සිවුර සහ දේශපාලනය..
මේ දවස්වල බිමල් රත්නායක ඇමතිතුමා ස්කැන්ඩිනේවියානු රටවල සංචාරයක නිරත වී සිටින බව පේනවා.
ඇමතිතුමා කැඳවා ගෙන යනු ලබන්නේ දැන් උපැවිදිවී ස්වීඩනයේ ජීවත්වන සිටින එකල බලහරුවේ සෝම හාමුදුරුවෝ බවයි පෙනෙන්නේ. බලහරුවේ සෝම හාමුදුරුවෝ 87-89 භීෂණ වකවානුවේ අන්තර් විශ්ව විද්යාල භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු. එකල ඒ හාමුදුරුවෝ කැළණිය විශ්ව විද්යාලයේ පැවිදි ශිෂ්යයෙක්.
බලහරුවේ සෝම හිමි 1987 වකවානුවේ මව්බිම සුරැකීමේ ව්යාපාරය හා කටයුතු කර තියෙනවා. මව්බිම සුරැකීමේ ව්යාපාරයට නායකත්වය ලබා දුන්නේ මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ. මේ අනික් ඡායාරූපයේ ඇත්තේ 1987 තහනම් මැයි දිනය අවස්ථාවේ රැස්වීම අමතන මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ. මෙතන කොහෙ හරි බලහරුවේ සෝම හාමුදුරුවොත් ඇති.
මව්බිම සුරැකීමේ ව්යාපාරය, මැයි දිනය සහ භික්ෂුන්වහන්සේ අතර සම්බන්ධය මොකක්ද කියල කෙනෙක්ට අහන්න පුළුවන්. 1987 අප්රේල් කියන්නේ කොටි කලබල රට පුරා තිබුණු වකවානුවක්. අප්රේල් 22 වෙනිදා කොටි ත්රස්තවාදීන් පිටකොටුව බෝම්බයක් පුපුරවා හැරියා. 122 දෙනෙක් මිය ගියා. මේ නිසා ආරක්ෂක හේතුන් මත ආණ්ඩුව එම වසරේ මැයි දින රැස්වීම් පෙළපාලි තහනම් කළා.
තහනම නොතකා මව්බිම සුරැකීමේ ව්යාපාරය, මැයි දින රැස්වීමක් සංවිධානය කළා. ඒ නාරාහේන්පිට අභයරාමය පන්සලේ. රැස්වීමේ මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ වගේම බලහරුවේ සෝම හාමුදුරුවොත් කථා පැවත්වුවා. රැස්වීම ඉවර වෙලා පිරිස පන්සලෙන් පෙළපාලියක් වශයෙන් එළියට බැස්සා. පෙළපාලියට පොලිස් අධිකාරි ගෆූර් ගේ මෙහෙයවීමෙන් යුත් පොලිස් භටයෝ වෙඩි තිබ්බා. දෙන්නෙක් මිය ගියා. ජපුර සරසවියේ කිත්සිරි මෙවන් රණවක එක් අයෙක්.
බලහරුවේ සෝම හාමුදුරුවෝ පසුව ජවිපෙ දේශපාලනය සමඟ දිගටම ගමන් ගත් අතර 90 වසරේ තායිලන්තයටත් ඉන්පසු යුරෝපයටත් පැන ගොස් දිවි ගලවා ගත්තා. උපැවිදි වූ ඔහු දැන් ජවිපෙ ඩයස්පෝරාවේ ප්රධාන නියෝජිතයෙක් බව පේනවා.
මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ දිගටම ජාතික ව්යාපාරය සමඟ කටයුතු කළා සහ ඊට භික්ෂු නායකත්වය ලබා දුන්නා. අවසාන කාලයේ උන්වහන්සේ නිහඬ වුනා වගේම 2015 යහපාලනය වෙනුවෙන් ජාතික බලවේග නොවන් විජාතික බලවේගවල පැත්ත ගත්තා.
කැළණිය විශ්ව විද්යාලයේම පැවිදි සිසුවකු වූ ගලගොඩ අත්තේ ඤාණසාර හාමුදුරුවෝ ප්රකාශ කර සිටියේ උන්වහන්සේ භික්ෂු දේශපාලනයට ආකර්ෂණය වූයේ මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ නිසා බවයි.
(නලින් සුබසිංහගේ මුහුණු පොතින් උපුටා ගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්රධාන පුවත්
මැදපෙරදිග බල තුලනය වෙනස් කරමින් සවුදිය චීනයේ සහාය පතයි.. - ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
එක්සත් රාජධානියේ නව රැකියා පහකින් හතරක්ම විදේශිකයන්ට – වාර්තාවක් පවසයි
ඉන්දීය දේශසීමා උපාය නිසා චීන–ඉන්දීය සබඳතා නැවතත් අර්බුදයකට.. ස්ථාන නාම වෙනස් කිරීමට චීනයෙන් දැඩි විරෝධයක්..
ජාතික කොඩියෙන් සිංහයා ඉවත් කරන්න යෝජනාවක්.. - ජ්යෙෂ්ඨ නීතිඥ කල්යානන්ද තිරාණගමගෙන් විශේෂ හෙළිදරව්වක්
ලාල් විජේනායක කමිටු වාර්තාවේ ව්යවස්ථා ප්රතිසංස්කරණ යෝජනා වර්තමාන ආණ්ඩුවේ ක්රියාමාර්ගවලින් තහවුරු වෙන්නේ මෙහෙමයි.. නිරාගමික රාජ්යයකට යන ගමන..
සිවුරට යුක්තිය - නිදහසේ පා ගමන අද කොළඹට..
ඉන්දියානු උවමනාවට රුවන්වැලි මහා සෑයට යකඩ වැටක්.. ජේතවනාරාමය අසල රාම කෝවිලක්.. - වෛද්ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක් (වීඩියෝ)
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහි පෙත්සම් විභාගයට විශේෂ ත්රිපුද්ගල විනිසුරු මඩුල්ලක්.. - කුරුන්දි ඇතුළු පුරාවිද්යා නඩු විභාගය ලබන වසරේ මාර්තු 24 ට
කන්නන්ගර මහතා නොසිටියා නම් අද ශ්රී ලංකාවේ අධ්යාපනය සිංහල නොවෙයි.. භාෂාවත් සිංහල නොවෙයි.. - ස්වභාෂා අධ්යාපනයට සිදුවූ දේ මහාචාර්ය පූජ්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි හෙළිකරති..
යුරෝපයේ මහා පරිමාණ සංක්රමණය: අනාගතයේ දැඩි ජනගහන අර්බුදයක්.. ස්වදේශික ජනතාව සුළුතරයක් වීමේ අවදානමක්..
මහ බැංකු මොනිටරින් බෝර්ඩ් එකේ මූල්ය සමාගම්වල පිල්ලි; සුජාතභාවය ගැන සැකයක්..
කතානායක ජගත් වික්රමරත්නට එරෙහි දෝෂාභියෝගයේ චෝදනා 50 එළියට.. ජනාධිපතිගේ රැකවරණයත් අහිමි වෙයි?
ප්රංශය ගිනිතියන ගැටවුන්ගේ අරගලය සහ ගෝලීය අර්බුදය.. - උවිඳු විජේවීරගෙන් අනාවරණයක්..
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය සහ කුරුන්දි ඇතුළු පුරාවිද්යා ස්ථාන සම්බන්ධ පෙත්සම් අද අභියාචනාධිකරණයේදී විභාගයට..
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම