සත්ව සංගණනයේ අරමුණ වඳුරන්, ලේනුන්, මොනරුන් ගහනය සමීක්ෂණය කිරීම මිස 100% නිරවද්‍යතාවය සහතික කිරීම නොවේ-කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න
සත්ව සංගණනය 100% නිවැරදි දත්ත ලබා ගැනීමේ අරමුණින් පවත්වනු නොලබන බවත්, අදාළ ප්‍රදේශවල ජීවත් වන වඳුරන්, දඬු ලේනුන් සහ මොනරුන් සංඛ්‍යාව ඇස්තමේන්තු කිරීම සඳහා සමීක්ෂණයක් ලෙස පවත්වන බවත් කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවසීය.
ඊයේ(13) රූපවාහිනී වැඩසටහනකට සහභාගි වෙමින් ඔහු පැවසුවේ සංගණනයෙන් ලබාගත් දත්ත කෘෂිකාර්මික ඵලදායිතාව වැඩි දියුණු කිරීම සඳහා යොදා ගැනීමට අපේක්ෂා කරන බවයි.
"සමහර විට, අපට මෙම සමීක්ෂණයේ තවත් වටයක් පැවැත්වීමට අවශ්‍ය විය හැකිවනව වගේම ඒ සඳහා වැඩි කාලයක් අවශ්‍ය විමට ඉඩ තිබෙනවා. සමීක්ෂණයෙන් අපට ප්‍රයෝජනවත් අවබෝධයක් ලබා ගත හැකි වුවද, දත්ත 100% නිවැරදි වනු ඇතැයි අපට ප්‍රකාශ කළ නොහැකියි. විශ්ලේෂණය සඳහා අදාළ දත්ත තිබිය යුතු වගේම එමඟින් රටේ වනජීවීන් පිළිබඳ අධ්‍යයනයක් කිරීමට අපට ඉඩ සැලසෙනවා." ඔහු පැවසීය.
සංගණනයේ කොටසක් ලෙස, සෑම නිවසකටම පෝරම බෙදා හරිනු ලබන අතර, ළමයින් ඇතුළු සෑම කෙනෙකුටම සහභාගී වීමට දිරිගන්වනු ලැබේ. මෙම මුලපිරීම මහජනතාව සම්බන්ධ කර ගැනීම අරමුණු කරනු ලබයි. මීට පෙර එවැනි ක්‍රියාකාරකමක් සිදු කර නොමැත. මෙවර සත්ව සංගණනය සමීක්ෂණයක ස්වරූපයෙන් පවත්වනු ලැබේ.
"මෙම සමීක්ෂණය නිශ්චිත කාල රාමුවක් තුළ නම් කරන ලද ප්‍රදේශවල වඳුරන්, දඬු ලේනුන් සහ මොනරුන් කෙරෙහි පමණක් අවධානය යොමු කරනු ලබනවා. වනාන්තරවල හෝ කෘෂිකාර්මික කලාපවල දක්නට ලැබෙන අනෙකුත් වන සතුන් එයට ඇතුළත් වන්නේ නැහැ. අපි ඉත්තෑවන් සහ වල් ඌරන් ලැයිස්තුවට එකතු කළහොත් එය ප්‍රායෝගික වන්නේ නැහැ, මන්ද මෙම සතුන් නිශාචර වන නිසා රාත්‍රියේ සංචරණය කරන බැවිනුයි." අමාත්‍යවරයා පැහැදිලි කළේය.
සංගණනය මාර්තු 15 වන දින පෙ.ව. 8:00 සිට 8:05 දක්වා රට පුරා පැවැත්වීමට නියමිතය.
වනාන්තර සහ ඝන වෘක්ෂලතාදිය හැර ගොවිබිම්, වතු, ගෙවතු, ආගමික ස්ථාන සහ පාසල් වැනි ප්‍රදේශවල මිනිත්තු පහක් ඇතුළත මිනිසුන් සමඟ සහජීවනයෙන් සිටින වන සතුන් සංඛ්‍යාව පිළිබඳ දළ ඇස්තමේන්තුවක් ලබා දීම මෙම සමීක්ෂණයේ අරමුණයි.
දත්ත රැස් කළ පසු, නිශ්චිත සතුන්ගේ ඉහළම ජනගහනයක් සිටින ප්‍රදේශ හඳුනා ගැනීමට එය උපකාරී වනු ඇත. ඊට අමතරව, මෙම තොරතුරු පාසල් විෂයමාලා ද්‍රව්‍යවලට ඇතුළත් කළ හැකි අතර, පස්වන ශ්‍රේණියේ සිට විශ්ව විද්‍යාල මට්ටම දක්වා සිසුන්ට ප්රතිලාභ සැලසේ.
"මෙම සංගණනය සඳහා උසස් තාක්ෂණික ක්‍රම භාවිතා කිරීමට අපට හැකියාවක් නැහැ. මන්ද එය මිල අධික වන නිසා. ඒ වෙනුවට, අපි සහභාගීත්ව සමීක්ෂණයක් පවත්වනවා." ඔහු පැවසීය.
"සමහර විට, උනන්දුවක් නොදක්වන අයට සමීක්ෂණ පත්‍රිකා ලබා දිය හැකි නමුත්, ඒවා බෙදා හැරීම ප්‍රතික්ෂේප කළ නොහැක. සෑම කෙනෙකුටම සමීක්ෂණයට ප්‍රවේශය තිබිය යුතුය," අමාත්‍ය කරුණාරත්න තවදුරටත් පැවසීය.
එබැවින්, මෙම මුලපිරීම දේශපාලන දෘෂ්ටිකෝණයකින් නොබලන ලෙස අමාත්‍ය කරුණාරත්න මහජනතාවගෙන් ඉල්ලා සිටියේ, රටේ කෘෂිකර්මාන්තයේ සංවර්ධනයට සෑම කෙනෙකුම දායක විය යුතු බව අවධාරණය කරමිනි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර
හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..
හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..
අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි
මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..
ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..
ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..
නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..
ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..
ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි
චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..
යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..
රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්
සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන
ඉන්දියාව අනුරාධපුර ව්‍යාපෘතිය පිළිබඳ සවිස්තරාත්මක යෝජනාවක් අපේක්ෂාවෙන් අරමුදල් තීරණය කිරීමට නියමිතයි..