ජාතික කොඩියෙන් සිංහයා ඉවත් කරන්න යෝජනාවක්.. - ජ්යෙෂ්ඨ නීතිඥ කල්යානන්ද තිරාණගමගෙන් විශේෂ හෙළිදරව්වක්
ජාතික සංවිධාන එකමුතුව මඟින් පවත්වන ලද මාධ්ය හමුවකට එක්වෙමින් ජ්යෙෂ්ඨ නීතිඥ කල්යානන්ද තිරාණගම මහතා පවසන්නේ වර්තමාන රජය යටතේ මෙරට බුද්ධ ශාසනයට, ජාතික සංකේතවලට සහ ඓතිහාසික පුරාවස්තුවලට බරපතළ තර්ජන එල්ල වී ඇති බවය.
වර්තමාන පාලන සමය තුළ ජාතික උත්සවවලදී ජයමංගල ගාථා ගැයීම නතර කර ඇති බවත්, ජාතික කොඩියෙන් සිංහයා සහ රාජ්ය ලාංඡනයෙන් ධර්මචක්රය ඉවත් කිරීමට යෝජනා ඉදිරිපත් වී ඇති බවත් ඔහු පෙන්වා දෙයි.
එපමණක් නොව, උතුරු පළාතේ සංචාරය කළ අවස්ථාවකදී ජනාධිපතිවරයා විසින් යාපනය තිස්ස විහාරය වැඳීමට යාම ජනතාව අතර වෛරය පැතිරවීමක් ලෙස හැඳින්වීමද බෞද්ධ විරෝධී ක්රියාවක් ලෙස ඒ මහතා දැඩි ලෙස දෝෂදර්ශනයට ලක් කරයි.
විශේෂයෙන්ම, ඉන්දීය ආධාර යටතේ ක්රියාත්මක කිරීමට යෝජිත අනුරාධපුර පූජා නගර සංවර්ධන ව්යාපෘතිය හරහා මෙරට බෞද්ධ අනන්යතාවයට සහ ඓතිහාසික රුවන්වැලි සෑයට දැඩි හානි සිදුවිය හැකි බවටද මෙහිදී අනාවරණ විය.
බුද්ධගයාවේ පවතින බෝධිය සහ අනුරාධපුර ජය ශ්රී මහා බෝධිය අතර පවතින ඓතිහාසික හා ආගමික සුවිශේෂත්වය පෙන්වා දෙන නීතිඥවරයා, මෙවැනි ව්යාපෘති මඟින් ලෝකයේ වෙනත් කිසිදු තැනක නොමැති ලෙස බෞද්ධ උරුමයන් විනාශ වීමේ අවදානමක් ඇති බවට අවධාරණය කරයි.
මීට අමතරව, මෙරට ක්රියාත්මක කිරීමට සැරසෙන නව නීතිමය සංශෝධන සහ ත්රස්තවාදී නිවාරණ පනත් හරහා රජයේ ප්රතිපත්තිවලට එරෙහිව හඬ නඟන ජනතාව මර්දනය කිරීමට උත්සාහ දරන බවද ඒ මහතා පවසයි.
යම් විරෝධතාවකට සූදානම් වීම පවා බරපතළ වරදක් ලෙස සලකා දිගුකාලීන සිරදඬුවම් ලබා දීමට හැකි වන අයුරින් මෙම නීති සකස් කර ඇති බවත්, මේ හරහා පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් සහ විරෝධතා දැක්වීමේ අයිතිය දැඩි ලෙස කප්පාදු වන බවත් කල්යානන්ද තිරාණගම මහතා වැඩිදුරටත් පෙන්වා දී තිබේ.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න..
සම්බන්ධිත පුවත් | Related News
ප්රධාන පුවත්
මැදපෙරදිග බල තුලනය වෙනස් කරමින් සවුදිය චීනයේ සහාය පතයි.. - ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
එක්සත් රාජධානියේ නව රැකියා පහකින් හතරක්ම විදේශිකයන්ට – වාර්තාවක් පවසයි
ඉන්දීය දේශසීමා උපාය නිසා චීන–ඉන්දීය සබඳතා නැවතත් අර්බුදයකට.. ස්ථාන නාම වෙනස් කිරීමට චීනයෙන් දැඩි විරෝධයක්..
ජාතික කොඩියෙන් සිංහයා ඉවත් කරන්න යෝජනාවක්.. - ජ්යෙෂ්ඨ නීතිඥ කල්යානන්ද තිරාණගමගෙන් විශේෂ හෙළිදරව්වක්
ලාල් විජේනායක කමිටු වාර්තාවේ ව්යවස්ථා ප්රතිසංස්කරණ යෝජනා වර්තමාන ආණ්ඩුවේ ක්රියාමාර්ගවලින් තහවුරු වෙන්නේ මෙහෙමයි.. නිරාගමික රාජ්යයකට යන ගමන..
සිවුරට යුක්තිය - නිදහසේ පා ගමන අද කොළඹට..
ඉන්දියානු උවමනාවට රුවන්වැලි මහා සෑයට යකඩ වැටක්.. ජේතවනාරාමය අසල රාම කෝවිලක්.. - වෛද්ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක් (වීඩියෝ)
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහි පෙත්සම් විභාගයට විශේෂ ත්රිපුද්ගල විනිසුරු මඩුල්ලක්.. - කුරුන්දි ඇතුළු පුරාවිද්යා නඩු විභාගය ලබන වසරේ මාර්තු 24 ට
කන්නන්ගර මහතා නොසිටියා නම් අද ශ්රී ලංකාවේ අධ්යාපනය සිංහල නොවෙයි.. භාෂාවත් සිංහල නොවෙයි.. - ස්වභාෂා අධ්යාපනයට සිදුවූ දේ මහාචාර්ය පූජ්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි හෙළිකරති..
යුරෝපයේ මහා පරිමාණ සංක්රමණය: අනාගතයේ දැඩි ජනගහන අර්බුදයක්.. ස්වදේශික ජනතාව සුළුතරයක් වීමේ අවදානමක්..
මහ බැංකු මොනිටරින් බෝර්ඩ් එකේ මූල්ය සමාගම්වල පිල්ලි; සුජාතභාවය ගැන සැකයක්..
කතානායක ජගත් වික්රමරත්නට එරෙහි දෝෂාභියෝගයේ චෝදනා 50 එළියට.. ජනාධිපතිගේ රැකවරණයත් අහිමි වෙයි?
ප්රංශය ගිනිතියන ගැටවුන්ගේ අරගලය සහ ගෝලීය අර්බුදය.. - උවිඳු විජේවීරගෙන් අනාවරණයක්..
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය සහ කුරුන්දි ඇතුළු පුරාවිද්යා ස්ථාන සම්බන්ධ පෙත්සම් අද අභියාචනාධිකරණයේදී විභාගයට..
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම