මෙන්ඩිස්ලාගේ ඉල්ලීම මුදල් අමාත්‍යාංශය ප්‍රතික්ෂේප කරයි
මත්පැන් කර්මාන්තය කළමනාකරණය කරන නිසි අධිකාරිය වන සුරාබදු දෙපාර්තමේන්තුවට, රුපියල් බිලියන 5.8 ක බදු පැහැරහැරීමක් සිදුකර ඇති W. M. මෙන්ඩිස් සහ සමාගම සමඟ කටයුතු කිරීම සඳහා නීතිපතිවරයාගේ සහාය පැතීම හැර වෙනත් විකල්පයක් ඉතිරිව නැත.
සමාගම නැවත යථාතත්ත්වයට පත්කිරීම සඳහා යෝජනා කරන ලද මූල්‍ය සැලැස්ම මුදල් අමාත්‍යාංශය විසින් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.
පසුගිය වසර පුරා සිදුකරන ලද අනතුරු ඇඟවීම් කිහිපයකින් පසුව, 2024 දෙසැම්බර් 4 දින W. M. මෙන්ඩිස් සහ සමාගම රජයට ගෙවිය යුතු මුදල් නොගෙවීම හේතුවෙන් එහි බලපත්‍ර අවලංගු කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව පියවර ගත්තේය.
අවසානයේ සමාගම විසින් රජයට ගෙවිය යුතු බදු මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 5.8 ක් දක්වා ඉහළ ගොස් තිබිණි.
මෙම කාලපපරිච්ඡේදය තුළ, සමාගමේ සම්පූර්ණ නිෂ්පාදනය නතර කරන ලද අතර, අවම වශයෙන් රජයට ගෙවිය යුතු මුදල් ගෙවීමට කිසිදු නිෂ්පාදනයක් සිදුනොවීය.
සමාගමේ සේවකයන් 1,300 ක් පමණ සේවය කරන අතර, සුරාබදු දෙපාර්තමේන්තුව විසින් රජයට පාඩු අයකර ගැනීමට සැලැස්මක් යෝජනා කෙරිණි.
අලුතින් පත්කරන ලද සුරාබදු ප්‍රධානී යූ.එල්. උදය කුමාර පෙරේරා සමාගමට රුපියල් බිලියන 5.8ක නියමිත මුදලින් අඩක් ගෙවීමට එකඟවීමෙන් එහි මෙහෙයුම් නැවත යථා තත්ත්වයට පත් කිරීමට යෝජනා කළ ආකාරය ජනමාධ්‍ය විසින් මීට පෙර වාර්තා කළේය.
සමාගමේ බලපත්‍ර මාසයක් දක්වා නැවත සක්‍රිය කර ගැනීමටත්, පළමු මාසය අවසන් වන විට මාසික බදු සහ ඉතිරි හිඟ මුදල්වලින් තවත් වාරිකයක් ගෙවීමෙන් ව්‍යාපාර කටයුතු කරගෙන යෑමටත් යෝජනාවේ සඳහන් කර තිබිණි.
කෙසේවෙතත්, මුදල් අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපත්ති ඒකකය ඔවුන් හොඳින්ම දන්නා හේතු නිසා මෙම යෝජනාවට ධනාත්මක ප්‍රතිචාරයක් නොදැක්වූ බවත් එය ප්‍රතික්ෂේප කළ බවත් ‘ඩේලි මිරර්’ වාර්තා කරයි.
ඒ අනුව, ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ සමාගමට එරෙහිව නඩු පැවරීම සඳහා, සුරාබදු දෙපාර්තමේන්තුවට නීතිපතිවරයාගෙන් සහාය ලබාගැනීම හැර වෙනත් විකල්පයක් ඉතිරි නොවීය.
සමාගමට එරෙහිව නඩුවක් සකස් කිරීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුව නීතිපතිවරයාට ලිපි යැවූ විට, මුදල් අමාත්‍යාංශය නැවතත් ලිපියක් යවා සමාගමට එහි හිඟ මුදල් ගෙවීමට තවත් යෝජනාවක් හෝ විකල්පයක් ඉල්ලා සිටියේය.
කෙසේවෙතත් මේ වන විට මේ වසරේත් මාස තුනක් ගතවී ඇති අතර, W. M. මෙන්ඩිස් සහ සමාගම රජයට ගෙවිය යුතු මුදල් ප්‍රායෝගිකව ගෙවීමට කිසිදු ක්‍රමයක් නොමැති බවයි.
එමනිසා සමාගමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම නීතිපති දෙපාර්තමේන්තුව සතු වගකීමක් වන නමුත් එම කටයුත්ත තවමත් ඇදෙමින් පවතී.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්‍යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්‍රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..