ඉන්දියානු උවමනාවට රුවන්වැලි මහා සෑයට යකඩ වැටක්.. ජේතවනාරාමය අසල රාම කෝවිලක්.. - වෛද්ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක් (වීඩියෝ)
අනුරාධපුර පූජා නගරය සම්බන්ධයෙන් 2026 පෙබරවාරි 27 වැනි දින නිකුත් කරන ලද ගැසට් පත්රය මගින් ක්රියාත්මක කිරීමට සැරසෙන නව සංවර්ධන සැලැස්ම පිටුපස කිසිදු විද්යාත්මක හෝ ආගමික පදනමක් නොමැති බරපතළ යටි අරමුණු රැසක් ක්රියාත්මක වන බව දේශහිතෛෂී ජාතික ව්යාපාරයේ මහ ලේකම් වෛද්ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
ජාතික සංවිධාන එකමුතුව ඊයේ(14) දින කැඳවන ලද මාධ්ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පළ කළේය.
මෙම නව සැලැස්ම සකස් කිරීමේදී මහානායක ස්වාමීන් වහන්සේලා, අටමස්ථානාධිපති ස්වාමීන් වහන්සේලා මෙන්ම පූජා නගරයේ ප්රධාන විහාරස්ථානවල වැඩවාසය කරන ස්වාමීන් වහන්සේලා කිසිදු ආකාරයකින් දැනුවත් කර හෝ උන්වහන්සේලාගේ අදහස් විමසා නැති බව වෛද්ය වසන්ත බණ්ඩාර මහතා අවධාරණය කළේය.
ජනාධිපති කාර්යාලයේ ලේකම්වරයකු, නාගරික සංවර්ධන අධිකාරිය සහ භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව එක්ව සාකච්ඡා කර එකඟතාවකට පැමිණ මෙම සැලැස්ම අනුමැතිය සඳහා ඉන්දියානු තානාපති කාර්යාලයට ඉදිරිපත් කර ඇති බවත්, පුරාවිද්යා දෙපාර්තමේන්තුවෙන් කළ යුතු මූලික සමීක්ෂණයන් පවා මේ වන තෙක් නිසි ලෙස සිදු කර නොමැති බවත් හෙළි විය.
ඉන්දියාවෙන් ලැබීමට නියමිත රුපියල් බිලියන 7.7ක පමණ ප්රතිපාදන මුදල ලබාගැනීමේ කඩිනම් අරමුණින් යුතුව, කිසිදු නිශ්චිත සමීක්ෂණයකින් තොරව මෙම ව්යාපෘතිය ක්රියාත්මක කිරීමට සූදානම් වන බව ඒ මහතා සඳහන් කළේය.
මෙහිදී පුරාවිද්යා ආඥාපනත සංශෝධනය කර එහි බලතල පළාත් සභාවලට පැවරීමට සහ පුරාවිද්යා දෙපාර්තමේන්තුව මෙම ක්රියාවලියෙන් සම්පූර්ණයෙන්ම ඈත් කිරීමට කටයුතු යොදා ඇති අතර, ගොවිජන සේවා සහ වැව් මැනුම් දෙපාර්තමේන්තු ඇතුළු අදාළ ආයතන 13ක නිලධාරීන් පවා මෙම සාකච්ඡා සඳහා සම්බන්ධ කරගෙන නොමැත.
මෙම සංවර්ධන සැලැස්ම යටතේ ප්රධාන වශයෙන් අනර්ථකාරී ක්රියාමාර්ග කිහිපයක් ක්රියාත්මක වීමට නියමිත බව හෙළි කර තිබේ. ඒ අනුව ලෝකයේ ඓතිහාසික සිද්ධස්ථානවල වැඳුම් පිදුම් කිරීමේ අයිතිය තහවුරු කරන වෙනිස් ප්රඥාප්තියට පටහැනිව, රුවන්වැලි මහා සෑය වටා ආරක්ෂිත යකඩ වැටක් ඉදි කිරීමට සූදානම් වීම මඟින් මල් ආසන සහ පුදපූජා පවත්වන ස්ථාන ක්රමානුකූලව බැහැර කිරීමටත්, එමඟින් රුවන්වැලිසෑය වන්දනාමාන කරන පූජනීයස්ථානයක් වෙනුවට සාමාන්ය ස්මාරකයක් බවට පත් කිරීමටත් උත්සාහ දරයි.
එපමණක් නොව, පූජා නගරයේ වර්ග කිලෝමීටර ප්රමාණය දැනට පැවති 28 සිට 38 දක්වා පුළුල් කිරීමේ මුවාවෙන් අනුලා මාවත සහ සංඝතිස්ස මාවත අතර ප්රදේශවල පදිංචිව සිටින බෞද්ධ පවුල් 800ක පමණ ඉඩම් අහිමි කර, එම ප්රදේශ සංචාරක ව්යාපාරික කටයුතු සහ හෝටල් සඳහා වෙන් කිරීමට සැලසුම් කර තිබේ.
තවද, ඉන්දියානු "රාමායන මංපෙත" (Rama Trail) සංචාරක ව්යාපෘතියට අනුරාධපුර පූජා නගරය ඇතුළත් කර ඇති අතර, ජේතවනාරාමය අසල පිහිටි ඓතිහාසික කෝවිල් රාමා කෝවිල් ලෙස පරිවර්තනය කර ඉන්දියානු සංචාරකයන්ට බිලිපූජා සහ වත්පිළිවෙත් සඳහා පහසුකම් සැලසීමටත්, ඒ හරහා අනාගතයේදී බෞද්ධ ජනතාව සමඟ ගැටුම්කාරී තත්ත්වයන් ඇති වීමට පවා ඉඩකඩ පවතින බව වෛද්ය වසන්ත බණ්ඩාර මහතා පෙන්වා දුන්නේය.
මෙම සැලැස්ම යටතේ පූජා නගරය තුළ වෙනත් බුදුපිළිම තැබීම තහනම් කර ඇති අතර, අධිසංවේදී කලාපයක් ලෙස නම් කරමින් මහානායක ස්වාමීන් වහන්සේලාගේ හෝ අටමස්ථානාධිපති ස්වාමීන් වහන්සේලාගේ ප්රධානත්වයෙන් සිදු කරන සංවර්ධන කටයුතු සඳහා පවා නාගරික සංවර්ධන අධිකාරියේ සහ භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ අනුමැතිය අනිවාර්ය කර ඇත. එසේම, ශ්රී මහා බෝධීන් වහන්සේගේ පරිසරයට සහ නඩත්තුවට බලපාන අයුරින් පුරාවිද්යා අනුමැතියකින් තොරව වැලි මළුවේ ටෙරාකොටා ගඩොල් ඇල්ලීම වැනි ක්රියාකාරකම් හරහා බෝධීන් වහන්සේට හානි පැමිණවීමේ කුමන්ත්රණයක් පවතින බවද චෝදනා කෙරිණි.
මේ සියලු කරුණු හේතුවෙන්, බෞද්ධ සභ්යත්වය විනාශ කරමින් සහ ජනතාවගේ වන්දනාමාන අයිතිය අහෝසි කරමින් ක්රියාත්මක කිරීමට සැරසෙන මෙම අනුරාධපුර පූජා නගර සංවර්ධන සැලැස්ම වහාම අකුලා ගන්නා ලෙසත්, අටමස්ථානාධිපති ස්වාමීන් වහන්සේ ප්රමුඛ මහා සංඝරත්නය මෙන්ම පුරාවිද්යා දෙපාර්තමේන්තුවද මේ සඳහා සම්පූර්ණයෙන් හවුල් කරගනිමින් නිසි අදහස් හා යෝජනා ලබා ගන්නා ලෙසත් ජාතික සංවිධාන එකමුතුව බලධාරීන්ගෙන් දැඩිව ඉල්ලා සිටී.
සවිස්තරාත්මක වීඩියෝව පහළින්..
සම්බන්ධිත පුවත් | Related News
ප්රධාන පුවත්
මැදපෙරදිග බල තුලනය වෙනස් කරමින් සවුදිය චීනයේ සහාය පතයි.. - ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
එක්සත් රාජධානියේ නව රැකියා පහකින් හතරක්ම විදේශිකයන්ට – වාර්තාවක් පවසයි
ඉන්දීය දේශසීමා උපාය නිසා චීන–ඉන්දීය සබඳතා නැවතත් අර්බුදයකට.. ස්ථාන නාම වෙනස් කිරීමට චීනයෙන් දැඩි විරෝධයක්..
ජාතික කොඩියෙන් සිංහයා ඉවත් කරන්න යෝජනාවක්.. - ජ්යෙෂ්ඨ නීතිඥ කල්යානන්ද තිරාණගමගෙන් විශේෂ හෙළිදරව්වක්
ලාල් විජේනායක කමිටු වාර්තාවේ ව්යවස්ථා ප්රතිසංස්කරණ යෝජනා වර්තමාන ආණ්ඩුවේ ක්රියාමාර්ගවලින් තහවුරු වෙන්නේ මෙහෙමයි.. නිරාගමික රාජ්යයකට යන ගමන..
සිවුරට යුක්තිය - නිදහසේ පා ගමන අද කොළඹට..
ඉන්දියානු උවමනාවට රුවන්වැලි මහා සෑයට යකඩ වැටක්.. ජේතවනාරාමය අසල රාම කෝවිලක්.. - වෛද්ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක් (වීඩියෝ)
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහි පෙත්සම් විභාගයට විශේෂ ත්රිපුද්ගල විනිසුරු මඩුල්ලක්.. - කුරුන්දි ඇතුළු පුරාවිද්යා නඩු විභාගය ලබන වසරේ මාර්තු 24 ට
කන්නන්ගර මහතා නොසිටියා නම් අද ශ්රී ලංකාවේ අධ්යාපනය සිංහල නොවෙයි.. භාෂාවත් සිංහල නොවෙයි.. - ස්වභාෂා අධ්යාපනයට සිදුවූ දේ මහාචාර්ය පූජ්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි හෙළිකරති..
යුරෝපයේ මහා පරිමාණ සංක්රමණය: අනාගතයේ දැඩි ජනගහන අර්බුදයක්.. ස්වදේශික ජනතාව සුළුතරයක් වීමේ අවදානමක්..
මහ බැංකු මොනිටරින් බෝර්ඩ් එකේ මූල්ය සමාගම්වල පිල්ලි; සුජාතභාවය ගැන සැකයක්..
කතානායක ජගත් වික්රමරත්නට එරෙහි දෝෂාභියෝගයේ චෝදනා 50 එළියට.. ජනාධිපතිගේ රැකවරණයත් අහිමි වෙයි?
ප්රංශය ගිනිතියන ගැටවුන්ගේ අරගලය සහ ගෝලීය අර්බුදය.. - උවිඳු විජේවීරගෙන් අනාවරණයක්..
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය සහ කුරුන්දි ඇතුළු පුරාවිද්යා ස්ථාන සම්බන්ධ පෙත්සම් අද අභියාචනාධිකරණයේදී විභාගයට..
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම