News Category
From Date
To Date
Maximum Number of Result

විගණකාධිපති වාර්තාවෙන් ජනාධිපතිගේ “ටෙන්ඩර් පිරිසිදුකම” බොරු වෙලා... ජවිපෙ නායකත්වයට “කොන්දක්” තියෙනවා නම් බාලකුමාරව අයින් කරලා පෙන්වන්න... - විමල් වීරවංශ

Apr 9, 2026 at 04:38 PM
|

ලංකාවේ ඉතිහාසයේ බරපතලම හොරකම වන ගල් අගුරු සොරකම පිළිබඳව චෝදනාවට ලක්වෙච්ච වර්තමාන රජයේ බලශක්ති අමාත්‍යවරයාට එල්ල වී ඇති බරපතල වංචා චෝදනා සාධාරණීකරණය කිරීමට ඉතිහාසයේ පළමු වතාවට ජනාධිපතිවරයා මැදිහත් වීම සහ ඒ සදහා වෙහෙස මහනිසි වීම ශ්‍රී ලංකා ඉතිහාසයේ අතිශය නින්දිත “පූර්වාදර්ශයක්” බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ප්‍රකාශ කළේය. ඔහු අවධාරණය කළේ මෙය බලශක්ති අමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා එක්ව සිදුකළ “ද්වී පුද්ගල” හෝ 'දෙමුහුන්' හොරකමක් බවයි. 

ඊයේ (08) බත්තරමුල්ලේ පිහිටි පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වීරවංශ මහතා මේ බව පැවසීය. එහිදී ඔහු වැඩිදුරටත් දැක්වූ අදහස් මෙසේය.

"සාමාන්‍යයෙන් ඇමතිවරයෙකුට දූෂණ චෝදනාවක් එල්ල වූ විට එයට පිළිතුරු දෙන්නේ අදාළ ඇමතිවරයා හෝ ආණ්ඩුවේ සෙසු මන්ත්‍රීවරුන්ය. නමුත් ඉතිහාසයේ පළමු වතාවට, තමන්ගේ ඇමතිවරයා බේරාගැනීම සඳහා ජනාධිපතිවරයාම ඉදිරියට පැමිණ චෝදනා 'සේදීමට' පටන් ගෙන ඇත. “බාලකුමාර” නමින් හඳුන්වන බලශක්ති ඇමතිවරයා බේරාගැනීම සඳහා “අඟුරු අනුර” වන ජනාධිපතිවරයා පිටියට බැස සිටී. මෙය පුනරුද පාලනයේ අසිරිමත් ජවනිකාවකි."

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී මෙම ගල් අගුරු ටෙන්ඩර් පටිපාටිය නිවැරදි යැයි පැවසුවද, විගණකාධිපති දෙපාර්තමේන්තුව සභාගත කළ වාර්තාව මගින් එම ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ඔප්පු වී ඇතැයි වීරවංශ මහතා පැවසීය. 

“විගණකාධිපති වාර්තාවේ පැහැදිලිවම සඳහන් වන්නේ අදාළ ඉන්දියානු සමාගම සුදුසුකම් ලත් සමාගමක් නොවන බවයි. ඔවුන්ට සුදුසුකම් ලබා දීම සඳහා පූර්ව පළපුරුද්ද මෙට්‍රික් ටොන් මිලියනයක සිට ලක්ෂ දෙක දක්වා අඩු කර ඇත. එසේම වැට් ලියාපදිංචියක් පවා නොමැති සමාගමකට ටෙන්ඩර් ලබා දීම තුළම මහා පරිමාණ දූෂණයක් පෙනෙන්නට තිබේ. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී බොරු කියමින් ජනතාව නොමඟ යවන බව මින් පැහැදිලිය.”

ගල්අඟුරු ප්‍රමිතිය පිළිබඳව ජනාධිපතිවරයා කළ “කාලා බලන්නද”යන ප්‍රකාශයට ද වීරවංශ මහතා දැඩි ප්‍රහාරයක් එල්ල කළේය. “රටක ජනාධිපතිවරයෙක් ප්‍රමිතිය පිළිබඳ ප්‍රශ්නයකදී දෙන උත්තරය මෙයද? 

“අනිත් එක තමයි, ප්‍රමිතියෙන් බාලද කියලා “කාලා බලන්නද” කියලා අහනවා. එක පාරක් ඇහුවා තෙල් මිල වැඩි වෙනකොට “මට ඉන්ධන සමාගම් නැහැ” , “මට තෙල් නිධිත් නැහැ” කියලා. ඉතින් ඔයාට අපි කිව්වේ නැහැනේ තෙල් නිධි තියනවා කියලා, තෙල් සමාගම් තියනවා කියලා. තඹුත්තේගම තනි සිග්නල් කණුව යට හිටපු උන්දැට එහෙම සමාගම් තියෙන්න විදිහක් නැහැ. ඉස්සරහට නම් තියෙයි ගහන ගැහිල්ලේ හැටියට! දැනට නැහැ, ඒක අපි පිළිගන්නවා. මේ යන විදිහට ඉන්ධන සමාගම් පොකුරක් වුණත් ගන්න පුළුවන් වෙයි.” 

නැව්වල එන ගල් අගුරුවල විද්‍යාත්මකව ප්‍රමිතිය පරීක්ෂා කිරීමට “අම්පයර් සාම්පල්” (Umpire Sample) පද්ධතියක් ඇත. සෑම නැවකින්ම ගනු ලබන මෙම සාම්පලය ස්වාධීන පරීක්ෂාවකට ලක් කළ යුතුය. එසේ කළහොත් පමණයි සමාගමට දඩ ගැසීමට හෝ වන්දි ලබා ගැනීමට නීතිමය හැකියාව පවතී. නමුත් මෙතෙක් ආ එකම නැවකවත් අම්පයර් සාම්පලය පරීක්ෂාවට ලක් කර නැත. එයින්ම පෙනෙන්නේ “කොමිස් කුට්ටිය” වෙනුවෙන් මෙම වංචාව වසා දමා තබන්නට ඇති උවමනාව බව විමල් වීරවංශ පෙන්වා දෙයි.

සිංහල අලුත් අවුරුද්ද ආසන්නයේ ගෑස් මිල 80% කින් පමණ ඉහළ දැමීම හරහා ආණ්ඩුවේ 'හිතක් පපුවක් නැති' ස්වභාවය හෙළි වී ඇති බව හිටපු අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. අප්‍රේල් 30 වන විට මුහුද රළු වීම (වාරකම් කාලය) නිසා ගල්අඟුරු ගොඩබෑමට නොහැකි වන බවත්, දැනට ගෙනවිත් ඇත්තේ අවශ්‍යතාවයෙන් භාගයක් පමණක් බවත් ඔහු කීය. මෙහි ප්‍රතිඵලය ලෙස ඉදිරියේදී අධික පිරිවැයක් දරමින් ඩීසල් මගින් විදුලිය නිපදවීමට සිදු වන බවත්, එහි බර ජනතාව මත පටවන බවත් ඔහු අනතුරු ඇඟවීය.

ජනතා විමුක්ති පෙරමුණේ පූර්ණකාලීන ක්‍රියාකාරීන්ට දැන් මේ හොරකම් නිසා ගමට යන්න බැරි තත්ත්වයක් උදාවෙලා. දේශපාලන මණ්ඩලයේ ඉන්න සමහරු මේ ඇමතිව ඉවත් කරන්න කියලා බලපෑම් කරන බව අපි දන්නවා. හැබැයි ජනාධිපතිවරයා ඊට ඉඩ දෙන්නේ නැහැ. මක්නිසාද යත්, මෙම වංචනික ගනුදෙනු සිදු කිරීමට ඔහුට මෙම ඇමතිවරයා අවශ්‍යයි. 

අපි අභියෝග කරනවා ජවිපෙ නායකත්වයට, ඔබට අංශු මාත්‍රයක හෝ කොන්දක් තිබේ නම්, මෙම දූෂිත ඇමතිවරයාව වහාම තනතුරෙන් ඉවත් කර පෙන්වන්න. එසේ නොහැකි නම් ඔබ සියලු දෙනාටම මේ හොරකම නිසා සාමූහිකව වැළලෙන්නට සිදු වනු ඇත." යැයි වීරවංශ මහතා අවසාන වශයෙන් පැවසීය.

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා අද (08) බත්තරමුල්ලේ පිහිටි පක්ෂ කාර්යාලයේදී පැවැත්වූ මාධ්‍ය හමුවේ සම්පූර්ණ දේශනය පහත පරිදි වේ:

"සුභ උදෑසනක් මාධ්‍යවේදී ඔබ සියලු දෙනාට. මෙම මාධ්‍ය සාකච්ඡාව පැවැත්වීමට අපි කල්පනා කළේ, ප්‍රධාන වශයෙන්ම ඇතිවී තිබෙන බලශක්ති අර්බුදය පිළිබඳවත්, ඒ බලශක්ති අර්බුදය පිළිබඳව රටේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඇවිල්ලා කියන විග්‍රහය කොයි තරම් දුරට නිවැරදිද කියන කාරණය පිළිබඳවත්, අපේ ස්ථාවරය ඔබ මගින් මේ රටේ පොදු ජනතාවට ලබා දෙන්න. විශේෂයෙන්ම ජනාධිපතිවරයා ඉදිරිපත් කරන අදහසද නිවැරදි, එහෙම නැත්නම් මොකක්ද නිවැරදි කියන මතය අපේ රටේ ජනතාවට පැහැදිලි කර ගැනීමට අයිතියක් තියෙනවා. 

ඔබ දන්නවා, මීට කලින් පැවති ආණ්ඩුවල යම් යම් ඇමතිවරුන්ට කිසියම් චෝදනා එල්ල වෙච්ච අවස්ථා තියෙනවා. නමුත් මගේ මතකය අනුව, ඒ කිසිම අවස්ථාවක රටේ ජනාධිපතිවරයා ඇවිල්ලා ඒ නිශ්චිත ඇමතිවරුන්ගේ භූමිකාවට එල්ල වෙච්ච චෝදනාවක් “හෝදනවා” අපි දැකලා නැහැ. ඒ කියන්නේ ජනාධිපති තනතුර දරන තැනැත්තා යටතේ තියෙන ආයතනයක යම්කිසි වරදක් වී තිබෙනවයි කියලා චෝදනාවක් තිබුණා වුණත්, එවැනි අවස්ථාවකවත් ජනාධිපතිවරයා ඇවිල්ලා ඒක සුද්ධ කරනවා, එහෙම නැත්නම් හෝදනවා අපි දැකලා නැහැ. බොහෝ වෙලාවට ඒ චෝදනාවට ප්‍රතිඋත්තර දෙන්නේ එක්කෝ චෝදනාවට ලක්වෙච්ච අමාත්‍යවරයා, නැත්නම් අමාත්‍ය මණ්ඩලයේ සේසු සාමාජිකයන්, එහෙම නැත්නම් ඔහුට හිතවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු. 

දැන් මෙතන ඉතිහාසයේ පළවෙනි වතාවට, පුනරුදය යටතේ මේ “නල්ලමලේ” පුනරුද පාලනය යටතේ අපට දැකගන්න ලැබී තිබෙනවා අසිරිමත් ජවනිකාවක්! ලංකාවේ ඉතිහාසයේ බරපතලම හොරකම පිළිබඳව චෝදනාවට ලක්වෙච්ච “බලශක්ති අමාත්‍යවරයා” වෙනුවෙන් රටේ ජනාධිපතිවරයා පිටියට පැමිණ පහර එල්ල කිරීමට පටන් අරන් තිබෙනවා ඔහුගේ ගැලවීම සඳහා. ඒ කියන්නේ බලශක්ති අමාත්‍ය “බාලකුමාරගේ” ගැලවීම සඳහා “අඟුරු අනුර” ඉදිරිපත් වෙන තත්ත්වයක් අද උද්ගත වෙලා තියෙනවා. දැනට බාල ගල්අඟුරු ගනුදෙනුව පිළිබඳව, ජාවාරම පිළිබඳව, හොරකම පිළිබඳව මේ රටේ පොදුජනතාවට සැලකිය යුතු වශයෙන් අවබෝධයක් තිබෙනවා කියලා තමයි අපි විශ්වාස කරන්නේ. 

ඊයේ ජනාධිපතිවරයා ප්‍රධාන වශයෙන් කාරණා දෙකක් කිව්වා. එකක්, නියමිත ටෙන්ඩර් පටිපාටියට කරලා තියෙන්නේ ඒ නිසා හොරකමක් වෙලා නැහැ කියලා. හැබැයි ඊයේ පාර්ලිමේන්තුවට සභාගත කරපු විගණකාධිපති වාර්තාවෙන් ජනාධිපතිවරයා කියපු පළමුවැනි පචේ, බොරු කියලා ඔප්පු වෙනවා. පළවෙනි පියවරේ ඉඳලා බොරු කියලම, බොරු කියලම, බොරු අතුරලා බලය අරගෙන, ඒ පුරුද්දෙන් ගැලවෙන්න කිසිම හැකියාවක් නැහැ. නින්දට යනකොටත් බොරුවක් කිව්වොත් තමයි නින්ද යන්නේ. ඒ තරම් බොරුවලට ඇබ්බැහි වෙච්ච ජනාධිපතිවරයෙක්. ඔහු විටක පාර්ලිමේන්තුවේ කියනවා 'මම පාර්ලිමේන්තුවේ විතරයි බොරු කියන්නේ' කියලා. දැන් ඒ අනුව ජනාධිපතිවරයා කියනවා ටෙන්ඩර් පටිපාටියේ අවුලක් නැහැ කියලා. 

හැබැයි විගණකාධිපති දෙපාර්තමේන්තුව දීපු වාර්තාවේ තියෙනවා..... “මගේ දුරකථනයේ ඒ වාර්තාව සම්පූර්ණයෙන් අන්තර්ගතයි” ඒ වාර්තාවේ තියෙනවා ඉතාම පැහැදිලිව, මේ ඉන්දියානු සමාගම සුදුසුකම් ලත් සමාගමක් නෙවෙයි කියලා. ඒ සමාගමට නැති සුදුසුකම ඇති කර ගැනීම සඳහා ටෙන්ඩර් පටිපාටිය වෙනස් කළා. ඊට පෙර ගල්අඟුරු මෙට්‍රික් ටොන් මිලියනයකට වඩා කිසියම් පාර්ශ්වයකට බෙදා හැරලා අත්දැකීම් තිබිය යුතුයි කියන කොන්දේසිය ලක්ෂය දක්වා අඩු කරා. ඒ වගේම නියමිත ලෙස ලියාපදිංචියක් නැති සමාගමක්. එහෙම සමාගමකට ටෙන්ඩර් එකට එන්න දෙන්නේ හොරකමට නෙවෙයිද? නිකන් නළෝ නළවා ඉන්නද. පච ජනාධිපති අපිට කියන්නේ ඒවා පිළිගන්න කියලද? ඔයාගේ පචවලට ඡන්දෙට කලින් මිනිස්සු අහුවුණාට දැන් අහුවෙන්නේ නැහැ. 

මේක පැහැදිලිවම “අඟුරු කුමාරයි” “බාල කුමාරයි” දෙන්නා එකතු වෙලා කරපු හොරකමක්. ඒ නිසා තමයි බාල කුමාරව බේරගන්න අඟුරුකුමාර එන්නේ. අඟුරු කුමාර ඇවිල්ලා මර‍ාගෙන මැරෙන උත්සාහයක් කරනවා පාර්ලිමේන්තුව ඇතුළේ බාල කුමාරව බේරගන්න. එතකොට මෙතන පැහැදිලියි, ඔහු කියනවා නම් “වංචාවක් වෙලා නැහැ” කියලා ඒක පට්ටපල් බොරුවක්. 

අනිත් එක තමයි, ප්‍රමිතියෙන් බාලද කියලා “කාලා බලන්නද” කියලා අහනවා. එක පාරක් ඇහුවා තෙල් මිල වැඩි වෙනකොට “මට ඉන්ධන සමාගම් නැහැ” , “මට තෙල් නිධිත් නැහැ” කියලා. ඉතින් ඔයාට අපි කිව්වේ නැහැනේ තෙල් නිධි තියනවා කියලා, තෙල් සමාගම් තියනවා කියලා. තඹුත්තේගම තනි සිග්නල් කණුව යට හිටපු උන්දැට එහෙම සමාගම් තියෙන්න විදිහක් නැහැ. ඉස්සරහට නම් තියෙයි ගහන ගැහිල්ලේ හැටියට! දැනට නැහැ, ඒක අපි පිළිගන්නවා. මේ යන විදිහට ඉන්ධන සමාගම් පොකුරක් වුණත් ගන්න පුළුවන් වෙයි. 

දැන් බලන්න, “කාලා බලලද” කියලා අපෙන් අහනවා. රටක ජනාධිපති කෙනෙක් චෝදනාවක් පිළිබඳ විස්තර කරද්දී දෙන විදියේ උත්තරයක්ද ඒක? දැන් එතුමා “විවාහය” කරගෙන තියෙන්නේ කාලා බලලා. ඒක හරි, ඒක ප්‍රශ්නයක් නැහැ අපිට. එතුමා කාලා බලලා කරපු දේවල් ඇති. හැබැයි ඔයාව මේ රටේ මිනිස්සු ජනාධිපති කළේ “කාලා බලලා” නෙවෙයි. දැන් ඒ මිනිස්සු දුක් වෙන්නේ “කාලා බලන්න” තිබ්බා නම් මේ වැඩේ කරන්නේ නැහැ' කියලා. ඒ නිසා “කාලා බලලද” කියලා අහලා මේකෙන් ගැලවෙන්න එන්න එපා. ඒක ප්‍රති උත්තර දීලා ගැලවෙන්න පුළුවන් චෝදනාවක් නෙමෙයි. 

කාලා බලලා නෙවෙයි මහත්තයෝ, මොකද මේ ආපු නැව්වල තියෙනවා “අම්පයර් සාම්පල්” (Umpire Sample) කියලා එකක්. එහෙන් නැව දියත් වෙනකොට දීපු “පර්යේෂණ වාර්තාවත්” වැරදියි. විගණකාධිපති දෙපාර්තමේන්තු වාර්තාවේ කියනවා ඒගොල්ලෝ නියමිත සුදුසුකම්ලත් ආයතන නෙවෙයි කියලා. ඊට පස්සේ ඒකට “හිලව්වට” ඉන්දියාවෙන් ගෙනාපු එකත් වැරදියි. ඇමති කිව්වා “මෙහේ අපේ ලැබ් රිපෝට් එක පිළිගන්න බැහැ” කියලා. එතකොට මොකක්ද කරන්න ඕනේ? අම්පයර් සාම්පල් එක දෙන්න ඕනා පරීක්ෂණයකට. කෝ අම්පයර් සාම්පල් එක දුන්නද? 

සෑම නැවකටම එක බැගින් එනවා “අම්පයර් සාම්පල්” එකක්. ඒකේ කාලයක් තියෙනවා, ඒ කාලය කල් ඉකුත් වෙන්න කලින් තමයි ඒ සාම්පලය පරීක්ෂණයට දෙන්න ඕනේ. මේ දක්වා එක නැවකවත් අම්පයර් සාම්පල් එක පරීක්ෂණයකට දීලා නැහැ. අම්පයර් සාම්පල් පරීක්ෂණයකට දීලා රිපෝට් එක ගත්තොත් විතරයි දඩයක් ගැහුවොත් දඩයක් ගෙවන්න වෙන්නේ, වන්දි ගෙවන්න කිව්වොත් වන්දි ගෙවන්න වෙන්නේ. අම්පයර් සාම්පලෙන් එන තීන්දුව තමයි අවසාන තීන්දුව. අම්පයර් සාම්පලය පරීක්ෂණයට ලක් නොකළේ මොකෝ? බාලඅනුර ඒ තීරණය නොගත්තේ මොකද? අම්පයර් සාම්පල් රිපෝට් එක ආවම ඒ මත පදනම්ව තමයි “දඩේ ගහන්න” වෙන්නේ. දඩේ ගැහුවම තමයි සමාගමට රිදෙන්නේ. රිදුණම තමයි මෙතන ගිය හොර මගඩිය, “කප්පම ගත්ත කුට්ටිය” ගැන සමාගමට කට අරින්න සිද්ධ වෙන්නේ. 

ඒ නිසා මෙතන කියනවා දඩ ගහනවලු. මොන දඩයක් ගැහුවත් ගෙවෙන්නේ නැහැ. ඇයි? මොන උසාවි ගියත් ගන්න බැහැ. ඇයි? අම්පයර් සාම්පල් එකේ රිපෝට් එකක් නැහැ එක නැවකවත්. ඒ නිසා ජනාධිපතිවරයා අර “තහඩුවක් ගියත් ලක්ෂ දහයක් දෙනවා” කියලා ටියුන් කළා වගේ මෙතනත් එන්න එපා “කපටිකම් කරලා” බොරු කියන්න. මේ මහ දවල් කරපු “බාල ගල්අඟුරු හොරකම”, අතිවිශාල ධනයක් කොල්ලකාපු මේ හොරකම වහන්න එන්න එපා කියලා ජනාධිපතිවරයාට අපි ඉතා ඕනෑකමින් කියනවා. හොරකම කරපු නිසා තමයි “අම්පයර් සාම්පලය” පරීක්ෂණයට පත් නොකළේ. 

අනිත් එක තමයි, දැන් එතුමා කියනවා මේකේ බර ජනතාවට දෙන්නේ නැහැ කියලා එක පාරක් කියනවා. අනිත් පාර කියනවා මේකේ බර දැනටමත් ජනතාවට දෙමින් තියෙන්නේ කියලා. අනිත් පාර කියනවා “බරෙන් කොටසක්” ආණ්ඩුව දරනවලු, ඉතුරු කොටස මහජනයාට දෙනවලු, තව කොටසක් දඩයෙන් ගන්නවලු. දඩයක් ගෙවන්නේ නැත්නම් නඩු යනවලු. දැන් දඩ ගෙවන්නේ නැත්නම් නඩු යනවා නම්, ඒවට වියදම් කරන්නේ මේ ජනාධිපති අනුර කුමාරගේ පෞද්ගලික මුදලින්ද? එතුමා තඹුත්තේගම ඉඳන් එනකොට, තනිකණුව යට ඉඳලා එනකොට, කෝච්චියෙන් කොළඹට එනකොට අරන් ආපු සල්ලිවලින්ද? 

එහෙම නැත්නම් ආණ්ඩුවෙන් ගෙවනවා කියලා කියන්නේ මේ රටේ මහජනයාගේ බදු මුදල් නෙමෙයිද? ඒ මහජනයාගේ බදු මුදල් තියෙන්නේ හොරා කෑවට පස්සේ ඇතිවෙන පාඩුව පියවගන්න යොදවන්නද? ඊළඟට මහජනයාටත් බර පටවනවා, සෘජුව බදු මුදල් ටිකෙන් ඉතුරු කොටස ගෙවනවා. ඒ ඔක්කොම මහජනයා තමයි, වෙන ජනයෙක් නෙවෙයි. 

එතකොට මේ තක්කඩිකම වහන්න, සාධාරණීකරණය කරන්න, සුදුහුණු ගාන්න රටේ ජනාධිපතිට සිද්ධ වීමෙන්ම පේන්නේ මොකක්ද? මේක “දෙමුහුන් හොරකමක්”, ජෝඩු දාලා ගිය හොරකමක්! අඟුරු කුමාරයි බාලකුමාරයි දෙන්නා එකට එකතු වෙලා කරපු හොරකමක්. 

අපි දන්නවා ජනතා විමුක්ති පෙරමුණේ මේ ගැන තේරුමක් තියෙන, අවබෝධ කරගත්තු, දේශපාලන මණ්ඩලයේ ඉන්න වගකිව යුතු මන්ත්‍රීවරු සහ ඇමතිවරු විශාල බලපෑමක් එල්ල කරනවා මේ චරිතයට මේකෙන් ඉල්ලා අස්වෙන්න කියන්න කියලා. හැබැයි අඟුරු කුමාර මේකට එකඟ නැහැ. අඟුරු කුමාරට ඕනේ බාලකුමාරව මේ තනතුරේ තියාගන්න. ඇයි? ඒ හොරකම විතරක් නෙවෙයි, දැනුත් දිගටම හොරකම් වෙනවා. “ස්පොට් ටෙන්ඩර්” වලිනුත් හොරකම් වෙනවා. ඒ ටෙන්ඩරේ දීලා තියෙන්නේ සුදුසුකම් නැති සමාගමකට. ඊට පස්සේ හදිසි ඉන්ධන මිලදී ගැනීම් - ඒකෙනුත් හොරකම් වෙනවා. ඒකේ 'ප්‍රීමියර් (Premium) එක කියලා දාලා, විශාල පංගුවක් ප්‍රීමියර් එක ගැහුවත් බාලකුමාරව ඒ තනතුරෙන් එළියට දාන්න. 

දැන් බාලකුමාර කියන්නේ ජේවීපී එකේ මිනිස්සු දන්න මිනිහෙක් නෙවෙයිනේ. කොහේවත් වේදිකාවක දැක්කෙත් නැහැනේ. ඔය ආණ්ඩුවක් ගේන්න කියලා මහා කැපවීමක් කරපු මිනිහෙකුත් නෙවෙයිනේ. බාලකුමාර අර පෝර සංස්ථාවට ගත්තෙත් අඟුරුකුමාර ඒ කාලේ ඇමති වෙලා ඉන්නකොටනේ. ඒ වෙලාවේ මිලදී ගැනීම් භාරව තිබුණේ බාලකුමාරටනේ. ඒ වෙලාවේ කරපු මිලදී ගැනීමක ලක්ෂ 80 කතන්දරයක් හින්දානේ බාලකුමාර ට රස්සාවත් නැති වුණේ. ඒ බාලකුමාර ව නැවත අරගෙන, ආණ්ඩුවේ වැඩිම මිලදී ගැනීම් තියෙන අමාත්‍ය තනතුර දෙන්නේ අඟුරු කුමාරට ඕන කරන මංකොල්ලය, හොරකම, තක්කඩිකම කර ගැනීම සඳහා. 

ඉතින් ඒ නිසා අපි තේරුම් ගන්න ඕනා මේක සම්පූර්ණ “ද්වී-පුද්ගල” හොරකමක්. දෙමුහුන් හොරකමක්. අඟුරු කුමාරයි බාලකුමාර යි දෙන්නා එකට එකතු වෙලා කරපු හොරකමක්. අපි අභියෝග කරනවා ජනතා විමුක්ති පෙරමුණේ සෙසු නායකත්වයට, තමුන්නාන්සේලාට රෙද්දක් ඇඳගෙන ඉන්න ඕනේ නම්, ලැජ්ජාව කියලා එකක් ගෑවිලවත් තියෙනවා නම්, අපි අභියෝග කරනවා ඔය බාලකුමාර ව ඉවත් කිරීම, එහෙම නැත්නම් ඉල්ලා අස්වෙන්න බල කිරීම පුළුවන් නම් කරලා පෙන්නන්න! අඟුරු කුමාර ඒක කරන්න ඉඩ දෙයිද කියලා බලමු. පුළුවන් නම් කරලා පෙන්නන්න කියලා අපි ඉල්ලනවා. 

දැන් මේ ඇවිල්ලා අපිට කියනවා “කාලා බලන්නද” කියලා. එහෙනම් ඉතින් කෙහෙළියටත් කියන්න පුළුවන් උසාවියට ගිහිල්ලා “මම බීලා බලන්නද” කියලා. එයාට කාලා බලලා නෙවෙයිනේ දැනගන්න තිබුණේ. 

අනිත් අතට, අද අපි දන්නවා “සිංහල හින්දු අලුත් අවුරුද්ද” කියන්නේ අපේ රටේ තියෙන අති උත්කර්ෂවත්ම දින කිහිපය. මේක අපි සමරන්නේ අවුරුද්දකට පාරයි. ඒක තමයි අපේ “මානව බැඳීම් නැවත අලුත් වෙන දවස”, තරහ මරහ නැති කරගෙන ජීවිත අලුත් කරන දවස. ඒක ප්‍රධාන වශයෙන් පදනම් වෙලා තියෙන්නේ “ගින්දරයි ලිපයි” කියන දේ මත. නැකතට ගිනි මෙලවීම, නැකතට බත ලිපේ තැබීම, නැකතට කෑම ටික කෑම - මේ ඔක්කොම තියෙන්නේ ගින්දරයි ලිපයි එක්ක. 

දැන් ගින්දර අවුලුවා ගන්නත් නැහැ. 80% කට වඩා වැඩි අගයකින් ගෑස් මිල ඉහළට දැම්මා අලුත් අවුරුද්දට ඔන්න මෙන්න කියලා. අඩු ගානේ හිතක් පපුවක් තියෙනවා නම්, මේ රටේ මහා සංස්කෘතිය ගැන පුංචි හෝ හැඟීමක් තියෙනවා නම්, ඔය මිල වැඩි කරන එක අවුරුද්ද පහු වෙනකන් ඉන්න තිබ්බා - වැඩි නොකරම බැරිනම්. එහෙම හිතක් ඇත්තෙම නැහැ. 

ඒ නිසා මේ වගේ හිතක් පපුවක් නැති, සංස්කෘතිය ගැන අවබෝධයක් නැති, හැඟීමක් නැති පාලන තන්ත්‍රයක් එක්ක මේ රටට හුස්ම ගන්න වුණේ පූර්වයේ කරපු අවාසනාවකට, අකුසල කර්මයකට මිසක් වෙන දෙයකට නෙවෙයි. පචවලින් කන් පුරෝගත්තු සමාජයට දැන් සිද්ධ වෙලා තියෙනවා කරන හොරකම් වහගන්න තවදුරටත් “නෙළන පච අහගෙන” මේ දුක දරාගෙන බලාගෙන ඉන්න. 

අනිත් එක තමයි, දැන් මේ ගල්අඟුරු නැව්. අපි දන්නවා වාරකම් කාලේ එනවා, නිරිතදිග මෝසම් වැසි එනවා. අප්‍රේල් 30 පමණ වනවිට මුහුද රළු වෙන්න පටන් ගන්නවා. එතකොට සාමාන්‍ය ගල්අඟුරු නැව් ගෙනල්ලා බාන්න පුළුවන් විදියේ මුහුදක් නෙවෙයි තියෙන්නේ. සාමාන්‍යයෙන් නැව් ඔක්කොම ගේන්න ඕනා අප්‍රේල් 30ට ඒ වාරකම් තත්ත්වය ඇතිවෙන්න කලින්. දැනට ගෙනල්ලා තියෙන්නේ ගේන්න නියමිත නැව්වලින් භාගයකට පමණ ප්‍රමාණයක්. තවත් භාගයකට වැඩි ප්‍රමාණයක් තියෙනවා තවදුරටත් ගේන්න. හැබැයි මොකද වෙලා තියෙන්නේ? දැන් මේගොල්ලොන්ට ගේන්න වෙන්නේ නැහැ. සැපයුම්කරුට තියෙනවා නම් නැව් 25ක් ගේන්න, ඊට වඩා අඩුවෙන් තමයි අප්‍රේල් 30 වෙනකොට ගේන්න වෙන්නේ. 

අනිත් පැත්තෙන් ඔය “ස්පොට් ටෙන්ඩර්” දාපු අයගෙනුත්, ඒ ගජබින්න ගහලා කරන ටෙන්ඩරයෙනුත් නියමිත නැව් ටික එන්න පුළුවන් වෙයි කියලා විශ්වාසයක් තබන්න අමාරුයි. එතකොට මොකද වෙන්නේ? ඩීසල්වලින් විදුලි උත්පාදනය වැඩි වෙනවා. සාමාන්‍යයෙන් ගල්අඟුරු වලින් ඉපදවන බලශක්ති ඒකකයකට යන්නේ රුපියල් 19ත් 21ත් අතර. ඩීසල්වලින් නිපදවන කොට ඕක අඩුම තරමේ රුපියල් 70-80 වෙනවා, ඊට වඩා වැඩි වෙනවා. එතකොට කිහිප ගුණයකින් වැඩි පිරිවැයක් යනවා. 

දැනටමත් විදුලි බලය “බිඳ වැටීම්” කියන නාමකරණය යටතේ කපා හරිමින් තියෙනවා. අවුරුද්දෙන් පසුව මේක නිල වශයෙන් කපා හැරීමට තියෙන අවදානම වැඩියි. ඒ කියන්නේ දැනට වතුර කපනවා, ඊළඟට 'විදුලිය බිඳ වැටීම්' කියලා තෝරාගත් ප්‍රදේශවල කපාගෙන කපාගෙන යනවා. ප්‍රකාශිත කප්පාදුවක් ඉදිරියේදී එන්න නියමිතව තිබෙනවා. ඊළඟට ඩීසල්වලින් විදුලිය නිපදවීම මත, විදුලිය කපලා තිබ්බත් අදට වඩා ලොකු බිලක් ගෙවන්න පාරිභෝගිකයාට උරුම කරලා තියෙනවා. 

මේ ඔක්කොම සාප වෙන්නේ මොකක්වත් නිසා නෙවෙයි, අඟුරු කුමාරයි බාලකුමාර යි එකතු වෙලා කරපු මේ මහ දවල් මහා මංකොල්ලය හින්දා. තවදුරටත් කරගෙන යන මංකොල්ලය නිසා. 'ඉන්ධන හදිසි මිලදී ගැනීම' කියන ලේබලය යටතේ ප්‍රීමියම් ගාස්තුව ඉතා ඉහළ අගයක් දැමීම මගින් ඒක ඇතුළෙත් විශාල වංචාවක් සිදු කරමින් තියෙනවා. 

ඒ නිසා අපි තේරුම් ගන්න ඕනා, ජනාධිපතිවරයා හිතන් ඉන්නවා නම් මහා පට්ට හොරකමක් කරලා “කාටලය කඩන්නයි මම ආවේ” කියලා - පාරම්බාන මරු කාටල කැඩිල්ල මේක! කාටලය කඩනවා අලුත් කාටලයක් හදාගෙන. අඟුරු කුමාරයි බාලකුමාරයි - ඒක තමයි දැන් කාටලය. මෙහෙම ජාවාරම් කරන්නද මේ 'හොරු අල්ලනවා' කියලා බලයට ආවේ? මේ වගේ තක්කඩි හොරකම් වලින් තමන්ගේ අර ජනතා විමුක්ති පෙරමුණේ පූර්ණකාලීනව වැඩ කරන්නේ ඔය මෙලෝදෙයක් දන්නේ නැති අහිංසක මිනිස්සු. ඒ මිනිස්සුන්ට ගමට යන්න බැරි වෙනවා මේ කරන හොරකමේ හැටියට. 

ඒ නිසා අපි ඉල්ලන්නේ, මොකක් හරි රෙද්දක් ඇඳගෙන ඉන්න කැමති නම් - දැන් ජනාධිපතිවරයා දන්නවා බලය ඉක්මනින් ගිලිහෙන මාවතේ ගමන් කරන බව. රටේ වර්ධනය වෙන තත්ත්වයන් අනතුරුදායකයි. ඒ නිසා ඒ වේගයට වඩා වැඩි වේගයකින් හම්බ කර ගැනීම තමයි ඔහුගේ න්‍යාය පත්‍රය බවට පත්වෙලා තියෙන්නේ. ඒ නිසා අපි ඉතා ඕනෑකමින් කියනවා, මේ රට තවදුරටත් අසරණ කරන්නේ නැතුව ජනතා විමුක්ති පෙරමුණේ හෘද සාක්ෂියක් තියෙන කිසියම් නායකයෙක් ඉන්නවා නම් - “අපි දන්නේ නැහැ කවුද කියලා” - ඉන්නවා නම් එක නායකයෙක් හරි, බලපෑම් කරන්න. 

එදා අපි හිටපු ආණ්ඩුවල දීපු මැතිවරණ ප්‍රකාශනයට පිටින් “නැගෙනහිර ජැටිය” විකුණන්න හදනකොට ඉන්දියාවට, අපි ඒකට විරුද්ධ වුණා. අපි එළිපිට විරුද්ධ වුණා. වරාය වෘත්තීය සමිති සේවකයන් සහ අපේ ආණ්ඩුව ඇතුළෙන් අපි ගෙනිච්ච අරගලය දෙක එකතු වෙලා තමයි ඒක බේරගන්න පුළුවන් වුණේ. අපිට ඒ කොන්ද තිබ්බා. රට ආර්ථික අගාධයකට එන්න යන බව දන්නකොට ඒකට අනුව පියවර ගන්න කියලා කියනකොට, බැසිල් රාජපක්ෂලා ලණු කනකොට අපි ඒක එළියට ඇවිල්ලා කිව්වා. ඒ නිසා අපේ අමාත්‍ය පදවිවලින් අපිව අයින් කළා. අපි ඒකේ ප්‍රතිඵලය ගැන හිතුවේ නැහැ, අපි හිතුවේ අපේ වගකීම ගැන. 

අපි කියනවා අපට තිබිච්ච කොන්දෙන් අංශු මාත්‍රයක් හරි තියෙනවද කියලා පුළුවන් නම් පෙන්නන්න! නැත්නම් “සාමූහිකව වැළලෙන්න” ලෑස්ති වෙන්න. ඒ නිසා කරුණාකරලා කවුරුහරි කොන්දක් තියෙන මිනිහෙක් ඉන්නවා නම් මේ වැරැද්දට විරුද්ධව කෙලින් හිටගන්න. පුළුවන් නම් බල කරලා පෙන්නන්න බාලකුමාරව ඔය ඇමති තනතුරෙන් අයින් කරලා. අයින් කරලා පෙන්නන්න කියලා අපි ජනතා විමුක්ති පෙරමුණේ තව කවුරුහරි නායකයෝ ඉන්නවා නම් ඒ අයට අභියෝග කරමින් ඉල්ලා සිටිනවා."

සම්බන්ධිත පුවත් | Related News

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින නිදහස් වෙළඳ ගිවිසුම වර්තමාන අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි යාවත්කාලීන කිරීම සඳහා දෙරටේම නියෝජිතයන්ගෙන් සමන්විත ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායමක් පිහිටුවීමට එකඟතාව පළ වී තිබේ.
ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම ගන්නා වයස සහ ධුර කාලය වෙනස් කිරීම සඳහා වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් පාර්ලිමේන්තු අනුමැතියෙන් පමණක් සිදු කළ නොහැකි බවත්, ඒ සඳහා ජනමත විචාරණයක් පවත්වා මහජන අනුමැතිය ලබා ගැනීම අවශ්‍ය වන බවත් හෙළි වී තිබේ.
ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට (NLDB) අයත් අක්කර දහස් ගණනක භූමි ප්‍රමාණයකින් යුත් ගොවිපළ 32න් 26ක් වසර 30ක කාලයක් සඳහා පෞද්ගලික සමාගම් 7ක් වෙත බදු දීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් කෘෂිකාර්මික හා පශු වෛද්‍ය ක්ෂේත්‍රය තුළ දැඩි සංවාදයක් සහ විරෝධයක් නිර්මාණය වී තිබේ.
ජාතික ජන බලෙව්ගයට ලැබී ඇත්තේ අතීතයේ ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබූ වටිනාකම බවත්, මේ සිදුවෙමින් පවතින ක්‍රියාවලිය දෙස බැලීමෙදී අතීතයේ ජනතා විමුක්ති පෙරමුණ ගොඩනැගීමට උරදුන් පුද්ගලයකු ලෙස තමන් ඉතාමත් කණගාටුවට පත්වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
ගමන් වියදම් දීමනාව ඉහළ නොදැමීම සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ග්‍රාම නිලධාරින් හෙට (10) සහ අනිද්දා (11) යන දෙදින තුළ අසනීප නිවාඩු වාර්තා දමා සේවයට වාර්තා නොකර සිටීමට තීරණය කර තිබේ.
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.
විශ්වාසභංග යෝජනාවෙන් අධිකරණ ඇමතිවරයාව බේරා ගැනීමට කටයුතු කළද එයින් කිසිදු යහපත් ප්‍රතිඵලයක් හෝ වැඩක් සිදු නොවූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පවසයි.
පිරිපහදු නොකළ පොල්තෙල් ආනයනය කළ සමාගම් පහක් පසුගිය 2024 වසරේ හිඟ බදු ලෙස රුපියල් මිලියන 2,891ක් ගෙවිය යුතුව ඇතැයි ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති නිශාන්ත ජයවීර පාර්ලිමේන්තුවේදී ඊයේ (06) ප්‍රකාශ කළේය. මෙලෙස ගෙවීමට ඇති හිඟ බදු ප්‍රමාණයෙන් මිලියන 2,723ක් එකතු කළ අගය මත බද්ද (VAT) වන අතර මිලියන 168ක් සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
කන්කසන්තුරේ පිහිටි ඓතිහාසික තිස්ස රජමහා විහාර භූමිය දෙකඩ කරමින් බලහත්කාරයෙන් මාර්ගයක් ඉදිකිරීමට වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාව දරන උත්සාහයට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශ්වය සිය බලවත් විරෝධය පළ කර සිටියි.

ප්‍රධාන පුවත්

ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින නිදහස් වෙළඳ ගිවිසුම වර්තමාන අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි යාවත්කාලීන කිරීම සඳහා දෙරටේම නියෝජිතයන්ගෙන් සමන්විත ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායමක් පිහිටුවීමට එකඟතාව පළ වී තිබේ.

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම ගන්නා වයස සහ ධුර කාලය වෙනස් කිරීම සඳහා වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් පාර්ලිමේන්තු අනුමැතියෙන් පමණක් සිදු කළ නොහැකි බවත්, ඒ සඳහා ජනමත විචාරණයක් පවත්වා මහජන අනුමැතිය ලබා ගැනීම අවශ්‍ය වන බවත් හෙළි වී තිබේ.

NLDB ගොවිපළ 32න් 26ක්ම පුද්ගලික සමාගම්වලට!.. විද්වතුන් සහ වෘත්තීය සමිති නිහඬයි..

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට (NLDB) අයත් අක්කර දහස් ගණනක භූමි ප්‍රමාණයකින් යුත් ගොවිපළ 32න් 26ක් වසර 30ක කාලයක් සඳහා පෞද්ගලික සමාගම් 7ක් වෙත බදු දීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් කෘෂිකාර්මික හා පශු වෛද්‍ය ක්ෂේත්‍රය තුළ දැඩි සංවාදයක් සහ විරෝධයක් නිර්මාණය වී තිබේ.

ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ජාතික ජන බලෙව්ගයට ලැබී ඇත්තේ අතීතයේ ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබූ වටිනාකම බවත්, මේ සිදුවෙමින් පවතින ක්‍රියාවලිය දෙස බැලීමෙදී අතීතයේ ජනතා විමුක්ති පෙරමුණ ගොඩනැගීමට උරදුන් පුද්ගලයකු ලෙස තමන් ඉතාමත් කණගාටුවට පත්වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..

කන්කසන්තුරේ පිහිටි ඓතිහාසික තිස්ස රජමහා විහාර භූමිය දෙකඩ කරමින් බලහත්කාරයෙන් මාර්ගයක් ඉදිකිරීමට වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාව දරන උත්සාහයට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශ්වය සිය බලවත් විරෝධය පළ කර සිටියි.

''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මරාදමා හෝ විදේශ මැදිහත්වීමකින් අන්තර්කාලීන පාලනයක් ගොඩ නැගීමට උත්සාහ දැරූ බවත්, ඒ බවට සාක්ෂි ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

සම්බුද්ධ ශාසනයේ සහ මෙරට සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන පෙරහැර මංගල්‍යය විකාරයක් ලෙස අගමැතිනිය විසින් හඳුන්වන්නේ කෙසේදැයි දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රශ්න කරයි.

සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..

සවුදි අරාබිය, තුර්කිය සහ පාකිස්ථානය එක්ව NATO ආකෘතියට සමාන අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමක් වන "මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුමට" (Makkah Joint Defence Agreement) අත්සන් තබා ඇත. සවුදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු, තුර්කි ජනාධිපති රෙසෙප් තයියිප් එර්ඩොගන් සහ පාකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් විසින් අත්සන් කරන ලද මෙම ගිවිසුම මගින්, සාමාජික රටකට එල්ල වන ඕනෑම සන්නද්ධ ප්‍රහාරයක් අනෙක් රටවලටද එල්ල වූ ප්‍රහාරයක් ලෙස සැලකීමට එකඟ වී ඇත.

විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2022 වසරේදී තීන්දු කර තිබේ.

වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්

රටේ පවතින සමාජ, ආර්ථික හා දේශපාලන සංදර්භය හේතුවෙන් පොදු ජනතාව පමණක් නොව නාට්‍යකරුවන් පවා දැඩි අපේක්ෂාභංගත්වයකට පත්ව සිටින බව රාජ්‍ය සම්මානලාභී නාට්‍යවේදී අඛිල සපුමල් මහතා පවසයි.

ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..

ලෝකය තවදුරටත් නොසන්සුන්කාරී සහ අස්ථාවර තත්ත්වයක පවතින, එමෙන්ම වැඩිවන සංවර්ධන අභියෝගවලට මුහුණ දෙන පසුබිමක, වඩා යහපත් අනාගතයක් නිර්මාණය කිරීම සඳහා චීන ගෝලීය සංවර්ධන මුලපිරුම (Global Development Initiative - GDI) එක්සත් ජාතීන්ගේ 2030 තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රය සමඟ ක්‍රමවත්ව ඒකාබද්ධ කිරීමට උත්සාහ කළ යුතු බව චීන විදේශ අමාත්‍ය වැං යී අඟහරුවාදා පැවසීය.

බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම

ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද? නැතිනම් අපරාධ නඩුවිධාන සංග්‍රහය යටතේ පොලිසිය මෙහෙයවනවා ද? යන්න බරපතළ ගැටළුවක් වී ඇති බව නීතිඥ සංජීව වීරවික්‍රම මහතා පවසයි.

බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!

වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව මෙරට බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර මාලාවේ උච්ඡතම ස්ථානයකට පැමිණ ඇති බවත්, පසුගිය කාලයේ යූටියුබ් සහ සමාජ මාධ්‍ය හරහා භික්ෂූන් වහන්සේලාට නින්දා අපහාස කිරීම මෙන්ම බුදුන් වහන්සේට පවා නින්දා අපහාස කරමින් ආගමික ඉගැන්වීම් පවා විකෘති කරමින් සිටින බවත් එහෙත් ඒ කිසිවකට එරෙහිව පියවර ගැනීම සිදුනොවන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව බෞද්ධ ශිෂ්ටාචාරයට සහ උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමයන්ට එරෙහිව සැලසුම්සහගත ප්‍රහාර මාලාවක් ක්‍රියාත්මක වන බවට ජාතික සංවිධාන එකමුතුව චෝදනා කරයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.