අවස්ථාවේ ආණ්ඩුවේ මැදිහත් වීම දුර්වල බවත් ආණ්ඩුව දැන්වත් මේ ප්‍රශ්නය බැරෑරුම්ව ගත යුතු බව ජන අරගල සන්ධානය පවසයි.
ආණ්ඩුව මුලින්ම සිදුකළ යුත්තේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කොන්දේසිවලින් ඉවත් වීම බවත් එම කොන්දේසි තිබෙන තාක් අවතැන්වුණ ජනතාවට සුබසාධන සලසන්න නොහැකි බවත් එම සන්ධානයේ ජාතික විධායක සභික දුමින්ද නාගමුව පවසයි.
කොළඹ දී පැවති මාධ්‍ය හමුවකදීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හෙතම මෙසේ ද කියා සිටියේය.
'' වහාම අත්‍යාවශ්‍යය ආහර ඖෂධ සහ පාසල් උපකරණවල බදු ඉවත් කරන්න ඕන. කඳුකර ප්‍රදේශවල නැවත පදිංචි කිරීමේදී විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව කටයුතු කළ යුතුයි. අපි දැක්කා ජනාධිපතිවරයා කියනවා අඩි 5000ට වඩා උස් තැන්වල පදිංචි කරුවන් ඉවත් කරලා නැවත වන වැස්ම ස්ථාපිත කරනවා කියලා. ඒක හොඳ තීරණයක්.
හැබැයි සුනාමිය වෙලාවේ වෙරළ ආශ්‍රිත ජනතාව ඉවත් කරලා කරපු වැඩේම මෙතනත් කරන්න ලෑස්ති වෙන්න එපා. මොකද ඒ වෙලාවේ වෙරළ ප්‍රදේශවල ජනතාව ඉවත් කරලා ඊටපස්සෙ හෝටල් කාරයෝ ගිහිල්ලා ඒ ඉඩම් අල්ල ගත්තා.
දැන් කම්පැනි කාරයෝ දාගෙන කමිටුවකුත් හදාගෙන ඉන්න නිසා අපිට පැහැදිලි සැකයක් තියනවා ආණ්ඩුව මේ කඳුකර ඉඩම් සමාගම්වලට විකුණන්න ද සූදානම් වෙන්නේ කියලා. ඒ නිසා මේ නාටකය ඒ විදිහට අවසන් කරන්නෙ නැතුව කඳුකර ඉඩම් නැවත වනාන්තර සඳහා නිදහස් කිරීම කරන්න කියලා අපි ආණ්ඩුවට කියනවා.
අනිත් එක තමයි. දමිළ ජනතාව අවුරුදු 200ක් තිස්සේ ජීවත් වෙන්න නිවසක් ඉඩමක් ඉල්ලනවා. අද ඔවුන් තමයි පස් යට වැලලිලා තියෙන්නේ. දැන්වත් ඒ ජනතාවට ආරක්ෂාකාරීව ජීවත් වෙන්න ඉඩමක් නිවසක් ලබා දිය යුතුයි. ඉන්දියාවෙන් සල්ලි දෙනකල් බලාගෙන ඉඳලා ගෙවල් පන්සීය දාහා හදලා හරි යන්නේ නෑ.
කඩිනමින් ඒ ජනතාව පිළිබඳව කටයුතු කිරීමට ආණ්ඩුව මැදිහත් වෙන්න ඕන. මේ අනතුර නිසා ජනතාවට තමන්ගේ උන්හිටි තැන්, වාහන, රැකියා මේ සියල්ල අහිමි වෙලා තියෙන්නේ. ඒ නිසා ලීසිං සඳහා මාස දෙකක සහනයක් දීලා හරි යන්නේ නෑ. අවුරුද්දකවත් සහනයක් ලැබෙන්න ඕන.
දැන් මේ ව්‍යසනයෙන් මුළු රටක් හිරිවැටිලා ඉන්න වෙලාවේ ආපදා ධනවාදය වේගයෙන් ක්‍රියාත්මක වෙන්න පටන් අරගෙන. ඒ නිසා අපි ජනතාවට කියනවා මේ ගැන සැලකිල්ලෙන් කටයුතු කරන්න කියලා. ඒ නිසා මේ ව්‍යසනයෙන් වාසි ගන්න කිසිවෙකුට ඉඩ තියන්න එපා. අනිත් එක තමයි ඔබේ ජීවිත මෙතරම් විනාශයකට ඇදලා දාපු මේ නව ලිබරල් ආර්ථික ක්‍රමය දැන්වත් අවසන් කරන්න ඕන. අපේ රටේ කඳු ටික, ගඟා ඇළවල් මේ සියල්ල සූරාකමින් ලාභ කඳු ගොඩ ගහන කම්පැනි කාරයන්ගෙන් මේ රටේ පරිසර පද්ධතිය මුදාගන්න ඕන.
- අශිකා ජයවීර
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.