News Category
From Date
To Date
Maximum Number of Result

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ඉදිරි චීන සංචාරය ඉතා වැදගත් බව චීනය පවසයි

2024 ජනවාරි මාසයේ සිට මේ දක්වා රට පුරා වාර්තා වූ වෙඩි තැබීමේ සිදුවීම්වලින් පුද්ගලයන් 66 දෙනෙකු මියගොස් ඇති අතර එම වෙඩි තැබීම් බහුතරයක් සංවිධානාත්මක අපරාධ හා සම්බන්ධ වෙඩි තැබීම් බව පෙනී ගොස් තිබේ.

1988/89 භීෂණ සමයේදී සිදුකළ ඝෘතනයන් සම්බන්ධයෙන් විශේෂ හෙළිදරව්වවක් කරන මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා එම වකවානුවේ සිදුවූ ඝෘතනයන් සම්බන්ධයෙන් වගකිවයුතු පුද්ගලයන් පිළිබද අනාවරණයක නියැලෙයි.

ප්‍රෙන්ස ලැටිනා පුවත් සේවයේ ඉන්දියානු සහ දකුණු ආසියාව භාර ප්‍රධාන පුවත් සම්පාදිකාව වන ලිවියා රොඩ්‍රිගුස් ඩෙලිස් විසින් සම්පාදිත 2025.01.10 එළි දැක්වුණු ලතින් අමෙරිකානු පුවත් සම්පින්ඩනය...

ඩොලර් මිලියන 120ක ආයෝජනයකින් කොළඹ වරාය නගරයේ ඉදිවන නිකේතන වරාය(Marina) ව්‍යාපෘතිය සඳහා මුල්ගල තැබීමේ උත්සවය ඊයේ පැවැත්විණි.

ආනයන බලපත්‍ර නොමැතිව සහල් ආනයනය කිරීමේ කාලය අවසන් වූ ඊයේ (10) මධ්‍යම රාත්‍රිය වන විට ආනයනික සහල් මෙටි්‍රක්ටොන් 167,000 ක් නිෂ්කාශනය කර වරායෙන් පිටත් කළ හැරි බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂක ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා අද (11) පැවසීය.

"වයඹ වෛද්‍ය සිසුන්ගෙන් දුර්ලභ ආදර්ශයක්" යන මාතෘකාව යටතේ ලංකා ලීඩ් වෙබ් අඩවියේ පලවූ ප්‍රවෘත්තියට ඌන පූරණයක් එකතුකරමින් මහජන යුතුකම් කේන්ද්‍රයේ කැඳවුම්කරු වසන්ත අල්විස් මහතා පවසා සිටින්නේ, වයඹ විශ්ව විද්‍යාලයේ පමණක් නොව කොළඹ, ජයවර්ධනපුර, පේරාදෙණිය, කරාපිටිය සහ රාගම වෛද්‍ය පීඨ වල බොදු සංගම් විසින් මෘත දේහ දන් දුන් පුද්ගලයන් වෙනුවෙන් ආගමික වතාවත් ඉටු කරන බවයි.

රෝහින්ග්‍යා සරණාගත ගැටළුව හරහා මිනිස් ජාවාරම් සිදුවෙමින් පවතින බවට සැකයක් මතුව ඇති බව ලංකා ජනතා පක්ෂය චෝදනා කරයි.

මාලිමා ආණ්ඩුව පාර්ශ්වයෙන් පළමුවෙන් ම ජනමාධ්‍යයට ප්‍රති ප්‍රහාර ආරම්භය ලබා දුන්නේ අනෙකෙකු නොව ජනාධිපතිවරයා ම බව නිදහස ජනතා සභාව සඳහන් කරයි.


ප්‍රධාන පුවත්

අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..

මෙරට පෞද්ගලික ඉන්ධන සමාගම් සතුව දැනට මාසයකට ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බැවින් ක්ෂණික ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවදානමක් නොමැති බවත්, එහෙත්, දිගින් දිගටම පාඩු ලබමින් ඉන්ධන අලෙවි කිරීමට සිදුවීම හේතුවෙන් ඉදිරි මාසවලදී අඛණ්ඩ ඉන්ධන සැපයුම පවත්වාගෙන යෑම සඳහා රජය පැහැදිලි උපායමාර්ගික සැලැස්මක් ඉදිරිපත් කළ යුතු බවත් ඉන්ධන ක්ෂේත්‍රයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි.

තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ දැනට ක්‍රියාත්මක වන වැඩසටහන මඟින් සාර්ථකව අත්පත් කරගත් ආර්ථික ස්ථායීතාව අඛණ්ඩව ආරක්ෂා කරගනිමින්, රටේ ඉදිරි ආර්ථික වර්ධනය තවදුරටත් වේගවත් කිරීම උදෙසා ඉදිරියේදී තවත් නව එකඟතාවකට එළඹීමට රජය සූදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..

මහා සංඝරත්නයට පහරදීමේ ද්වේෂ සහගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් පවතින පසුබිමක දේශප්‍රේමී සිංහල නායකයින්ද සිරගත කිරීමේ කුමන්ත්‍රණයක්ද පවතින බව හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා අනාවරණ කරයි.

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..

ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය බන්ධනාගාරයේ දී ඉවත්කොට අධිකරණයට ගෙන ඒම සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ඇතුළු වගඋත්තරකරුවන් 10 දෙනෙකුට එරෙහිව බ්‍රිගේඩියර්(විශ්‍රාමික) අතුල හේමචන්ද්‍ර ද සිල්වා මහතා අභියාචනාධිකරණයේ නඩු අංක CA/WRIT/787/2026 යටතේ අද දින (2026.10.12) නඩුවක් ගොනුකර තිබේ.

චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..

චීන–ලාඕස දුම්රිය මාර්ගය ඔස්සේ සිදුකර ඇති සමස්ත වෙළෙඳ ගනුදෙනුවල වටිනාකම යුවාන් බිලියන 100 (ඇමෙරිකානු ඩොලර් බිලියන 14.9ක් පමණ) ඉක්මවා ගොස් තිබේ. එම මාර්ගය හරහා මේ වන විට ආනයන හා අපනයන භාණ්ඩ ටොන් මිලියන 20.77කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කර ඇති බව වාර්තා වේ.

ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹීමේ ආදර්ශය අනුගමනය කරමින් රුසියාව සමඟ ආර්ථික සබඳතා යළි ස්ථාපිත කරන ලෙස ජර්මනියේ විපක්ෂ දේශපාලන පක්ෂ දෙකක් ඉල්ලා ඇතැයි වාර්තාවේ.

රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්

රුසියාව සහ යුක්‍රේනය අතර වහාම ක්‍රියාත්මක වන පරිදි බලශක්ති ඉලක්ක වෙත එල්ල කරන ප්‍රහාර අත්හිටුවීමේ එකඟතාවක් ඇති කරගෙන තිබෙන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)

ඊයේ(11) දිනයේ උතුරු නේපාලයට බලපෑ හදිසි මහා ගංවතුර හේතුවෙන් නිවාස හා පාලම් රැසක් ගසාගෙන ගොස් ඇති අතර, පුද්ගලයන් පස්දෙනකුට අධික පිරිසක් අතුරුදන්ව සිටින බව වාර්තා වේ.

ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ

කැනඩාවේ ඔන්ටාරියෝ (Ontario) පළාත් ව්‍යවස්ථාදායකය විසින් 'දෙමළ ජන සංහාරය' (Tamil Genocide) යන සංකල්පය හෝ එය නිල වශයෙන් පිළිගෙන නොමැති බව එරට අධිකරණ තීන්දු මඟින් තහවුරු වී ඇති බව ආචාර්ය නෙවිල් හේවගේ මහතා පෙන්වා දෙයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.