ප්රංශය ගිනිතියන ගැටවුන්ගේ අරගලය සහ ගෝලීය අර්බුදය.. - උවිඳු විජේවීරගෙන් අනාවරණයක්..
ප්රංශය මේ වන විට ගිනියම් කරමින් පවතින පාසල් සිසුන්ගේ සහ තරුණයන්ගේ වීදි සටන් පිටුපස ඇත්තේ හුදු අධ්යාපන ගැටලු පමණක් නොව, සමස්ත යුරෝපීය බිඳවැටීම සහ ගෝලීය බලය වෙනස් වීමේ ක්රියාවලියක් බව දෙවන පරපුර දේශපාලන පක්ෂයේ නායක උවිඳු විජේවීර පෙන්වා දෙයි.
Divaina Online නාලිකාවේ ගෝලීය දේශපාලනය පිළිබඳ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.
ඔහුගේ විග්රහයට අනුව, ප්රංශයේ වයස අවුරුදු 15ත් 18ත් අතර පාසල් සිසුන් පාරට බැස ඇත්තේ දීර්ඝ කාලයක් තිස්සේ පොදු අධ්යාපන පද්ධතියට ප්රමාණවත් ප්රතිපාදන නොලැබීම හේතුවෙන් පාසල් ගොඩනැගිලි නඩත්තු නොවීම, සීත හා උණුසුම් කාලගුණ පාලන පද්ධති නිසි පරිදි ක්රියාත්මක නොවීම සහ ගුරු හිඟය වැනි බරපතල අර්බුද නිසාය.
පෞද්ගලික පාසල් පද්ධතියට ඉහළ සම්පත් ලැබෙන අතර විශ්වවිද්යාල ප්රවේශයන් බහුල වශයෙන් ලැබෙන්නේද එම ආයතන හරහා වීම නිසා, පොදු අධ්යාපනය ලබන සාමාන්ය සිසුන්ට සහ තරුණන්ට අනාගතයක් නැති වී ඇති බවට විරෝධතාකරුවන් චෝදනා කරන බව ඔහු සඳහන් කරයි.
මේ වන විට පුද්ගලයන් 6,800කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති අතර, එයින් 185ක්ම වයස අවුරුදු 18ට අඩු අය වීමෙන් මෙම අරගලයේ බරපතලකම මනාව පැහැදිලි වන බව ඔහු පෙන්වා දෙයි.
ප්රංශ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා විශේෂ ප්රකාශ සිදු කරමින් මෙම අරගලය මර්දනය කිරීමට උත්සාහ කළද, එයින් තවදුරටත් සිසුන් සහ ජනකායන් අරගලයට එකතු වීම තීව්ර වී ඇති බව ඔහු වැඩිදුරටත් පවසයි.
මෙම තත්ත්වය තවදුරටත් විග්රහ කරන උවිඳු විජේවීර, මෙම විරෝධතා හුදෙක් ප්රංශයට පමණක් සීමා වූවක් නොවන බව අවධාරණය කරයි.
යුක්රේන-රුසියානු යුද්ධය හේතුවෙන් යුරෝපයට දැවැන්ත බලශක්ති අර්බුදයක් සහ ආර්ථික පීඩනයක් ඇති වී තිබෙන බවත්, රජයන්ට පොදු සේවා සහ අධ්යාපනයට කරන වියදම් කප්පාදු කිරීමට සිදුව ඇත්තේ මේ නිසා බවත් ඔහු පෙන්වා දෙයි.
මීට අමතරව, අප්රිකානු රටවල ප්රංශ ආධිපත්යය ක්රමයෙන් ගිලිහී යෑම සහ ගෝලීය බලය චීනය ඇතුළු දෙසට නැඹුරු වීමත් සමඟ, පැරණි අධිරාජ්යවාදී ක්රමය කඩා වැටෙමින් තිබෙන බව ඔහු පෙන්වා දෙයි. ඒ අනුව, ප්රංශයේ ඇති වී තිබෙන මෙම සිසු අරගලය යනු හුදු ශිෂ්ය සටනක් නොව, සමස්ත යුරෝපයේ බිඳවැටීම සහ ගෝලීය බලය උතුරෙන් දකුණට මාරු වීමේ ක්රියාවලියේ එක් ප්රතිඵලයක් බව උවිඳු විජේවීර පවසයි.
වීඩියෝව නරඹන්න..
සම්බන්ධිත පුවත් | Related News
ප්රධාන පුවත්
ප්රංශය ගිනිතියන ගැටවුන්ගේ අරගලය සහ ගෝලීය අර්බුදය.. - උවිඳු විජේවීරගෙන් අනාවරණයක්..
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය සහ කුරුන්දි ඇතුළු පුරාවිද්යා ස්ථාන සම්බන්ධ පෙත්සම් අද අභියාචනාධිකරණයේදී විභාගයට..
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්රම ව්යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්රවාහන කේන්ද්රස්ථානයක් බවට..
ට්රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්රේනය බලශක්ති ප්රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්රම්ප්