බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යුසුෆ්ගෙන් සමාජ මාධ්‍යයට පගාවක්!.. (වීඩියෝ)
ජනාධිපති අනුර කුමාරගේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරික ගජ මිතුරකු වූ, බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යුසුෆ් ඊයේ රාත්‍රියේ දී මෙරට සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් රැසකට සුපිරි රාත්‍රී භෝජන සංග්‍රහයක් ලබා දී ඇති බවත්, එය සිදු කොට ඇත්තේ කොළඹ අමාරි සුඛෝපභෝගී හෝටලයේදී බවත් අන්තර්ජාල නාලිකාවක් ඔස්සේ කරුනු හෙළිකරයි.
මෙම රාත්‍රී භෝජන සාදයට ආණ්ඩුවට හිතවත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ට සේම විපක්ෂයට හිතවත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ට ද ආරාධනා පිරිනමා ඇති බවද මේ අවස්ථාවට පෞද්ගලිකවම සහභාගී වී ඇති බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා, ආණ්ඩුව දැන් ස්ථාවර බවත්, තමන් සිය ව්‍යාපාරික කටයුතු පවා අන් අයට පවරා මෙම කාර්යයට අවතීර්ණ වුණේ රට ගැන සිතා බවත් අවධාරණය කර ඇති බවත් සඳහන් ය.
වැඩිදුරටත් කරුණු පැහැදිලි කරමින්, ආණ්ඩුව අසාධාරණ ලෙස විවේචනය කරන විමල් වීරවංශ, වරුණ රාජපක්ෂ වැනි පුද්ගලයන් ඉලක්ක කොට ප්‍රබලව විවේචනය කළ යුතු බවත් ඔහු පෙන්වා දී ඇති බවද, එම දෙදෙනාට ආණ්ඩුව පැත්තෙන් ප්‍රහාරය එල්ල වන බැවින්, විපක්ෂයට බර සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් වෙතින් ඔහු ඉල්ලා ඇත්තේ එම දෙදෙනාට විපක්ෂයේ පැත්තෙන් ද ප්‍රහාරයක් එල්ල කරන ලෙස බවත් සඳහන්ය.
සියයකට අධික සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් පිරිසක් මීට සහභාගී වී සිට ඇත. මත්පැන් ඇතුළු බොහෝ දෙයින් සම්පූර්ණ වී තිබූ සාදය මධ්‍යම රාත්‍රිය ඉක්මවා යන තුරු ද පැවැත්වී ඇති අතර, සාදයෙන් නික්ම යන අවස්ථාවේදී සෑම සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකුටම “ලැප්ටොප්” බෑගයක් හා රුපියල් ලක්ෂයක් වටිනා තෑගි වවුචරයක් පිරිනමා ඇති බවත් සඳහන් ය.
මේ සම්බන්ධයෙන් තොරතුරු හෙළිකරන වීඩියෝව පහළින්..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා