කන්තලේ සතිපට්ඨාන භාවනා මධ්යස්ථානයේ බුදු පිළිමය ඉදිකිරීම තහනම් කරයි..
රුපියල් කෝටියකට ආසන්න මුදලක් වැය කරමින් ඉදිකිරීමට සැලසුම් කර තිබූ අඩි 20ක් පමණ උසැති බුදු පිළිම වහන්සේගේ ඉදිකිරීම් කටයුතු වන සංරක්ෂණ නිලධාරීන් විසින් නතර කරනු ලැබීම හේතුවෙන් තමන් වහන්සේ ඇතුළු දායක පිරිස දැඩි කනස්සල්ලට පත්ව සිටින බව කන්තලේ සතිපට්ඨාන භාවනා මධ්යස්ථානයේ (කන්දේ පන්සල) විහාරාධිපති පූජ්ය තලාවේ ඥානරතන හිමියෝ පවසති.
1972 වර්ෂයේදී ආරම්භ කර ඇති මෙම විහාරස්ථානයේ බුදු පිළිම වහන්සේ ඉදිකිරීමේ කටයුතු මීට මාසයකට පමණ පෙර ආරම්භ කර තිබේ.
ප්රදේශයේ දානපති ව්යාපාරිකයකුගේ මූලික දායකත්වය මත දායක දායිකාවන්ගේ ආධාර සහ ශ්රම දායකත්වයෙන් මෙම ඉදිකිරීම් කටයුතු ආරම්භ කළ බව විහාරාධිපති හිමියෝ සඳහන් කරති.එහෙත් බුදු පිළිම වහන්සේ ඉදිකිරීම සඳහා අත්තිවාරම සහ ආසනය සකස් කිරීමේ කටයුතු අවසන් වූ පසු කන්තලේ වන සංරක්ෂණ කාර්යාලයේ නිලධාරීන් පැමිණ ඉදිකිරීම් නතර කරන ලෙස දැනුම් දුන් බව උන්වහන්සේ පවසති.
විහාරස්ථානය සම්බන්ධයෙන් පවතින ඉඩම් ගැටලුවද මෙම තත්ත්වයට බලපා ඇති බව පෙන්වා දෙන ඥානරතන හිමියෝ, දැනට තමන් වහන්සේලා සතුව ඇත්තේ බුද්ධ ශාසන අමාත්යාංශයෙන් නිකුත් කර ඇති බලපත්රයක් පමණක් බව පවසති.
පසුගිය රජය සමයේ මිනින්දෝරු දෙපාර්තමේන්තුව මගින් අක්කර හතරහමාරක පමණ භූමි ප්රමාණයක් මැන වෙන් කර දී තිබුණද, ඒ සඳහා මෙතෙක් ඔප්පුවක් ලබාදී නොමැති බවද උන්වහන්සේ සඳහන් කරති.
මේ පිළිබඳව කන්තලේ ප්රාදේශීය ලේකම්වරිය දැනුවත් කර ඇති අතර, ඇය ඒ සම්බන්ධයෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමසා ඇති බවද උන්වහන්සේ පැවසූහ. මේ අතර, බුදු පිළිම වහන්සේගේ ඉදිකිරීම් නතර කිරීම සම්බන්ධයෙන් කන්තලේ අඩවි වන ආරක්ෂක නිලධාරී සමරකෝන් ගෙන් විමසීමේදී ඔහු සඳහන් කළේ, කන්තලේ රක්ෂිතය 1902 වර්ෂයේදී ගැසට් මගින් ප්රකාශයට පත් කර ඇති ප්රදේශයක් බවයි.
මේ වන විට එම ප්රදේශය තුළ ජනතාව පදිංචිව සිටින අතර ආගමික ස්ථානද ඉදිකර ඇති බව ඔහු පැවසීය.කෙසේ වෙතත්, අලුතින් බුදු පිළිමයක් ඉදිකිරීමේ කටයුතු නතර කිරීමට පියවර ගත්තේ මහජනතාවගෙන් පැමිණිල්ලක් ලැබීමට පෙර ගත් ක්රියාමාර්ගයක් ලෙස බව අඩවි වන ආරක්ෂක නිලධාරීවරයා සඳහන් කළේය.
විහාරස්ථානය සඳහා නීත්යානුකූල බලපත්රයක් ලබාගෙන ඉදිකිරීම් ආරම්භ කරන ලෙස විහාරාධිපති හිමියන් දැනුවත් කළ බවද ඔහු පැවසීය. 2020 වර්ෂයේදීද විහාරස්ථානය සඳහා නීත්යානුකූල බලපත්රයක් ලබාගැනීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට සහ ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවට ඉල්ලීම් ඉදිරිපත් කර ඇති නමුත්, මේ දක්වා අදාළ භූමිය සඳහා නීත්යානුකූල බලපත්රයක් ලැබී නොමැති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
- මහින්ද සේනාරත්න / කන්තලේ
සම්බන්ධිත පුවත් | Related News
ප්රධාන පුවත්
මැදපෙරදිග බල තුලනය වෙනස් කරමින් සවුදිය චීනයේ සහාය පතයි.. - ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
එක්සත් රාජධානියේ නව රැකියා පහකින් හතරක්ම විදේශිකයන්ට – වාර්තාවක් පවසයි
ඉන්දීය දේශසීමා උපාය නිසා චීන–ඉන්දීය සබඳතා නැවතත් අර්බුදයකට.. ස්ථාන නාම වෙනස් කිරීමට චීනයෙන් දැඩි විරෝධයක්..
ජාතික කොඩියෙන් සිංහයා ඉවත් කරන්න යෝජනාවක්.. - ජ්යෙෂ්ඨ නීතිඥ කල්යානන්ද තිරාණගමගෙන් විශේෂ හෙළිදරව්වක්
ලාල් විජේනායක කමිටු වාර්තාවේ ව්යවස්ථා ප්රතිසංස්කරණ යෝජනා වර්තමාන ආණ්ඩුවේ ක්රියාමාර්ගවලින් තහවුරු වෙන්නේ මෙහෙමයි.. නිරාගමික රාජ්යයකට යන ගමන..
සිවුරට යුක්තිය - නිදහසේ පා ගමන අද කොළඹට..
ඉන්දියානු උවමනාවට රුවන්වැලි මහා සෑයට යකඩ වැටක්.. ජේතවනාරාමය අසල රාම කෝවිලක්.. - වෛද්ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක් (වීඩියෝ)
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහි පෙත්සම් විභාගයට විශේෂ ත්රිපුද්ගල විනිසුරු මඩුල්ලක්.. - කුරුන්දි ඇතුළු පුරාවිද්යා නඩු විභාගය ලබන වසරේ මාර්තු 24 ට
කන්නන්ගර මහතා නොසිටියා නම් අද ශ්රී ලංකාවේ අධ්යාපනය සිංහල නොවෙයි.. භාෂාවත් සිංහල නොවෙයි.. - ස්වභාෂා අධ්යාපනයට සිදුවූ දේ මහාචාර්ය පූජ්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි හෙළිකරති..
යුරෝපයේ මහා පරිමාණ සංක්රමණය: අනාගතයේ දැඩි ජනගහන අර්බුදයක්.. ස්වදේශික ජනතාව සුළුතරයක් වීමේ අවදානමක්..
මහ බැංකු මොනිටරින් බෝර්ඩ් එකේ මූල්ය සමාගම්වල පිල්ලි; සුජාතභාවය ගැන සැකයක්..
කතානායක ජගත් වික්රමරත්නට එරෙහි දෝෂාභියෝගයේ චෝදනා 50 එළියට.. ජනාධිපතිගේ රැකවරණයත් අහිමි වෙයි?
ප්රංශය ගිනිතියන ගැටවුන්ගේ අරගලය සහ ගෝලීය අර්බුදය.. - උවිඳු විජේවීරගෙන් අනාවරණයක්..
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය සහ කුරුන්දි ඇතුළු පුරාවිද්යා ස්ථාන සම්බන්ධ පෙත්සම් අද අභියාචනාධිකරණයේදී විභාගයට..
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම