News Category
From Date
To Date
Maximum Number of Result

මහ බැංකු මොනිටරින් බෝර්ඩ් එකේ මූල්‍ය සමාගම්වල පිල්ලි; සුජාතභාවය ගැන සැකයක්..

Oct 14, 2026 at 09:27 AM
|

මෑතකදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගිණුම් අත්හිටුවා ඇති (freezed) වගා සමාගම්වල හිමිකාරීත්වයන් විසින් මහ බැංකුවේ නියාමන කමිටුවල සාමාජිකයින් සම්බන්ධයෙන් මේ දිනවල බරපතළ චෝදනා එල්ල කරමින් සිටී.

ඔවුන් පෙන්වා දෙන්නේ මහ බැංකුවේ ඉහළම පාලක මණ්ඩලවල සිටින්නන් වෙනත් දැවැන්ත මූල්‍ය සහ ව්‍යාපාරික සමාගම්වල උපදේශකයින් හා අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කරන පුද්ගලයින් බවයි. 

එනිසාම එම ව්‍යාපාරික සමාගම්වලට වාසිදායක වන ආකාරයට ඔවුන් යම් යම් තීන්දු තීරණ ගන්නා බවට චෝදනා කරයි.

2023 අංක 16 දරන නව ශ්‍රී ලංකා මහ බැංකු පනතට අනුව, මහ බැංකුවේ පරිපාලනය සහ ප්‍රතිපත්ති තීරණය කිරීම ප්‍රධාන මණ්ඩල දෙකක් හරහා සිදු වේ. 

ඒ මහ බැංකුවේ පරිපාලනය සහ සාමාන්‍ය ප්‍රතිපත්ති තීරණය කරන ‘පාලක මණ්ඩලය’ (Governing Board – GB) සහ පොළී අනුපාත ඇතුළු මුදල් ප්‍රතිපත්ති තීරණය කරන ‘මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය’ (Monetary Policy Board – MPB) ය.

මෙම පාලක මණ්ඩලය (GB) සාමාජිකයින් හත් දෙනෙකුගෙන් (7) සමන්විත වන අතර, එහි රජය නියෝජනය කරන එකම පූර්ණකාලීන නිලධාරියා වන්නේ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා (සභාපති) පමණි. 

ඉතිරි සාමාජිකයින් හය (6) දෙනාම බාහිරින් පත්කළ අය වන අතර, ඔවුන් බහුජාතික සමාගම්වල අධ්‍යක්ෂවරුන් සහ ජාත්‍යන්තර ආයතනවල උපදේශකයින් ය. 

වඩාත් විශේෂිත කරුණ වන්නේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ (MPB) තීරණ ගැනීමේ ක්‍රියාවලියට ද මෙම පාලක මණ්ඩලයේ සාමාජිකයින් හය දෙනාම ඍජුවම ඇතුළත් වීමයි. 

පහත දැක්වෙන්නේ ඔවුන් සහ ඔවුන් නියෝජනය කරන සමාගම් ජාලයයි.

• නිහාල් ෆොන්සේකා – 

Brandix Lanka Ltd., Phoenix Industries Ltd, Phoenix Ventures Ltd, Mobitel (Pvt) Ltd., සහ Sri Lanka Telecom PLC යන සමාගම්වල අධ්‍යක්ෂවරයෙකි.

• ආචාර්ය රවී රත්නායක – 

මහ බැංකුව විසින් ප්‍රතිව්‍යුහගතකරණයට ලක් කළ පසු බංකොලොත් වූ ආන්දෝලනාත්මක Kanrich Finance Ltd හි හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සභාපතිවරයා ය. මීට අමතරව ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, සහ USAID වැනි ආයතන සඳහා උපදේශකත්වය සපයයි.

• අනුෂ්ක විජේසිංහ –

ධම්මික පෙරේරාට අයත් Hayleys Fibre PLC සහ Fairfirst Insurance Ltd යන සමාගම්වල අධ්‍යක්ෂවරයෙකි.

• විෂ් ගෝවින්දසාමි – 

කෘෂි ව්‍යාපාර රැසක් හිමි Sunshine Holdings PLC හි අධ්‍යක්ෂවරයෙකි. ඊට අමතරව Colombo Dockyard PLC, Mazagon Dock Shipbuilders Ltd (India), Dialog Axiata PLC, Softlogic Life Insurance PLC, United Motors Lanka PLC, TAL Lanka Hotels PLC / Taj වැනි බහුජාතික සමාගම් රැසක අධ්‍යක්ෂවරයෙකි. තවද, ඔහු ආයෝජන මණ්ඩලයේ (BOI) ද අධ්‍යක්ෂවරයෙකු ලෙස පත්කර තිබේ.

• මනිල් ජයසිංහ – 

කෘෂි ව්‍යාපාර, සුපිරි වෙළඳසැල් ජාල, හෝටල් සහ මහල් නිවාස ව්‍යාපාරවල නියුතු බහුජාතික සමාගමක් වන John Keells Holdings PLC ඇතුළුව DIMO PLC, C.W. Mackie PLC, Lanka IOC PLC, Vallibel One PLC, Ceylon Hospitals PLC (Durdans), Royal Ceramics Lanka PLC, Lanka Milk Foods (CWE) PLC, සහ Lanka Dairies (Pvt) Ltd යන සමාගම් රැසක අධ්‍යක්ෂවරයෙකි.

• මෛත්‍රී එවාන් වික්‍රමසිංහ – 

Convenience Foods Lanka PLC සමාගමේ අධ්‍යක්ෂවරයෙකි.

මෙවැනි පසුබිමක් තුළ, පෞද්ගලික ව්‍යාපාරික ආයතනවල අධ්‍යක්ෂ ධුර දරන පුද්ගලයින් මහ බැංකුවේ ප්‍රතිපත්ති සම්පාදනයට සෘජුවම දායක වීම මහ බැංකුවේ ස්වාධීනත්වයට තර්ජනයක් ද යන ප්‍රශ්නයක් බව වගා ආයෝජන ලබාගත් සමාගම් චෝදනා කරයි.

බැලූ බැල්මට ද මේ තත්ත්වය “ලාභ පරස්පරතාවයක්” (Conflict of Interest) නිර්මාණය වීමේ අවදානමක් ඇති කරන බව මධයස්ථ ආර්ථික විශ්ලේෂකයන්ගේ මතය වේ.

කෙසේවුවද, කෘෂි ව්‍යාපාර පවත්වාගෙන යන සමාගම්වල අධ්‍යක්ෂවරුන් ද මෙහි සිටීමත් ඔවුන් පෙන්වන්නේ මධ්‍යස්ථ නොවන තත්ත්වයක් බවයි.

කෙසේ වෙතත්, නව මහ බැංකු පනත හරහා මෙවැනි බලපෑම් වැළැක්වීමට සහ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට විශේෂ නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බව මහ බැංකුව පෙන්වා දෙයි. 

ඒ අනුව මහ බැංකුවෙන් සෘජුව නියාමනය වන බලපත්‍රලාභී වාණිජ බැංකු හෝ මුදල් සමාගම්වල තනතුරු දැරීම මෙම කමිටු සාමාජිකයින්ට නීතියෙන් තහනම් කර ඇත.

දැඩි නුසුදුසුකම් සහ නීති: 

පාලක මණ්ඩලයට (GB) හෝ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයට (MPB) පත් කරනු ලබන බාහිර සාමාජිකයින් කිසිදු වාණිජ බැංකුවක හෝ මහ බැංකුව මගින් නියාමනය කරනු ලබන මූල්‍ය ආයතනයක තනතුරු දැරීම පනතින් දැඩිව තහනම් කර ඇත. 

(මෙම සාමාජිකයින් බැංකු නොවන වෙනත් බහුජාතික සමාගම් නියෝජනය කරන්නේ එබැවිනි).

තීරණ ගැනීමේ තාක්ෂණික ක්‍රියාවලිය:

මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයට (MPB) අවසන් තීරණ ගැනීමට පෙර, ඊට අවශ්‍ය තාක්ෂණික විශ්ලේෂණ සහ නිර්දේශ ලබා දෙන්නේ මහ බැංකුවේ පූර්ණ කාලීන නිලධාරීන්ගෙන් පමණක් සමන්විත ‘මුදල් ප්‍රතිපත්ති කමිටුව’ (Monetary Policy Committee – MPC) මගිනි. 

මීට අමතරව පාර්ශ්වකරුවන්ගේ සම්බන්ධීකරණ කමිටුවලට (SEC) ඇත්තේ උපදේශන බලයක් පමණි.

පාරදෘශ්‍යභාවය සහ හෙළිදරව් කිරීම: 

මේ අතර, යම් තීරණ ගැනීමේ මට්ටමකදී හෝ තමන් සම්බන්ධ ව්‍යාපාරික ක්ෂේත්‍රයකට අදාළ කරුණක් සාකච්ඡා වේ නම්, අදාළ සාමාජිකයා ඒ බව හෙළිදරව් කිරීමටත්, එම තීරණවලින් ඉවත් වීමටත් නීතිමය ප්‍රතිපාදන නව පනතේ ඇතුළත් කර තිබේ.

මූලාශ්‍රය - srilankamirror


සම්බන්ධිත පුවත් | Related News

වර්තමාන ආණ්ඩුව ඉරාන නැව් සම්බන්ධව ක්‍රියා කරන ආකාරය අනුව ශ්‍රී ලංකාවේ වසර 70ක් පැරණි නොබැඳි විදේශ ප්‍රතිපත්ති ඉතිහාසය අත්හැර දමා ඇත්ද යන්න පිළිබඳව මෙහිදී ප්‍රශ්නයක් මතු වන බව ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය නිවේදනය කර සිටී.
ප්‍රමාණවත් කාර්ය මණ්ඩලයක් නොමැති වීම හේතුවෙන් රෝගීන්ට ප්‍රතිකාර ලබාගැනීමට ඇති පොරොත්තු කාලය ඉහළ යාම, වෛද්‍යවරයකුට එක් රෝගියකු වෙනුවෙන් වෙන් කළ හැකි කාලය සීමා වීම සහ සායනික තීරණ ගැනීමේදී අවදානම් මතුවීම වැනි බරපතළ ගැටලු රැසක් පැනනැඟී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) රජයට සහ සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දෙයි.
ජර්මනියේ කොලෝන් නගරයේදී 16 හැවිරිදි දැරියකට අතවරයක් සිදුකළ බවට සැක කෙරෙන රොබෝ යන්ත්‍රයක් පොලිසිය විසින් සිය භාරයට ගෙන ඇති බව බීබීසී පුවත් සේවය වාර්තා කරයි.
ජනාධිපති අනුර දිසානායකගේ දැඩි කෝපයට ලක්ව සිටින කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නට එරෙහිව පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂ මන්ත්‍රීවරුන් 44 දෙනෙකුගේ අත්සනින් යුත් විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණධීර වෙත භාර දී තිබේ.
මැදපෙරදිග කලාපයේ උත්සන්න වන භූදේශපාලනික ආතතීන් හේතුවෙන් ඉදිරියේදී රටේ ආර්ථික වර්ධනය තවදුරටත් පහළ යාමේ අවදානමක් පවතින බව මහ බැංකුව පවසයි.
බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් පවත්වනු ලබන ‘සිවුරට යුක්තිය – ජාතික අධිෂ්ඨාන පූජාව සහ නිදහසේ පාද යාත්‍රාව’ ඊයේ (13දා) සිව්වැනි දිනටත් වරකාපොළ නගරයෙන් ආරම්භ වී නිට්ටඹුව නගරයෙන් අවසන් විය.
ප්‍රංශය මේ වන විට ගිනියම් කරමින් පවතින පාසල් සිසුන්ගේ සහ තරුණයන්ගේ වීදි සටන් පිටුපස ඇත්තේ හුදු අධ්‍යාපන ගැටලු පමණක් නොව, සමස්ත යුරෝපීය බිඳවැටීම සහ ගෝලීය බලය වෙනස් වීමේ ක්‍රියාවලියක් බව දෙවන පරපුර දේශපාලන පක්ෂයේ නායක උවිඳු විජේවීර පෙන්වා දෙයි.
ගෞරවනීය පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය බන්ධනාගාර නිලධාරීන් ඉවත් කිරීමට එරෙහිව ඉදිරිපත් කර ඇති පෙත්සම් සහ කුරුන්දි ඇතුළු පුරාවිද්‍යා ස්ථාන සම්බන්ධව ඉදිරිපත් කර ඇති පෙත්සම් අද දින අභියාචනාධිකරණයේ දී කරුණු තහවුරු කිරීමට නියමිතය.
දේශපාලන පක්ෂ භේදයකින් තොරව ගොවි ජනතාව එක්ව පවත්වාගෙන යන ගොවි සංවිධානවල පරිපාලනයට දේශපාලන අධිකාරිය අතපොවන බවට චෝදනා කරමින්, බෙදුම්ඇල ගොවි සමිතියේ සභාපතිවරයා සහ නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් මහතා අතර සිදුවූ ආන්දෝලනාත්මක දුරකථන සංවාදයක හඬපටයක් සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇත.

ප්‍රධාන පුවත්

මහ බැංකු මොනිටරින් බෝර්ඩ් එකේ මූල්‍ය සමාගම්වල පිල්ලි; සුජාතභාවය ගැන සැකයක්..

මෑතකදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගිණුම් අත්හිටුවා ඇති (freezed) වගා සමාගම්වල හිමිකාරීත්වයන් විසින් මහ බැංකුවේ නියාමන කමිටුවල සාමාජිකයින් සම්බන්ධයෙන් මේ දිනවල බරපතළ චෝදනා එල්ල කරමින් සිටී.

කතානායක ජගත් වික්‍රමරත්නට එරෙහි දෝෂාභියෝගයේ චෝදනා 50 එළියට.. ජනාධිපතිගේ රැකවරණයත් අහිමි වෙයි?

ජනාධිපති අනුර දිසානායකගේ දැඩි කෝපයට ලක්ව සිටින කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නට එරෙහිව පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂ මන්ත්‍රීවරුන් 44 දෙනෙකුගේ අත්සනින් යුත් විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණධීර වෙත භාර දී තිබේ.

ප්‍රංශය ගිනිතියන ගැටවුන්ගේ අරගලය සහ ගෝලීය අර්බුදය.. - උවිඳු විජේවීරගෙන් අනාවරණයක්..

ප්‍රංශය මේ වන විට ගිනියම් කරමින් පවතින පාසල් සිසුන්ගේ සහ තරුණයන්ගේ වීදි සටන් පිටුපස ඇත්තේ හුදු අධ්‍යාපන ගැටලු පමණක් නොව, සමස්ත යුරෝපීය බිඳවැටීම සහ ගෝලීය බලය වෙනස් වීමේ ක්‍රියාවලියක් බව දෙවන පරපුර දේශපාලන පක්ෂයේ නායක උවිඳු විජේවීර පෙන්වා දෙයි.

ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය සහ කුරුන්දි ඇතුළු පුරාවිද්‍යා ස්ථාන සම්බන්ධ පෙත්සම් අද අභියාචනාධිකරණයේදී විභාගයට..

ගෞරවනීය පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය බන්ධනාගාර නිලධාරීන් ඉවත් කිරීමට එරෙහිව ඉදිරිපත් කර ඇති පෙත්සම් සහ කුරුන්දි ඇතුළු පුරාවිද්‍යා ස්ථාන සම්බන්ධව ඉදිරිපත් කර ඇති පෙත්සම් අද දින අභියාචනාධිකරණයේ දී කරුණු තහවුරු කිරීමට නියමිතය.

කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..

කළු ජූලිය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෑතකදී පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ කනගාටුව සහ සමාව අයැදීම සාදරයෙන් පිළිගන්නා බව පවසමින්, එවකට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ලයනල් බෝපගේ සහ මහාචාර්ය අතුල සුමතිපාල යන මහත්වරුන් විසින් විපක්ෂ නායකවරයා වෙත විවෘත ලිපියක් යොමු කර තිබේ.

අගමැතිතුමිය ජාත්‍යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන වගන්තිය මඟින් ශ්‍රී ලංකා ජනරජය තුළ බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබා දී ඇති අතර, බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම සහ සුරක්ෂිත කිරීම රජයේ වගකීමක් බව පැහැදිලිව සඳහන් කර ඇති බවත්, එබැවින් බෞද්ධ ආගමික සංකේතයක් වන චීවරය ඉවත් කිරීම සම්බන්ධයෙන් රජය පියවර ගැනීමේදී මීට වඩා ඉතා සැලකිලිමත්ව කටයුතු කළ යුතු වුවද, එවැන්නක් සිදුවී නොමැති බවත් ජාතික ගුරු ව්‍යාපාරයේ ප්‍රධාන ලේකම් සඳුන් බණ්ඩාර බෝදරගම මහතා පවසයි.

2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්‍රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය

එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ නවතම වාර්තාවකට අනුව, 2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළ ගොස් තිබේ.

ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ

බද්දේගම නගර ශාලාවේදී ඊයේ (11) පැවැති දේශපාලන සම්මන්ත්‍රණයක අදහස් දක්වමින් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා වත්මන් ආණ්ඩුවේ දෙවසරක පාලනය දැඩි ලෙස විවේචනය කරමින්, ආර්ථික කළමනාකරණය, විදේශ සබඳතා, බුද්ධ ශාසනය, රණවිරුවන් සම්බන්ධ නඩු කටයුතු සහ රටේ භෞමික අඛණ්ඩතාව සම්බන්ධයෙන් බරපතළ විවේචන රැසක් මතු කළේය.

ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..

රුසියානු ඩීසල් සැපයුම් සම්බන්ධයෙන් පනවා තිබූ සම්බාධක තාවකාලිකව අත්හිටුවීමට ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය හදිසියේ ගත් තීරණයත් සමඟ ජාත්‍යන්තර දේශපාලන කරළිය දැඩි උණුසුම් වී තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡෙදය රට බවත්, දෙවන පරිච්චේඡද ආගම නොව බුද්ධාගම බවත්, මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවති.

මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ

මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කිරීමට නොයන ලෙසත්, ජනාධිපතිවරයා උතුරට ගොස් 'කිසිම ජාතිවාදයකට නැගිටින්න දෙන්නේ නෑ' යැයි පවසන බවත්, එසේ නම් උතුරේ නැගිටින දෙමළ ජාතිවාදය ද නතර කළ යුතු බවත් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..

මෙරට පෞද්ගලික ඉන්ධන සමාගම් සතුව දැනට මාසයකට ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බැවින් ක්ෂණික ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවදානමක් නොමැති බවත්, එහෙත්, දිගින් දිගටම පාඩු ලබමින් ඉන්ධන අලෙවි කිරීමට සිදුවීම හේතුවෙන් ඉදිරි මාසවලදී අඛණ්ඩ ඉන්ධන සැපයුම පවත්වාගෙන යෑම සඳහා රජය පැහැදිලි උපායමාර්ගික සැලැස්මක් ඉදිරිපත් කළ යුතු බවත් ඉන්ධන ක්ෂේත්‍රයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි.

තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ දැනට ක්‍රියාත්මක වන වැඩසටහන මඟින් සාර්ථකව අත්පත් කරගත් ආර්ථික ස්ථායීතාව අඛණ්ඩව ආරක්ෂා කරගනිමින්, රටේ ඉදිරි ආර්ථික වර්ධනය තවදුරටත් වේගවත් කිරීම උදෙසා ඉදිරියේදී තවත් නව එකඟතාවකට එළඹීමට රජය සූදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..

මහා සංඝරත්නයට පහරදීමේ ද්වේෂ සහගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් පවතින පසුබිමක දේශප්‍රේමී සිංහල නායකයින්ද සිරගත කිරීමේ කුමන්ත්‍රණයක්ද පවතින බව හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා අනාවරණ කරයි.

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..

ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය බන්ධනාගාරයේ දී ඉවත්කොට අධිකරණයට ගෙන ඒම සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ඇතුළු වගඋත්තරකරුවන් 10 දෙනෙකුට එරෙහිව බ්‍රිගේඩියර්(විශ්‍රාමික) අතුල හේමචන්ද්‍ර ද සිල්වා මහතා අභියාචනාධිකරණයේ නඩු අංක CA/WRIT/787/2026 යටතේ අද දින (2026.10.12) නඩුවක් ගොනුකර තිබේ.

චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..

චීන–ලාඕස දුම්රිය මාර්ගය ඔස්සේ සිදුකර ඇති සමස්ත වෙළෙඳ ගනුදෙනුවල වටිනාකම යුවාන් බිලියන 100 (ඇමෙරිකානු ඩොලර් බිලියන 14.9ක් පමණ) ඉක්මවා ගොස් තිබේ. එම මාර්ගය හරහා මේ වන විට ආනයන හා අපනයන භාණ්ඩ ටොන් මිලියන 20.77කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කර ඇති බව වාර්තා වේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.