ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහි පෙත්සම් විභාගයට විශේෂ ත්රිපුද්ගල විනිසුරු මඩුල්ලක්.. - කුරුන්දි ඇතුළු පුරාවිද්යා නඩු විභාගය ලබන වසරේ මාර්තු 24 ට
ගෞරවනීය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව ගොනු කර ඇති රිට් පෙත්සම් (writ application) විභාග කිරීම සඳහා විශේෂ ත්රිපුද්ගල විනිසුරු මඩුල්ලක් (division bench) පත් කිරීමටත්, පෙත්සම්වල ඇති ජාතික හා ආගමික වැදගත්කම (matter of national and religious interests) සලකා බලමින් ඒවා කඩිනමින් විභාග කිරීමටත් අභියාචනාධිකරණය තීන්දු කර තිබේ.
ගෞරවනීය පූජ්ය තීනියාවල පාලිත හිමි, පූජ්ය උලපනේ සුමංගල හිමි, මහාචාර්ය පූජ්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි, පූජ්ය අගලකඩ සිරිසුමන හිමි, පූජ්ය දඹර අමිල හිමි, පූජ්ය අඟුලුගල්ලේ ජිනානන්ද හිමි, බ්රිගේඩියර් (විශ්රාමික) අතුල හේමචන්ද්ර ද සිල්වා මහතා ඇතුළු පාර්ශ්වයන් විසින් ඉදිරිපත් කළ පෙත්සම් සියල්ල එක්ව විභාග කිරීම සහ මෙලෙස විශේෂ ත්රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කිරීම සිදුකරන ලද්දේ, පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥවරුන්ගේ සහ ජ්යෙෂ්ඨ නීතිඥවරුන්ගේ ඒකමතික ඉල්ලීම පරිදිය.
අභියාචනාධිකරණ ශාලා අංක 301 හිදී සභාපති විනිසුරු රොහන්ත අබේසූරිය සහ විනිසුරු ප්රියන්ත ප්රනාන්දු යන මහත්වරුන් ඉදිරියේ අදාළ පෙත්සම් සඳහා කරුණු දැක්වීම (support) සිදුකෙරිණි. එහිදී සභාපති විනිසුරු රොහන්ත අබේසූරිය මහතා මීට පෙර ඥානසාර හිමියන් සම්බන්ධ අධිකරණ ක්රියාමාර්ගයක නිරත වී ඇති බැවින්, ඒ මහතා අදාළ විනිසුරු මඩුල්ලෙන් ඉවත් වූ අතර, නව විශේෂ ත්රිපුද්ගල විනිසුරු මඩුල්ල ලෙස විනිසුරු අමල් රණරාජා, විනිසුරු ප්රියන්ත ප්රනාන්දු සහ විනිසුරු මහේන් ගොපල්ලව යන මහත්වරුන් එම අවස්ථාවේදීම නම් කෙරිණි.
ඒ අනුව, මෙම නඩුව නැවත කැඳවීම (mention) හෙට දින උදෑසන 9.00 ට අධිකරණ ශාලා අංක 110 හිදී සිදු කිරීමට නියමිත අතර, පෙත්සම් සම්බන්ධයෙන් කරුණු දැක්වීම 2026.10.21 වන දින උදෑසන 10.00 ට සිදු කිරීමට නියමිතය.
මෙම පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා, ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා, ජනාධිපති නීතිඥ අනුර මැද්දගොඩ, ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන, ජ්යෙෂ්ඨ නීතිඥ කනිෂ්ක විතාරණ, ජ්යෙෂ්ඨ නීතිඥ ප්රසන්න ගුණතිලක, ජ්යෙෂ්ඨ නීතිඥ භූපති කහතුඩුව යන මහත්වරුන් ඇතුළු නීතිඥ මඩුල්ලක් පෙනී සිටින ලදී.
පුරාවිද්යා සම්බන්ධ පෙත්සම් විභාගය කල් යයි
මේ අතර, පුරාවිද්යා ස්මාරක සහ රක්ෂිත ගැසට් කිරීමට ප්රථම කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යුතු බවට හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා දුන් නියෝගයට එරෙහිව පැවරූ පෙත්සම (CA Writ 86/2023) ද, එවකට ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විසින් කුරුන්දි රක්ෂිතයේ ඉඩම් ප්රමාණය අඩු කිරීමට, නැගෙනහිර ජාතික උරුම කාර්ය සාධක බලකාය මගින් පුරාවිද්යා දෙපාර්තමේන්තුව හරහා ස්ථාපනය කර තිබූ මායිම් ගල් ඉවත් කිරීමට සහ තිරියාය ගිරිහඬු සෑයට වෙන්කර ඇති ඉඩම අඩු කිරීමට ලබාදුන් නියෝගවලට එරෙහිව ගොනුකළ පෙත්සම් (CA Writ 367/23, CA Writ 410/23, CA Writ 419/23) ද විභාගයට ගැනීමට නියමිතව තිබුණි.
තවද, කුරුන්දි විහාරය සම්බන්ධයෙන් මුලතිව් මහෙස්ත්රාත්වරයා ලබාදුන් නියෝග බලරහිත කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ පෙත්සම් ද (CA Writ 482/2023, CA Writ 474/2023, CA Writ 528/2023) මෙහිදී සලකා බලන ලදී.
කෙසේ වෙතත්, නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ අසාද් නවාවි මහතාගේ පුද්ගලික අපහසුතාවයක් හේතුවෙන් මෙම සියලු පුරාවිද්යාත්මක පෙත්සම් සඳහා කරුණු දැක්වීම (support) 2027.03.24 වන දින දක්වා කල් තබන ලදී.
මෙම පුරාවිද්යා සම්බන්ධ පෙත්සම්වල පෙත්සම්කරුවන් ලෙස ගෞරවනීය පූජ්ය ගල්ගමුවේ ශාන්තබෝධි හිමි, ගෞරවනීය පූජ්ය කණුපැලැල්ලේ අනුරුද්ධ හිමි, ලුතිතන් ජෙනරාල් (විශ්රාමික) ජගත් ඩයස් මහතා, බ්රිගේඩියර් (විශ්රාමික) අතුල හේමචන්ද්ර ද සිල්වා මහතා, කොමදෝරු (විශ්රාමික) ඉසිර කාසියවත්ත මහතා, තිලක් කරුණාරත්න මහතා, මතුගම සෙනෙවිරුවන් මහතා, අභාවප්රාප්ත ඒ. ආරියදාස මහතා, ජනක බෝධිනන්ද මහතා, ජගත් සුමතිපාල මහතා, පානි වෑවල මහතා ඇතුළු බෞද්ධාලෝක පදනම කටයුතු කරයි.
මෙම නඩු කටයුතු සඳහා ද ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා සහ ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා ප්රධාන නීතිඥ මඩුල්ලක් පෙනී සිටී.
සම්බන්ධිත පුවත් | Related News
ප්රධාන පුවත්
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහි පෙත්සම් විභාගයට විශේෂ ත්රිපුද්ගල විනිසුරු මඩුල්ලක්.. - කුරුන්දි ඇතුළු පුරාවිද්යා නඩු විභාගය ලබන වසරේ මාර්තු 24 ට
කන්නන්ගර මහතා නොසිටියා නම් අද ශ්රී ලංකාවේ අධ්යාපනය සිංහල නොවෙයි.. භාෂාවත් සිංහල නොවෙයි.. - ස්වභාෂා අධ්යාපනයට සිදුවූ දේ මහාචාර්ය පූජ්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි හෙළිකරති..
යුරෝපයේ මහා පරිමාණ සංක්රමණය: අනාගතයේ දැඩි ජනගහන අර්බුදයක්.. ස්වදේශික ජනතාව සුළුතරයක් වීමේ අවදානමක්..
මහ බැංකු මොනිටරින් බෝර්ඩ් එකේ මූල්ය සමාගම්වල පිල්ලි; සුජාතභාවය ගැන සැකයක්..
කතානායක ජගත් වික්රමරත්නට එරෙහි දෝෂාභියෝගයේ චෝදනා 50 එළියට.. ජනාධිපතිගේ රැකවරණයත් අහිමි වෙයි?
ප්රංශය ගිනිතියන ගැටවුන්ගේ අරගලය සහ ගෝලීය අර්බුදය.. - උවිඳු විජේවීරගෙන් අනාවරණයක්..
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය සහ කුරුන්දි ඇතුළු පුරාවිද්යා ස්ථාන සම්බන්ධ පෙත්සම් අද අභියාචනාධිකරණයේදී විභාගයට..
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්රම ව්යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති