ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය සහ කුරුන්දි ඇතුළු පුරාවිද්යා ස්ථාන සම්බන්ධ පෙත්සම් අද අභියාචනාධිකරණයේදී විභාගයට..
ගෞරවනීය පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය බන්ධනාගාර නිලධාරීන් ඉවත් කිරීමට එරෙහිව ඉදිරිපත් කර ඇති පෙත්සම් සහ කුරුන්දි ඇතුළු පුරාවිද්යා ස්ථාන සම්බන්ධව ඉදිරිපත් කර ඇති පෙත්සම් අද දින අභියාචනාධිකරණයේ දී කරුණු තහවුරු කිරීමට නියමිතය.
උක්ත චීවරය ඉවත් කිරීමට එරෙහිව, ගෞරවනීය පූජ්ය තීනියාවල පාලිත හිමි, පූජ්ය අගලකඩ සිරිසුමන හිමි, මහාචාර්ය පූජ්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි, පූජ්ය උලපනේ සුමංගල හිමි, පූජ්ය අඟුලුගල්ලේ ජිනානන්ද හිමි සහ පූජ්ය දඹර අමිල හිමි ඇතුළු ස්වාමීන් වහන්සේලා ඉදිරිපත් කොට ඇති රිට් පෙත්සම් (writ petition) ද, විශ්රාමික බ්රිගේඩියර් අතුල හේමචන්ද්ර ද සිල්වා මහතා ඉදිරිපත් කර ඇති පෙත්සම ද ඇතුළු අනෙකුත් පාර්ශ්වයන් ඉදිරිපත් කර ඇති පෙත්සම් සම්බන්ධයෙන් කරුණු තහවුරු කිරීම (support) අද අභියාචනාධිකරණයේදී සිදු කිරීමට නියමිතය.
පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා, ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා, ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන, ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ, ජ්යෙෂ්ඨ නීතිඥ කනිෂ්ක විතාරණ, ජ්යෙෂ්ඨ නීතිඥ ප්රසන්න ගුණතිලක, ජ්යෙෂ්ඨ නීතිඥ භූපති කහතුඩුව යන මහත්වරුන් ප්රධාන නීතිඥ මඩුල්ලක් ලෙස පෙනී සටියි.
එමෙන්ම පුරාවිද්යා ස්මාරක හා රක්ෂිත ගැසට් කිරීමට පෙර අමාත්ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළයුතු බවට හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ලබාදුන් නියෝගය, කුරුන්දි රක්ෂිතයේ ගිරිහඬු සෑයට වෙන්කොට ඇති ඉඩම් නැගෙනහිර උරුම කාර්ය සාධක බලකාය, පුරාවිද්යා දෙපාර්තමේන්තුව වෙන්කළ ඉඩම් කොටස් බෙදාදිය යුතු බවට හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ දුන් නියෝගය, මුලතිව් මහෙස්ත්රාත්වරයා කුරුන්දි විහාරය සම්බන්ධව ලබාදුන් නියෝගද අභියෝගයට ලක්කරමින් පැවරූ රිට් පෙත්සම් (writ petition) සම්බන්ධව අභියාචනාධිකරණයේ කරුණු දැක්වීමට (support) නියමිතය.
මෙම නඩුවල පෙත්සම්කරුවන් වනුයේ ගෞරවනීය පූජ්ය ගල්ගමුවේ ශාන්තබෝධි හිමියන්, පූජ්ය කණුපැලැල්ලේ අනුරුද්ධ හිමියන්, විශ්රාමික ලුතිතන් ජෙනරාල් ජගත් ඩයස් මහතා , විශ්රාමික බ්රිගේඩියර් අතුල ද සිල්වා මහතා, විශ්රාමික කොමදෝරු ඉසිර කාසියවත්ත මහතා, තිලක් කරුණාරත්න මහතා, මතුගම සෙනෙවිරුවන් මහතා, ජගත් සුමතිපාල මහතා, පානි වදවල ඇතුළු බෞද්ධාලෝක පදනම, ජනක බෝධිනන්ද මහතා, අභාවප්රාප්ත ඒ. ආරියදාස යන අයයි.
පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා සහ ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා ඇතුළු නීතිඥ මඩුල්ලක් පෙනී සිටිති.
වගඋත්තර කරුවන් වෙනුවෙන් නීතිපති දෙපාර්තමෙන්තුව, නියෝජ්ය සොලිසිටර් ජෙනරාල් විකුම් ද ආබෲ මහතා, අතිරේක සොලිසිටර් ජෙනරාල් අසාත් නවාමි මහතා පෙනී සිටිති.
සම්බන්ධිත පුවත් | Related News
ප්රධාන පුවත්
ප්රංශය ගිනිතියන ගැටවුන්ගේ අරගලය සහ ගෝලීය අර්බුදය.. - උවිඳු විජේවීරගෙන් අනාවරණයක්..
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය සහ කුරුන්දි ඇතුළු පුරාවිද්යා ස්ථාන සම්බන්ධ පෙත්සම් අද අභියාචනාධිකරණයේදී විභාගයට..
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්රම ව්යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්රවාහන කේන්ද්රස්ථානයක් බවට..
ට්රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්රේනය බලශක්ති ප්රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්රම්ප්