අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලෙස ක්‍රියාත්මක කිරීමට යන්නේ ජනතා ද්‍රෝහී වැඩපිළිවෙලක්.. ත්‍රෛයි භාෂා පාසල් කරන්න හදන්නේ සිංහල පාසල් විතරයි - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගණනාවක් යෝජනා කර ඇති බවත්, මෙය අගමැතිනි හරිනි අමරසූරියගේ වැඩපිළිවෙලක් පමණක් නොව සමස්ත ආණ්ඩුවේ වැඩපිළිවෙලක් බවත්, එය ජනතා ද්‍රෝහී වැඩපිළිවෙලක් බව මෙම ප්‍රතිසංස්කරණ ගැඹුරින් විශ්ලේෂණය කිරීම මගින් පෙනෙන බවත් ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ අද(18) දින ජාතික සංවිධාන එකමුතුව මගින් පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.
විභාග අසමත් වන සිසුන්ගේ හිත් රිදීම නිසා වාර විභාග අහෝසිකර ලකුණු දීමේ ක්‍රමයක් හඳුන්වා දෙන බව ආණ්ඩුව පැවසූවද මෙමගින් හිත් රිදීම් ඇතිවීම නොව හිතන්න මතන්න බැරි පරපුරක් නිර්මාණය කිරීම සිදුකෙරන බවත්, එය ආණ්ඩුවට වාසි සහගත බවත් ඒ මහතා මෙහිදී පැවසීය.
නිදහස් අධ්‍යාපනය බිහිකළ කන්නංගර මහතා නිදහස් අධ්‍යාපන ඇති කිරීමේ දී තවත් දෙයක් සිදුකළ බවත්, ඒ මධ්‍ය මහා විද්‍යාල ඇති කිරීම බවත් ඒ මහතා සඳහන් කරයි.
විශ්ව විද්‍යාලවලට සිසුන්ට ඇතුළත් වීමට පහසුකම් එම මධ්‍ය මහා විද්‍යාල හරහා ඇතිවූ බවත් පවසන ඒ මහතා විභාග අහෝසි කිරීමෙන් උසස් අධ්‍යාපනය ලැබීමට දරුවන්ට පාසල් අහිමි වීම මෙම ක්‍රියාවලිය හරහා සිදුවන ආකාරය ද මෙහිදී පෙන්වා දෙන ලදී.
ආර්ථික දුෂකරතා ඇති දුෂ්කර පළාත්වල දරුවන්ට විශ්ව විද්‍යාල අධ්‍යාපනය කරගෙන යෑම සඳහා පහසුකම් ඇති පාසල් සඳහා යොමු වීමට මෙතෙක් කල් තිබුනේ මෙම තරග විභාග බවත්, මෙම වැඩපිළිවෙල හරහා එය අහිමිවී යාම සිදුවන ආකාරයත් කළ්‍යානන්ද තිරාණගම මහතා මෙහිදී පෙන්වා දෙන ලදී.
මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මගින් යෝජනා කරන්නේ දරුවන් තමන්ගේ ශ්‍රමය විකිණීමේ බලකායක් බවට පත් කිරීම බවයි ඒ මහතා චෝදනා කරන්නේ.
ලංකාවේ පාසල් ත්‍රෛයි භාෂා පාසල් බවට පත් කිරීමට ද යෝජනාවක් ඇති බවත්, එය ක්‍රියාත්මක කිරීමට යන්නේ සිංහල පාසල්වලට පමණක් බවත් ඒ මහතා මෙහිදී හෙළිකළේය.
මේ රටේ සිංහල ජාතිය විනාශකර දැමීමේ ව්‍යාපාරයක් මේ යටින් ක්‍රියාත්මක වන බවත් පවසන ඒ මහතා මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අධ්‍යාපනයේ පරමාර්ථවලට සම්පූර්ණයෙන්ම පටහැනි බවද මෙහිදී සඳහන් කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල