මුස්ලිම් සෞඛ්ය සේවිකාවන්ට ආගමික ඇඳුම් ඇඳීමට ඉඩ දෙන්නැයි නිර්දේශ..
මුස්ලිම් ජාතික කාන්තා සෞඛ්ය සේවිකාවන් සඳහා නිල ඇඳුමට අමතරව ආගමික සම්ප්රදායන්ට අනුකූලව ඇඳුම් ඇඳීමට ඉඩසලසමින් නව චක්රලේඛයක් නිකුත් කරන ලෙස ශ්රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව රාජ්ය පරිපාලන අමාත්යාංශය වෙත නිර්දේශ කර ඇත.
කල්මුණේ උතුර, මූලික රෝහලේ හෙද නිලධාරීන් හයදෙනකු සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් පිළිබඳව සිදුකළ මානව හිමිකම් කොමිෂන් සභා පරීක්ෂණයකින් පසුව මෙම නිර්දේශය ඉදිරිපත් කළ බව එම කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතා පැවසීය.
එහිදී මුස්ලිම් ජාතික කාන්තා සෞඛ්ය සේවිකාවන් හයදෙනා තමන්ට නියමිත නිල ඇඳුමට අමතරව හිස් ආවරණ (හිජාබ්) මුහුණ පෙනෙනසේ ඇඳීම, දිගු අත් සහිත ඇඳුම් සහ කලිසම ඇඳීම රෝහල් බලධාරීන් විසින් වළක්වා ඇති බවට ඔවුන් විසින් පැමිණිලි කර ඇත.
කොමිෂන් සභාව සිදුකළ විමර්ශනයේදී එම කලාපයේ පිහිටි අනෙකුත් රජයේ රෝහල්වල මෙවැනි ආගමික ඇඳුම් සඳහා ඉඩ ලබාදී තිබෙන බවත් එමගින් ඇඳුම් පාලන නීති එකිනෙකට පරස්පර ලෙස ක්රියාත්මක කිරීම පිළිබඳ ගැටලු මතුවන බවත් කොමිෂන් සභාව පෙන්වා දී ඇත.
කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශ ක්රියාත්මක කිරීම පිළිබඳව වාර්තාවක් 2026 නොවැම්බර් 11 වැනිදාට පෙර ලබාදෙන ලෙසද කොමිෂන් සභාව රාජ්ය පරිපාලන අමාත්යාංශයට නියම කළේය.
- චමින්ද සිල්වා
සම්බන්ධිත පුවත් | Related News
ප්රධාන පුවත්
මැදපෙරදිග බල තුලනය වෙනස් කරමින් සවුදිය චීනයේ සහාය පතයි.. - ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
එක්සත් රාජධානියේ නව රැකියා පහකින් හතරක්ම විදේශිකයන්ට – වාර්තාවක් පවසයි
ඉන්දීය දේශසීමා උපාය නිසා චීන–ඉන්දීය සබඳතා නැවතත් අර්බුදයකට.. ස්ථාන නාම වෙනස් කිරීමට චීනයෙන් දැඩි විරෝධයක්..
ජාතික කොඩියෙන් සිංහයා ඉවත් කරන්න යෝජනාවක්.. - ජ්යෙෂ්ඨ නීතිඥ කල්යානන්ද තිරාණගමගෙන් විශේෂ හෙළිදරව්වක්
ලාල් විජේනායක කමිටු වාර්තාවේ ව්යවස්ථා ප්රතිසංස්කරණ යෝජනා වර්තමාන ආණ්ඩුවේ ක්රියාමාර්ගවලින් තහවුරු වෙන්නේ මෙහෙමයි.. නිරාගමික රාජ්යයකට යන ගමන..
සිවුරට යුක්තිය - නිදහසේ පා ගමන අද කොළඹට..
ඉන්දියානු උවමනාවට රුවන්වැලි මහා සෑයට යකඩ වැටක්.. ජේතවනාරාමය අසල රාම කෝවිලක්.. - වෛද්ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක් (වීඩියෝ)
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහි පෙත්සම් විභාගයට විශේෂ ත්රිපුද්ගල විනිසුරු මඩුල්ලක්.. - කුරුන්දි ඇතුළු පුරාවිද්යා නඩු විභාගය ලබන වසරේ මාර්තු 24 ට
කන්නන්ගර මහතා නොසිටියා නම් අද ශ්රී ලංකාවේ අධ්යාපනය සිංහල නොවෙයි.. භාෂාවත් සිංහල නොවෙයි.. - ස්වභාෂා අධ්යාපනයට සිදුවූ දේ මහාචාර්ය පූජ්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි හෙළිකරති..
යුරෝපයේ මහා පරිමාණ සංක්රමණය: අනාගතයේ දැඩි ජනගහන අර්බුදයක්.. ස්වදේශික ජනතාව සුළුතරයක් වීමේ අවදානමක්..
මහ බැංකු මොනිටරින් බෝර්ඩ් එකේ මූල්ය සමාගම්වල පිල්ලි; සුජාතභාවය ගැන සැකයක්..
කතානායක ජගත් වික්රමරත්නට එරෙහි දෝෂාභියෝගයේ චෝදනා 50 එළියට.. ජනාධිපතිගේ රැකවරණයත් අහිමි වෙයි?
ප්රංශය ගිනිතියන ගැටවුන්ගේ අරගලය සහ ගෝලීය අර්බුදය.. - උවිඳු විජේවීරගෙන් අනාවරණයක්..
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය සහ කුරුන්දි ඇතුළු පුරාවිද්යා ස්ථාන සම්බන්ධ පෙත්සම් අද අභියාචනාධිකරණයේදී විභාගයට..
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම