News Category
From Date
To Date
Maximum Number of Result

යාපනයේ තිස්ස විහාරය ඉලක්ක කරගෙන පැවැත්වූ විරෝධතාව සහ දේශපාලන ප්‍රකෝප කිරීම හෙළාදකිමින් සිවිල් සමාජ සංවිධාන කිහිපයකින් ඒකාබද්ධ ප්‍රකාශයක්..

Dec 22, 2025 at 06:17 AM
|

යාපනයේ තිස්ස විහාරය ඉලක්ක කරගෙන පැවැත්වූ විරෝධතාව සහ  දේශපාලන ප්‍රකෝප කිරීම හෙළාදකිමින් සිවිල් සමාජ සංවිධාන කිහිපයක් විසින්  ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

එම නිවේදනය පහළින්..

2025 දෙසැම්බර් 21

ඒකාබද්ධ මාධ්‍ය නිවේදනය

නිකුත් කළේ:

සර්වජන බලය - යාපනය

යාපනය සිවිල් සමාජ මධ්‍යස්ථානය

යාපනය කාන්තා පෙරමුණ

යාපනය තරුණ පිරිමි බෞද්ධ සංගමය

යාපනය අම්බෙඩ්කාර් ව්‍යාපාරය

යාපනය පෙරියාර් අධ්‍යයන මධ්‍යස්ථානය

ඓතිහාසික කන්කසන්තුරෙයි  තිස්ස විහාරයට එරෙහිව අද දින පවත්වන ලද නීති විරෝධී විරෝධතාව, ඉහත සඳහන් සංවිධාන සියල්ල ඒකාබද්ධව හෙළා දකී. 

මෙම විරෝධතාවය සමස්ත ලංකා දෙමළ කොංග්‍රසයට (ACTC) අනුබද්ධ වලිකාමම් උතුරු ප්‍රාදේශීය සභාවේ ඇතැම් සාමාජිකයින් විසින් සිදු කරන ලද අතර, ෆෙඩරල් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥානම් ශ්‍රීධරන් මහතා සහ හින්දුත්ව අන්තවාදී පූජක වේලන් “ස්වාමිගල්” මහතාගේ සහභාගීත්වයෙන් සිදු කරන ලදී.

ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්ගේ ACTC ට අයත් වලිකාමම් උතුරු ප්‍රාදේශීය සභාවේ සාමාජිකයින් විසින් තිස්ස විහාරය "නීති විරෝධී විහාරස්ථානයක්" ලෙස ප්‍රකාශ කරමින් පුවරු සවි කිරීමට ගත් උත්සාහය හිතාමතා සිදුකරන ලද  දේශපාලන ප්‍රකෝප කිරීමක් මෙන් ම,  නීතිය පැහැදිලිව උල්ලංඝනය කිරීමකි. එම පක්ෂයේ නායකයා ඉන්දියාවේ දේශපාලන සංචාරයක යෙදී සිටින අවස්ථාවක, ශ්‍රී ලංකාවේ ඓතිහාසික වශයෙන් වැදගත් බෞද්ධ විහාරස්ථානයකට එරෙහිව සංවිධානය කරන ලද මෙම විරෝධතාව, ශ්‍රී ලංකාවේ,  උතුරේ ජීවත්වන දෙමළ ජනතාවට වෙනස්කම් සිදුවන බවට තමිල්නාඩු සහ ඉන්දියානු දේශපාලන ක්‍රියාකාරීන්ට පෙන්වීම අරමුණු කරගත් ඉලක්කගත  දේශපාලන න්‍යාය පත්‍රයක් හෙළිදරව් කරයි.

මෙම බෞද්ධ විහාරස්ථානය සම්බන්ධයෙන් ඇති ඕනෑම සැබෑ ඉඩම් ගැටලුවක් වලංගු සහ නීත්‍යානුකූල ඔප්පු ඉදිරිපත් කිරීමෙන් අධිකරණ හරහා පමණක් විසඳා ගත යුතු බව තමිල්නාඩුවේ සහ ඉන්දියාවේ දේශපාලන නායකයින්ට අපි පැහැදිලිව පෙන්වදීමට කැමැත්තෙමු. ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය ස්වාධීන සහ අපක්ෂපාතී ය. උතුරු පළාතේ, අධිකරණ කටයුතු දෙමළ භාෂාවෙන් පවත්වනු ලබන අතර, අධිකරණ තීන්දුවකින් පසුව යාපනයේ කෝපායි හි පෞද්ගලික ඉඩමක පිහිටුවා තිබූ ශ්‍රී ලංකා පොලිසිය එතැනින් ඉවත් කිරීම වැනි මෑත කාලීන අධිකරණ තීන්දු මගින් අධිකරණයේ විශ්වසනීයත්වය සහ සාධාරණත්වය පැහැදිලිව පෙන්නුම් කෙරේ.

එහෙත්, ACTC සාමාජිකයින්ගේ, ෆෙඩරල් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ සහ අන්තවාදී පූජකයෙකුගේ ක්‍රියාව, ශ්‍රී ලංකා අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ මහජන විශ්වාසය බිඳ දැමීමට සහ ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියේ අධිකරණ ක්‍රියාවලියේ  විශ්වසනීයත්වයක් නොමැති බව ව්‍යාජ ලෙස නිරූපණය කිරීම සඳහා නිර්මාණය කර ඇති බව පෙනේ.

එසේම යුක්තිය පසිඳලීමෙහි ලා මෙම කණ්ඩායමේ දෙබිඩි ස්ථාවරය කෙරෙහි ද අපි ඔබේ අවධානය යොමු කරවමු. මුලතිව් දිස්ත්‍රික්කයේ පුදුකුඩිඉරිප්පු හි (MU/38 - GS අංශය) ‘ප්‍රමුඛ හින්දු කුල’ යැයි කියනු ලබන,  කණ්ඩායම්වලට අයත් පුද්ගලයින් විසින් අක්කර තුනකට ආසන්න වැවක් ඇතුළුව, මන්තුවිල් මනල්කුලම් නම් පොදු ජල සම්පතක් නීති විරෝධී ලෙස අත්පත් කරගෙන ඇති අතර එහි, නීති විරෝධී ලෙස සිවන් කෝවිලක් ඉදිකර පුළුල් කිරීම දිගටම කරගෙන ගොස් ඇත. මෙම කාරණය දැනට කිලිනොච්චි මහාධිකරණය ඉදිරියේ පවතී (නඩු අංකය KN/2023/ලිපි අංකය 4) ශ්‍රී ලංකා මානව හිමිකම් සංවිධාන, පුදුකුඩිඉරිප්පු ප්‍රාදේශීය සභාව, මන්තුවිල් ගොවි සංවිධානය සහ මුලතිව් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව යන සියල්ලම මෙම ඉදිකිරීම අනවසර හා නීතිය උල්ලංඝනය කරන්නක් බවට නිල වශයෙන් ප්‍රකාශ කර ඇත.

එසේ තිබියදී කිසිදු දෙමළ දේශපාලන නායකයෙකු, හින්දු පූජකයෙකු හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මේ පිළිබඳව කිසිදු විරෝධතාවක් මතු කර නැත. එයට හේතුව වන්නේ ‘පීඩිත' කුළ ප්‍රජාවන් අදාල ජල සම්පත වී වගාව සඳහා යොදවාගන්නා බැවිනි. 

ප්‍රමුඛ හින්දුත්ව-වෙල්ලාල ප්‍රභූන් විසින් පීඩිත කුලවලට එරෙහිව සිදුකරන අසාධාරණය නොසලකා හරිනු ලබන අතර, ප්‍රභූ දේශපාලන අවශ්‍යතා සඳහා මෙහෙයවනු  ලබන මෙවන් නීති විරෝධී, ආක්‍රමණශීලී ක්‍රියා අනුමත කර, දිරිමත් කරනු ලැබේ. 

මෙම රටාව උතුරු පළාතේ සියවස් ගණනාවක් තිස්සේ පැවතුන අතර යාපනයේ සහ උතුරේ දෙමළ සමාජ ඉතිහාසයේ කණගාටුදායක සහ ප්‍රතික්ෂේප කළ නොහැකි විභේදනයක් නිර්මාණය කර ඇත.

මෙහිදී ශ්‍රී ලංකා පොලිසිය විසින් අදාළ නීති විරෝධී විරෝධතාකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීම අපි අගය කරමු. 

එසේ ම අනාගතයේදී, දේශපාලන මැදිහත්වීම් හෝ බිය ගැන්වීම් වලින් තොරව , නීතිය හා සාමය අපක්ෂපාතීව ක්‍රියාත්මක කරනු ඇති බව හා  ශ්‍රී ලංකාවේ උතුරේ වෙසෙන බෞද්ධයන්ගේ ආරක්ෂාව සහ ආගමික නිදහස සම්පූර්ණයෙන්ම සුරක්ෂිතකර තහවුරු කරනු ඇතැයි ද අපි අපේක්ෂා කරමු.

ස්තූතියි.

අරුන් සිද්ධාර්ථ්

සර්වජන බලය - (යාපනය දිස්ත්‍රික් සංවිධායක)

සහ ඉහත සියළු සංවිධාන වෙනුවෙන්.



සම්බන්ධිත පුවත් | Related News

මීට පෙර මතු වී තිබූ නාඋයන ආරන්‍ය සේනාසනයේ භාවනා කුටි ඉවත් කිරීමේ සහ සේනාසන බලපත්‍රයට අදාළ ගැටළුව සාකච්ඡා මාර්ගයෙන් සම්පූර්ණයෙන් නිරවුල් කර ගෙන ඇති බව වාර්තා වේ.
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ නඩුවේ පැමිණිල්ලේ සාක්ෂිකරුවකු ලෙස හිටපු බුද්ධි අංශ ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ ඉදිරි නඩු දිනයේදී කැඳවීමට පියවර ගන්නා බව පැමිණිල්ල ඊයේ (10) ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලට දැනුම් දුන්නේය.
බ්‍රසීල ව්‍යවස්ථාදායක සභාවේ දක්ෂිණාංශික සෙනෙට් සභිකයකු වන ෆ්ලාවියෝ බොල්සොනාරෝ, සිරගත කර සිටින හිටපු බ්‍රසීල ජනාධිපති ජයිර් බොල්සොනාරෝගේ පුත්‍රයා වන අතර, ඔහු බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ.
නා උයන ආරණ්‍ය සේනාසනයේ භාවනා කුටි කිහිපයක් ඉවත් කරන ලෙස වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දී ඇති බව වාර්තා වේ.
රජයේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ පවතින ගැටළු සහ අර්බුද සඳහා මෙතෙක් නිසි විසඳුම් නොලැබීම හේතුවෙන්, ඉදිරියේදී වෘත්තීය ක්‍රියාමාර්ග තවදුරටත් තීව්‍ර කිරීමට පියවර ගන්නා බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ නිදහස සහ සිවුර ආරක්ෂා කරගැනීම වෙනුවෙන් වන අරගලයේ පළමු පියවර අද (10) මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ මහ මළුවෙන් ආරම්භ කරන බව පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් පවසති.
විවිධ චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත වන හෝ සිරදඬුවම් නියම වන භික්ෂූන් වහන්සේලා සිවුරු පිටින් බන්ධනාගාරයෙන් බැහැරව රඳවා තබා ගැනීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් පවතින ගැටලු නිරාකරණය කරමින්, ඊට අදාළ නීතිමය රෙගුලාසි කඩිනමින් සකස් කරන ලෙස ජනාධිපතිවරයා විසින් අධිකරණ අමාත්‍යාංශයට උපදෙස් ලබා සුන් බව ඒ සාකච්චාවට ඒක් වූ මල්වතු මහා විහාරීය නියෝජිත ලේඛකාධිකාරී පූජ්‍ය මහවෙල රතනපාල හිමියන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිති.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ නඩු පැවරීමට පියවර ගෙන ඇති බව පොලීසිය පවසයි.
ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉතා නින්දිත ආකාරයෙන් ගලවා ඉවත් කළ බවත්, මේ සම්බන්ධයෙන් පසුගියදා ජනාධිපතිවරයා විසින් භික්ෂූන් වහන්සේලා කැඳවා සිදුකරන ලද්දේ හුදෙක් රංගනයක් පමණක් බවත් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි පවසති.

ප්‍රධාන පුවත්

බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..

​නවනීදන් පිල්ලේ (Navi Pillay) මහත්මියට නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීම සහ ඊට පසුව ඇමරිකා එක්සත් ජනපදය විසින් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට (ICC) එරෙහිව සම්බාධක පැනවීම, ජාත්‍යන්තර මානව හිමිකම් පද්ධතියේ පවතින ද්විත්ව ප්‍රමිතීන් (Double Standards) සහ බලදේශපාලනයේ හැඩගැස්ම විදහාපාන වැදගත් සංසිද්ධියකි.

බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?

බ්‍රසීල ව්‍යවස්ථාදායක සභාවේ දක්ෂිණාංශික සෙනෙට් සභිකයකු වන ෆ්ලාවියෝ බොල්සොනාරෝ, සිරගත කර සිටින හිටපු බ්‍රසීල ජනාධිපති ජයිර් බොල්සොනාරෝගේ පුත්‍රයා වන අතර, ඔහු බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ.

ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..

ඊශ්‍රායලය තුළ දැඩි අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින අතර, එය සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය වීමේ දැඩි අවදානමක් මතුව ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවත්, අනුරාධපුරය පූජාභූමියටද වෙනත් ආගමික ස්ථාන ඇතුළත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර, උන්වහන්සේ අයත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝ සභාව සමග සාකච්ඡාවක් සඳහා එක්වන්නැයි එම සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි ජනාධිපතිවරයාට ලිපියක් මගින් ඊයේ (09) දැනුම්දී තිබේ.

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.