News Category
From Date
To Date
Maximum Number of Result

කිසිදු පාර්ශ්වයකට නොදන්වා තම වැටුප් වැඩිකර ගැනීමට කටයුතු කිරීම හේතුවෙන් මතුව ඇති අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අද (04) අමාත්‍ය මණ්ඩලය හමුවට කැඳවා තිබේ.

අද (04) රාත්‍රියේ ඉන්ධන මිල ගණන් සංශෝධනයක් සිදුවනු ඇති බවයි වාර්තා වන්නේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනපතිවරණ මෙහෙයුම වෙනුවෙන් දේශපාලන කැබිනට්ටුවක් පත්කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

භික්ෂු ශාසනයෙන් නෙරපා හැර ඇති මීවනපලානේ සිරි ධම්මාලංකාර නමින් පෙනී සිටිමින් බුද්ධ දර්ශනය විකෘති කරමින් උතුම් බුදු දහමට නිගා කරමින් ශාසන විනාශකාරී කටයුත්තක නියැලී සිටින සිරිසේන සපුතන්ත්‍රි නැමැත්තාට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙස ත්‍රෛයිනිකායික මහා නා හිමිවරුන්ගේ අත්සනින් යුතුව ජනාධිපතිවරයාට ලිපියක් යවා ඇත.

ලංකා විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරිවරයකු සතුව අධි සුඛෝපභෝගී නිවාස 35ක් සහ කිලෝ වෝල්ට් 63.5 ධාරිතාවෙන් යුත් සූර්ය පැනල පද්ධතියක් පවතින බව වාර්තා වෙයි.

යළි රට ගොඩ නැඟීම හමුවේ ජයගත යුතු අභියෝග රැසක් පැවතියත් ගොවි ජනතාවගේ ගැටළු විසඳීමට ප්‍රමුඛත්වය ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවැසීය.

ආණ්ඩුවත් සමගි ජන බලවේගයත් මන්ත්‍රීවරුන් තම පිල්වලට එකතු කරගැනීමේ සටන වේගවත් කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ වර්තමාන ක්‍රියාවලිය සහ ප්‍රගතිය සමීපව නිරීක්ෂණය කරමින් දෙරට අතර ද්විපාර්ශ්වික ආර්ථික සබඳතාව ශක්තිමත් කිරීමට උපරිම සහයෝගය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති Levan S. Dzhagaryan මහතා පවසයි.

මෙම අවස්ථාවේදී 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ජනවරමක් ලැබී නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පවසයි.


දේශීය පුවත්

කැනඩාවේ දෙමළ ජනසංහාර ස්මාරකයක් ඉදිකිරීම ගැන ශ්‍රී ලංකා රජය විරෝධය පළ කරයි..

ශ්‍රී ලංකා රජය, පදනම් විරහිත ජන සංහාර චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන අතර කැනඩාවේ දෙමළ ජනසංහාර ස්මාරකය ඉදිකිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කර බව නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පවසයි.

අත්අඩංගුව ගන්න එපායැයි ඉල්ලා මහින්දානන්ද අපේක්ෂිත ඇප අයැදුම්පතක් ගොනුකරයි..

තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීම නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අපේක්ෂිත ඇප අයදුම්පතක් ගොනු කර ඇත.

යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් සමඟ වෙසක් පොහෝ දින අට සිල් සමාදන් වූ උපකුලපතිවරයා..

යාපනය විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා වන මහාචාර්ය ශ්‍රී සත්ගුණරාජ් මහතා වෙසක් පොහෝ දින විශ්ව විද්‍යාල සිසුන් සමඟ අට සිල් සමාදන් වී තිබේ.

රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?

මේ වන විට දිවයින පුරා පැපොල රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබුණද, රෝගය වැළැක්වීමට උපකාරී වන වරිසෙල්ලා එන්නත දැනට රජයේ රෝහල් ගබඩාවල නොමැති බව වාර්තා වේ.

අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරය බලරහිත කරන්නැයි ඉල්ලු පෙත්සම සලකා බලන්න දින දෙයි..

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම තහවුරු කිරීම සඳහා ජුනි මස 26 වන දා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.

ඡන්දේ කාලේ කුඩු බෙදූ විපක්ෂයේ අය හෙළිකරන්නැයි චතුරංග අබේසිංහට කියයි..

නි. අමාත්‍ය චතුරංග අබේසිංහ පසුගිය මැතිවරණ සමයේ සිය පාක්ෂිකයන්ට මත්ද්‍රව්‍ය ලබාදුන් සියලු විපක්ෂ සාමාජිකයන්ගේ නම් හෙළිකළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් පවසයි.

ආනයන වියදම 11.1% කින් ඉහළට..

මේ වසරේ (2025) පළමු මාස තුනේදී ශ්‍රී ලංකාවේ මුළු වෙළෙඳ භාණ්ඩ ආනයන වියදම සියයට 11.1කින් ඉහළ ගොස් ඇත.

අපි සන්ධානවලට නැහැ - සාගර කියයි..

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කිසිම පක්ෂයක් සමග සන්ධානගත වීමට අපේක්ෂා නොකරන බව එම පක්ෂයේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.