News Category
From Date
To Date
Maximum Number of Result

ඉදිරි ජනාධිපතිවරණය සඳහා මුදල් ලබාදීමේ හැකියාව පවතින බව ඊයේ (17දා) මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ප්‍රමුඛ එම අමාත්‍යාංශ නිලධාරීන් විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත දැනුම් දී ඇත.

සිය පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරය අහිමි කිරීමට සමගි ජන බලවේගය විසින් ගනු ලැබූ තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මිය විසින් ඉදිරිපත් කරනු ලැබ තිබූ පෙත්සම ඇය ඊයේ (17දා) ශ්‍රේෂ්ඨාධිකරණය වෙතින් ඉල්ලා අස්කර ගෙන තිබේ.

වෙළෙඳපොළේ පොල්තෙල් මිල ඉහළයෑම නිසා තමන් අපහසුතාවයට පත් වී ඇති බවයි පාරිභෝගිකයෝ පවසන්නේ.

ඉදිරි ජනාධිපතිවරණයේ ආරක්ෂාව සහ ජනාධිපති අපේක්ෂකයින්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇත.

ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතාට කොවිඩ් 19 වෛරස රෝගය ආසාදන වී ඇතැයි ධවල මන්දිරය සඳහන් කරයි.

තරුණ සේවා සභාව යොදා ගනිමින් රට පුරා කෝටි ගණන් වියදම් කරමින් රටේ මුදල් කාබාසිනියා කරමින් ඇතැයි පාර්ලිමේන්තු නීතිඥ වසන්ත යාපාබණ්ඩාර මහතා පවසයි.

තම වැඩපිලිවෙල සමග එකග වන්නේ නම් ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතාට ඉදිරි ජනාධිපතිවරණයේදී සම්පූර්ණ සහාය දීමට සුදානම් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.

හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දකුණු කණට ප්‍රහාරය හේතුවෙන් සුළු තුවාලයක් සිදුවී තිබුණද ඔහු මරණයෙන් බේරි තිබුණේ කෙස් ගසක වාසියකිනි. ඒ මොහොතේ ට්‍රම්ප්ගේ ඉරියව් අධ්‍යනය කිරීමෙන් පැහැදිලි වන්නේ ඔහු බේරුණේ ඔහුගේ හිස දකුණට එනම් ඝාතකයා දෙසට හැරීම හේතුවෙනි.

කොළඹ 10 ටී.බී. ජායා මාවතේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් ජනතා සන්ධානයේ හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කාර්යාල පිහිටි ගොඩනැඟිල්ල පසුගිය 5 වැනිදා ඉබි යතුරු දමා වසා දැමීම සම්බන්ධයෙන්, ලබන 19 වැනිදා අධිකරණයට කරුණු දක්වන්නැයි දන්වා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයකු වන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාට සිතාසි යැවීමට, මාලිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය ඊයේ (16දා) නියෝග කළාය.


ප්‍රධාන පුවත්

රටේ ආර්ථික අර්බුදයේ ඇත්තම කතාව වෛද්‍ය වසන්ත බණ්ඩාර හෙළිකරයි..

විපක්ෂය ද ලණු දී ආණ්ඩුවට යන ගමන යන්නට ඉඩදී බලා සිටින බවත්, සියල්ල අවුල් කරගන්නා තැනට පත්වන තෙක් ඔවුන්ද බලාසිටින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

එක් නඩුවකින් සරණ ගුණවර්ධනට බරපතල වැඩ සහිත වසර 04 ක සිර දඬුවම්..

අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කර තිබූ දූෂණ චෝදනා වලට වරදකරු කළ සරණ ගුණවර්ධනට එක් නඩුවකින් බරපතල වැඩ සහිත වසර 04 ක සිර දඬුවමක් කොළඹ මහාධිකරණය විසින් නියම කළේය.

සුරේෂ් සලේ වෙනුවෙන් පවත්වන සත්‍යග්‍රහයට දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයත් එක්වෙයි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට විරෝධය පළකරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් ආරම්භ කර ඇති සත්‍යග්‍රහය තවදුරටත් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී පැවැත්වේ.

සලේගේ විමර්ශනවලට අදාළව මානව හිමිකම් කොමිසමෙන් CIDයට කැඳවීමක්..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව කරුණු දැක්වීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට මෙම සතිය තුළ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිශන් සභාව වෙත පැමිණෙන ලෙස දැනුම් දී තිබේ.

පාස්කු ප්‍රහාරයේ නියම සත්‍ය කියන්නේ මාලිමාවට අවශ්‍ය සත්‍ය නෙවෙයි.. සහරාන් වරෙන්තු වී සිටියදී මඩකලපුව අධිකරණයට හංගගෙන ආපු නීතිඥයා ගැනත් හෙළිකරන්න.. - සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රතිචාර

පාස්කු වින්දිතයන්ට පාස්කු ප්‍රහාරයේ සත්‍ය දැනගැනීමට අයිතියක් ඇති බවට සිරිල් ගාමිණී පියතුමා පැවසූ බවත්, එය පිළිගන්නා නමුත් එම සත්‍ය වන්නේ මාලිමා රජයට අවශ්‍ය සත්‍ය හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකට අවශ්‍ය සත්‍ය නොව ඇත්තම සත්‍ය බවත් නීතිඥ මනෝජ් ගමගේ මහතා පවසයි.

සුරේෂ් සලේගේ ආරක්ෂාව වෙනුවෙන් දියත් කර ඇති සත්‍යග්‍රහයට උපරිමයෙන් දායක වන්න.. - ජාතික සංවිධාන එකමුතුවෙන් ඉල්ලීමක්

හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා පෞද්ගලිකව ඉලක්ක කර ගනිමින් ව්‍යාජ චෝදනා එල්ල කිරීම පිටුපස ආරක්ෂක හමුදා බිය වද්දා බෙදුම්වාදී අරමුණු ඉටුකර ගැනීමට අධිරාජ්‍යවාදී බලවේග දියත් කරන කුමන්ත්‍රණකාරී මෙහෙයුමක් පවතින බව ජාතික සංවිධාන එකමුතුව පවසයි.

ආගමික නායකයින් පාස්කු ප්‍රහාරය හරහා දේශපාලනය කරනවා.. - සුරේෂ් සලේගේ මව සත්‍යග්‍රහයට එක්වෙමින් කියයි

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණ සඳහා රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන සිටින හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පිටකොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවැත්වෙන සත්‍යග්‍රහයට අද (08) ඔහුගේ මව සහභාගී විය.

ගින්දරත් එක්ක සෙල්ලම් නොකරනු! පිලිපීන දේශපාලනඥයන් කිහිප දෙනෙකුට අනතුරු ඇඟවීමක්! ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය"

පසුගියදා පිලිපීනයේ චීන තානාපති කාර්යාලය නැවත වරක් අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් සඳහන් කළේ, පිලිපීන හමුදා සහ නීතිය බලාත්මක කිරීමේ ආයතන විසින් පිලිපීනයේ වෙසෙන චීන පුරවැසියන් සහ ව්‍යවසායන් ඉලක්ක කරගනිමින් සිදු කරන පරීක්ෂා කිරීම්, හිරිහැර කිරීම් සහ තෝරා බේරා නීතිය බලාත්මක කිරීම් වැඩි වැඩියෙන් සිදුවන බවයි.

සලේ වෙනුවෙන් අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ වෙයි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට විරෝධය පළකරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් සංවිධානය කළ සත්‍යග්‍රහය අද (08) කොළඹ කොටුව දුම්රිය පොළ පරිශ්‍රයේදී ආරම්භ විය.

සුරේෂ් සලේගේ බිරිඳගෙන් CID අධ්‍යක්ෂ ශානිට ලිපියක්..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර වෙත ලිපියක් යොමු කර තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.