News Category
From Date
To Date
Maximum Number of Result

මියන්මාර් සරණාගතයින් සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත කරුණු දක්වමින් ලිපියක් යොමුකිරීමට ජයන්ත වෙදසිංහ මහතා කටයුතු කර ඇත.

‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජාතික වැඩසටහන යටතේ පොලිසිය විසින් වාහන වෙනස් කිරීමේ උපාංග ඉවත් කිරීමේ ක්‍රියාමාර්ග හේතුවෙන් එවැනි උපාංග නිපදවන සේවකයන් 80 දෙනෙකුගෙන් යුත් කර්මාන්ත ශාලාවක් වසා දැමීමට නියමිත බව වාර්තා වේ.

ලංකා විදුලිබල මණ්ඩලය මේ වන විට ණය බරින් මිදී ඇති බවට පළ වන මාධ්‍ය වාර්තා බලශක්ති ඇමැති කුමාර ජයකොඩි ප්‍රතික්ෂේප කරයි. අද පාර්ලිමේන්තුව අමතමින් ඇමැති ජයකොඩි පැවසුවේ, විදුලිබල මණ්ඩලය සතුව රුපියල් බිලියන 323ක ණයක් ඇති අතර රජය මේ වන විට එහි කිසිදු ණයක් භාරගෙන නොමැති බවයි.

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ හෙවත් කෝප් කමිටුවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා ඒකමතිකව ‍තේරී පත්වී තිබේ. පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව අද (09) පස්වරු 2ට පාර්ලිමේන්තුවේදී රැස්වී තිබුණි.

ධවල මන්දිරයට නැවත පැමිණි පසු ඩෙන්මාර්ක් රාජ්‍යයේ ස්වාධීන භූමි ප්‍රදේශයක් වන ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීම සඳහා එක්සත් ජනපද ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකානු හමුදා යවනු ඇතැයි සිතිය නොහැකි බව යුරෝපීය කොමිසම පවසා තිබේ.

බොදු බල සේනා (BBS) සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ඉස්ලාම් ආගමට අපහාස කිරීම සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් මාස 9 ක ලිහිල් සිර දඬුවමක් නියම කර තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) යෝජිත රාජ්‍ය අංශයේ වැටුප් වැඩිවීමට කිසිදු විරෝධයක් දක්වා නොමැති බව පවසමින්, නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා අද ප්‍රකාශ කළේ රජය මෙම යෝජනාව ඉදිරියට ගෙන යන බවත් ඉදිරි අයවැයෙන් සැලකිය යුතු වැටුප් වැඩිවීමක් ලබා දෙන බවත්ය.

ජනවාරි 20 වන දින පදවි ප්‍රාප්ති දිනයේ සිට දින 100 ක් ඇතුළත රුසියානු-යුක්රේන ගැටුමට විසඳුමක් සඳහා මැදිහත් වීමට බලාපොරොත්තු වන බව එක්සත් ජනපද ජනාධිපති ධුරයට පත් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිතයා පවසා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

මුහුදේදී පීඩාවට පත් රෝහින්ග්‍යා ජනතාව බේරා ගැනීමට සහ ආරක්ෂිතව ගොඩබෑමට ශ්‍රී ලංකා බලධාරීන් සහ ජනතාව ගත් ජීවිතාරක්ෂක ක්‍රියාමාර්ග අගය කළ එක්සත් ජාතීන්ගේ සරණාගත කොමිසම හෙවත් UNHCR, ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් අඛණ්ඩ අනුකම්පාව සහ ආගන්තුක සත්කාරය ඉල්ලා සිටින බව පැවසේ.


ප්‍රධාන පුවත්

අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..

මෙරට පෞද්ගලික ඉන්ධන සමාගම් සතුව දැනට මාසයකට ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බැවින් ක්ෂණික ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවදානමක් නොමැති බවත්, එහෙත්, දිගින් දිගටම පාඩු ලබමින් ඉන්ධන අලෙවි කිරීමට සිදුවීම හේතුවෙන් ඉදිරි මාසවලදී අඛණ්ඩ ඉන්ධන සැපයුම පවත්වාගෙන යෑම සඳහා රජය පැහැදිලි උපායමාර්ගික සැලැස්මක් ඉදිරිපත් කළ යුතු බවත් ඉන්ධන ක්ෂේත්‍රයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි.

තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ දැනට ක්‍රියාත්මක වන වැඩසටහන මඟින් සාර්ථකව අත්පත් කරගත් ආර්ථික ස්ථායීතාව අඛණ්ඩව ආරක්ෂා කරගනිමින්, රටේ ඉදිරි ආර්ථික වර්ධනය තවදුරටත් වේගවත් කිරීම උදෙසා ඉදිරියේදී තවත් නව එකඟතාවකට එළඹීමට රජය සූදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..

මහා සංඝරත්නයට පහරදීමේ ද්වේෂ සහගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් පවතින පසුබිමක දේශප්‍රේමී සිංහල නායකයින්ද සිරගත කිරීමේ කුමන්ත්‍රණයක්ද පවතින බව හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා අනාවරණ කරයි.

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..

ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය බන්ධනාගාරයේ දී ඉවත්කොට අධිකරණයට ගෙන ඒම සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ඇතුළු වගඋත්තරකරුවන් 10 දෙනෙකුට එරෙහිව බ්‍රිගේඩියර්(විශ්‍රාමික) අතුල හේමචන්ද්‍ර ද සිල්වා මහතා අභියාචනාධිකරණයේ නඩු අංක CA/WRIT/787/2026 යටතේ අද දින (2026.10.12) නඩුවක් ගොනුකර තිබේ.

චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..

චීන–ලාඕස දුම්රිය මාර්ගය ඔස්සේ සිදුකර ඇති සමස්ත වෙළෙඳ ගනුදෙනුවල වටිනාකම යුවාන් බිලියන 100 (ඇමෙරිකානු ඩොලර් බිලියන 14.9ක් පමණ) ඉක්මවා ගොස් තිබේ. එම මාර්ගය හරහා මේ වන විට ආනයන හා අපනයන භාණ්ඩ ටොන් මිලියන 20.77කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කර ඇති බව වාර්තා වේ.

ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹීමේ ආදර්ශය අනුගමනය කරමින් රුසියාව සමඟ ආර්ථික සබඳතා යළි ස්ථාපිත කරන ලෙස ජර්මනියේ විපක්ෂ දේශපාලන පක්ෂ දෙකක් ඉල්ලා ඇතැයි වාර්තාවේ.

රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්

රුසියාව සහ යුක්‍රේනය අතර වහාම ක්‍රියාත්මක වන පරිදි බලශක්ති ඉලක්ක වෙත එල්ල කරන ප්‍රහාර අත්හිටුවීමේ එකඟතාවක් ඇති කරගෙන තිබෙන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)

ඊයේ(11) දිනයේ උතුරු නේපාලයට බලපෑ හදිසි මහා ගංවතුර හේතුවෙන් නිවාස හා පාලම් රැසක් ගසාගෙන ගොස් ඇති අතර, පුද්ගලයන් පස්දෙනකුට අධික පිරිසක් අතුරුදන්ව සිටින බව වාර්තා වේ.

ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ

කැනඩාවේ ඔන්ටාරියෝ (Ontario) පළාත් ව්‍යවස්ථාදායකය විසින් 'දෙමළ ජන සංහාරය' (Tamil Genocide) යන සංකල්පය හෝ එය නිල වශයෙන් පිළිගෙන නොමැති බව එරට අධිකරණ තීන්දු මඟින් තහවුරු වී ඇති බව ආචාර්ය නෙවිල් හේවගේ මහතා පෙන්වා දෙයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.