News Category
From Date
To Date
Maximum Number of Result

ලන්ඩන්හි මූලස්ථානය පිහිටි ලයිකා සමූහ ව්‍යාපාරය සහ එහි සභාපති සහ නිර්මාතෘ සුභාස්කරන් අල්ලිරාජා ‘වක්‍රව සහ වංචනිකව දේශීය මාධ්‍ය ක්ෂේත්‍රයේ අත්පත් කර ගැනීම් සිදු කරමින්’ මෙරට සිය මෙහෙයුම් ක්‍රියාකාරීව ව්‍යාප්ත කරමින් සිටින බවට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සමක සඳහන් වේ.

අලුතින් නාමයෝජනා කැඳවීමට සහ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට පහසුකම් සැලසීම අරමුණු කරගත් පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් ගැසට් මගින් ප්‍රකාශයට පත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක තහවුරු කරයි.

මුලතිව් මුහුදේදී අතරමංව සිට බේරාගන්නා ලද මියන්මාරයේ රොහින්ග්‍යා සරණාගතයන් යලි එරටට පිටුවහල් කිරීම මෙරටට කැළලක් වනු ඇති බව සමගි ජන බලවේග කොළඹ දිස්ත‍්‍රීක් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි.

15 හැවිරිදි පාසල් සිසුවකු රිලවුන් සහ වඳුරන් වැනි සතුන් පලවා හැරීම සඳහා සංවේදක උපකරණයක් නිර්මාණය කර තිබේ. එම උපකරණය මගින් ශබ්දය සහ සුවඳ විමෝචනය කිරීමෙන් සතුන් පලවා හරියි.

ජාතික ජන බලවේගය ආණ්ඩුව සමස්ත ශ්‍රී ලංකාවම සකලවිද ආකාරයෙන් පිරිසිදු කිරීමේ අරමුණින් ඉදිරිපත් කරන "ක්ලීන් ශ්‍රී ලංකා" වැඩසටහන කෘෂිකර්ම අමාත්‍යාංශය තුළ ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් පසුගිය ජනවාරි පළමු වැනිදා එම අමාත්‍යාංශයේ ප්‍රධාන කාර්යාලය වන ගොවි ජන මන්දිරයේදි පැවැත් වුණි.

ආර්ථික පීඩනයෙන් තම පවුල තාවකාලිකව මුදා ගැනීමට ගත් ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලට හසු වූ කාන්තාවන් දෙසියයක් සිය දිවි නසා ගෙන ඇතැයි ජාතික කාන්තා එකමුතුව කියයි. මෙරට පුද්ගලයන් ලක්ෂ විසි අටක් ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාගෙන සිටින බවත් ආදිවාසී කාන්තාවන් ඇතුළුව මෙරට කාන්තාවන් ලක්ෂ විසි හතරක් ණය උගුලෙන් මේ වන විටත් මිරිකී සිටින බවත් එකමුතුවේ සභාපතිනි හෂිනි සිල්වා පැවැසුවාය.

පසුගිය ආණ්ඩු සමයන්හි මෙරටට පැමිණි දකුණු කොරියානු හා ඔස්ට්‍රේලියානු අයෝජකයන්ගෙන් හිටපු ඇමැතිවරුන් කප්පම් මුදල් ඉල්ලීම නිසා ඔවුන් මෙරට ආයෝජන අත්හැර දමා එම ආයෝජන ඉන්දියාවට හා වියට්නාමයට රැගෙන ගිය බව මෙරට සිටින දකුණු කොරියානු හා ඔස්ට්‍රේලියානු තානාපතිවරු විදේශ අමාත්‍ය විජිත හේරත් ට නිල වශයෙන් පැමිණිලි කළහ.

මාලිමාවේ ආණ්ඩුව විසින් බෙල්ලන්විල පන්සලට උදවු කල වරදට දෙහිවල ගල්කිස්ස මහා නගර සභාවේ කොමසාරිස්වරයා ඉවත් කිරීමට සූදානම් සූදානමක් පවතින බව ලංකා ජනතා පක්ෂයේ නායක අක්මීමන දයාරත්න හිමියන් පවසයි. මෙවැනි කාරණයන් සම්බන්ධයෙන් ජාති මාමක ශාසනිකට ලැදි සියලු දෙනා විරුද්ධව හඬක් නැගිය යුතු බවද උන් වහන්සේ පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රීන් නිලන්ති කොට්ටචි මහත්මිය සම්බන්ධයෙන් එල්ල වන චෝදනා පෞද්ගලික ගැටළු බව කෘෂිකර්ම ඇමති කේ.ඩී. ලාල් කාන්ත මහතා සඳහන් කරයි.


ප්‍රධාන පුවත්

ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..

මහා සංඝරත්නයට පහරදීමේ ද්වේෂ සහගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් පවතින පසුබිමක දේශප්‍රේමී සිංහල නායකයින්ද සිරගත කිරීමේ කුමන්ත්‍රණයක්ද පවතින බව හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා අනාවරණ කරයි.

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..

ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය බන්ධනාගාරයේ දී ඉවත්කොට අධිකරණයට ගෙන ඒම සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ඇතුළු වගඋත්තරකරුවන් 10 දෙනෙකුට එරෙහිව බ්‍රිගේඩියර්(විශ්‍රාමික) අතුල හේමචන්ද්‍ර ද සිල්වා මහතා අභියාචනාධිකරණයේ නඩු අංක CA/WRIT/787/2026 යටතේ අද දින (2026.10.12) නඩුවක් ගොනුකර තිබේ.

චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..

චීන–ලාඕස දුම්රිය මාර්ගය ඔස්සේ සිදුකර ඇති සමස්ත වෙළෙඳ ගනුදෙනුවල වටිනාකම යුවාන් බිලියන 100 (ඇමෙරිකානු ඩොලර් බිලියන 14.9ක් පමණ) ඉක්මවා ගොස් තිබේ. එම මාර්ගය හරහා මේ වන විට ආනයන හා අපනයන භාණ්ඩ ටොන් මිලියන 20.77කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කර ඇති බව වාර්තා වේ.

ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹීමේ ආදර්ශය අනුගමනය කරමින් රුසියාව සමඟ ආර්ථික සබඳතා යළි ස්ථාපිත කරන ලෙස ජර්මනියේ විපක්ෂ දේශපාලන පක්ෂ දෙකක් ඉල්ලා ඇතැයි වාර්තාවේ.

රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්

රුසියාව සහ යුක්‍රේනය අතර වහාම ක්‍රියාත්මක වන පරිදි බලශක්ති ඉලක්ක වෙත එල්ල කරන ප්‍රහාර අත්හිටුවීමේ එකඟතාවක් ඇති කරගෙන තිබෙන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)

ඊයේ(11) දිනයේ උතුරු නේපාලයට බලපෑ හදිසි මහා ගංවතුර හේතුවෙන් නිවාස හා පාලම් රැසක් ගසාගෙන ගොස් ඇති අතර, පුද්ගලයන් පස්දෙනකුට අධික පිරිසක් අතුරුදන්ව සිටින බව වාර්තා වේ.

ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ

කැනඩාවේ ඔන්ටාරියෝ (Ontario) පළාත් ව්‍යවස්ථාදායකය විසින් 'දෙමළ ජන සංහාරය' (Tamil Genocide) යන සංකල්පය හෝ එය නිල වශයෙන් පිළිගෙන නොමැති බව එරට අධිකරණ තීන්දු මඟින් තහවුරු වී ඇති බව ආචාර්ය නෙවිල් හේවගේ මහතා පෙන්වා දෙයි.

ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..

බන්ධනාගාර ගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි වෙනුවෙන් හා භික්ෂූන්ගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ කළ පා ගමන අද (12) තෙවන දිනටත් පැවැත්වේ.

"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..

ඥානසාර හිමි අත්අඩංගුවට ගැනීමට පෙර තමන්ට ඇමතුමක් ලබාදී හමුවන ලෙස දැන්වූ බවත්, එහිදී උන්වහන්සේ පැවසුවේ උන්වහන්සේව අත්අඩංගුවට ගත් පසු සිවුර ගැලවීම අනිවාර්යෙන් සිදුකරන බව යැයිද, කළින්ම උන්වහන්සේ මේ පිළිබඳව දැනසිටි බවත්, තමන් සමග මේ සම්බන්ධයෙන් උන්වහන්සේ කතා කළ බවත් නීතිඥ සංජීව වීරවික්‍රම මහතා හෙළිදරව්වක් සිදුකරමින් පවසයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.