News Category
From Date
To Date
Maximum Number of Result

ස්වභාවික ජල උල්පත් හෝ භූගත ජලය සිය නිෂ්පාදන සඳහා යොදා ගන්නා ආයතන හා පුද්ගලයෝ සෑම මාස හයකට වරක් එම ජල මූලාශ්‍රයේ ජලය රජයේ පිළිගත් රසායනාගාරයකින් පරීක්ෂා කරවා ගත යුතු බවට වන නියමය නොසලකා හරිමින් සිටිති.

බහාලුම් නිෂ්කාශනය වේගවත් කිරීමට උත්සාහ කරන බව වරාය ඇමැති බිමල් රත්නායක පවසයි. රේගු ප්‍රමාදයන් සහ ට්‍රක් රථ තදබදය හේතුවෙන් නැව් 30ක් පමණ කොළඹ වරායට මගහැර ගොස් ඇති බවත් ආනයනික බහාලුම් නිෂ්කාශනය වේගවත් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක සති අන්තයේ රේගු සහ වරාය සේවා සපයන්නන් සමග පැවති හමුවකින් පසුව ඔහු පැවසීය. මේ අතර නැව්කරුවන් පැවසුවේ වරාය පර්යන්ත අභ්‍යන්තරයේ ට්‍රක් රථවල තදබදය නිසා නෞකා ලංකාව මගහැර ගමන් කර ඇති බවයි.

සාමාජිකයින් ලක්ෂයකට වැඩි පිරිසක් සිටින හෝමාගම සමූපකාර ඡන්දයෙන් මාලිමාව පරාජය කිරීමට හැකි වූ බව හෝමාගම සමූපකාරයේ හිටපු සභාපති සේනක මංගල ඊරියගොල්ල මහතා පවසයි. ඒ් අනුව හෝමාගම සමූපකාර ප්‍රාදේශීක 56ක බලය තමන් සතු කරගත් බවත් මාලිමාවට දිනාගත හැකි වූයේ සමූපකාර ප්‍රාදේශීක 44ක් බවත් ඔහු සඳහන් කළා.

පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියේ ආචාර්ය පදවියක් සඳහන් කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා පාර්ලිමේන්තුවේ කාර්යය මණ්ඩල නිලධාරීන් කිහිපදෙනෙකු හෙට (15) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැදවා තිබේ.

''ලාල්කාන්ත මහතා සද්භාවයෙන් වෙන්නත් පුළුවන් එහෙම කියන්නේ. තිබෙන නීති නමන්න බලපෑම් කරන්නේ නැහැ කියලා වෙන්නත් පුළුවන්එ තුමා කියන්නේ. එහෙත් තිබෙන යම් නීති සංශෝධනය නොකර යම් නීති අලුතෙන් පනවන්නෙ නැතුව රට හදන්න බැහැ කියලා ඔවුන් තේරුම් ගනියි."

විදුලිබිල සියයට 20ත් 30ත් අතර ප්‍රමාණයකින් අඩු කළ යුතු බව ගාස්තු සංශෝධනය සඳහා පළාත් 09ම ආවරණය වන පරිදි සිදුකළ මහජන අදහස් විමසීමේදී යෝජනා වී ඇති බව මහජන උපයෝගිතා කොමිසම කියයි.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂමේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් පත් කරන ලද මහාධිකරණ විනිසුරු රංග දිසානායකගේ පත්වීම 2023 අංක 09 දරණ දූෂණ විරෝධී පනතට අනුකූලව එම පත්කිරීම නීති විරෝධී බව නීතිවේදීහූ පෙන්වා දෙති.

පළාත් මට්ටමින් අපරාධ කොට්ඨාස ස්ථාපිත කිරීමට රජය ඉදිරියේදී සැලසුම් කර ඇති බව වාර්තා වේ. ඊට අදාළ කැබිනට් පත්‍රිකාව මේ වන විටත් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි. අපරාධ මැඩපැවැත්වීම හා විමර්ශන විධිමත් කිරීම මෙලෙස පළාත් මට්ටමින් අපරාධ කොට්ඨාස ස්ථාපිත කිරීමේ අරමුණ වී ඇති බවත්,

මත්පැන් සහ දුම්වැටි මිල වැඩිවීම දැවෙන ප්‍රශ්නයක් නොවන බවත් විශේෂයෙන්ම කාන්තාවන් ඊට කැමැති බවත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා ප්‍රකාශ කරයි.


ප්‍රධාන පුවත්

මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ

මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කිරීමට නොයන ලෙසත්, ජනාධිපතිවරයා උතුරට ගොස් 'කිසිම ජාතිවාදයකට නැගිටින්න දෙන්නේ නෑ' යැයි පවසන බවත්, එසේ නම් උතුරේ නැගිටින දෙමළ ජාතිවාදය ද නතර කළ යුතු බවත් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..

මෙරට පෞද්ගලික ඉන්ධන සමාගම් සතුව දැනට මාසයකට ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බැවින් ක්ෂණික ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවදානමක් නොමැති බවත්, එහෙත්, දිගින් දිගටම පාඩු ලබමින් ඉන්ධන අලෙවි කිරීමට සිදුවීම හේතුවෙන් ඉදිරි මාසවලදී අඛණ්ඩ ඉන්ධන සැපයුම පවත්වාගෙන යෑම සඳහා රජය පැහැදිලි උපායමාර්ගික සැලැස්මක් ඉදිරිපත් කළ යුතු බවත් ඉන්ධන ක්ෂේත්‍රයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි.

තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ දැනට ක්‍රියාත්මක වන වැඩසටහන මඟින් සාර්ථකව අත්පත් කරගත් ආර්ථික ස්ථායීතාව අඛණ්ඩව ආරක්ෂා කරගනිමින්, රටේ ඉදිරි ආර්ථික වර්ධනය තවදුරටත් වේගවත් කිරීම උදෙසා ඉදිරියේදී තවත් නව එකඟතාවකට එළඹීමට රජය සූදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..

මහා සංඝරත්නයට පහරදීමේ ද්වේෂ සහගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් පවතින පසුබිමක දේශප්‍රේමී සිංහල නායකයින්ද සිරගත කිරීමේ කුමන්ත්‍රණයක්ද පවතින බව හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා අනාවරණ කරයි.

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..

ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය බන්ධනාගාරයේ දී ඉවත්කොට අධිකරණයට ගෙන ඒම සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ඇතුළු වගඋත්තරකරුවන් 10 දෙනෙකුට එරෙහිව බ්‍රිගේඩියර්(විශ්‍රාමික) අතුල හේමචන්ද්‍ර ද සිල්වා මහතා අභියාචනාධිකරණයේ නඩු අංක CA/WRIT/787/2026 යටතේ අද දින (2026.10.12) නඩුවක් ගොනුකර තිබේ.

චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..

චීන–ලාඕස දුම්රිය මාර්ගය ඔස්සේ සිදුකර ඇති සමස්ත වෙළෙඳ ගනුදෙනුවල වටිනාකම යුවාන් බිලියන 100 (ඇමෙරිකානු ඩොලර් බිලියන 14.9ක් පමණ) ඉක්මවා ගොස් තිබේ. එම මාර්ගය හරහා මේ වන විට ආනයන හා අපනයන භාණ්ඩ ටොන් මිලියන 20.77කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කර ඇති බව වාර්තා වේ.

ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹීමේ ආදර්ශය අනුගමනය කරමින් රුසියාව සමඟ ආර්ථික සබඳතා යළි ස්ථාපිත කරන ලෙස ජර්මනියේ විපක්ෂ දේශපාලන පක්ෂ දෙකක් ඉල්ලා ඇතැයි වාර්තාවේ.

රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්

රුසියාව සහ යුක්‍රේනය අතර වහාම ක්‍රියාත්මක වන පරිදි බලශක්ති ඉලක්ක වෙත එල්ල කරන ප්‍රහාර අත්හිටුවීමේ එකඟතාවක් ඇති කරගෙන තිබෙන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)

ඊයේ(11) දිනයේ උතුරු නේපාලයට බලපෑ හදිසි මහා ගංවතුර හේතුවෙන් නිවාස හා පාලම් රැසක් ගසාගෙන ගොස් ඇති අතර, පුද්ගලයන් පස්දෙනකුට අධික පිරිසක් අතුරුදන්ව සිටින බව වාර්තා වේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.