News Category
From Date
To Date
Maximum Number of Result

රාජ්‍ය නිලධාරීන් සතු ව්‍යවස්ථාපිත ඉඩම් රාජකාරි ඉටු කිරීමේදී සිදුවන අහිතකර දේශපාලන මැදිහත්වීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ හා සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය (SLADA) රජය වෙත සිය දැඩි විරෝධය පළ කර සිටියි.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු ජනතාවට ඍජුව බලපාන බැවින් ඒවා කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර විසඳුම් ලබාදීම රජයේ වගකීම බව මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහ නාහිමිවරුන් පවසති.

පෙබරවාරි 20 වැනිදා පවත්වන සංඝ සම්මේලනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් කොළඹ තරුණ බෞද්ධ සංගමයේ සභාපති මහේන්ද්‍ර ජයසේකර මහතා පවසන්නේ මෙම සංඝ ම්මේලනය පැවැත්වීමට හේතුවූ කරුණු හෙළිදරව් කිරීමක් සිදුකළේය.

රටේ ඇතිවී තිබෙන අපරාධ රැල්ලට සෘජුවම රජය වගකිව යුතු බවත්, රජයේ නොසැලකිල්ල, නොහැකියාව සහ ප්‍රශ්නය මගහැර යාම නිසා මෙවැනි තත්ත්වයක් නිර්මාණය වී ඇති බවත් ජ්‍යේෂ්ඨ නීතිඥ කණිෂ්ක විතාරණ මහතා පවසයි.

සමගි ජන බලවේගයේ නයන වාසලතිලක මන්ත්‍රීවරයා හැර සෙසු මන්ත්‍රීවරුන් 224 දෙනාම සිය පාර්ලිමේන්තු වැටුප් ලබාගන්නා බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රකාශයෙන් හෙලි වූ බව සමගි ජන බලවේගයේ මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පැවසීය.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී හා නියෝජ්‍ය මහ ලේකම් වශයෙන් සේවය කල වැඩ තහනමට ලක් වූ නීතීඥ චමින්ද කුලරත්න විසින් ශ්‍රී ලංකා අභියාචනාධිකරණය හමුවේ CA (Writ) 109/2026 අංක දරන රිට් පෙත්සම ගොනු කර ඇත.

13 වැනි ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීම මගින් මාතෘ භූමිය දෙකඩ වී සුඩානයට අත්වූ අවාසනාවන්ත ඉරණමට ගොදුරු වන බවත්, නව වටයකින් දිග හැරෙන බෙදුම්වාදී මාර්ග සිතියම ඔස්සේ නිර්මාණය වීමට නියමිත තීරණාත්මක අභියෝග වලට මුහුණ දීමට සිදුවනු ඇති බවත් පෙන්වාදෙමින් ජාතික සංවිධාන 44ක් එක්වී ජනාධිපතිවරයාට මහජන සංදේශයක් යොමුකර තිබේ.

ලංකා සීනි සමාගමේ (Lanka Sugar Company (Pvt) Ltd) සභාපතිනිය ලෙස කටයුතු කළ නීතිඥ සඳමාලි චන්ද්‍රසේකර මහත්මිය වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා වෙත ලිපියක් යොමු කරමින් ඇය මෙම ඉල්ලා අස්වීම දැනුම් දී ඇත.

ඉන්දියාව සම්බන්ධයෙන් අතීතයේ පැවති විරෝධය දැන් අවසන් වී ඇති බවත්, දෙරට අතර විශ්වාසනීය මිත්‍රත්වයක් මත පදනම් වූ නව යුගයක් ආරම්භ වී ඇති බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.


දේශීය පුවත්

ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර, උන්වහන්සේ අයත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝ සභාව සමග සාකච්ඡාවක් සඳහා එක්වන්නැයි එම සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි ජනාධිපතිවරයාට ලිපියක් මගින් ඊයේ (09) දැනුම්දී තිබේ.

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

ලක්දිරිය ව්‍යවසායකත්ව අත්වැල යටතේ සබන් නිෂ්පාදන හා පාපිසි නිෂ්පාදන පුහුණු වැඩසටහන්..

ලක්දිරිය ව්‍යවසායකත්ව අත්වැල වැඩසටහන යටතේ ස්වයං රැකියා අවස්ථා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සබන් නිෂ්පාදනය සහ පාපිසි නිෂ්පාදනය පිළිබඳ පුහුණු වැඩසටහන් දෙකක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ඥානසාර හිමිගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්..

සිර දඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර බලධාරීන් ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු මහලේකම්වරිය වෙත..

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාව අද (09) පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය වෙත භාර දී තිබේ.

හිටපු ජනාධිපති ගෝඨාභයගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සමක් ප්‍රතික්ෂේප කිරීමට, අභියාචනාධිකරණය දුන් නියෝගයට එරෙහිව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

බාල ගල් අඟුරු නිසා පාඩුව බිලියන 15.7යි..- බලශක්ති ඇමති

මෑතකදී ආනයනය කරන ලද ප්‍රමිතියෙන් තොර බාල ගල්අඟුරු හේතුවෙන් රටට රුපියල් බිලියන 15.765 ක මුළු මූල්‍ය අලාභයක් සිදුව ඇති බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.

හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ තනතුරෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිසම තීරණය කරයි..

මොරටුව හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් සහ දිසා විනිසුරු තිලිණ ගමගේ මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර තිබේ.

මෙට්‍රෝ බස් රියේ ගැටුණු පෞද්ගලික බස් රථයට ධාවන තහනමක්..

අතුරුගිරිය නගරයේ 170 බස් නැවතුම්පොළ ඉදිරිපිටදී මෙට්‍රෝ වර්ගයේ බස් රථයක ගැටුණු පුද්ගලික බස් රථයට තාවකාලික ධාවන තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.