News Category
From Date
To Date
Maximum Number of Result

පසුගිය දා පැවති මාධ්‍ය හමුවකදී ජෝතිර්වේදී අචල දිවාක මහතා අදහස් දක්වමින් පැවසුවේ Sri lanka Clean වැඩසටහන පටන් ගත යුත්තේ පහළ සිට උඩට නොව උඩ සිට පහළට බවයි. නැතිනම් මිස්ටර් ක්ලීන්ලාට සිදුවන්නේ මිස්ටර් බීන්ලා වීමට බවයි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු මෙසේද පැවසීය.

යෝජිත ද්විපාර්ශ්වික ආර්ථික සහ තාක්ෂණ සහයෝගිතා ගිවිසුම (ETCA) පිළිබඳව ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරයේදී සාකච්ඡා කළ බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා පවසයි.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මේ වසර ඇතුළත ශ්‍රී ලංකාවට පැමිණෙන බව කොළඹ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය නිවේදනය කරයි. කෙසේවෙතත්, දින වකවානු තවමත් දෙපාර්ශවය විසින් තීරණය කර නොමැත.

පසුගිය රජය ජනාධිපතිවරණයට පෙර පුද්ගලයෙකුට සහල් කිලෝ 20 බැගින් නොමිලේ බෙදාදීම හේතුවෙන් වෙළෙඳපොළේ රතු සහල් හිඟයක් මතුව ඇතැයි වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන ඇමැති වසන්ත සමරසිංහ මහතා අද(08) පාර්ලිමේන්තුවේදී පැවසීය.

මුදල් විශූද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩ පැවැත්වීමේ පනත් සංශෝධනය කිරීම දෙමළ ඩයස්පෝරාවේ උවමනාව මත සිදුකිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසයි. පසුගිය (7) වැනිදා කොළඹ දී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ඔහු මේ බව පැවසීය. ඒහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමරසේකර මහතා පැවසුවේ දෙමළ ඩයස්පෝරාවට අවශ්‍ය මේ සංශෝධනයට ආණ්ඩුව පය තැබුවොත් එය මර උගුලකට පය තැබීමක් බවයි. තව දුරටත් අදහස් දැක්වූ අමරසේකර මහතා මෙසේද පැවසීය.

2025 ජනවාරි 2 වැනි දා රෑ 9:36 ට ඉන්දියාවේ ගෞතම් අදානිගේ NDTV වෙබ් අඩවියේ මහ භයානක, ඇඟ හරිවැටෙන ප්‍රවෘත්තියක් පළවුණා. නිකිල් පාණ්ඩේ කියන ජ්‍යෙෂ්ඨ ප්‍රවෘත්ති සංස්කරකයා ලියපු ඒ ප්‍රවෘත්තියෙන් කියැවුණේ කෝවිඩ් වසංගතයෙන් අවුරුදු පහකට පස්සේ පුපුරලා ගිය අලුත් වයිරසයකින් චීනයේ රෝහල් පිරී ඉතිරී ගොස් ඇති බවක් සහ ආදාහනාගාර කාර්යබහුල වී ඇති බවක්. ඊට පහුව දා (ජනවාරි 3 වැනි දා) ඉඳලා මේ භයානක ප්‍රවෘත්තිය අපේ සිරිලංකාවේ ජනමාධ්‍ය, සමාජ මාධ්‍ය එක විදිහට පළ කරන්න පටන්ගත්තා. අපේ ගෙවල්වල මිනිස්සු, යාළුවෝ කලබල වෙලා මට කතා කළා.

2024 /25 මාස් කන්නයේ වී සඳහා සාධරණ සහතික මිලක් පිළිබඳ ගොවිජන යෝජනාවලිය මෙම මස 10 වෙනිදා කෘෂිකර්ම ඇමතිවරයාට බාරදෙන බව ජාතික ගොවිජන එකමුතුු පවසයි. එහි සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා පැවසුවේ වී වගා කරන සියලු මහා වාරිමාර්ග හා මහවැලි කලාප ගොවිජන නියෝජිතයන්ගෙන් සැදුම්ලත් වී ඇතුළු කෘෂි නිෂ්පාදන මිල නියාමන කමිටුව මගින් මෙකී යෝජනාවලිය සකස් කරනු ලබන බවයි වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු මෙසේද පැවසීය.

ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් 11ක් සඳහා ස්ථාන මාරු කිරීම් ලබාදී තිබේ.

රජයේ ආයතනවල ඉවතලන කඩදාසි සීමාසහිත ජාතික කඩදාසි සමාගමේ වාලච්චේන කඩදාසි කම්හල වෙත බාර දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. වාලච්චේන කඩදාසි කම්හලේ නිෂ්පාදන කටයුතු 2020 වර්ෂයේ දී නැවත ආරම්භ කර ඇති අතර, නිෂ්පාදන කටයුතු සඳහා දැනට යොදා ගැනෙන ප්‍රධානතම අමුද්‍රව්‍ය ඉවතලන කඩදාසි වේ.


ප්‍රධාන පුවත්

තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ දැනට ක්‍රියාත්මක වන වැඩසටහන මඟින් සාර්ථකව අත්පත් කරගත් ආර්ථික ස්ථායීතාව අඛණ්ඩව ආරක්ෂා කරගනිමින්, රටේ ඉදිරි ආර්ථික වර්ධනය තවදුරටත් වේගවත් කිරීම උදෙසා ඉදිරියේදී තවත් නව එකඟතාවකට එළඹීමට රජය සූදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..

මහා සංඝරත්නයට පහරදීමේ ද්වේෂ සහගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් පවතින පසුබිමක දේශප්‍රේමී සිංහල නායකයින්ද සිරගත කිරීමේ කුමන්ත්‍රණයක්ද පවතින බව හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා අනාවරණ කරයි.

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..

ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය බන්ධනාගාරයේ දී ඉවත්කොට අධිකරණයට ගෙන ඒම සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ඇතුළු වගඋත්තරකරුවන් 10 දෙනෙකුට එරෙහිව බ්‍රිගේඩියර්(විශ්‍රාමික) අතුල හේමචන්ද්‍ර ද සිල්වා මහතා අභියාචනාධිකරණයේ නඩු අංක CA/WRIT/787/2026 යටතේ අද දින (2026.10.12) නඩුවක් ගොනුකර තිබේ.

චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..

චීන–ලාඕස දුම්රිය මාර්ගය ඔස්සේ සිදුකර ඇති සමස්ත වෙළෙඳ ගනුදෙනුවල වටිනාකම යුවාන් බිලියන 100 (ඇමෙරිකානු ඩොලර් බිලියන 14.9ක් පමණ) ඉක්මවා ගොස් තිබේ. එම මාර්ගය හරහා මේ වන විට ආනයන හා අපනයන භාණ්ඩ ටොන් මිලියන 20.77කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කර ඇති බව වාර්තා වේ.

ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹීමේ ආදර්ශය අනුගමනය කරමින් රුසියාව සමඟ ආර්ථික සබඳතා යළි ස්ථාපිත කරන ලෙස ජර්මනියේ විපක්ෂ දේශපාලන පක්ෂ දෙකක් ඉල්ලා ඇතැයි වාර්තාවේ.

රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්

රුසියාව සහ යුක්‍රේනය අතර වහාම ක්‍රියාත්මක වන පරිදි බලශක්ති ඉලක්ක වෙත එල්ල කරන ප්‍රහාර අත්හිටුවීමේ එකඟතාවක් ඇති කරගෙන තිබෙන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)

ඊයේ(11) දිනයේ උතුරු නේපාලයට බලපෑ හදිසි මහා ගංවතුර හේතුවෙන් නිවාස හා පාලම් රැසක් ගසාගෙන ගොස් ඇති අතර, පුද්ගලයන් පස්දෙනකුට අධික පිරිසක් අතුරුදන්ව සිටින බව වාර්තා වේ.

ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ

කැනඩාවේ ඔන්ටාරියෝ (Ontario) පළාත් ව්‍යවස්ථාදායකය විසින් 'දෙමළ ජන සංහාරය' (Tamil Genocide) යන සංකල්පය හෝ එය නිල වශයෙන් පිළිගෙන නොමැති බව එරට අධිකරණ තීන්දු මඟින් තහවුරු වී ඇති බව ආචාර්ය නෙවිල් හේවගේ මහතා පෙන්වා දෙයි.

ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..

බන්ධනාගාර ගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි වෙනුවෙන් හා භික්ෂූන්ගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ කළ පා ගමන අද (12) තෙවන දිනටත් පැවැත්වේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.