News Category
From Date
To Date
Maximum Number of Result

මනුෂ්‍යත්වයට එරෙහිව ඇමරිකාව එල්ල කළ බිහිසුණුම ප්‍රහාරයට වසර 80 යි..

Aug 7, 2025 at 02:49 PM
|

1945 අගෝස්තු 6 වන දින, අලුයම 2:45 ට, ජපානයට සැතපුම් 1,500 ක් දුරින්, ඉන්දු-පැසිෆික් කලාපයේ මරියානාස්හි ටිනියන් දූපතේ පිහිටි, දෙවන ලෝක යුද්ධ සමයේද, ඇමරිකානු භූමියේ ලොව විශාලතම ගුවන් තොටුපළ වූ නෝර්ත්ෆීල්ඩ් සිට ඇමරිකානු B-29 බෝම්බ හෙළන ගුවන් යානා තුනක් ජපානය බලා පිටත් විය. ‘එනෝලා ගේ’ නම් ප්‍රධාන ගුවන් යානය, ‘ලිට්ල් බෝයි’ නමින් වූ යුරේනියම් බෝම්බය රැගෙන ගොස්, පෙ.ව. 8:15 ට හෙළන ලදුව පුපුරා ගිය අතර, එහි ධාරිතාව TNT කිලෝටොන් 16 ක් වූ බව ගණන් බලා ඇත. ඒ වේලාවේ ‘හිරෝෂිමා’ හි ආසන්න වශයෙන් සිවිල් වැසියන් 300,000 ක්, සොල්දාදුවන් 43,000 ක්, කොරියානු වහල් කම්කරුවන් 45,000 ක් සහ ජපන් හා ඇමරිකානුවන් දහස් ගණනක් ජපන් අධිරාජ්‍යයේ හා යුද්ධයේ ගොදුරු බවට පත් ගැහැනුන්ද දරුවන්ද, තම දවස ආරම්භ කරමින් සිටියහ. බෝම්බ ඉලක්කය වූයේ නගර මධ්‍යයට ආසන්නව පිහිටි T හැඩැති ‘අයෝයි’ පාලමයි. බෝම්බය සෑම දිශාවකටම සැතපුම් දෙකක් පමණ විහිදෙන ප්‍රදේශයක් සම්පූර්ණයෙන්ම විනාශ කළේය.

හිරෝෂිමා නගරය අතුරුදහන් වන ආකාරය නැරඹීමෙන් ‘එනෝලා ගේ’ යානා කාර්යමණ්ඩල සාමාජිකයින් භීතියට පත්විය. තම මවගේ නමින් ගුවන් යානය නම් කළ නියමුවා වන ‘පෝල් ටිබෙට්ස්’ එම දර්ශනය මෙලෙස විස්තර කළේය. “යෝධ දම් පැහැති හතු ඒ වනවිටත් අඩි 45,000 ක් උසට නැගෙගෙන් තිබුණි. එය අපේ මුහුදු මට්ටමේ සිට සැතපුම් 3 ක් ඉහළින් දරුණු ලෙස ජීවමාන දෙයක් මෙන් ඉහළට උතුරමින් තිබුණි. පහළ බිමෙහි දර්ශනය ඊටත් වඩා බියජනක විය. උණුසුම් තාර බුබුළු දමන පෙනුමක් ඇති කැළඹිලි සහිත දුම් ස්කන්ධයක් මධ්‍යයේ සෑම තැනකම ගිනිදැල් නැගෙගෙන් තිබුණි”. තවත් අවස්ථාවක, ඔහු මෙනෙහි කළේ, “ඩැන්ටේ අපිත් එක්ක ගුවන් යානයේ හිටියා නම් ඔහු බයවෙයි. මිනිත්තු කිහිපයකට පෙර හිරු එළියේ අපි ඉතා පැහැදිලිව දුටු නගරය දැන් කැත පැල්ලම් සහිත එකකි. දුමෙන් හා ගින්නෙන් පිරුණු මේ භයානක බ්ලැන්කට්ටුව යට නගරය සම්පූර්ණයෙන්ම අතුරුදහන් වී තිබුණා”. යානා තුවක්කුකරු බොබ් කැරන් එය හැඳින්වූයේ “අපායට එබී බැලීමක්” ලෙසයි. සහායක නියමු රොබට් ලුවිස් ඔහුගේ ගුවන් ලොග් සටහනේ මෙලෙස, “මගේ දෙවියනේ… අපි මේ මොකද කළේ?” යනුවෙන් ලිවීය.

ඇමෙරිකානු දෙවන ලුතිනන්වරයෙකු වන තරුණ ‘පෝල් ෆුසෙල්’, හිරෝෂිමාවට පරමාණු බෝම්බ හෙළීමේ පුවත අසනු ලබන විට, ඔහුව යුරෝපයේ සිට පැසිෆික් යුධ කලාපයට මාරු කිරීමට ආසන්නව සිටියේය. “පරමාණු බෝම්බයට-දෙවියන්ට ස්තූතියි” ඔහු ලිවීය, “අපි සතුටින් සහ ප්‍රීතියෙන් කෑගැසුවෙමු. අපි ජීවත් වෙන්න යනවා. අපි වැඩිහිටිභාවයට පත් වෙන්න යනවා” යැයි පසුව ඔහු සිහිපත් කළේය.

ඇමරිකානු පරම්පරා ගණනාවකට උගන්වා ඇත්තේ, ඇමරිකා එක්සත් ජනපදය දෙවන ලෝක යුද්ධය අවසානයේ ජපානයට පරමාණු බෝම්බ හෙළුවේ ඇමරිකාව ආක්‍රමණය කළහොත් මියයාමට සූදානම්ව සිටි ෆුසෙල් වැනි ලක්ෂ සංඛ්‍යාත තරුණයින්ගේ ජීවිත බේරාගැනීම සඳහා බවයි. නමුත් කතාව ඇත්තෙන්ම සංකීර්ණය.

පරමාණු බෝම්බ ප්‍රහාරයෙන් පසු ජපාන හිරෝෂිමා නගරයට ඉහළින් හතු වලාකුළක් නැගී ගියේය. බිම සිට දර්ශනය බෙහෙවින් වෙනස් වූ අතර ඊටත් වඩා භයානක විය. උෂ්ණත්වය ෆැරන්හයිට් 5,400°F දක්වා ළඟා වූ ගිනි බෝලය මිනිසුන්ව තත්පරයකින් දුම් දමන කළු අඟුරු මිටි බවට පත් කරමින් ඔවුන්ගේ අභ්‍යන්තර අවයව දියකර හැරියේය.

තුවාල ලැබූ සහ පිළිස්සුණු දිවි ගලවා ගත් අය ඉමහත් ලෙස දුක් විාහ. ප්‍රහාරයට ලක්වූ ‘හිබකුෂා’ පැවසූ පරිදි “වීදි පිරී තිබුණේ බිහිසුණු ලෙස පිළිස්සුණු, බොහෝ විට නිරුවත් මිනිසුන්ගේ නිමක් නැති අවතාර වැනි පෙරහැරකින්. ඔවුන්ගේ සම ඇටකටුවලින් එල්ලී තිබුණි. මංමුලා වූ ලෙස, ඔවුන්ගේ තුවාල ලැබූ සිරුරු සඳහා උපකාර සොයමින්, පවුලේ සාමාජිකයන් සොයමින්, සහ ආක්‍රමණය කරන ලද ගින්නෙන් බේරීමට උත්සාහ කරමින්, ඔවුන් අඟුරු ගැටිති වලට දැවී ගිය මළසිරුරු මත පැටලෙමින් සිටියහ.

මෙම කුරිරු අපරාධ සිදුකළ හිරෝෂිමා සහ නාගසාකි මත හෙළන ලද ඇමරිකානු පරමාණු බෝම්බ, ආසන්න වශයෙන් ඩොලර් බිලියන 2.2 ක් වැයවූ ‘මැන්හැටන් ව්‍යාපෘතියේ’ නිෂ්පාදනයකි. මෙම මිල එක්සත් ජනපදය පුරා විවිධ ස්ථානවල පර්යේෂණ, සංවර්ධනය සහ ඉදිකිරීම් ඇතුළුව පරමාණු බෝම්බ සංවර්ධනය කිරීමේ මුළු පිරිවැය නියෝජනය කළ බව ඇමරිකාවේ, නිව් ඕලින්ස් හී දෙවන ලෝක යුධ (WWII) ජාතික කෞතුකාගාරය පවසයි. මෙම දැවැන්ත කාර්යය සඳහා ව්‍යාපෘති ස්ථාන 30 කට වැඩි ගණනක සේවකයින් 100,000 කට අධික සංඛ්‍යාවක් සම්බන්ධ විය.

න්‍යෂ්ටික අවි බිල්ලන් මැවීම සහ සත්‍යය අපරාධකරු

නමුත්, ඇමරිකාව ඇතුළු බටහිර ආණ්ඩු සහ ඔවුන්ගේ මාධ්‍ය ආයතන, උතුරු කොරියාව සතුව න්‍යෂ්ටික අවි තිබීම හේතුවෙන් මුළු ලෝවම බිය විය යුතු බව පැවසීම හෝ ඉරානයට ඉක්මනින්ම න්‍යෂ්ටික අවි නිපදවිය හැකි බව අනතුරු ඇඟවීමෙන් ලොව ජන මනස කළඹවන ආකාරය අපට නිතර දැකිය හැකිවේ. යථාර්ථය නම් මානව ඉතිහාසයේ සිවිල් ජනගහණයකට එරෙහිව න්‍යෂ්ටික අවි භාවිතා කළ එකම එක රටක් ඇති බවයි. එය එක් වරක් නොව දෙවරකි. ඒ 1945 අගෝස්තු 6 සහ 9 යන දිනවල, ඇමරිකා එක්සත් ජනපද හමුදාව හිරෝෂිමා සහ නාගසාකි යන ජපන් නගරවලට පරමාණු (න්‍යෂ්ටික) බෝම්බ හෙළීමයි. මෙම න්‍යෂ්ටික ප්‍රහාරයට අද වනවිට වසර 80 ක කාලයක් ගතවී ඇතත්, ඇමරිකානු බලධාරීන් සහ ඔවුන්ගේ අධ්‍යාපන පද්ධතියේ ගුරුවරුන් කියා සිටින්නේ, දෙවන ලෝක යුද්ධය අවසන් කිරීම සඳහා තම හමුදාව ජපානයට න්‍යෂ්ටික බෝම්බ හෙළීම සිදුකළ බවයි. ඇමරිකාව දෙවන ලෝක යුද්ධයේ ඉතිහාසය කියවාගන්නේ එලෙසිනි.

මෙම ඉතිහාස කියවීම නිවැරදි කරගැනීම වැදගත්වේ. 2023 ජූලි මාසයේදී හොලිවුඩය නිකුත් කළ, 2024 වසරේ හොඳම චිත්‍රපටය ලෙස ඔස්කාර් සම්මාන ලාභී, බ්ලොක්බස්ටර් චිත්‍රපටයක් වන ‘ක්‍රිස්ටෝපර් නෝලන්’ අධ්‍යක්ෂණය කරන ලද ‘ඔපන්හයිමර්’ නම් අතිසාර්ථක චිත්‍රපටය පිළිබඳව යම් විවේචන එල්ලවිය. එය පරමාණු බෝම්බය නිර්මාණය කිරීමට උදව් කළ ‘මැන්හැටන් ව්‍යාපෘතියේ’ ‘ලොස් ඇලමොස්’ කර්මාන්ත ශාලාවේ භෞතික විද්‍යාඥයා ‘මානුෂීයකරණය’ කරන අතරම, පරමාණු බෝම්බය නිර්මාණය කිරීමේදී ඔහු කළ භූමිකාව ගැන පසුතැවිලි වූ සහ න්‍යෂ්ටික ව්‍යාප්තියට එරෙහිව උද්ඝෝෂණය කළ ‘රොබට් ඔපන්හයිමර්’, පසුව ඇමරිකානු රජයේ ‘මැකාතිවාදයේ’ ගොදුරක් බවට පත්වූ බව පෙන්වයි. නමුත්, චිත්‍රපටය විවේචනයට ලක්ව ඇත්තේ එය මෙම පරමාණු බෝම්බ ප්‍රහාරවලදී ජපන් සිවිල් වැසියන් ලක්ෂ ගණනින් ඝාතනය කිරීමේ ම්ලේච්ඡත්වයට සුදු හුණු ගෑමක් බව පවසන බැවිනි. චිත්‍රපටය හිරෝෂිමා-නාගසාකි න්‍යෂ්ටික ප්‍රහාරය නොපෙන්වයි. ඉන් වසර 78 කට පමණ පසු 2023 දී නිපදවන ලද මෙම චිත්‍රපටය වඩා හොඳින් තේරුම්ගත හැකිය. අප චිත්‍රපටය ගැන කතාකරනවට වඩා ඓතිහාසික වාර්තා තේරුම්ගැනීමට සැබෑ ඓතිහාසික ලේඛන දෙස බැලීම වැදගත් යැයි මම සිතමි.

‘ඩේවිඩ් ඩ්වයිට් අයිසන්හවර්’ ඇමරිකා එක්සත් ජනපදයේ (1953 සිට 1961 දක්වා) 34 වන ජනාධිපතිවරයා වූ අතර, දෙවන ලෝක යුද්ධ සමයේදී, ඔහු යුරෝපයේ මිත්‍ර පාක්ෂික බලකායක තරු පහේ නිලයලත් හමුදා ජෙනරාල් වූයේය. ජනාධිපති අයිසන්හවර් තැබූ තම මතක සටහන්හි “1945 දී ජර්මනියේ මගේ මූලස්ථානයට පැමිණි ‘යුද ලේකම් ස්ටිම්සන්’, අපගේ රජය ජපානයට පරමාණු බෝම්බයක් හෙළීමට සූදානම් වන බව මට දැනුම් දුන්නේය. (ඇමරිකා එක්සත් ජනපද ‘යුද ලේකම්’ව ස්ටිම්සන් සිටි කාලයේ, එහි නම ‘යුද දෙපාර්තමේන්තුව’ විය. පසුව පෙන්ටගනය,  ‘ආරක්ෂක දෙපාර්තමේන්තුව’ ලෙස හා ‘ආරක්ෂක ලේකම්වරයා’ ලෙසින් වෙනස්කර හඳුන්වනු ලැබීය.) එවැනි ක්‍රියාවක ඥානවන්තභාවය ප්‍රශ්න කිරීමට සාධාරණ හේතු ගණනාවක් ඇති බව හැඟුණු අයගෙන් කෙනෙක් මම වෙමි. අදාළ කරුණු ඔහු විසින් කියවන අතරතුර, මට මානසික අවපීඩන තත්ත්වයක් ඇතිබව දැනුණි. ඒ නිසා මම ඔහුට මගේ බරපතල සැකයන් ප්‍රකාශ කළෙමි. පළමුව, මගේ විශ්වාසයේ පදනම මත සිටිමින්, ජපානය දැනටමත් පරාජය වී ඇති බැවින් බෝම්බය හෙළීම සම්පූර්ණයෙන්ම අනවශ්‍ය බවත් සහ දෙවනුව, ඇමරිකානු ජීවිත බේරා ගැනීම සඳහා පියවරක් ලෙස තවදුරටත් අනිවාර්ය නොවන ආයුධයක් භාවිතා කිරීමෙන් අපේ රට ලෝක මතය කම්පනයට පත් කිරීමෙන් වැළකී සිටිය යුතු යැයි මම සිතුවෙමි”යි සඳහන් කළේය.

දෙවන ලෝක යුද්ධයට පිවිසීමේදී ප්‍රමාද වුවද, යුරෝපයේ ෆැසිස්ට්වාදීන් පරාජය කිරීමේදී ඇමරිකාවද සහාය ලබාදුන් අතර ජපානයේ මිලිටරිවාදීන් පරාජය කිරීමේදීද තීරණාත්මක කාර්යභාරයක් ඉටුකළේය. නමුත් යුද්ධය අවසානයේ හිරෝෂිමා සහ නාගසාකිහි පරමාණු බෝම්බ පුපුරුවා හැරීමෙන් ඇමරිකාව ඔප්පු කළේ, යුද්ධය හේතුවෙන් අතරමං වූ ලෝකයක් ඉල්ලා සිටි ආකාරයේ නායකත්වයක් සැපයීමට තමන් සූදානම් නැති බවය.

ඇමෙරිකානු ජනාධිපති රූස්වෙල්ට් යුරෝපයට ප්‍රථම උපාය මාර්ගය අවධාරණය කර තිබුණි. ඔහු “පැසිෆික් කලාපයේ සම්පූර්ණ යුධ උත්සාහයකට” විරුද්ධ විය. ජපානය පරාජය කිරීමෙන් ජර්මනිය පරාජය කළ නොහැකි බව ඔහු තර්ක කළේය. නමුත් ජර්මනිය පරාජය කිරීම යනු “බොහෝවිට වෙඩි තැබීමකින් හෝ ජීවිතයක්වත් අහිමි නොකර” ජපානය පරාජය කිරීම යයි කීවේය.

ඇමරිකාවේ ‘පර්ල් වරායේ’ සිදුකළ හදිසි ප්‍රහාරයෙන් පසුව, ජපන් ජාතිකයින් යුද්ධයේ මුල් අවධියේදී දැඩි ප්‍රහාර දියත් කළහ. ඇමරිකානු ජයග්‍රහණ අත්කර ගන්නේ දැවැන්ත වියදමකින් බව දකිමින්, ජපන් ජාතිකයින් දැඩි ලෙස සටන් කළහ. ඇමරිකානු කාර්මික නිෂ්පාදනය ඔවුන්ගේ හමුදාවන්ට විශාල වාසි ලබා දුන්නේය. 1943 වනවිට, ඇමරිකානු කර්මාන්ත ශාලා වසරකට ගුවන්යානා 100,000 ක් පමණ නිෂ්පාදනය කරමින් සිටි අතර, මුළු යුද්ධයේදීම ජපාන නිෂ්පාදනය 70,000 ක් තරම් අඩු ප්‍රමාණයක් විය. 1944 ගිම්හානය වන විට, ඇමරිකාව පැසිෆික් සාගරයේ ගුවන් යානා ප්‍රවාහන නෞකා සියයක් පමණ යොදවා තිබූ අතර, එය මුළු යුද්ධය සඳහාම ජපානය යෙදවූ විසිපහට වඩා බොහෝ සෙයින් වැඩිවිය.

යුද ප්‍රයත්නයේදී විද්‍යාවද කැපී පෙනුණි. රේඩාර් සංවර්ධනය වැනි සොයාගැනීම් මිත්‍ර පාක්ෂික ජයග්‍රහණයට දායක විය. නමුත් ඉතිහාසයේ ගමන් මග වෙනස් කරනුයේ පරමාණු බෝම්බයේ සංවර්ධනයයි.

න්‍යෂ්ටික ආයුධ දක්වා වූ විද්‍යාඥයින්ගේ මනෝරාජික මග

ප්‍රබන්ධ ලේඛකයින් සහ විද්‍යාඥයින් දිගු කලක් තිස්සේ විද්‍යාවෙහි හැකියාවන් ගැන කල්පනා කර තිබුණි. 1896 සිට, සාමකාමී සහ හමුදාමය අරමුණු සඳහා පරමාණුක ශක්තිය යොදාගැනීම, නොබෙල් ත්‍යාගලාභී විශිට විද්‍යාඥයින් වන හෙන්රි බෙකරල්, මාරි සහ පියරේ කියුරි, ෆ්‍රෙඩ්රික් සොඩි සහ අර්නස්ට් රදර්ෆර්ඩ් වැන්නන් විසින් කරන ලද විද්‍යාත්මක සොයාගැනීම් මාලාවක් විකිරණශීලීතාව පිළිබඳ කුතුහලය ඇවිස්සූසූහ1900 ගණන්වල මුල් භාගයේදී, මූලද්‍රව්‍යවල සිරවී ඇති දැවැන්ත ශක්තිය සහ විශ්වය පුපුරවා හැරීමේ හැකියාව පිළිබඳව රදර්ෆර්ඩ්, සොඩි සහ තවත් අය විසින් ඉදිරිපත් කරන ලද අදහස් අනාගත බියක් ඇති කළේය. නමුත් ඔවුන් සහ තවත් අය එවැනි ශක්තිය යෙදවිය හැකි ධනාත්මක භාවිතයන් සහ මතුවිය හැකි මනෝරාජික සමාජයන් ගැනද මනඃකල්පිත ඉදිරිපත් කළහ. ‘නව ආදම්ගේ උයනක්’ නිර්මාණය කිරීම සඳහා පරමාණුක බලයේ පැමිණීම බලාපොරොත්තුවෙන් සිටියදී, ජනතාව රේඩියම් සහ අනෙකුත් විකිරණශීලී අමුද්‍රව්‍යවල සුවකිරීමේ බලයන් කෙරෙහි ආකර්ෂණය විය. වෙළඳ ප්‍රවර්ධකයින් කියා සිටියේ, ඔවුන්ගේ නිෂ්පාදන තට්ටය ඒමේ සිට රූමැටික් දක්වාත්, අතීසාරය දක්වාත්, අධිරුධිර පීඩනය දක්වා සියලු වර්ගවල රෝග සුව කළහැකි බවයි. එක් ලැයිස්තුවක ආශ්වාස කිරීමට හෝ එන්නත් කිරීමට හෝ පෙති, ස්නාන ලවණ, සමට ආලේප කිරීමට ලයිනිමන්ට්, ඉටිපන්දම් හෝ චොකලට් රසකාරකවලට ගත හැකි විකිරණශීලී අමුද්‍රව්‍ය සහිත පේටන්ට් බලපත්‍රලාභී ඖෂධ අසූවක් අඩංගුවිය. නිව් ජර්සි, නැගෙනහිර ඔරේන්ජ්හි පිහිටි බේලි රේඩියම් රසායනාගාරවල නිෂ්පාදනය කරන ලද නිෂ්පාදන, ස්වසන ආබාධවල සිට ලිංගික දුර්වලතාවය දක්වා සියල්ල සුව කරන බව ප්‍රකාශ කළේය. එම නිෂ්පාදන අතර බෙල්ල වටා තයිරොයිඩ් ග්‍රන්ථිය ප්‍රතිජනනය කිරීම, අධිවෘක්ක ග්‍රන්ථි උත්තේජනය කිරීම, ශරීරය වටා සහ ඩිම්බ කෝෂ සඳහා විශේෂ ජෝක් පටියක වෘෂණ කෝෂය යට පැළඳිය හැකි රේඩියෝ අන්තරාසර්ග (Radio Endocrine) කාරකද විය.

විශේෂයෙන් විකිරණශීලී ඖෂධ ආසූත කළ දියර (Radithor) වලට, දුක්ඛිතම ගොදුරක් වූයේ පිට්ස්බර්ග් හී ධනවත් නිෂ්පාදකයෙකු සහ ප්ලේබෝයි ‘ඊබන් බයර්ස්’ ය. බයර්ස්ගේ වෛද්‍යවරයා ඔහුගේ තුවාලවූ අත සඳහා රේඩිතෝර් යොදාගැනීමට නිර්දේශ කළ අතර බයර්ස් කුප්පි කිහිපයක් පානය කිරීමටද පටන්ගත්තේය. 1927 දෙසැම්බර් මාසයේ දිනක, එය ඔහුගේ අත සඳහා ක්‍රියාකළා පමණක් නොව, ඔහුට නව ජීවශක්තියක් සහ ලිංගික ශක්තියක් ලබා දුන් බව බයර්ස් ප්‍රකාශ කළේය. එය වාජීකරණයක් බව විශ්වාස කරමින්, බයර්ස් තම පෙම්වතියන්ටද එම ද්‍රව්‍යය ලබාදුන්නේය. 1931 වනවිට, ඔහුම කුප්පි 1,000 ත් 1,500 ත් අතර ප්‍රමාණයක් පානය කල අතර අසනීපවීමට පටන්ගත්තේය. ඔහුගේ බර අඩු වී, දරුණු හිසරදයක් අත්විඳ, දත් වැටෙනු දුටුවේය. ඔහුගේ ශරීරය සෙමෙන් දිරාපත්වන බව විශේෂඥයින් තීරණය කළහ. ඔහුගේ ඉහළ හකු සහ ඔහුගේ පහළ හකු බොහොමයක් ඉවත් කරන ලද අතර, ඔහුගේ හිස් කබලේ සිදුරු දිස්විය. එතැන් සිට විකිරණශීලී විෂ වීමකට ගොදුරු වූ පසු ඔහුගේ අවසානය ඉක්මනින් පැමිණියේය. එය එක් කතාවකි.

එච්.ජී. වෙල්ස් 1914 දී සිය පළමු පරමාණුක යුද්ධ නවකතාව වන ‘The World Set Free’ නිමකළේය. ඔහු එක් පැත්තකින් ජර්මනිය හා ඔස්ට්‍රියාව සහ අනෙක් පැත්තෙන් එංගලන්තය, ප්‍රංශය සහ ඇමරිකාව අතර පරමාණුක යුද්ධයක් ගැන අනාවැකි පළ කළේය. එයට අනුව නගර දෙසියයකට අධික ප්‍රමාණයක් “පරමාණු බෝම්බවල නොනිවෙන තද රතු පැහැති ගිනිදැල්” මගින් විනාශ වේ. පසුව “දෙවියනේ, ඔබ සැමට ශාප වේවා, මම ඔබට එය කීවෙමි”යි ඔහු එහි සාරාංශ කළේය.

1938 දෙසැම්බර් මාසයේදී, ජර්මානු භෞතික විද්‍යාඥයන් දෙදෙනෙක් යුරේනියම් පරමාණුව බෙදීමෙන් විද්‍යා ලෝකය මවිතයට පත්කළ අතර, පරමාණු බෝම්බ සංවර්ධනය න්‍යායික හැකියාවක් බවට පත් කළහ. මෙම වර්ධනයෙන් වඩාත්ම තැති ගත්තේ යුරෝපයෙන් පැන ආ වාර්තාගත ඇමරිකානු නාසි විද්‍යාඥයන් වන අතර, හිට්ලර් එවැනි ආයුධයක් අතට ගතහොත් ඇතිවන ප්‍රතිවිපාක ගැන බියවූහ. එය වැළැක්වීමක් ලෙස ඇමරිකා එක්සත් ජනපදය තමන්ගේම පරමාණු බෝම්බයක් ගොඩනගා ගතයුතු බව යෝජනා විය. සංක්‍රමණික විද්‍යාඥයන් ඇමරිකානු බලධාරීන්ගේ උනන්දුව අවදිකිරීමට උත්සාහ කළ නමුත් එය අසමත් විය.

අයින්ස්ටයින්ගේ ජීවිතයේ විශාල වැරැද්ද

1939 ජූලි මාසයේදී, හංගේරියානු-ඇමරිකානු භෞතික විද්‍යාඥයින් වූ ලියෝ සිලාර්ඩ් සහ ඉයුජින් විග්නර් විසින් පරමාණු බෝම්බ පරීක්ෂණ සඳහා අනුමැතිය ලබාගැනීමට, ගෝලීය වශයෙන් ඇගයීමට ලක්ව තිබූ විද්‍යාඥ ‘ඇල්බට් අයින්ස්ටයින්’ගේ උපකාරය ඉල්ලා සිටියහ. අයින්ස්ටයින්, ජනාධිපති රූස්වෙල්ට් වෙත මේ පිළිබඳව ලිවීමට එකඟ විය. අගෝස්තු මාසයේදී ලියන ලද පළමු ලිපිය, ජර්මානු පරමාණු බෝම්බයක විභවය පිළිබඳව අනතුරු ඇඟවූ අතර ඇමරිකා එක්සත් ජනපද පරමාණුක පර්යේෂණ වැඩසටහනකට අවසර දෙන ලෙස ඉල්ලා සිටි ‘මෑන්හැටන් ව්‍යාපෘතියේ’ ආරම්භයට හේතු විය. පසුව අයින්ස්ටයින් එම ක්‍රියාව ගැන කණගාටු වූ අතර,“මම මගේ ජීවිතයේ එක් විශාල වැරැද්දක් කළා. පරමාණු බෝම්බ සෑදීමට නිර්දේශ කරමින් ජනාධිපති රූස්වෙල්ට් වෙත යැවූ ලිපියක් අත්සන් කළා” යැයි පැවසීය. ඇත්තෙන්ම, 1945 මාර්තු මාසයේදී ලියන ලද දෙවැන්නෙන්, න්‍යෂ්ටික ශක්තියේ ඇඟවුම් සාකච්ඡා කිරීම සඳහා විද්‍යාඥයින් හමුවීමට රූස්වෙල්ට්ගෙන් ඉල්ලා සිටියද, එය ඔහුගේ මරණයට පෙර ජනාධිපතිවරයා වෙත ළඟා නොවීය.

නව වාර්තාව අතැතිව, රටේ ඉහළම විද්‍යා පරිපාලක වන ‘වැනේවර් බුෂ්’, ජනාධිපති රූස්වෙල්ට් සහ උප ජනාධිපති හෙන්රි වොලස් හමුවීමට ගියේය. නව තොරතුරු මත පදනම්ව රූස්වෙල්ට්, බුෂ් ඉල්ලා සිටි සම්පත් ලබාදුන්නේය. බුෂ්, නොබෙල් ත්‍යාගලාභී විද්‍යාඥ ‘ආතර් කොම්ප්ටන්’ව බෝම්බ නිර්මාණය භාරව පත්කළේය. කොම්ප්ටන්, චිකාගෝ විශ්ව විද්‍යාලයේ ලෝහ විද්‍යාගාරය පිහිටුවීය. ඉලක්කය වූයේ “පරමාණුක ගොඩක ස්වයං-තිරසාර දාම ප්‍රතික්‍රියාවක්”(A self-sustaining chain reaction in an atomic pile) නිපදවීමයි. වැදගත් ප්‍රශ්න ගණනාවක් සමඟ පොරබදමින් සිටි කොම්ප්ටන්, දක්ෂ හා ආකර්ෂණීය න්‍යායාත්මක භෞතික විද්‍යාඥ ‘ජේ. රොබට් ඔපන්හයිමර්’ හමුවී ඉල්ලා සිටියේ, අසාමාන්‍ය න්‍යායාචාර්යවරුන් කණ්ඩායමක් එක්රැස් කරන ලෙසයි. ඔපන්හයිමර්ගේ “දීප්තිමත්” අය අතර, ඔහු හැඳින්වූ පරිදි, එඩ්වඩ් ටෙලර් සහ හාන්ස් බෙතේ ද සහභාගි කරගත්හ.

විද්‍යාඥයින් දුටු මානව සංහතියේ අනතුර

විද්‍යාඥයින්ට, ඔවුන් අතැති පරමාණු බෝම්බයක් තැනීමේ ගැටලුව කෙරෙහි අවධානය යොමු කිරීමට අපහසු විය. මේ අනුව, ව්‍යාපෘතියේ ආරම්භයේ සිටම, මාර්ගය අවසානයේ ඇත්තේ මිනිස් විනාශකාරී හැකියාවන් බෙහෙවින් ප්‍රගුණ කරන පරමාණු බෝම්බයක් පමණක් නොව, ග්‍රහලෝකයේ සියලු ජීවීන්ට තර්ජනයක් විය හැකි හයිඩ්‍රජන් බෝම්බයක් බව ප්‍රමුඛ විද්‍යාඥයින් දැන සිටියහ.

එම ගිම්හානයේදී ඔවුන්ට කොතරම් ගැඹුරු ලෙස නොසන්සුන්කාරී බියක් ඇති වූවාද කිවහොත් එය, ‘ව්‍යාපෘතිය’ නතර කිරීමට ඔවුන්ට බල කළේය. ඔවුන්ගේ සාකච්ඡා අතරතුර, භෞතික විද්‍යාඥයින් හදිසියේම තේරුම්ගත්තේ පරමාණුක පිපිරීමකින් සාගරවල හයිඩ්‍රජන් හෝ වායුගෝලයේ නයිට්‍රජන් දල්වා ග්‍රහලෝකය ගිනි තැබිය හැකි බවයි. ඔපන්හයිමර් පිළිබඳව, භෞතික විද්‍යාඥ ‘අර්නස්ට් ලෝරන්ස්’ තම අධ්‍යයනයේදී, ‘නියුල් ෆා ඩේවිස්’ කාමරය පුරා පැතිර ගිය තම තිත්ත බිය මෙසේ විස්තර කරයි. “ඔපන්හයිමර් කළු ලෑල්ල දෙස පුදුමයෙන් බලා සිටියේය, කාමරයේ අනෙක් මුහුණු අනුක්‍රමිකව එම පෙනුමම ලබා ගත්තේය. . . . රසායන විද්‍යාඥ ‘මොඩී ඩැනියෙල් ටේලර්’, කොටස් නොවන බෝම්බයක තාප නිෂ්පාදනය නිවැරදිව ගණනය කර තිබුණි. ඔපන්හයිමර් එය දුටුවේය. එය මුළු ග්‍රහලෝකයේම වායුගෝලය ගිනිබත් කරන බව පෙන්වූ බැවින්, සාකච්ඡාවේ කිසිවෙකුට ඔහු වැරදි බව ඔප්පු කළ නොහැකි විය. ඔපන්හයිමර්, කොම්ප්ටන් සමඟ සාකච්ඡා කිරීමට දිව ගියේය. තම මතක සටහන් වන ‘The Atomic Quest’හී ආතර් කොම්ප්ටන් පැහැදිලි කරන්නේ “අපගේ පරමාණු බෝම්බවලට වාතය හෝ මුහුද පුපුරවා හැරිය නොහැකි බවට ස්ථිර සහ විශ්වාසදායක නිගමනයකට පැමිණියහොත් මිස, මෙම බෝම්බ කිසි විටෙකත් සෑදිය යුතු නැත” යනුවෙන්, ඔපන්හයිමර් එකඟ වූ බවයි. “මනුෂ්‍ය වර්ගයා මත අවසාන තීරය ඇඳීමේ අවස්ථාවක් ලබා ගැනීමට වඩා නාසීන්ගේ වහල්භාවය පිළිගැනීම බෙහෙවින් හොඳය” යනුවෙන් කොම්ප්ටන් එහි විශේෂයෙන් සඳහන් කරයි.

1945 පෙබරවාරි මාසයේදී හිරෝහිතෝ අධිරාජ්‍යයා සංදේශයකින් මෙසේ පැවසීය: “ජපානයේ පරාජය නොවැළැක්විය හැකි බව පැවසීම ගැන මම කණගාටු වෙමි”. එහි අනතුරු ඇඟවූයේ, “අප කනස්සල්ලට පත්විය යුත්තේ පරාජය සමඟ ඇති විය හැකි කොමියුනිස්ට් විප්ලවයක් ගැනය”. ඒ අතර අගෝස්තු මාසයේ සිට, සයිපාන්හි ඇමරිකානු එක්සත් ජනපද ජයග්‍රහණයෙන් පසුව, ජපානය යුද්ධය අවසන් කරන්නේ කෙසේද යන්න පිළිබඳ අධ්‍යයනයන් නිහඬව ආරම්භකර තිබුණි. ජපන් බලාපොරොත්තු සුන්වීම දිනෙන් දින වර්ධනය වෙමින් පැවතිණ.

අධිරාජ්‍යයා එල්ලා මැරීම, ක්‍රිස්තුස් වහන්සේ කුරුසියේ ඇණ ගැසීමට සමානද?

ජනාධිපති රූස්වෙල්ට් ජර්මනිය, ඉතාලිය සහ ජපානය “කොන්දේසි විරහිතව යටත් වීම” සඳහා ඉල්ලා සිටියේය. එය පැහැදිලිවම ජනාධිපති රූස්වෙල්ට් සහ අගමැති චර්චිල් විසින් කලින් සාකච්ඡාකර එකඟ වී තිබුණි. ජපානයට එම ඉල්ලීමට අනුගතවීමේ ප්‍රතිවිපාක අතිමහත් වනු ඇත.

“කොන්දේසි විරහිත යටත් වීම” යන්නෙන් අදහස් කරන්නේ කොකුටායි (අධිරාජ්‍ය ක්‍රමය) විනාශ කිරීම සහ ජපන් අධිරාජ්‍යයා යුද අපරාධකරුවෙකු ලෙස නඩු විභාගකර මරා දැමීමේ සම්භාවිතාව බව ජපන් ජාතිකයින් උපකල්පනය කරන්නට ඇත. බොහෝ ජපන් ජාතිකයින්ට, එවැනි ප්‍රතිඵලයක් “සිතීමට” නොහැකි තරම් භයානක විය. ක්‍රි.පූ. 660 දී ‘ජිම්මු’ අධිරාජ්‍යයාගේ සිට ඔවුන් තම අධිරාජ්‍යයාට දෙවියෙකු ලෙස නමස්කාර කරමින් සිටියහ. ඇමරිකානු හමුදා ජෙනරාල් ‘මැක්ආතර්’ගේ ‘නිරිතදිග පැසිෆික් විධානය’ විසින් කරන ලද අධ්‍යයනයකින් පැහැදිලි වූයේ, “අධිරාජ්‍යයා සිංහාසනාරූඪ කිරීම හෝ එල්ලා මැරීම, සියලු ජපන් ජාතිකයින්ගෙන් දැවැන්ත හා ප්‍රචණ්ඩකාරී ප්‍රතිචාරයක් ඇති කරනු ඇත. ඔවුන්ට අධිරාජ්‍යයා එල්ලා මැරීම, අපට ක්‍රිස්තුස් වහන්සේගේ කුරුසියේ ඇණ ගැසීමට සමාන වනු ඇත”. “එය වටහාගත් බොහෝ දෙනෙක්, යටත්වීමේ කොන්දේසි මෘදු කරන ලෙස ජනාධිපති ටෲමන්ගෙන් පසුව ඉල්ලා සිටියහ”යනුවෙනි. (ජනාධිපති ෆ්‍ෑන්ක්ලින් ඩී. රූස්වෙල්ට්ගේ අභාවයෙන් පසු, 1945 අප්‍රේල් 12 වන දින හැරී එස්. ටෲමන් ජනාධිපති ධුරයට පත්විය. ඔහු 1945 සිට 1953 දක්වා සේවය කළ ඇමරිකා එක්සත් ජනපදයේ 33 වන ජනාධිපතිවරයා විය.)

එක්සත් ජනපදයට මෙගාටොන් 10 ත් 100 ත් අතර ආයුධ තිූ බව පෙනිණ. (“මෙගාටොන්” යනු TNT ටොන් මිලියනයක බලයට සමාන ශක්ති ඒකකයකි. එය සාමාන්‍යයෙන් න්‍යෂ්ටික අවිවල පුපුරනසුලු බලය මැනීමට භාවිතා කරයි. උදාහරණයක් ලෙස, හිරෝෂිමා සහ නාගසාකි මත හෙළන ලද බෝම්බ පිළිවෙලින් TNT මෙගාටොන් 0.015 සහ 0.021 ට සමාන ශක්තියක් නිකුත් කළේය.) එය හිරෝෂිමාවට හෙළනු ලැබූ බෝම්බය මෙන් හත්දහස් ගුණයකින් පමණ බලවත් විය හැකිය.

දැන් අප සියල්ලෝම බැල්ලියන්ගේ පුත්‍රයෝය

මැයි මස අගදී, විද්‍යාඥයින් බෝම්බය භාවිතා කිරීමට එරෙහිව අනතුරු ඇඟවීම සඳහා ජනාධිපති ටෲමන් හමුවීමට උත්සාහ කළහ. බලධාරීන්ගේ ප්‍රතිචාරය ඔවුන් බියට පත් කළේය. “යුද්ධය ජයග්‍රහණය කිරීම සඳහා ජපානයේ නගරවලට එරෙහිව බෝම්බය භාවිතා කිරීම අවශ්‍ය බව තර්ක කළේ නැත. ඒ වන විට, ජපානය අනිවාර්යයෙන්ම පරාජයට පත්වන බව ඔවුන් දැනසිටියෝය. . . . ඒ වන විට යුරෝපයේ රුසියානු බලපෑම පැතිරීම ගැන ඔවුන් බොහෝ සේ කනස්සල්ලට පත්ව සිටියෝය”. එය අවධාරණය කරමින් “බෝම්බය ප්‍රදර්ශනය කිරීම රුසියාව යුරෝපයේදී වඩාත් කළමනාකරණය කළහැකි බව පිළිගත්තේ ඔහුගේ මනසෙහි සෝවියට් සංගමය සැමවිටම සතුරා වූ බැවිනි”. “මෙම ව්‍යාපෘතිය භාරගත් දින සිට සති දෙකක පමණ කාලයක සිට රුසියාව අපගේ සතුරා බවට ප්‍රමුඛ විද්‍යාඥයන් පැත්තෙන් කිසිදු අවිශ්වාසයක් නොතිබූ අතර, ව්‍යාපෘතිය එම පදනම මත සිදුකරන ලදී”. 1944 මාර්තු මාසයේ රාත්‍රී භෝජන සංග්‍රහයකදී “ඇත්ත වශයෙන්ම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ රුසියානුවන් යටත්කර ගැනීම බව ඔබට වැටහෙනවා”.  යනුවෙන්ද, පරමාණු බෝම්බය “යුද්ධය අවසානයේ අපගේම නියමයන් නියම කිරීමට අපට හොඳ ස්ථානයක් ලබාදිය හැකිය” යන අප්‍රේල් 13 වන දින ජනාධිපති ටෲමන් කළ ප්‍රකාශය ව්‍යාපෘතියට තීරණාත්මක ආලෝකයක් විහිදුවීය. ජූලි 16 වන දින, ජනාධිපති ටෲමන් බර්ලිනයේ සංචාරය කරමින් ඊළඟ දින සෝවියට් නායක ස්ටාලින් සමඟ රැස්වීමට සූදානම් වෙමින් සිටියදී, විද්‍යාඥයින් නිව් මෙක්සිකෝවේ ඇලමෝගෝර්ඩෝ නගරයෙන් පිටත කාන්තාර ප්‍රදේශයේදී පළමු පරමාණු බෝම්බය පුපුරුවා හැරියහ. පරීක්ෂණ අපේක්ෂාවන් ඉක්මවා ගියේය. කිලෝටොන් 18.6 ක පිපිරීමේ දැවැන්ත බලය සහ අහසේ දීප්තිය සැලකිල්ලට ගෙන, සමහර විද්‍යාඥයින් බියවූයේ ඔවුන් සැබවින්ම වායුගෝලය ගිනිතබා ඇති බව සිතායි. භගවත් ගීතාවේ වාක්‍ය ඛණ්ඩයක් ඔහුගේ මනස හරහා දැනුණු බව ඔපන්හයිමර් පැවසීය. “මම මරණය බවට පත්වී සිටිමි, ලෝක විනාශ කරන්නා බවට පත්ව ඇත”.  ව්‍යාපෘති නියෝජ්‍ය අධ්‍යක්ෂ කෙනත් බේන්බ්‍රිජ් එය වඩාත් සරලව පැවසීය: “දැන් අපි සියල්ලෝම බැල්ලියන්ගේ පුත්‍රයෝය.” කෙසේ වෙතත්, ජේ. රොබර්ට් ඔපන්හයිමර් “ පරමාණු බෝම්බයේ පියා” බවට පත්විය.

 ජූලි 21 වන දින, කේබල් පණිවුඩයක් යැවූ අතර, ටෲමන් වෙත දැනුම්දීම සිදුවිය. ඔවුන් ප්‍රීතියෙන් උද්දාමයට පත්විය. එහි සඳහන් වූයේ, “පරීක්ෂණය සෑම කෙනෙකුගේ වඩාත්ම ශුභවාදී අපේක්ෂාවන් ඉක්මවා සාර්ථක විය” යනුවෙනි.

ටෲමන්, විශ්වාස කළේ සෝවියට් උදව් නොමැතිව ඇමරිකා එක්සත් ජනපද කොන්දේසි මත ජපන් යටත්වීම වේගවත් කිරීමට සහ එමගින් සෝවියට් සංගමයට පොරොන්දු වූ භෞමික සහ ආර්ථික සහන ප්‍රතික්ෂේප කිරීමට ඔවුන්ට දැන් ක්‍රමයක් ඇති බවත්ය. වාර්තාවෙන්, ජනාධිපතිවරයා අතිශයින් උද්දාමයට පත්වූ අතර, එය “ඔහුට සම්පූර්ණයෙන්ම නව විශ්වාසයක් ඇතිකළ බව” පෙනිණ. චර්චිල්ට සහ ස්ටාලින්ට මුල් සැසිවාරවල ආධිපත්‍යය දැරීමට ඉඩ දුන් ටෲමන් පසුව කටයුතු දැඩි ලෙස පාලනය කළේය. ඊළඟ පූර්ණ සැසිවාරයේදී වින්ස්ටන් චර්චිල් දර්ශනය විස්තර කළේ මෙසේය. “මට එය තේරුම් ගත නොහැකි විය. මෙම වාර්තාව කියවීමෙන් පසු, ඔහු රැස්වීමට පැමිණි විට ඔහු වෙනස්වූ මිනිසෙකු විය. ඔහු රුසියානුවන්ට ඔවුන් යන එන තැන හරියටම පැවසූ අතර සාමාන්‍යයෙන් මුළු රැස්වීමම මෙහෙයවීය.”

සම්මන්ත්‍රණය අවසන්වීමට පෙර, ටෲමන් ස්ටාලින් වෙත ගොස්, එක්සත් ජනපදය “අසාමාන්‍ය විනාශකාරී බලයක් සහිත නව ආයුධයක්” නිපදවා ඇති බව සඳහන් කළේය. සෝවියට් බුද්ධි අංශ හරහා ‘ෑන්හැටන් ව්‍යාපෘතිය’ පිළිබඳව ස්ටාලින් දැනුවත්ව සිටි බව නොදැන, ටෲමන් ඔහුගේ උනන්දුවක් නැති ප්‍රතිචාරයෙන් පුදුමයට පත් වූ අතර ස්ටාලින් තමන්ට පවසන දේ ග්‍රහණය කරගෙන ඇත්දැයි කල්පනා කළේය. ටෲමන් තේරුම්ගත් ප්‍රමාණයට වඩා බොහෝ දේ ස්ටාලින් තේරුම් ගත්තේය. පරීක්ෂණය සැලසුම් කර ඇති බව ඔහු දැන සිටියේය. දැන් එය සාර්ථක වූ බව ඔහු නිගමනය කළේය. ඔහු “වහාම සෝවියට් ආරක්ෂක ප්‍රධානී ‘ලැව්රෙන්ටි බේරියා’ට දුරකතන ඇමතුමක් දී පරීක්ෂණය සිදු වූ බව නොදැන සිටීම ගැන ඔහුට දොස් පැවරුවේය දීර්ඝතම සෝවියට් රාජ්‍ය තාන්ත්‍රිකයා වූ අන්ද්‍රෙයි ග්‍රොමිකෝ පසුව වාර්තා කළේ, “ස්ටාලින් තම ‘විලාවට’ ආපසු පැමිණිවිට, ඇමරිකානුවන් යුරෝපයේ නියමයන් නියම කිරීමට ඔවුන්ගේ පරමාණුක ඒකාධිකාරය භාවිතා කරන බැවින් ඔවුන්ගේ ‘බ්ලැක්මේල්’ වලට යටත් නොවන බව” සඳහන් කළ බවයි. ඔහු “සෝවියට් යුධ හමුදාවන්ට රට යුද්ධයට ඇතුළුවීම වේගවත් කරන ලෙස නියෝග කළ අතර, සෝවියට් විද්‍යාඥයින්ට ඔවුන්ගේ පර්යේෂණවල වේගය වැඩි කරන ලෙස නියෝග කළේය” යනුවෙනි.

පරමාණු බෝම්බ ගිනිදැල් මතු කළ සීතල යුධ සමය

කෙසේ සිදු කළත්, ජපානයට මෙම න්‍යෂ්ටික බෝම්බ දැමීම, සෝවියට් සංගමය ඉලක්ක කරමින් ඇමරිකා එක්සත් ජනපදය විසින් ගත් දේශපාලන තීරණයකි. මෙය සීතල යුද්ධයේ ආරම්භක ක්‍රියාව විය. යථාර්ථය වූයේ නාසි ජර්මනිය සමඟ මිත්‍ර වී සිටි ජපන් ෆැසිස්ට් පාලනය පෙරලා දමා ජපානය නිදහස් කර ගැනීමේ අද්දර සෝවියට් සංගමයද සිටි බවයි. ජපන් ෆැසිස්ට්වාදය පරාජය කළේ නම්, සෝවියට් සංගමයේ මිත්‍රයෙකු බවට පත්ව ජපානයේ පශ්චාත්-ෆැසිස්ට් රජය පසුව සමාජවාදී රටක් ලෙස නිර්මාණය වනු ඇතැයි ඇමරිකාව බියවිය. එබැවින්, දෙවන ලෝක යුද්ධය අවසන් වූ වහාම, ඇමරිකාව සෝවියට් සංගමයට එරෙහිව සීතල යුද්ධය දියත් කළ බැව් මතයක් නොව, ලේඛනගතකර ඇත. එය, ඇමරිකා එක්සත් ජනපද රජයේ ලේඛනවල පිළිබිඹු වන අතර එරට ඉහළම විශ්ව විද්‍යාලවල බොහෝ ප්‍රධාන ධාරාවේ ඉතිහාසඥයින්, මෙම ඉතිහාසය ගැන ලියා ඇත. මෙය එක්සත් ජනපදය, ජපානයට න්‍යෂ්ටික බෝම්බ හෙළීමේ සැබෑ ඉතිහාසයයි. එය දේශපාලනික තීරණයකි. ඇමරිකා එක්සත් ජනපද රජයේ සීතල රණශූරයන් ජපානයට පරමාණු බෝම්බ හෙළීම සෝවියට් සංගමය ඉලක්ක කරගත් දේශපාලන ක්‍රියාවක් ලෙස දුටහ. බ්‍රිතාන්‍යය ඇගේ නාවික බලඇණියත්, බලවත් ඇමරිකාව ශක්තිමත්ම ගුවන් හමුදාව සහ රුසියාව මහාද්වීපයේ දිගම ගොඩබිම් බලය සහිත සෝවියට් සංගමයට ඉදිරි කාලය සඳහා ලෝක සාමය සහතික කළ හැකිව තිබුණි. හිරෝෂිමා බෝම්බ ප්‍රහාරය ලෝක යුද්ධය අවසන් කළේ නැත. දෙවන ලෝක යුද්ධය අවසන් වූයේද නැත. එය සීතල යුද්ධය ආරම්භ කළේය. පරමාණු බෝම්බයේ දැවැන්ත බලය ලෝකයේ ප්‍රමුඛ සුපිරි බලවතුන් දෙදෙනා නව ගැටුමකට තල්ලු කළේය.

තවත් පැත්තකින්, ජපානය සමාජවාදී වෙන්න ඉඩ තිබිණ යැයි පැවසේ. එය සෝවියට් සංගමයේ මිත්‍රයෙක් වීමට ඉඩ තිබිණ. ජපන් අධිරාජ්‍යයේ ෆැසිස්ට් කුරිරුකම් පරාජය කරමින්, 1949 දී චීනයේ කොමියුනිස්ට්වාදීන් බලයට පත්වන විට, ජපානය මහජන චීන සමූහාණ්ඩුවේ මිත්‍රයෙක් වෙන්නට ඉඩ තිබුණි. එවිට සෝවියට් සංගමය, ජපානය සහ චීනය දැවැන්ත කොමියුනිස්ට් සුපිරි බලවතුන් ලෙස පැමිණීමට ඉඩ තිබිණ. එබැවින්, ජපානය සමාජවාදී වීම වැළැක්වීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය න්‍යෂ්ටික බෝම්බ හෙළීමෙන් ජපන් සිවිල් වැසියන් ලක්ෂ ගණනක් සමූලඝාතනය කළේ යැයි කියාද මතයකි.

ජපානය යටත් වීමේදී හා ඇමරිකාව බෝම්බය හෙළීමට ගත් තීරණයේදී සෝවියට් භූමිකාව පිළිබඳ තර්කය සමඟ සම්බන්ධයක් ඇත.  තර්ක දෙකම සෝවියට් සංගමයේ වැදගත්කම අවධාරණය කරයි. පළමුවැන්නෙන් ජපානය, සෝවියට් සංගමයට බියෙන් එක්සත් ජනපදයට යටත් වූ බව යෝජනා කරන අතර, දෙවැන්නෙන් අවධාරණය කරන්නේ එක්සත් ජනපදය, සෝවියට් සංගමය බිය ගැන්වීම සඳහා බෝම්බ හෙළූ බවයි. යුද්ධය අවසන් වීම පිළිබඳ සෝවියට් වාර්තා සෝවියට් සංගමයේ කාර්යභාරය අවධාරණය කළේය. ‘මහා සෝවියට් විශ්වකෝෂය’ සිදුවීම් එය මෙසේ සාරාංශ කළේය;

‘1945 අගෝස්තු මාසයේදී ඇමරිකානු ගුවන් හමුදා, හිරෝෂිමා සහ නාගසාකි නගරවලට පරමාණු බෝම්බ හෙළූහ. මෙම බෝම්බ හෙලීම් මිලිටරි අවශ්‍යතාවයක් නිසා සිදු නොවූ අතර ඒවා ප්‍රධාන වශයෙන් දේශපාලන අරමුණු සඳහා සේවය කළේය. ඒවා සාමකාමී ජනගහණයකට දැවැන්ත හානියක් සිදු කළේය.

දෙවන ලෝක යුද්ධය ඉතා ඉක්මනින් අවසන් කිරීම අරමුණු කරගනිමින් සහ තම සගයින් සමඟ ගිවිසුමක් මගින් ඇති කරගත් බැඳීම් ඉටු කරමින්, 1945 අගෝස්තු 8 වන දින සෝවියට් රජය ප්‍රකාශ කළේ 1945 අගෝස්තු 9 වන දින සිට සෝවියට් සංගමය, ජපානයට එරෙහිව යුද්ධයක යෙදෙන බවත්, 1945 ජූලි 26 වන දින ඇමරිකා එක්සත් ජනපදය, මහා බ්‍රිතාන්‍යය සහ චීන රජය 1945 ‘පොට්ස්ඩෑම් ප්‍රකාශනය’ට සම්බන්ධ වූ බවත්ය. එය ජපානය කොන්දේසි විරහිතව යටත් කර ගැනීම ඉල්ලා සිටි අතර එහි පසුකාලීන හමුදාකරණය සහ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා පදනම පෙන්නුම් කළේය. ‘ක්වාන්ටන්ග්’ හමුදාව විනාශ කර මැන්චූරියාව, උතුරු කොරියාව, දකුණු සහාලින් සහ කුරිල් දූපත් නිදහස් කර ගනිමින්, සෝවියට් හමුදා විසින් එල්ල කරන ලද ප්‍රහාරය ඈත පෙරදිග යුද්ධය වේගයෙන් අවසන් කිරීමට හේතුවිය. 1945 සැප්තැම්බර් 2 වන දින ජපානය කොන්දේසි විරහිතව යටත්වීමේ ක්‍රියාවට අත්සන් තැබීය’.

සමහරු තර්ක කරන්නේ සෝවියට් සංගමය පැසිෆික් යුද්ධයට ඇතුළු වීමට පෙර බෝම්බ හෙළා ජපානය යටත් වීම එක්සත් ජනපදය බලාපොරොත්තු වූ බවයි. කෙසේ වෙතත්, සෝවියට් සංගමය, ඇමරිකා එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය යාල්ටා සමුළුවේදී සෝවියට් සංගමය ජපානයට එරෙහි යුද්ධයට සම්බන්ධ විය යුතු කාලය සහ යුද්ධය අවසානයේ ජපානයේ භූමිය බෙදිය යුතු ආකාරය පිළිබඳව එකඟතාවයකට පැමිණි සිටියහ.

 ‘Time’ සඟරාව ‘ ඔපන්හයිමර්, 1948 වසරේ පුද්ගලයා ලෙස නම් කළේය.

විනාශකාරී පරමාණු ප්‍රහාරය ගැන සමාව අයැදින්නේ නැහැ – බැරැක් ඔබාමා

හිරෝෂිමාවේ බුද්ධිමතුන් පිරිසක් හිරෝෂිමා සහ නාගසාකි මත පරමාණු බෝම්බ හෙළීම පිළිබඳ ‘ජාත්‍යන්තර ජනතා විනිශ්චය සභාව’ නමින් නිල නොවන ආයතනයක් පිහිටුවන ලදී. 2007 ජූලි 16 වන දින, එය සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මෙසේ පැවසීය;

“පරමාණු බෝම්බ නිසා සිදුවන හානියේ ස්වභාවය, සියලු ජීව ස්වරූප අවිචාරවත් ලෙස සමූල ඝාතනය කිරීම හෝ දිවි ගලවා ගත් අයට අනවශ්‍ය වේදනාවක් ඇති කිරීම ලෙස විස්තර කළ හැකි බව විනිශ්චය සභාව සොයා ගනී”.

ක්‍රියාවෙහි නීත්‍යානුකූලභාවය සහ සදාචාරය පිළිබඳව, නිල නොවන විනිශ්චය සභාව සොයා ගත්තේ;

“… හිරෝෂිමා සහ නාගසාකි හි න්‍යෂ්ටික අවි භාවිතය නීති විරෝධී වූයේ සන්නද්ධ ගැටුම්වලදී අදාළ වන ජාත්‍යන්තර මානුෂීය නීතියේ මූලධර්ම සහ නීතිරීති අනුව ය. නගර දෙකටම බෝම්බ හෙළීමෙන් සිවිල් වැසියන් ප්‍රහාරයේ අරමුණ බවට පත් වූ අතර, න්‍යෂ්ටික අවි භාවිතා කරමින් සිවිල් වැසියන් සහ හමුදා ඉලක්ක අතර වෙනස හඳුනා ගැනීමට නොහැකි වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස සිවිල් දිවි ගලවා ගත් අයට අනවශ්‍ය දුක් වේදනා ඇති විය” යනුවෙනි.

ඉතිහාසඥයෙකු සහ බීබීසී නැගෙනහිර පෙරමුණේ යුද වාර්තාකරුවෙකු වූ ‘ඇලෙක්සැන්ඩර් වර්ත්’ ප්‍රකාශ කරන්නේ; “ජපානයට න්‍යෂ්ටික බෝම්බ හෙළීම ප්‍රධාන වශයෙන් සේවය කළේ දේශපාලනික පශ්චාත් යුධ ක්ෂේත්‍රය සූදානම් කිරීම සඳහා, සෝවියට් සංගමයේ දොරකඩටම පාහේ නව අවිය වඩාත් කම්පන සහගත ආකාරයෙන් පෙන්වීමට බවයි”.

 2003 දී, දකුණු අප්‍රිකාවේ ‘නෙල්සන් මැන්ඩෙලා’, හිරෝෂිමා සහ නාගසාකි බෝම්බ ප්‍රහාර ගැන මෙසේ පැවසීය;

“මීට වසර 57 කට පෙර, ජපානය සියලු පෙරමුණුවලින් පසුබසිමින් සිටියදී, ඔවුන් (ඇමරිකා එක්සත් ජනපදය) හිරෝෂිමා සහ නාගසාකි හි පරමාණු බෝම්බ හෙළීමට තීරණය කළහ. එම බෝම්බවල බලපෑමෙන් තවමත් පීඩා විඳින අහිංසක මිනිසුන් විශාල ප්‍රමාණයක් මරා දැමූහ. එම බෝම්බ ජපන් ජාතිකයින්ට එරෙහිව එල්ල කරන ලද්දක් නොවේ. ඒවා සෝවියට් සංගමයට එරෙහිව එල්ල කරන ලද්දකි. “බලන්න, අපට ඇති බලය මෙයයි. ඔබ අප කරන දෙයට විරුද්ධ වීමට එඩිතර වුවහොත්, ඔබට සිදුවන්නේ මෙයයි”  ඔවුන් ඉතා අහංකාර නිසා ඔවුන් ජපානයේ යුද්ධයෙන් පීඩා විඳින අහිංසක මිනිසුන්, එසේ මරා දැමීමට තීරණය කළහ”.

1959 දී චේ ගුවේරා හිරෝෂිමාවට ගිය අවස්ථාවේදී;

“ඇමරිකා එක්සත් ජනපදය විසින් ඔබට කරන ලද කුරිරුකම් ගැන ජපන් ජාතිකයින් කිසි විටෙකත් කෝපයට පත් නොවන්නේද?” යනුවෙන් ඇසීය.

වසර නවයකට පෙර 2016 මැයි 20 සිකුරාදා දිනක, ලොව පළමු න්‍යෂ්ටික බෝම්බ හෙම සිදු වූ ස්ථානයට සංචාරය කරන පළමු ඇමරිකානු ජනාධිපතිවරයා බවට බැරැක් ඔබාමා පත්වන අතර, ෆැසිස්ට් දේශපාලන මූලයන්ගෙන් පැවත එන ජපාන අගමැති ෂින්සෝ අබේ ද ඔහු සමඟ එක්විය.

“හිරෝෂිමා ප්‍රහාරය සම්බන්ධයෙන් සමාව අයැද නොසිටින බව” ඔබාමා ජපන් රූපවාහියට පැවසීය. “පරමාණු බෝම්බ ප්‍රහාරයකට ලක් වූ පළමු නගරය වන හිරෝෂිමා වෙත කළ සංචාරය, හිටපු සතුරන් අතර මිත්‍රශීලී සබඳතා අවධාරණය කරනු ඇතැයි” බැරැක් ඔබාමා තවදුරටත් පැවසීය. “නමුත් විනාශකාරී ප්‍රහාරය සම්බන්ධයෙන් සමාව අයැද නොසිටින බව” ඇමෙරිකානු ජනාධිපතිවරයා නැවත අවධාරණය කළේය.

වර්තමානයේද, යුක්‍රේන යුද්ධය හා සබැඳිව න්‍යෂ්ටික අවි භාවිතා කළ යුතුය, ආදී වශයෙන් බටහිර නායකයන් කටමැත දොඩවති. එදා, ඇමරිකාව න්‍යෂ්ටික ආයුධ සතුවූ එකම රට විය. අද, රටවල් නවයක්ම න්‍යෂ්ටික බලවතුන් ලෙස දහස් ගණනින් න්‍යෂ්ටික ආයුධ නිපදවාගෙන ඇත. න්‍යෂ්ටික යුධ තර්ජනය, නැවත කරයට පැමිණ තිබේ. රටවල් සතුව තිබෙන න්‍යෂ්ටික ආයුධ වලින් යුද්ධයක් ඇතිවන්නේ නම් එය මානව වර්ගයාගේත්, පෘථිවි තලයෙහිත් අවසානය වන බව විද්‍යාඥයින් ගණන් බලා ඇත. සාමකාමී ලෝකයක් ආරක්ෂා කරගැනීම වෙනුවෙන් බිහිකළ එක්සත් ජාතීන් හා අනෙකුත් ලෝක සංවිධාන, පෙර කවරදාටත් වඩා දුර්වල කිරීම, ලෝක සාමයට මනුෂ්‍ය වර්ගයා අභිමුව ඇති බරපතළම තර්ජනයයි.

- ජයන්ත වැලිවිට

(දේශපාලන – ආර්ථික විමර්ශකයෙකි. මොස්කව්හි පැට්‍රිස් ලුමුම්බා ජනතා මිත්‍රත්ව සරසවියේ, ආර්ථික විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධිධරයෙකි.)



සම්බන්ධිත පුවත් | Related News

දැනට වසර 51කට පමණ පෙර පටිගත කරන ලද දුර්ලභ වීඩියෝ දර්ශනයක් ඇසුරින්, ආචාර්ය ගුණදාස අමරසේකර ශූරීන් විසින් හෙළයේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන් පිළිබඳව කරන ලද විශේෂ ප්‍රකාශයක් ඇතුළත් වීඩියෝ පටයක් Next page සමාජ මාධ්‍ය පිටුවේ පළකර තිබේ.
බටහිර රාජ්‍ය තම ආර්ථික, වෙළඳ, දේශපාලන අරමුණු උදෙසා , ආසියාවේ, අප්‍රිකාවේ අධ්‍යාපනය ස්වදේශිකයන් චින්තනයෙන් සහ ආර්ථික ජාතික විමුක්තියෙන් පාරාජිකාවන ලෙසත් , බටහිරයන් ආර්ථිකයෙන් වැඩෙන ලෙසත් අධ්‍යාපනය හසුරුවා ඇත.
2026 අගෝස්තු 07 වන දින, සවුදි අරාබිය, තුර්කිය සහ පාකිස්ථානය මක්කමදී "මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම" (Makkah Joint Defence Agreement) අත්සන් කරන ලදී. NATO හමුදා සන්ධානයේ ආකෘතියට සමානව සකස් කරන ලද මෙම ගිවිසුම මගින් අන්‍යෝන්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණ ඇත. එහි ප්‍රධාන කොන්දේසිය වන්නේ මෙම අත්සන් තැබූ පාර්ශව තුනෙන් ඕනෑම එකකට එල්ල වන සන්නද්ධ ප්‍රහාරයක්, පාර්ශවයන් තිදෙනාටම එල්ල වූ ප්‍රහාරයක් ලෙස සලකනු ලබන බවයි.
පසුගියදා කොළඹ 7 පිහිටි බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේ පාරාදීසය එළිමහන් රඟහලේදී විශ්ව සම්භාවනාවට පාත්‍ර වූ ඊඩිපස්, ජුලියස් සීසර්, ගොඩෝ එනකං, සාකුන්තලය සහ ජපන් සම්ප්‍රදායික නාට්‍යය අඩංගු උළෙලක් පවත්වනු ලැබුවා. අසමා රූපණ සරසවියේ නිර්මාතෘ අඛිල සපුමල් නාට්‍යවේදියා විසින් සංවිධානය කළ මෙම උළෙල හරවත් අදහස් ඇති ප්‍රේක්ෂකයන්ගේ විශේෂ අවධානය දිනා ගැනීමට සමත් වූවා.
පහුගිය දවස්වල මම “අස්ස - පස්ස” කියලා ලිපියක් ලිව්වා. ජම්බුවාදියෝ විසින් “කුසලස්ස” සහ “පාපස්ස” කියන පාලි වචන දෙක විකෘති කරන හැටි දැකලයි මම ඒ ලිපිය ලිව්වේ. ඒ ලිපියට විශාල පිරිසක් ප්‍රතිචාර දක්වලා තිබුණා. කමෙන්ට් තුන්සිය ගානක් දාලා තියෙනවත් දැක්කා. ඒ හැම එකක් ම කියවන්න වෙලාවක් මට නෑ. මගේ ලිපියට ප්‍රතිචාර දකවපු අය අතර ජම්බුවාදියොත් හිටියා. ඇත්තෙන්ම, ජම්බුවාදියෝ දක්වලා තිබිච්ච අදහස් බොහොම රසවත්. මට කියවන්න ලැබිච්ච එහෙම කමෙන්ට් දෙකක් තුනක් ගැන යමක් කියන්න පුළුවන්.
සෙවුතා (Ceuta) කියන්නේ ස්පාඤ්ඤයට අයිති ස්වායත්ත නගරයක්. භූමියක් විදිහට ගත්තාම මේ නගරය අයිතිවෙන්නේ අප්‍රිකානු මහද්වීපයට. ඒත් අප්‍රිකානු මහද්වීපයේ උතුරු ම කෙළවරේ තියෙන ස්පාඤ්ඤයට අයිති නගරයක් හින්දා දේශපාලනිකව යුරෝපයට අයිති ප්‍රදේශයක් විදිහට ඒක සළකනවා. මේ ස්වායත්ත නගරය යුරෝපා සංගමයේ විශේෂ බල ප්‍රදේශයක් (A special territory of members of the European Economic Area) විදිහටත් සම්බන්ධ කරගෙන තියෙනවා.
2019 පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය ශ්‍රී ලාංකීය ඉතිහාසයේ එතෙක් මෙතෙක් සිදු වූ වඩාත්ම ඛේදනීය, සංවේදී සහ විවාදාත්මක ත්‍රස්තවාදී ප්‍රහාරයන්ගෙන් එකකි. මෙම සිදුවීමේ ඇති බරපතලම සහ ඛේදනීයම කරුණ වන්නේ, ප්‍රහාරය එල්ල වන දින, වේලාව, ස්ථාන සහ ඊට සම්බන්ධ පුද්ගලයින් පිළිබඳ නිශ්චිත පූර්ව බුද්ධි තොරතුරු ලැබී තිබියදීත්, එය වළක්වා ගැනීමට බලධාරීන් අසමත් වීමයි.
රාජ්‍ය ආදායම 27% කින් ඉහළ ගොස් ඇති බව පවසමින් ආණ්ඩුව අත්පොළසන් දෙද්දි මහ පොළොවේ ජීවත්වන ජනතාවට දැනෙන්නේ තව තවත් බදු තොණ්ඩුව හිර වෙනවා පමණි.

ප්‍රධාන පුවත්

ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ජාතික ජන බලෙව්ගයට ලැබී ඇත්තේ අතීතයේ ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබූ වටිනාකම බවත්, මේ සිදුවෙමින් පවතින ක්‍රියාවලිය දෙස බැලීමෙදී අතීතයේ ජනතා විමුක්ති පෙරමුණ ගොඩනැගීමට උරදුන් පුද්ගලයකු ලෙස තමන් ඉතාමත් කණගාටුවට පත්වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..

කන්කසන්තුරේ පිහිටි ඓතිහාසික තිස්ස රජමහා විහාර භූමිය දෙකඩ කරමින් බලහත්කාරයෙන් මාර්ගයක් ඉදිකිරීමට වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාව දරන උත්සාහයට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශ්වය සිය බලවත් විරෝධය පළ කර සිටියි.

''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මරාදමා හෝ විදේශ මැදිහත්වීමකින් අන්තර්කාලීන පාලනයක් ගොඩ නැගීමට උත්සාහ දැරූ බවත්, ඒ බවට සාක්ෂි ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

සම්බුද්ධ ශාසනයේ සහ මෙරට සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන පෙරහැර මංගල්‍යය විකාරයක් ලෙස අගමැතිනිය විසින් හඳුන්වන්නේ කෙසේදැයි දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රශ්න කරයි.

සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..

සවුදි අරාබිය, තුර්කිය සහ පාකිස්ථානය එක්ව NATO ආකෘතියට සමාන අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමක් වන "මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුමට" (Makkah Joint Defence Agreement) අත්සන් තබා ඇත. සවුදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු, තුර්කි ජනාධිපති රෙසෙප් තයියිප් එර්ඩොගන් සහ පාකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් විසින් අත්සන් කරන ලද මෙම ගිවිසුම මගින්, සාමාජික රටකට එල්ල වන ඕනෑම සන්නද්ධ ප්‍රහාරයක් අනෙක් රටවලටද එල්ල වූ ප්‍රහාරයක් ලෙස සැලකීමට එකඟ වී ඇත.

විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2022 වසරේදී තීන්දු කර තිබේ.

වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්

රටේ පවතින සමාජ, ආර්ථික හා දේශපාලන සංදර්භය හේතුවෙන් පොදු ජනතාව පමණක් නොව නාට්‍යකරුවන් පවා දැඩි අපේක්ෂාභංගත්වයකට පත්ව සිටින බව රාජ්‍ය සම්මානලාභී නාට්‍යවේදී අඛිල සපුමල් මහතා පවසයි.

ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..

ලෝකය තවදුරටත් නොසන්සුන්කාරී සහ අස්ථාවර තත්ත්වයක පවතින, එමෙන්ම වැඩිවන සංවර්ධන අභියෝගවලට මුහුණ දෙන පසුබිමක, වඩා යහපත් අනාගතයක් නිර්මාණය කිරීම සඳහා චීන ගෝලීය සංවර්ධන මුලපිරුම (Global Development Initiative - GDI) එක්සත් ජාතීන්ගේ 2030 තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රය සමඟ ක්‍රමවත්ව ඒකාබද්ධ කිරීමට උත්සාහ කළ යුතු බව චීන විදේශ අමාත්‍ය වැං යී අඟහරුවාදා පැවසීය.

බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම

ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද? නැතිනම් අපරාධ නඩුවිධාන සංග්‍රහය යටතේ පොලිසිය මෙහෙයවනවා ද? යන්න බරපතළ ගැටළුවක් වී ඇති බව නීතිඥ සංජීව වීරවික්‍රම මහතා පවසයි.

බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!

වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව මෙරට බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර මාලාවේ උච්ඡතම ස්ථානයකට පැමිණ ඇති බවත්, පසුගිය කාලයේ යූටියුබ් සහ සමාජ මාධ්‍ය හරහා භික්ෂූන් වහන්සේලාට නින්දා අපහාස කිරීම මෙන්ම බුදුන් වහන්සේට පවා නින්දා අපහාස කරමින් ආගමික ඉගැන්වීම් පවා විකෘති කරමින් සිටින බවත් එහෙත් ඒ කිසිවකට එරෙහිව පියවර ගැනීම සිදුනොවන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව බෞද්ධ ශිෂ්ටාචාරයට සහ උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමයන්ට එරෙහිව සැලසුම්සහගත ප්‍රහාර මාලාවක් ක්‍රියාත්මක වන බවට ජාතික සංවිධාන එකමුතුව චෝදනා කරයි.

පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් දන්වයි..

දිගු කලක් පුරා කල් ගොස් ඇති පළාත් සභා මැතිවරණ "හැකි ඉක්මනින්" පවත්වන ලෙසත්, දෙමළ ජනතාවගේ අභිලාෂයන් ඉටුකිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අදාළ ප්‍රතිපාදන සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන ලෙසත් ඉන්දියාව ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කළ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඇමරිකානු - ඉරාන යුද්ධය අවසන් ද? - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

අන්තර්ජාල නාලිකාවක් සමග විශේෂ සංවාදයකට එක්වෙමින් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙන්නේ ඇමරිකාව සහ ඉරානය අතර දැනට පවතින ගැටුම්කාරී තත්ත්වය හුදෙක් කෙටිකාලීන යුද්ධයකට වඩා ගැඹුරු භූ-දේශපාලනික බලපෑම් මත පදනම් වූ සංකීර්ණ සෙවනැලි යුද්ධයක් බවයි.

'පාස්කු ප්‍රහාරය ගැන විමර්ශකයින් පත්කරලා තියෙන්නේ කතෝලික පල්ලියෙන්' - අතරමැදි පෙත්සම්කරුවෝ අධිකරණයට කියති..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සමට මැදිහත් වී කරුණු දක්වීම සඳහා ඉදිරිපත් කළ අතරමැදි පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා අද (අගෝ: 04) අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.