News Category
From Date
To Date
Maximum Number of Result

ලංකාව පුරා අරම්භ කළ ආර්ථික මධ්‍යස්ථාන 18න් උතුරු නැගෙනහිර දෙපළාතේ පමණක් ආර්ථික මධ්‍යස්ථාන 4ක් ක්‍රියාත්මක නොවන බවත්, එයට හේතුව දෙමළ ජනතාව අතර මෙවැනි කූඨ ව්‍යාපාර කිරීමට ඉඩක් නොමැති බව සහ ගොවියා රැක ගැනීමට එම ජනතාවගේ ඇති උනන්දුව නිසා එසේ මෙම මධ්‍යස්ථාන ක්‍රියාත්මක නොවන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පෙන්වා දෙයි.

මන්නාරමේ දී කාන්තා වැඩසටහනක් අමතමින් අගමැතිනි හරිනි අමරසූරිය මෙනෙවිය විසින් සිදුකළ ප්‍රකාශයක්, එනම් "යුද්ධය පටන් ගත්තේ තමන්ගෙන් හෙවත් මහජනයාගෙන් අනුමැතියක් අරගෙන නොවේ" යන ප්‍රකාශය පිළිබඳව විවිධ පාර්ශ්ව විසින් මත ප්‍රකාශ කරමින් සිටිති.

පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් (අවලංගු කිරීමේ) පනත් කෙටුම්පත පනතක් බවට පත් කරමින් කථානායකවරයා එය අනුමත කර තිබේ.

"225ම එපා" යන මතය නිර්මාණය කළේ ජාතික ජන බලවේගය නොව, පසුගිය කාලසීමාව තුළ රට පාලනය කළ පාලකයන් විසින්ම බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ලක්මාලි හේමචන්ද්‍ර මහත්මිය පාර්ලිමේන්තුවේදී අවධාරණය කළාය.

යුද හමුදා නිලධාරීන් විසි දෙනෙකුට දුම්රිය රියදුරු පුහුණුව ලබාදීමට ගෙන තිබූ තීරණය තාවකාලිකව අත්හිටුවීමට රජය පියවර ගෙන තිබේ.

ජාතික ජන බලවේගයේ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වූ පුද්ගලයෙකුගේ සමීපතම ඥාතීන් පිරිසක් ජපානයේ රැකියා ලබාදෙන බව පවසා අහිංසක ජනතාවගෙන් රුපියල් කෝටි ගණනක මුදල් වංචා කර ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී චෝදනා කළේය.

ජනතාවගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට පත්කර යැවූ පිරිස බල රහිත කර ජනතාවගේ ඡන්දයෙන් පත්නොවූ, පක්ෂ යාන්ත්‍රණය තුළ සිටින පිරිසක් අතට බලය ලබා ගැනීමේ වැඩ පිළිවෙලක් මෙම ආණ්ඩුව පත්වූ දා සිටම ක්‍රියාත්මක වූ බව නීතිඥ රන්ජන් සෙනෙවිරත්න මහතා පවසයි.

කෝටි ගණන් මුදල් ගත් චීවර වේශධාරීන් නිරාගමික රාජ්‍යක් ගොඩනැගීම සඳහා බුදු දහමට පහර දෙන බව පූජ්‍ය අලංකාරේ සමුද්ද හිමියෝ පවසති.


දේශීය පුවත්

ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර, උන්වහන්සේ අයත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝ සභාව සමග සාකච්ඡාවක් සඳහා එක්වන්නැයි එම සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි ජනාධිපතිවරයාට ලිපියක් මගින් ඊයේ (09) දැනුම්දී තිබේ.

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

ලක්දිරිය ව්‍යවසායකත්ව අත්වැල යටතේ සබන් නිෂ්පාදන හා පාපිසි නිෂ්පාදන පුහුණු වැඩසටහන්..

ලක්දිරිය ව්‍යවසායකත්ව අත්වැල වැඩසටහන යටතේ ස්වයං රැකියා අවස්ථා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සබන් නිෂ්පාදනය සහ පාපිසි නිෂ්පාදනය පිළිබඳ පුහුණු වැඩසටහන් දෙකක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ඥානසාර හිමිගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්..

සිර දඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර බලධාරීන් ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු මහලේකම්වරිය වෙත..

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාව අද (09) පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය වෙත භාර දී තිබේ.

හිටපු ජනාධිපති ගෝඨාභයගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සමක් ප්‍රතික්ෂේප කිරීමට, අභියාචනාධිකරණය දුන් නියෝගයට එරෙහිව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

බාල ගල් අඟුරු නිසා පාඩුව බිලියන 15.7යි..- බලශක්ති ඇමති

මෑතකදී ආනයනය කරන ලද ප්‍රමිතියෙන් තොර බාල ගල්අඟුරු හේතුවෙන් රටට රුපියල් බිලියන 15.765 ක මුළු මූල්‍ය අලාභයක් සිදුව ඇති බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.

හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ තනතුරෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිසම තීරණය කරයි..

මොරටුව හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් සහ දිසා විනිසුරු තිලිණ ගමගේ මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර තිබේ.

මෙට්‍රෝ බස් රියේ ගැටුණු පෞද්ගලික බස් රථයට ධාවන තහනමක්..

අතුරුගිරිය නගරයේ 170 බස් නැවතුම්පොළ ඉදිරිපිටදී මෙට්‍රෝ වර්ගයේ බස් රථයක ගැටුණු පුද්ගලික බස් රථයට තාවකාලික ධාවන තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.