සැබෑ රාජ්‍ය තාන්ත්‍රික මිතුරා සහ සතුරා හඳුනා ගැනීමට ආණ්ඩුවේ නොහැකියාව සමස්ත ජාතියම අණතුරේ හෙලීමට හේතුවක්! - වෛද්‍ය වසන්ත බණ්ඩාර
පසුගිය දෙසැම්බර් 28 වනදා සන්ඩේ ඔබ්සවර් පුවත් පතේ පළවූ Fazli M. Auff විසින් ලියන ලද When disaster tests diplomacy ලිපියේ රුසියානු ෆෙඩරේෂනයේ ජනයා විසින් විපතට පත් ශ්‍රී ලංකාවේ ජනයා වෙනුවෙන් පිරි නැමූ ටොන් 35ක් වූ මානුෂීය ආධාර සම්බන්ධයෙන් වචනයක් හෝ සඳහන් නොකිරීම සම්බන්ධයෙන් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය තම කණස්සල්ල පළ කර තිබේ.
එහි මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා නිවේදනයක් මගින් පෙන්වා දෙන්නේ රුසියාව සමඟ මෙරට පවතින දැඩි රාජ්‍යතාන්ත්‍රික මිත්‍රශීලිත්වය බිඳ හෙලීමේ සියුම් කුමන්ත්‍රණයක් දියත් වන බවත්, වත්මන් රජය එම කුමන්ත්‍රණකරුවන් පාලනය කරනවා විනා ඔවුන්ට පසසුකම් සලසනවාදැයි යන පැනය මතුවන බවත් ය.
අදාළ නිවේදනය පහළින්..
සැබෑ රාජ්‍ය තාන්ත්‍රික මිතුරා සහ සතුරා හඳුනා ගැනීමට ආණ්ඩුවේ නොහැකියාව සමස්ත ජාතියම අණතුරේ හෙලීමට හේතුවක්!
පසුගිය දිනවල ශ්‍රී ලංකාව මුහුණ දුන් දිට්වා කුණාටුව හේතුවෙන් දැවැන්ත හානියක් සිදුවූ බව අපගේ අසල්වැසි රාජ්‍යයන් සියල්ලක්ම හොඳින් තේරුම් ගෙන තිබුණි. ඒ අනුව එම රාජ්‍යයන් ලැබුණු පළමු මොහොතේම අපගේ සහයට පැමිණියෝය. එම රාජ්‍යයන් අතරින් බොහෝ රාජ්‍යය අපගේ ඓතිහාසික මිතුරන් වෙති. ඔවුන් අප රටේ ජනයා වෙනුවෙන් කළ උපකාරයට ස්තුතිවන්ත වීම අප විසින් ඉටු කළ යුතුම කරුණකි. රජයක් ලෙස එවැනි ක්‍රියාවක් කළ යුතු වන්නේ රටේ සමස්ත ජනයාම නියෝජනය කරන්නේ රජය වන බැවිනි. එහෙත් පසුගිය දෙසැම්බර් 28 වනදා සන්ඩේ ඔබ්සවර් පුවත් පතේ පළවූ Fazli M. Auff විසින් ලියන ලද When disaster tests diplomacy ලිපියේ රුසියානු ෆෙඩරේෂනයේ ජනයා විසින් විපතට පත් ශ්‍රී ලංකාවේ ජනයා වෙනුවෙන් පිරි නැමූ ටොන් 35ක් වූ මානුෂීය ආධාර සම්බන්ධයෙන් වචනයක් හෝ සඳහන් නොකිරීමට වග බලාගෙන තිබේ. මෙය අපගේ කියවීමට අනුව අතපසු වීමක් ලෙස සිතිය නොහැක. පුවත් පත විසින් කළ ක්‍රියාවට ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය ඔවුන්ගේ කණස්සල්ල පල කිරීමට නිවේදනයක් පවා නිකුත් කර තිබිණි. රුසියාව අපගේ දීර්ඝ කාලීන මිතුරෙකි. මෑත ඉතිහාසය දෙස විමසිලිමත්ව බලන විට රුසියාව සමඟ අපගේ තිබෙන දැඩි රාජ්‍යතාන්ත්‍රික මිත්‍රශීලිත්වය බිඳ හෙලීමේ සියුම් කුමන්ත්‍රණයක් දියත් වන දක්නට තිබේ. වත්මන් රජය එම කුමන්ත්‍රණකරුවන් පාලනය කරනවා විනා ඔවුන්ට පසසුකම් සලසනවාදැයි යන පැනය අප වෙත පැන නගින බවද පවසමු. රුසියානු ශ්‍රී ලංකා මිත්‍රත්වයේ දිගු කාලීන පැවැත්මට නරක ලෙස බලපානු ලබන සන්ඩේ ඔබ්සවර් පුවත් පතේ ක්‍රියාව නිවැරදි කිරීමටත් එමගින් රුසියානු ශ්‍රී ලංකා මිත්‍රත්වයට සිදුවූ හානියපූරණය කිරීමටත් රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් සුදුසු ක්‍රියාමාර්ග ගත යුතු බවට මේ රජයට අපි බල කර සිටිමු. මන්දයත් සතුරා ප්‍රකෝපකිරීමට වඩා මිතුරන් දුරස්තවීම අප රටේ ජනතාවට නරක ලෙස බලපාන බව අපි දැඩි ලෙස විශ්වාසකරන බැවිනි.
වෛද්‍ය වසන්ත බණ්ඩාර,
මහ ලේකම්,
දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්