ගංවතුරේදී වාන් දොරටු ඇරීම ගැන වාරිමාර්ග ලොක්කෙකුගෙන් ඇඟ හිරි වැටෙන කතාවක්..
මෙරටට බලපෑ සුළි කුණාටු ආපදාව සහ ගංවතුර තත්ත්වය සම්බන්ධයෙන් රජයේ නොසැලකිලිමත්භාවය පිළිබඳව කරුණු 13 ක් හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් ඉදිරිපත් කරයි.
එහිදී ඔහු තමන් හිටපු වාරිමාර්ග ප්‍රධානියෙකු සමඟ පැවති කතාබහකදී ඇඟ හිරිවැටෙන කතාවක් හෙලිවුන බවත් හෙතෙම පැවසීය.
මිලිමීටර් 400ක් හෝ 500ක් වැනි විශාල වර්ෂාපතනයක් පිළිබඳව අනාවැකි ලැබුණු විට, මහ වැස්සක් පැමිණීමට පෙර ඉංජිනේරුවන් විසින් සිදු කළ යුතු මූලිකම කාර්යය වන්නේ එම ප්‍රමාණයට ජලය රැස්කර ගැනීමට හැකි වන පරිදි ජලාශවල වාන් දොරටු ක්‍රමානුකූලව විවෘත කිරීමයි බවත් එවිට පහත්බිම් එකවර ජලයෙන් යටවීමක් සිදු නොවන අතර ජලාශයට අවශ්‍ය ධාරිතාව රඳවා ගත හැකි වන බවත් මෙම කාර්යය සිදු නොකිරීමට හේතුව ගම්මන්පිල මහතා හිටපු වාරිමාර්ග ප්‍රධානියෙකුගෙන් විමසා ඇත.
ඒහිදි හිටපු වාරිමාර්ග ප්‍රධානියා පෙන්වා දුන් ආකාරයට, නිලධාරීන් වාන් දොරටු විවෘත කිරීමට බිය වී ඇත්තේ, එසේ විවෘත කර බැරි වෙලාවත් අපේක්ෂිත වර්ෂාව නොලැබුණහොත්, විදුලි නිෂ්පාදනයට තිබූ ජලය නාස්ති කළාය යනුවෙන් ඔවුන්ට එරෙහිව දූෂණ චෝදනාවක් නගා ඉහළ නිලධාරීන් සියල්ලන්ටම දඬුවම් කිරීමට ඉඩ ඇති බැවිනි.
එම නිසා, ජල කළමනාකරණය සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම නිලධාරීන් විසින් "හිරේ යන්න වෙන වැඩක් බවට පත්වෙන" දෙයක් ලෙස සලකනු ලබන බව හෙලි වූ බවත් ඔහු ඒහිදී පැවසීය.
ගම්මන්පිල මහතා පෙන්වා දුන්නේ, මෙම බිය හේතුවෙන් රජයේ නිලධාරීන් "වැඩි වැඩ ලෙඩ, අඩු වැඩ අඩු ලෙඩ, වැඩ නොකළොත් ලෙඩ නෑ" (more work more trouble, less work less trouble, no work no trouble) යන ආදර්ශ පාඨය අනුව ක්‍රියාත්මක වන බවයි.
නිලධාරීන්ගේ මෙම භීතිය නිසා, නිලධාරීන් කිසිදු තීරණයක් නොගෙන, වැරදුනොත් තමන්ට සිරගත වීමට සිදුවන බව දන්නා නිසා, තීරණ ගැනීමේ වගකීම ඉහළට යොමු කරමින් (බෝලේ පාස් කරමින්) ආරක්ෂිතව සිටීමට පෙළඹී ඇත.
මේ නිසා ආපදාව පැමිණීමට පෙර ජලාශ හිස් කිරීම හෝ මෝය කටවල් පළල් කිරීම වැනි ක්ෂණික ක්‍රියාමාර්ග ගැනීමට නිලධාරීන් අසමත් වූ බව ඔහු තවදුරටත් සඳහන් කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.