News Category
From Date
To Date
Maximum Number of Result

අලුත් ගනුදෙනුවල සිට වෙළඳ යුද්ධ දක්වා: නව ලිබරල්වාදයේ බිඳවැටීම, ගෝලීය අර්බුද සහ මීට විසඳුමක් තිබේද? - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ ගේ විග්‍රහය

Apr 9, 2026 at 01:05 PM
|

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආක්‍රමණශීලී වෙළඳ ප්‍රතිපත්ති අහම්බයක් නොවේ. එය ව්‍යුහාත්මක සීමාවන් කරා ළඟා වී ඇති අසාර්ථක වූ නව ලිබරල් ආර්ථික ආකෘතියක අවසාන අදියරේ වූ ප්‍රතික්‍රියාවක ලක්ෂණයකි. ඇමරිකා එක්සත් ජනපදයේ සිට ගෝලීය දකුණ දක්වා, පද්ධතිමය පරිහානියේ සලකුණු පැහැදිලිය. දරාගත නොහැකි ණය බර, ඉහළ යන අසමානතාවය සහ ලෝක වෙළඳ සංවිධානයේ (WTO) නීති යටතේ සාධාරණව තරඟ කිරීමට ඇති අකමැත්ත ඒ අතර වේ. ඉතිහාසය පෙන්වා දෙන පරිදි, ධනවාදයට තම අභ්‍යන්තර පරස්පර විරෝධතාවන් විසඳාගත නොහැකි වූ විට, නොවැළැක්විය හැකි බිඳවැටීම ප්‍රමාද කිරීම සඳහා එය බාහිර ගැටුම් වෙත යොමු වෙයි. 

මෙම ලිපිය බ්‍රෙටන් වුඩ්ස් (Bretton Woods) සමුළුවෙන් පසු නිර්මාණය වූ ආයතනවල සිට වර්තමානය දක්වා වූ අසාර්ථකත්වය ගවේෂණය කරන අතර, වෙනස් මාවතක් නිර්මාණය කර ගත හැකි බවට සාක්ෂියක් ලෙස “අලුත් ගනුදෙනු” ප්‍රතිපත්තිය සිහිපත් කරනු ලබයි.

1. නව ලිබරල් අසාර්ථකත්වයේ ගෝලීය රෝග ලක්ෂණයක් ලෙසට ණය අර්බුදය

පුද්ගලීකරණය, පාලන නීති රීති ඉවත් කිරීම සහ මූල්‍යකරණය යන ක්‍රමවේදයන් විසින් නව ලිබරල්වාදයට නිමක් නැති වර්ධනයක් ලබාදීමට පොරොන්දු විය. ඒ වෙනුවෙන්, එය ඇමරිකා එක්සත් ජනපදය වෙත ඩොලර් ට්‍රිලියන 39 ක ජාතික ණය බරක් (දළ දේශීය නිෂ්පාදිතයෙන් 126% කට වඩා වැඩි) උරුම කර දීමට සමත් විය. එහිදී ෆෙඩරල් රජයේ ණය ගැනීම් දිනකට ඩොලර් බිලියන 8 ක වේගයකින් ඉහළ යමින් පවතී. 2025 අග භාගය වන විට එක් කාර්තුවක පොලී ගෙවීම් පමණක් ඩොලර් බිලියන 276 දක්වා ඉහළ ගිය අතර, වාර්ෂික පොලී පිරිවැය අද වන විට ඩොලර් ට්‍රිලියන 1 ඉක්මවයි. 

කොංග්‍රස් අයවැය කාර්යාලය (CBO - Congressional Budget Office) පුරෝකථනය කරන්නේ 2025 මූල්‍ය වර්ෂය අවසානයේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 99% ක් වූ පොදු පුරවැසියන් විසින් හිමිකම් දරන රජය ලබාගෙන ඇති ණය ප්‍රමාණය 2036 අවසානය වන විට වාර්තාගත ලෙස 120% ක් දක්වා ඉහළ යනු ඇති බවයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) අනතුරු අඟවා ඇත්තේ පොදු මහජන ණය වර්තමානයේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 123.9% ක් වී ඇති අතර, එය ඇමරිකානු සහ ගෝලීය ආර්ථිකයට "වැඩිවන ස්ථාවරත්ව අවදානම්" (growing stability risks) එල්ල කරන බවයි.

ප්‍රධාන ධාරාවේ ආර්ථික විද්‍යාඥයන් බොහෝ විට මෙම පද්ධතිය ආරක්ෂා කළද, ජෙෆ්රි සැක්ස් සහ රිචඩ් වුල්ෆ් වැනි විකල්ප මතධාරී චින්තකයෝ මීට වෙනස් විනිශ්චයන් ඉදිරිපත් කරති. නව ලිබරල් ධනවාදී සමාජ‍යන් පිළිබඳ සිය විශ්ලේෂණයේ දී සැක්ස් තර්ක කරන්නේ, "ස්වයං කේන්ද්‍රීය, කෑදර, වංක සහ වගකීම් විරහිත ප්‍රභූන්" සහ "දේශපාලනය ආයතනික ග්‍රහණයට නතුවීම" මගින් මූලික සදාචාරාත්මක අර්බුදයක් නිර්මාණය වී ඇති බවයි. "ධනවතුන් සහ බලවතුන් සමාජයේ සෙසු කොටස් කෙරෙහි ගෞරවයෙන්, අවංකභාවයෙන් සහ අනුකම්පාවෙන් කටයුතු කිරීමට අපොහොසත් වන්නේ නම්, වෙළඳපොළවලින් නීතිවලින් සහ මැතිවරණවලින් නිර්මිත සමාජයක් පමණක් ප්‍රමාණවත් නොවන" බවට ඔහු අනතුරු අඟවයි. වුල්ෆ් සිය The Sickness is the System: When Capitalism Fails to Save Us from Pandemics or Itself කෘතියෙන් තර්ක කරන්නේ, ඇමරිකානු ධනවාදයේ ගොඩගැසී ඇති ගැටළුවලට "නැවත සාමාන්‍ය තත්ත්වයට පත්වීම" (returning to normal) තවදුරටත් ප්‍රමාණවත් පිළිතුරක් නොවන බවයි. ඒ වෙනුවට ඔහු නව ආර්ථික පද්ධතියක් කරා සංක්‍රමණය වීමට ඇරයුම් කරයි.

2024 වසරේ The Political Quarterly සඟරාවේ පළ වූ ලිපියක් මගින් තහවුරු කරන්නේ, 2008 ගෝලීය මූල්‍ය කඩාවැටීමේ සිට ඇති වූ බහුවිධ ආර්ථික අර්බුද — එනම් අරපිරිමැස්ම (austerity), ඇණහිටි ඵලදායිතාව, වැටුප් එක තැන පල් වීම, ඉහළ යන අසමානතාවය, උද්ධමනය සහ දේශගුණික හා පාරිසරික බිඳවැටීම වැනි ගැටළුවලට විසඳුම් සෙවීමට ප්‍රධාන ධාරාවේ ආර්ථික න්‍යායන් සහ ප්‍රතිපත්ති අරගල කර ඇති (සහ සමහර අවස්ථාවලදී ඒවා තවත් නරක අතට හැරී ඇති) බවයි.

ඉහළ යන ණය සහ වෙළඳ යුද්ධ ඇතුළු "අවදානම් මිශ්‍රණයක්" සමගින් ගෝලීය දකුණේ දශක ගණනාවක ප්‍රගතියට තර්ජනයක් වෙමින් ගෝලීය වශයෙන්, UNCTAD හි 2025 වෙළඳ සහ සංවර්ධන දැක්ම (UNCTAD Trade and Development Outlook 2025) අනතුරු අඟවන්නේ ගෝලීය වර්ධනය 2.3% දක්වා පහත වැටෙනු ඇති බවයි. ජෝසප් ස්ටිග්ලිට්ස් (Joseph Stiglitz) ඇතුළු ප්‍රමුඛ පෙළේ ආර්ථික විද්‍යාඥයින් 30කට අධික පිරිසක් අනතුරු අඟවන්නේ අප්‍රිකානු ජාතීන් 32ක් මේ වනවිටත් සෞඛ්‍ය සේවයට වඩා වැඩියෙන් ණය වෙනුවෙන් වියදම් කරන බවයි. එමෙන්ම G20 රාමුව මගින් සහනයක් ලබා දී ඇත්තේ අවදානමට ලක්ව ඇති ණයවලින් 7% කට පමණි.

2. සාධාරණ තරඟකාරිත්වය වෙනුවට වෙළඳ යුද්ධ

ට්‍රම්ප්ගේ බදු ප්‍රතිපත්ති සහ ලෝක වෙළඳ සංවිධානයේ (WTO) සම්මතයන්ගෙන් ඉවත් වීම යනු නිසි ලෙස සැලසුම් කළ උපායමාර්ගයක් නොවේ. එය කලබලයෙන් සිදුකළ පසුබැසීමකි. 2025 අප්‍රේල් 8 වන දින, චීනය විසින් ඇමරිකා එක්සත් ජනපදය සමග සාකච්ඡා සඳහා නිල ඉල්ලීමක් ඉදිරිපත් කරමින්, චීන භාණ්ඩ මත 84% දක්වා අතිරේක පළි ගැනීමේ බදු පැනවීමට එරෙහිව 'DS638' දරණ WTO ආරවුල් නඩුව ආරම්භ කළේය. එහිදී නොසලකා හැරිය නොහැකි ප්‍රතිපත්ති (non-discrimination), නියමිත බදු සීමාවන් ඉක්මවා යාම සහ අසාධාරණ රේගු තක්සේරු ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම ඇතුළු 1994 GATT ගිවිසුමේ මූලික විධිවිධාන ඇමරිකාව විසින් උල්ලංඝනය කර ඇති බවට චීනය චෝදනා කළේය.

මෙහිදී තීරණාත්මක කරුණ වන්නේ, 301 වගන්තිය යටතේ ඇමරිකාව විසින් චීන භාණ්ඩ මත පැනවූ බදු, 'වඩාත්ම වරප්‍රසාදිත ජාතිය' (Most Favoured Nation) යන වගකීම සහ අදාළ GATT විධි විධාන සමග පරස්පර විරෝධී බවට WTO මණ්ඩලය දැනටමත් තීන්දු කර තිබීමයි. චීන වාණිජ අමාත්‍යාංශය නැවත නැවතත් ප්‍රකාශ කර ඇත්තේ, "ඇමරිකා එක්සත් ජනපදය මීට පෙර 301 වගන්තිය යටතේ චීන භාණ්ඩ මත පැනවූ අතිරේක බදු WTO රෙගුලාසි උල්ලංඝනය කර ඇති බවට ලෝක වෙළඳ සංවිධානය දැනටමත් තීන්දු කර ඇති" බවයි.

සැක්ස් සහ වුල්ෆ් යන දෙදෙනාම එකඟ වන්නේ මෙය ව්‍යුහාත්මක ප්‍රතික්‍රියාවක් මිස විසඳුමක් නොවන බවයි. ලෝක වෙළඳ සංවිධානයට අවශ්‍ය වන්නේ ප්‍රතිසංස්කරණය මිස එය අතහැර දැමීම නොවේ, නමුත් නව ලිබරල්වාදයේ ආරක්ෂකයින් සාධාරණ නීතිවලට වඩා ඒකපාර්ශ්වික බලයට කැමති ය.

3. බ්‍රෙටන් වුඩ්ස් (Bretton Woods) සමුළුවෙන් නිර්මාණය කළ ආයතනවල අසාර්ථකත්වය

1944 බ්‍රෙටන් වුඩ්ස් සමුළුවේදී නිර්මාණය කරන ලද ප්‍රධාන ආයතන වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සහ ලෝක බැංකුව සැලසුම් කරන ලද්දේ 1930 දශකයේ පැවති විනාශකාරී "අසල්වැසියා හිඟමන් යැවීමේ" (beggar-thy-neighbor) ආර්ථික ප්‍රතිපත්ති කරා නැවත ගමන් කිරීම වැළැක්වීමටය. කෙසේ වෙතත්, ආරම්භයේ සිටම මෙම පද්ධතිය ගොඩනැගුණේ බරපතල අසමතුලිතතාවයක් මතය. බාහිර අසමබරතාවයන් ගලප්පා නිවැරදි කිරීමේ එහි මූලික යාන්ත්‍රණයන් අතිශයින්ම අසමාන වී ඇති  අතර, වෙනස් වීමේ සම්පූර්ණ බර හිඟ ආර්ථිකයක් සහිත (deficit) රටවල් මත පටවන අතරතුර වඩාත් බලවත් ජාතීන්ට ඉන් නිදහස් වීමට ඉඩ සලසා දී ඇත.

දශක ගණනාවකට පසුවත් මෙම ව්‍යුහාත්මක දෝෂයන් එලෙසම පවතී. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින්  ඇතැම් රටවල් දැඩි අරපිරිමැස්මෙන් යුත් ක්‍රියාමාර්ග හරහා වග වීමට බැඳ තබන අතරතුර, වඩාත් බලවත් සාමාජිකයින්ට ඉන් නිදහස් වීමට ඉඩ සලසයි. ලෝක බැංකුව නියෝජනය පිළිබඳ අර්බුදයකින් පීඩා විඳින අතර, එහි ඡන්ද බලය මගින් නැගී එන වෙළඳපොළවල් සහිත වර්තමාන ලෝකයේ ආර්ථික යථාර්ථය තවදුරටත් පිළිබිඹු නොකරයි. 2025 එක්සත් ජාතීන්ගේ වාර්තාවකට අනුව, ගෝලීය ජනගහනයෙන් 10% කටත් වඩා අඩු ප්‍රමාණයක් නියෝජනය කරන ඉහළ ආදායම් ලබන රටවල් කිහිපයක් මෙම ආයතනවල ඡන්ද බලයෙන් 40% කට වඩා පාලනය කරයි. එහි ප්‍රතිඵලයක් ලෙස සංවර්ධනය වෙමින් පවතින රටවලට තම සම්පත් දේශීය ආයෝජන සඳහා යොමු කරනවා වෙනුවට ණය ආපසු ගෙවීම සඳහා වෙන් කිරීමට බල කරමින්  මානව හිමිකම් සහ සමාජ සාධාරණත්වයට වඩා වෙළඳපොළ ලිහිල්කරණයට සහ මූල්‍ය විනයට ප්‍රතිපත්ති මගින් ප්‍රමුඛත්වය දී ඇත. 

බ්‍රෙටන් වුඩ්ස් සමුළුව විසින්  සැලසුම් කළ වෙළඳ මණ්ඩලයේ ආයතනික අනුප්‍රාප්තිකයා වන ලෝක වෙළඳ සංවිධානය (WTO) ද දැන් දැඩි පරිහානියකට ලක්ව ඇත. 2026 මාර්තු මාසයේ පැවති WTO හි 14 වන අමාත්‍ය මට්ටමේ සමුළුව ආරම්භ කරමින් අධ්‍යක්ෂ ජනරාල් න්ගොසි ඔකොන්ජ ඉවෙලා (Ngozi Okonjo Iweala) දැඩි අනතුරු ඇඟවීමක් කළාය: "අප දැන සිටි ලෝක අනුපිළිවෙල සහ බහුපාර්ශ්වික පද්ධතිය ආපසු හැරවිය නොහැකි ලෙස වෙනස් වී ඇත. එය අපට නැවත කිසිදා නොලැබෙනු ඇත." සංවිධානයේ අකර්මන්‍යතාවය විස්තර කරමින් ඇය මේ බව පැවසුවාය. එහි මූලික ආරවුල් විසඳීමේ යාන්ත්‍රණය වසර හයක් තිස්සේ ක්‍රියා විරහිතව පවතින බවත්, එහි සාමාජිකයින් 166 න් 102 දෙනෙකුම 2025 වසරේදී ඉදිරිපත් කළ යුතු සහනාධාර නිවේදන ඉදිරිපත් කිරීමට අපොහොසත් වී ඇති බව ඇය සඳහන් කළාය. මෙය අවිශ්වාසයේ "විෂම චක්‍රයකට" මග පාදා ඇත.

2025 IMF/ලෝක බැංකු වාර්ෂික රැස්වීම්වලදී 'බ්‍රෙටන් වුඩ්ස් ව්‍යාපෘතිය' (Bretton Woods Project) පිළිබඳව සඳහන් කළ පරිදි, ජාත්‍යන්තර මූල්‍ය පද්ධතිය දැන් පවතින්නේ "නීත්‍යානුකූලභාවය පිළිබඳව අර්බුදයක" ය. ප්‍රතිසංස්කරණ පිළිබඳ පොරොන්දු හිස් ප්‍රකාශ බවට පත්ව ඇති අතර, බහුපාර්ශ්වික සහයෝගීතාවයේ බිඳවැටීම තවදුරටත් දරුණු වෙමින් පවතී. බලවත් ජාතීන් දැන් දැන් මෙම අසාර්ථක ආයතන සම්පූර්ණයෙන්ම මග හරිමින් ඒකපාර්ශ්වික ක්‍රියාමාර්ග සහ වෙළඳ යුද්ධ වෙත යොමු වී සිටිති.

4. පීඩන කපාටයක් ලෙස යුද්ධය

යම්කිසි පද්ධතියකට නවෝත්පාදන හෝ සාධාරණ වෙළඳාම තුළින් වර්ධනය වීමට නොහැකි වූ විට, එය විනාශය සහ බලහත්කාරය දෙසට හැරේ. ඓතිහාසිකව බලන කල, දැවැන්ත මිලිටරි වියදම් කේන්සියානු උත්තේජකයක් (Keynesian stimulus) ලෙස ක්‍රියා කර ඇති අතර, එමගින් කර්මාන්ත නගා සිටුවීම සහ අතිරික්ත ප්‍රාග්ධනය අවශෝෂණය කර ගැනීම සිදු විය. එසේම යුද්ධ මගින් ශ්‍රමිකයන් පාලනය කිරීම, වැටුප් මර්දනය කිරීම සහ මහජන කෝපය බාහිර සතුරන් වෙත යොමු කිරීම ද සිදු කරයි.

2025 වසරේදී ගෝලීය යුද වියදම වාර්තාගත ඇ. ඩො. ට්‍රිලියන 2.63 දක්වා ඉහළ ගිය අතර, ට්‍රම්ප්ගේ 2026 අයවැය ප්‍රථම වතාවට ඇ.ඩො. ට්‍රිලියනය ඉක්මවනු ඇතැයි අපේක්ෂා කෙරේ. ප්‍රමුඛතා වෙනස් නොවන්නේ නම්, 2035 වන විට මෙම වියදම ඇ.ඩො. ට්‍රිලියන 6.6 දක්වා දෙගුණයකට වඩා වැඩි විය හැකි බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවයි. ආර්ථික විද්‍යාඥ ජෙෆ්රි සැක්ස් (Jeffrey Sachs) අනතුරු අඟවන්නේ ට්‍රම්ප්ගේ වෙළඳ යුද්ධ නිසා පමණක් ගෝලීය ධනයෙන් ඩොලර් ට්‍රිලියන 10 ක් අහිමි විය හැකි බවයි.

යුක්රේනයේ, ගාසා තීරයේ, සුඩානයේ පවතින වර්තමාන ගැටුම් හුදෙකලා සිදුවීම් නොවේ. ඒවා ආර්ථිකයන් හීන කරන අතරම අවසන් විනිශ්චය දිනය ප්‍රමාද කරන, නියෝජිතයන් හරහා සිදු කරන යුද්ධ (Proxy war) වේ. මූල්‍යමය යුද්ධ (සම්බාධක, වත්කම් අත්හිටුවීම) ඩොලරය මත යැපීම අවම කිරීම (de-dollarization) වේගවත් කරන අතර, එය නව ලිබරල් පර්යාය තවදුරටත් අස්ථාවර කරයි. 2031 වන විට එක්සත් ජනපද රජයේ ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) 140% ඉක්මවා යාම සහ විශාල ජංගම ගිණුම් හිඟය "දේශීය හා ගෝලීය අවිනිශ්චිතතාවයන්" නිර්මාණය කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) පෙන්වා දී ඇත.

5. අලුත් ගනුදෙනු  (NEW DEAL) පාඩම: සමාජවාදයෙන් ධනවාදයට ලැබුණු තෑග්ග

මහා ආර්ථික අවපාතය (Great Depression) ධනවාදය දණගැස්වූයේය. ප්‍රධාන ධාරාවේ ඉතිහාසය ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමේ ගෞරවය දෙවන ලෝක යුද්ධයට ලබා දුන්න ද, සැබෑ හැරවුම් ලක්ෂ්‍යය ඊට පෙර සිදු විය. 1930 දශකයේ මැද භාගයේදී ජනාධිපති ෆ්‍රැන්ක්ලින් ඩී. රූස්වෙල්ට්, 'ලයිසෙස්-ෆෙයාර්' (Laissez-faire) හෙවත් නිදහස් වෙළඳපොළ ප්‍රතිපත්තියෙන් තීරණාත්මක ලෙස බැහැර විය. ඔහු 1935-36 කාලයේ 'දෙවන අලුත් ගනුදෙනුව (Second New Deal) හරහා ශ්‍රමය සහ සමාජ සුභසාධනය සඳහා සමාජවාදී ආභාසය සහිත අදහස් ලබා ගත්තේය.

එහි ප්‍රධාන ව්‍යවස්ථාදායක කුළුණු වූයේ:

 * 1935 ජාතික කම්කරු සබඳතා පනත (Wagner Act): මෙමගින් ජාතික කම්කරු සබඳතා මණ්ඩලය (National Labour Relations Board) පිහිටුවන ලද අතර, සේවකයින්ට "ස්වයං-සංවිධානය වීමේ අයිතිය, කම්කරු සංවිධාන පිහිටුවීමට, ඒවාට බැඳීමට හෝ සහාය වීමට, තමන් කැමති නියෝජිතයන් හරහා සාමූහිකව කටයුතු කිරීමට සහ සාමූහික කේවල් කිරීම සඳහා ඒකාබද්ධ ක්‍රියාකාරකම්වල නියැලීමට" ඇති අයිතිය සහතික කරන ලදී.

 * 1935 සමාජ ආරක්ෂණ පනත (Social Security Act): මෙමගින් ෆෙඩරල් රජයේ  වැඩිහිටි ප්‍රතිලාභ, විරැකියා වන්දි සහ යැපෙන දරුවන් සඳහා ආධාර පද්ධතියක් නිර්මාණය කරන ලදී. මෙය ප්‍රථම වතාවට සියළුම ඇමරිකානුවන් සඳහා ආර්ථික "ආරක්ෂණ ජාලයක්" (Safety net) ස්ථාපිත කළේය.

 * වැඩ ප්‍රගති පරිපාලනය (WPA-Works Progress Administration) සහ අනෙකුත් පොදු වැඩසටහන් මගින් මිලියන සංඛ්‍යාත රැකියා අවස්ථා සැපයූ අතර ආර්ථිකයට අවශ්‍ය ඉල්ලුම එන්නත් කරන ලදී.

යුද්ධය නොව, මෙම ‘අලුත් ගනුදෙනු’ ආකෘතිය එක්සත් ජනපද ධනවාදය ස්ථාවර කළ අතර පශ්චාත් යුධ සමයේ සමෘද්ධිය සඳහා පදනම දැමුවේය. මහජන  ආයෝජන, කම්කරු අයිතිවාසිකම් සහ සමාජ සුභසාධනය තුළින් ෆැසිස්ට්වාදය හෝ ලෝක යුද්ධයකින් තොරව පද්ධතිමය අසාර්ථකත්වයන් නිවැරදි කළ හැකි බව එය ඔප්පු කළේය.

6. තෝරා නොගත් මාවත (සහ අපට එය නැවත අවශ්‍ය ඇයි)

1970 දශකයෙන් පසුව, නව ලිබරල්වාදය විසින් අලුත් ගනුදෙනු' (New Deal) රාමුව ක්‍රමානුකූලව බිඳ දමන ලදී. එහි ප්‍රතිඵලය වූයේ එම ව්‍යුහාත්මක අසාර්ථකත්වයන් කරා නැවත ගමන් කිරීමයි: එනම් ණය බර, අස්ථාවරත්වය සහ දැන් පවතින වෙළඳ යුද්ධයන් ය. මේ සඳහා වර්තමාන විකල්පයන් පවතී. ඒවා අතර පහළ මට්ටමේ සිට ක්‍රියාත්මක වන 'හරිත අලුත් ගනුදෙනු' (Green New Deal from Below), කම්කරු සමුපකාර සහ සමාජීය හා සහයෝගීතා ආර්ථිකය (Social and Solidarity Economy) ප්‍රධාන වේ. එසේම, දුප්පත් රටවල ණය සේවා ගෙවීම් ඔවුන්ගේ ආදායමෙන් 10% කට සීමා කිරීම සහ 'ගෝලීය ණය හුවමාරු මධ්‍යස්ථානයක්' (Global Debt Swaps Center) පිහිටුවීම වැනි යෝජනා ද මීට ඇතුළත් වේ.

රිචඩ් වුල්ෆ් (Richard Wolff) තර්ක කරන පරිදි, කොටස්  වශයෙන් සිදු කරන ප්‍රතිසංස්කරණ තවදුරටත් ප්‍රමාණවත් නොවනු ඇත. කම්කරු අයිතිය සහ සමුපකාර හරහා ආර්ථිකය ප්‍රජාතන්ත්‍රීකරණය කිරීම හරහා සැබෑ විකල්පයක් ඉදිරිපත් කරයි. ජෙෆ්රි සැක්ස් වඩාත් කල්පනාකාරීව පවසන්නේ, ග්‍රහණයට නතු වූ සහ හසුරුවනු ලබන පද්ධතියක් නිදහස් කර ගැනීම සඳහා "ආයතනිකත්වය/ආයතනිකවාදය" (Corporatocracy - මහා සමාගම් පාලනය) අවසන් කර "ප්‍රජාතන්ත්‍රවාදය නැවත ජනතාව අතට පත් කළ යුතු" බවයි.

පැහැදිලිවම පෙනෙන කරුණ නම්, ට්‍රම්ප්ගේ ආක්‍රමණය, ණය සර්පිලය සහ යුද්ධය දෙසට ඇදී යාම යනු එකිනෙකට සම්බන්ධ නැතිප් ගැටළු නොවන බවයි. ඒවා මිය යමින් පවතින පද්ධතියක රෝග ලක්ෂණ වේ. මෙම පද්ධතිය මීට පෙර එක් වතාවක් බේරා ගන්නා ලද්දේ සමාජවාදී අදහස්වලට සවන් දීමෙනි. දැන් පවතින ප්‍රශ්නය නම්, ප්‍රමාද වීමට පෙර අප නැවතත් ඒවාට සවන් දෙනවාද යන්නයි.

සම්බන්ධිත පුවත් | Related News

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.
ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.
භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.
යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ප්‍රධාන පුවත්

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.