බුද්ධාගමක් තියෙනවා ද?..
මම ලියපු ලිපියක් පත්තරේක සම්පූර්ණ පිටුවක මුලින් ම පළවුණේ 1989 අවුරුද්දේ. “ආගම, විද්‍යාව සහ බුදුදහම” කියන නමින් මම ලියපු ඒ ලිපිය පළකළේ “විදුසර” පත්තරේ. වයස අවුරුදු විස්සවත් සම්පූර්ණ වෙලා නැති ඒ කාලේ තේරුම් ඇරැගෙන හිටිය සමහර අදහස් සහ ආර්. ජී. ද එස්. වෙත්තිමුණි මහත්තයා (සිදත් වෙත්තිමුණිගේ තාත්තා) ලියපු “බුදු දහම, ආගම හා විද්‍යාව සමඟ සම-විසම වන අයුරු” කියන පොත සේවනයෙන් ලබාගත්ත අදහස් පදනම් කරගෙනයි මම ඒ ලිපිය ලිව්වේ.
බුදුදහම මිසක් බුද්ධාගම කියලා එකක් නෑ කියලා ඒ නොමේරු කාලයේ මම පිළිගත්ත අදහස කාලයක් යද්දි වෙනස්වුණා. බුද්ධාගම කියලා එකකුත් තියෙනවා කියලා මම තේරුම්ගත්තා. මේ බුද්ධාගම අනිත් ආගම්වලින් වෙනස්වීම වෙනම කතාවක්. අනිත් ආගම් දේවවාදය මුල් කරගත්ත ඒවා. බුද්ධාගමේ එහෙම දේවවාදයක් නෑ. “තමන්ට පිහිටවෙන්න පුළුවන් තමන්ට විතරයි” කියලා බුදුදහමින් ඉගැන්වෙනවා. ඉතින් ඒ ඉගැන්වීම මත පදනම්වෙච්ච බුද්ධාගම දේවවාදයක් නෙවෙයි.
බුදුදහමේ සමහර ඉගැන්වීම් අපි පිළිගන්නේ ඒවා අත්දැකලා හරි ප්‍රත්‍යක්‍ෂයෙන් අවබෝධ කරගෙන හරි නෙවෙයි. උදාහරණයක් විදිහට “කර්මය” සහ “පුනර්භවය” ගැන හිතන්න. මේවා ගැන අපිට තියෙන්නේ එක්තරා ආකාරයක විශ්වාසයක්. “සංසාර ගමන” පිළිබඳ විශ්වාසයක් නැතිනම් තමන්ගේ හිත කය සතුටු කරගෙන, අනිත් අයට කරදරයක් නැති විදිහට ජීවත්වුණාම හොඳට ම ඇති. එහෙම සීමාවක් ඇතුළේ මේ ලෞකික පැවැත්ම ඉක්මවපු නිවනක් ගැන අපි හිතන්න ඕන නෑ.
ඇත්තෙන්ම ඒ විදිහට හිතන “බෞද්ධයෝ” අපි අතර ඉන්නවා. මේ භෞතිකවාදී බෞද්ධයෝ කර්මය, පුනර්භවය සහ සංසාර ගමන පිළිගන්නේ නෑ.
ඒත් අපි එච්චර “දියුණු” නෑ. අපි භෞතිකවාදී හෝ විඥානවාදී සීමාවලට කොටුවෙලා නෑ. ඒ සීමා ඉක්වවලා “ලෝකය” තේරුම්ගන්න අපි උත්සාහ කරනවා. ඒ වෙනුවෙන් “කර්මය”, “පුනර්භවය” සහ “සංසාර ගමන” ගැනත් සියලු දුකින් අත්මිදිලා අත්පත් කරගත හැකි “නිවන” ගැනත් අපි හිතනවා. ඒ පිළිගැනීම් පදනම් කරගත්ත පිළිවෙත් අනුගමනය කරන ගමන් ආශ්‍රිත ආගමික කටයුතුවලත් අපි නිරතවෙනවා.
බුද්ධාගම කියන්නේ දේවවාදයක් නොවුනත් භෞතික විදිහට අපිට ග්‍රහණය නොවන ප්‍රාණීන්ගේ පැවැත්ම අපි ප්‍රතික්‍ෂේප කරන්නේ නෑ. එහෙම ප්‍රාණීන් ඕන තරම් ඉන්න බව අපි පිළිගන්නවා. (හැම මගුලක් ම අපේ පංචේන්ද්‍රියයන්ට සහ ඒවාට උදව් ලබාගැනීමේ අදහසින් අපි ම හදපු උපකරණවලට ග්‍රහණය වෙනවා නම් අපි තමයි සර්ව බලධාරී. එත් බෞද්ධ අපි එහෙම උද්ධච්ච ගොන් කතා කියන්නේ නෑ). ඉතින් දෙවියෝ, යක්කු, ප්‍රේතයෝ, කුම්භාණ්ඩයෝ වගේ ඉවරයක් නැති ප්‍රාණීන් ගැන අදහස් අපිට තියෙනවා. මේ ප්‍රාණීන්ටත් උපතක් සහ විපතක් තියෙන බවත්, ඒ කවුරුවත් සර්ව බලධාරී සත්ත්වයෝ නොවන බවත් අපි දන්නවා. ඒ වගේ ම, මෙහෙම ප්‍රාණීන්ගේ විවිධ උදව් උපකාර, ආශීර්වාද ලබාගන්නත් අපි කටයුතු කරනවා.
බුද්ධ දේශනාව තුළත් ඒ වගේ අපිට ග්‍රහණය නොවන ප්‍රාණීන් ගැන සහ වෙනත් ලෝක ගැන සඳහන් වෙනවා. බුදුරජාණන්වහන්සේ සමහර සූත්‍ර දේශනා කරලා තියෙන්නේ එහෙම ප්‍රාණීන් අරමුණු කරගෙන. එහෙම නැතිනම් ඒ වගේ ප්‍රාණීන් අහපු ප්‍රශ්නවලට පිළිතුරු වශයෙන්. ඒවා ගැන කිසිම සැකයක් අපිට නෑ.
ලෝකෝත්තර නිවන වෙනුවට ලෞකික ප්‍රශ්න අරමුණු මුල් කරගත්ත දේශනා විශාල ප්‍රමාණයකුත් ත්‍රිපිටකයේ තියෙනවා. ඛුද්දක පාළියේ තියෙන රතන සූත්‍ර දේශනාව ආශීර්වාදය මුල් කරගත්තක්. සංයුක්ත නිකායේ තියෙන ධජග්ග සූත්‍රයෙන් කියැවෙන කරුණු අපි දන්නවා. මේ වගේ දේශනාවලින් පෘතග්ජන අපි බලාපොරොත්තු වෙන්නේ ආශීර්වාදයක්, ආරක්‍ෂාවක්. මේක ආගමික වැඩක් තමයි.
බුද්ධ දේශනාව ග්‍රන්ථාරූඨ කරලා මේ තාක් කාලයක් රැකගෙන ඇවිල්ලා තියෙන්නේ සජීවි සමාජයක් ඇතුළේ. එහෙම නැතුව පුස්තකාල ඇතුළේ ගබඩා කරලා පොළොවේ වළදාලා නෙවෙයි. සජීවි සමාජයක් කියන්නේ විවිධ මට්ටම්වල මිනිස්සුන්ගේ එකතුවක්. බාල, තරුණ, මහළු අය, බුද්ධිමත් අය, මෝඩ අය මේ සමාජයේ ඉන්නවා. එක මොහොතින් ධර්මය වටහාගැනීමේ හැකියාවක් අපි බහුතරයකට නෑ. අපි ඒ වෙනුවෙන් ලොකු කාලයක් ගත කරනවා. පන්සල් එක්ක ගනුදෙනු කරනවා. ස්වාමීන්වහන්සේලා ආශ්‍රය කරනවා. දන් පින් කරනවා. දන්න දේවල් අපි අපේ ළමයින්ටත් කියලා දෙනවා.
අපි අපේ බුද්ධි මට්ටම් අනුව, අවබෝධය අනුව සහ සංස්කෘතික පුරුදු අනුව පන්සල්වලින් සහ ස්වාමීන්වහන්සේලාගෙන් විවිධ දේ බලාපොරොත්තු වෙනවා. ගෙදර කෙනෙක් මියගියාම මළකුණ සොහොනට විසි කරලා ගෙදර එන්න අපිට බෑ. ඔය සුපිරි බණ කියන කිසිම කෙනෙක් එහෙම කරන්නෙත් නෑ. ඉතින් මරණයකට අදාළව පංශුකූලය දීම, දන්දීම, ධර්ම දේශනා කරවීම, වෙනත් පින්කම් කිරීම අපි කරනවා. ඊට අමතරව තව තව කරුණු මුල් කරගෙනත් අපි දන්දීම්, බණ ඇහීම්, පිරිත් පින්කම් සිදුකිරීම් ආදී කටයුතුවල නිරතවෙනවා.
යම් අලාභයක් අන්තරාවක් ඉස්මතුවුනාමත් මිනිස්සු පිහිටක් අපේක්‍ෂා කරනවා. තමන් සන්තක දෙයක් නැතිවුනාම මිනිස්සු දේවාල ගානේ යනවා. ගෙදර කෙනෙක් ලෙඩ වුනාම ආශීර්වාද අපේක්‍ෂා කරනවා. මේ දේවල් පන්සල්වලින් කෙරෙන්නේ නැතිනම් මිනිස්සු වෙන තැන්වලට, වෙන ආගම්වලට යන්න පුළුවන්. ඒ තමයි මිනිස්සුන්ගේ හැටි. ඉතින් බෞද්ධ පිළිගැනීම් ඇතුළේ ඒ වැඩ කරලා දෙන එකේ වැරැද්දක් නෑ. ඒක මිනිස්සුන්ට පිහිටවෙන්න පුළුවන් එක ක්‍රමයක්.
කාලෙන් කාලෙට වෙන ආගම්වල රැළිත් ඇතිවෙනවා. එහෙම ආකර්ෂණීය රැළි ඇතිවෙද්දි මිනිස්සු ඒවාට ඇදිලා යනවා. ක්‍රිස්තු වර්ෂ 8 වැනි සියවසේ දී චෝළ පාණ්ඩ්‍යය රාජ්‍යයන් ආශ්‍රිතව ඇතිවෙලා ඉන්දියානු උප මහද්වීපයේ උතුරට පැතිරිලා ගිය “භක්ති ව්‍යාපාරය” එහෙම එකක්. ඒක සුනාමියක් වගේ දරුණු රැල්ලක්. මිනිස්සු තමන්ට ආකර්ෂණය කරගෙන චෝළ, චේර, පාණ්ඩ්‍ය රාජ්‍යයන්ගේ තිබුණු බෞද්ධ සහ ජෛන සම්ප්‍රදායයන් සුණුවිසුණු කරලා දාන්න ඒ ව්‍යාපාරයට පුළුවන් වුණා.
මෙහෙම පෙරැළි වෙද්දි බලාගෙන හිටියොත් ලංකාවේ බෞද්ධ අපිට සිද්දවෙන්නෙත් හැඳිගෑවිලා යන්න. මිනිස්සුන්ව තෘප්තිමත් කරන්න පුළුවන් ආගමික පරිසරයක් රටේ තියෙනවා නම් එහෙම සුනාමි ඇතිවුණා කියලා බයවෙන්න ඕන නෑ. අපේ රටේ වෙස්සන්තරය ජනප්‍රිය වුණේ උඩින් කියපු භක්ති සුනාමියට ප්‍රතිචාරයක් විදිහට කියලා හිතන්න පුළුවන්.
ඉතින් මෙහෙම අවශ්‍යතා ඇතුළේ බුද්ධාගමකට පැවැත්මක් තියෙනවා. ඇත්තෙන්ම එහෙම බුද්ධාගමක් අපිට ඕන. ඒක ප්‍රතික්‍ෂේපකිරීම මෝඩකමක්.
(මේ එක්ක පළකරන පින්තූරයෙන් නිරූපණය කෙරෙන්නේ භක්ති ව්‍යාපාරයේ අවස්ථාවක්)
- ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මැදපෙරදිග බල තුලනය වෙනස් කරමින් සවුදිය චීනයේ සහාය පතයි.. - ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
එක්සත් රාජධානියේ නව රැකියා පහකින් හතරක්ම විදේශිකයන්ට – වාර්තාවක් පවසයි
ඉන්දීය දේශසීමා උපාය නිසා චීන–ඉන්දීය සබඳතා නැවතත් අර්බුදයකට.. ස්ථාන නාම වෙනස් කිරීමට චීනයෙන් දැඩි විරෝධයක්..
ජාතික කොඩියෙන් සිංහයා ඉවත් කරන්න යෝජනාවක්.. - ජ්යෙෂ්ඨ නීතිඥ කල්යානන්ද තිරාණගමගෙන් විශේෂ හෙළිදරව්වක්
ලාල් විජේනායක කමිටු වාර්තාවේ ව්යවස්ථා ප්රතිසංස්කරණ යෝජනා වර්තමාන ආණ්ඩුවේ ක්රියාමාර්ගවලින් තහවුරු වෙන්නේ මෙහෙමයි.. නිරාගමික රාජ්යයකට යන ගමන..
සිවුරට යුක්තිය - නිදහසේ පා ගමන අද කොළඹට..
ඉන්දියානු උවමනාවට රුවන්වැලි මහා සෑයට යකඩ වැටක්.. ජේතවනාරාමය අසල රාම කෝවිලක්.. - වෛද්ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක් (වීඩියෝ)
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහි පෙත්සම් විභාගයට විශේෂ ත්රිපුද්ගල විනිසුරු මඩුල්ලක්.. - කුරුන්දි ඇතුළු පුරාවිද්යා නඩු විභාගය ලබන වසරේ මාර්තු 24 ට
කන්නන්ගර මහතා නොසිටියා නම් අද ශ්‍රී ලංකාවේ අධ්යාපනය සිංහල නොවෙයි.. භාෂාවත් සිංහල නොවෙයි.. - ස්වභාෂා අධ්යාපනයට සිදුවූ දේ මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි හෙළිකරති..
යුරෝපයේ මහා පරිමාණ සංක්රමණය: අනාගතයේ දැඩි ජනගහන අර්බුදයක්.. ස්වදේශික ජනතාව සුළුතරයක් වීමේ අවදානමක්..
මහ බැංකු මොනිටරින් බෝර්ඩ් එකේ මූල්‍ය සමාගම්වල පිල්ලි; සුජාතභාවය ගැන සැකයක්..
කතානායක ජගත් වික්රමරත්නට එරෙහි දෝෂාභියෝගයේ චෝදනා 50 එළියට.. ජනාධිපතිගේ රැකවරණයත් අහිමි වෙයි?
ප්රංශය ගිනිතියන ගැටවුන්ගේ අරගලය සහ ගෝලීය අර්බුදය.. - උවිඳු විජේවීරගෙන් අනාවරණයක්..
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය සහ කුරුන්දි ඇතුළු පුරාවිද්යා ස්ථාන සම්බන්ධ පෙත්සම් අද අභියාචනාධිකරණයේදී විභාගයට..
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම