News Category
From Date
To Date
Maximum Number of Result

කොළඹ දී පැවැත්වූ සඟ සමුළුව සම්බන්ධයෙන් අදහස් දක්වමන් අරුණළු ජනතා පෙරමුණේ නායක වෛද්‍ය ඒ.ආර්. ක්‍රිෂාන් මහතා පවසන්නේ වඩා වැදගත් වන්නේ එම සමුළුවට පැමිණි භික්ෂූන් වහන්සේලා ප්‍රමාණය නොව උන්වහන්සේලා ලබාදුන් පණිවුඩය බව යි.

කුප්පි ලාම්පුවක් දල්වාගෙන කෙසෙල්වත්ත, සාංචිආරච්චි වත්ත ප්‍රදේශයේ පාළුවට ගිය අඳුරු සහිත ගොඩනැගිල්ලක් තුළ අයිස් මත්ද්‍රව‍ය පානය කරමින් සිටි නීතිඥවරයෙකු කෙසෙල්වත්ත පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පෙබරවාරි 26 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.

නොරොච්චෝල ලක්විජය බලාගාරය සඳහා මෙරටට ගෙන්වන ලද මුල් ගල්අඟුරු නැව් හයේම අඩංගු ගල්අඟුරු, අනුමත ටෙන්ඩර් ප්‍රමිතීන්ට වඩා බෙහෙවින් පහත් මට්ටමක පවතින බව රසායනාගාර වාර්තා මගින් තහවුරු වී ඇතැයි බලශක්ති විශේෂඥ විදුර රලපනාව මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක රාජ්‍ය නොවන සංවිධාන (NGO) ඉතිහාසයේ දරුණුතම මූල්‍ය අර්බුදයකට මුහුණ දෙමින් සිටින බව සඳහන්.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය පුණ්‍ය ශ්‍රී කුමාර ජයකොඩි මහතා 2014- 15 සමයේදී ලංකා පොහොර සංස්ථාවේ හුණුපිටිය මධ්‍යම ගබඩා සංකීර්ණයේ කාපට් ඇතිරීමේ සිදුවීමකට සම්බන්ධව වංචාවක් සිදු කර ඇති බවට චෝදනා එල්ල වී වරදකරු බවට පත් වී ඇති බවට ඊයේ (20 ) දින පාර්ලිමේන්තුවේ චෝදනා එල්ල විය.

කොටි යුදමය වශයෙන් පරාජය කිරීමට යුද්ධය ආරම්භ කරන අවස්ථාව හෝ යුද්ධය නිමා කරන අවස්ථාව හෝ එවක යුද හමුදාපති සරත් ෆොන්සේකා දැන නොසිටි බවත් ඔහු රටේවත් නොසිටි බවත් හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

භික්ෂුත්වය, භික්ෂු ප්‍රතිරූපය බිඳවැට්ට වීම සඳහා ආණ්ඩුවේ පූර්ණ අනුග්‍රහය ඇතුව මෙහෙයුමක් දියත්කර ඇති බවත්, සුද්දාගේ කාලෙවත් භික්ෂූන් වහන්සේලාට මෙසේ ගැරහීම නොකළ බවත් ජානිපෙ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

මෙරටට ආනයනය කරන ලද බාල ගල්අඟුරු භාවිතයෙන් විදුලිය උත්පාදනය කිරීම හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලයට රුපියල් මිලියන 7,500 කට අධික සෘජු මූල්‍ය අලාභයක් සිදුව ඇති බව අනාවරණය වේ.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ගෝලීය ආනයන සඳහා 10%ක නව බද්දක් ප්‍රකාශයට පත්කර තිබේ.


දේශීය පුවත්

ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර, උන්වහන්සේ අයත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝ සභාව සමග සාකච්ඡාවක් සඳහා එක්වන්නැයි එම සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි ජනාධිපතිවරයාට ලිපියක් මගින් ඊයේ (09) දැනුම්දී තිබේ.

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

ලක්දිරිය ව්‍යවසායකත්ව අත්වැල යටතේ සබන් නිෂ්පාදන හා පාපිසි නිෂ්පාදන පුහුණු වැඩසටහන්..

ලක්දිරිය ව්‍යවසායකත්ව අත්වැල වැඩසටහන යටතේ ස්වයං රැකියා අවස්ථා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සබන් නිෂ්පාදනය සහ පාපිසි නිෂ්පාදනය පිළිබඳ පුහුණු වැඩසටහන් දෙකක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ඥානසාර හිමිගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්..

සිර දඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර බලධාරීන් ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු මහලේකම්වරිය වෙත..

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාව අද (09) පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය වෙත භාර දී තිබේ.

හිටපු ජනාධිපති ගෝඨාභයගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සමක් ප්‍රතික්ෂේප කිරීමට, අභියාචනාධිකරණය දුන් නියෝගයට එරෙහිව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

බාල ගල් අඟුරු නිසා පාඩුව බිලියන 15.7යි..- බලශක්ති ඇමති

මෑතකදී ආනයනය කරන ලද ප්‍රමිතියෙන් තොර බාල ගල්අඟුරු හේතුවෙන් රටට රුපියල් බිලියන 15.765 ක මුළු මූල්‍ය අලාභයක් සිදුව ඇති බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.

හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ තනතුරෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිසම තීරණය කරයි..

මොරටුව හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් සහ දිසා විනිසුරු තිලිණ ගමගේ මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර තිබේ.

මෙට්‍රෝ බස් රියේ ගැටුණු පෞද්ගලික බස් රථයට ධාවන තහනමක්..

අතුරුගිරිය නගරයේ 170 බස් නැවතුම්පොළ ඉදිරිපිටදී මෙට්‍රෝ වර්ගයේ බස් රථයක ගැටුණු පුද්ගලික බස් රථයට තාවකාලික ධාවන තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.