News Category
From Date
To Date
Maximum Number of Result

අතිරේක සොලිසිටර් ජනරාල්වරයාගේ හැසිරීම පිළිගත නොහැකියි!- සිවිල් ක්‍රියාකාරිණී ජෙහාන් හමිඩ් නීතිපතිට ලිඛිතව දන්වයි

Mar 22, 2025 at 07:21 PM
|

පසුගියදා මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වූ පොලිස්පතිවරයා සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ ඔහුට ඇප ලබා දීමට විරුද්ධ වීමට කරුණු දක්වමින් අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා වෘත්තීමය නොවන ග්‍රාම්‍ය වචන භාවිත කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සැකකරුවෙකුට හිමි අයිතීන් නොසලකා හරිමින් කටයුතු කර ඇති බව විවිධ පිරිස් විසින් සමාජ මාධ්‍ය තුළ අදහස් දක්වා තිබුණි. අතිරේක සොලිසිටර් ජනරාල්වරයාගේ හැසිරීම විවිධ පිරිස් හෙලා දකිමින් අප වෙත අදහස් දැක්වූ අතර සිවිල් ක්‍රියාකාරිණියක වන ජෙහාන් හමීඩ් මහත්මිය නීතිපතිවරය වෙත සිද්ධිය සම්බන්ධයෙන් අප්‍රසාදය පළකරමින් යැවූ ලිපියක් මාධ්‍ය වෙත යොමු කර ඇත. ඉංග්‍රීසි භාෂාවෙන් ලියා ඇති එම ලිපියෙහි සිංහල පරිවර්තනය පහතින් පළවේ.


ගරු නීතිපතිතුමා,

නීතිපති දෙපාර්තමේන්තුව.

ගරු නීතිපතිතුමනි,

අධිකරණ කටයුතුවලදී වැරදි හැසිරීම සහ නීතිමය වරප්‍රසාද අනිසි ලෙස භාවිතා කිරීම පිළිබඳව අප්‍රසාදය පල කිරීමයි

නීතිය ඉදිරියේ සැකකරුවකු බවට පත්වී සිටින  පොලිස්පතිවරයා සම්බන්ධ මෑත කාලීන අධිකරණ කටයුතුවලදී අතිරේක සොලිසිටර් ජනරාල්වරයාගේ හැසිරීම සම්බන්ධයෙන් මගේ බරපතල කනස්සල්ල ප්‍රකාශ කිරීම පිණිස මෙම ලිපිය ඔබ වෙත යොමු කරමි. දෝෂ සහිත වරෙන්තුවක් නිකුත් කර ඇතැයි හැඟී යාමා හේතුවෙන් පොලිස්පතිවරයා සහන ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළ නමුත් ශ්‍රේෂ්ධිකරණය මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ තීන්දුව අනුමත කිරීම හේතුවෙන්  පොලිස්පතිවරයා මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් විය. කෙසේ වෙතත්, ඉන් පසුව මාතර මහේස්ත්‍රාත් අධිකරණය තුළ අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා කළ ප්‍රකාශ අධිකරණය තුළ භාවිතයට නුසුදුසු වචන වලින් පිරී පැවැති වූවා මෙන්ම ශිෂ්ඨ සමාජයට  පිළිගත නොහැකි තත්වයේ විය.

අතිරේක සොලිසිටර් ජනරාල්වරයා “ඔබේ සැකකාර පොලිස්පතිවරයා පාතාල අපරාධකරුවෙකුට වඩා වෙනස් නොවේ.” ලෙස කළ ප්‍රකාශය,වෘත්තීය මට්ටමේ නොවන එකක් පමණක් නොව, ව්‍යවස්ථාමය මූලධර්ම සහ මෑත කාලීන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු පවා සෘජුවම උල්ලංඝනය කරනු ලබන්නේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සැකකරුවන්ගේ අයිතිවාසිකම් පැහැදිලිවම තහවුරු කරන අතර, සෑම පුද්ගලයෙකුටම නීතිය යටතේ සාධාරණ සැලකිලි ලැබීමට අයිතියක් ඇති බව සහතික කරයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13(3) වගන්තියේ මෙසේ සඳහන් වේ.

“වරදක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඕනෑම පුද්ගලයෙකුට නිසි අධිකරණයක් විසින් පවත්වනු ලබන සාධාරණ නඩු විභාගයකදී, පුද්ගලිකව හෝ නීතිඥයෙකු විසින් කරුණු දැක්වීමට අයිතියක් ඇත.”

එලෙසම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13(5) වගන්තිය තවදුරටත් සහතික කරන්නේ,“වැරදිකරු බව ඔප්පු වන තුරු සෑම පුද්ගලයෙකුම නිර්දෝෂී යැයි උපකල්පනය කළ යුතුය.” කියායි.

මීට අමතරව, මෑත කාලීන ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුවක් මගින් සැකකරුවන්ට පවා වෙනස්කම් කිරීමකින් තොරව එකම මූලික අයිතිවාසිකම් සඳහා හිමිකම් ඇති බව නැවත තහවුරු කරන ලදී. අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයාගේ ප්‍රකාශ මෙම නීතිමය ආරක්ෂාවන්ට සෘජුවම පටහැනි වන අතර, ව්‍යවස්ථාමය ආරක්ෂාවන් සහ අධිකරණ පූර්වාදර්ශ යන දෙකම නොසලකා හැරීමක් බව බැලූ බැල්මටම පෙනීයයි.

ඒ අනුව අතිරේක සොලිසිටර් ජනරාල්වරයාගේ හැසිරීමට එරෙහිව ක්ෂණික ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඔබ තුමාගෙන් ඉල්ලා සිටින අතර එහිදී පහත සඳහන් ප්‍රධාන කරුණු කෙරෙහි අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටිමි.

1. අධිකාරිය සහ නීතිමය වරප්‍රසාද අනිසි ලෙස භාවිතා කිරීම

• නීතිපති දෙපාර්තමේන්තුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට වඩා ඉහළින් නොසිටින අතර, එහි නියෝජිතයන් අධිකරණ කටයුතුවලදී නීතිමය සහ සදාචාරාත්මක ප්‍රමිතීන්ට අනුකූල විය යුතුය.

• අධිකරණයකදි පුද්ගලික ප්‍රහාර සහ ගිනි අවුලුවන වාචාල කතා භාවිතා කිරීම අධිකාරියේ සීමාව ඉක්මවා යන  භයානක තත්වයක් බව අවධාරණය කළ යුතුය.

2. අධිකරණ පද්ධතිය කෙරෙහි මහජන විශ්වාසය බිඳ වැටීම

• අධිකරණ පද්ධතිය අපක්ෂපාතී විය යුතුය. නීති නිලධාරීන්ට ප්‍රසිද්ධියේ ව්‍යවස්ථාපිත මූලධර්ම උල්ලංඝනය කළ හැකි නම්, එය නඩු පැවරීම්වල සාධාරණත්වය සහ පද්ධතියේ අඛණ්ඩතාව පිළිබඳ බරපතල ගැටළු මතු කරයි.

• අභියෝගවලට මුහුණ දුන්නද, පොලිස් දෙපාර්තමේන්තුව වෘත්තීයමය වශයෙන් කටයුතු කර ඇත. ඊට ව්‍යතිරේඛව, නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නිළධාරින්ගේ උසාවිය තුළ වන වෘත්තීය නොවන හැසිරීම් ප්‍රධාන තැනක් ගැනීමට ඉඩ දී ඇත.

3. තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කිරීම සහ එමගින් සමාජයට ලබා දෙන පණිවිඩය

• නීතිය බලාත්මක කරන නිලධාරීන් පුද්ගලික ප්‍රහාරවලට ලක්වන විට, වැඩිවන අපරාධ සහ තුවක්කු ප්‍රචණ්ඩත්වය පාලනයකින් තොරව සිදුවන විට, මෙමගින් අපරාධකරුවන්ට යවන පණිවිඩය කුමක්ද?

• අධිකරණය තුළ නාට්‍යමය රංගනයන්හි යෙදීම නොව, නීතිය ආරක්ෂා කිරීම සහ ජාතික ආරක්ෂාව සහතික කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතුය.

වහාම ක්‍රියාමාර්ග ගැනිමේ අවශ්‍යතාවය

මෙම ගැටළුව විසඳීම සඳහා පහත සඳහන්  නිවැරදි කිරීමේ පියවරයන් වහාම ගන්නා ලෙස ඉල්ලා සිටිමි:

1. අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයාගේ හැසිරීම පිළිබඳ විධිමත් පරීක්ෂණයක් පැවැත්වීම මගින් නීති ක්ෂේත්‍රයේ නියෝජිතයින් සදාචාරාත්මක සහ වෘත්තීය ප්‍රමිතීන්ට අනුකූල විය යුතු බව සහතික කිරීම.

2. තරාතිරම නොසලකා සියලුම සැකකරුවන්ට ව්‍යවස්ථාමය ආරක්ෂාවන් සඳහා හිමිකම් ඇති බවත් නීතිමය ක්‍රියාමාර්ගවලදී ඒ අනුව සලකනු ලබන බවත් නීතිපති දෙපාර්තමේන්තුව විසින් ප්‍රසිද්ධියේ නැවත තහවුරු කිරීම.

3. අධිකරණ කටයුතුවලදී නීතිමය වරප්‍රසාද තවදුරටත් අනිසි ලෙස භාවිතා කිරීම වැළැක්වීම සඳහා දැඩි නියෝග පැනවීම සහ ඉදිරිපත් කරන තර්ක නීතිමය රාමු තුළ පවතින බව සහතික කිරීම මගින් පුද්ගලික ප්‍රහාරවලට එළඹීමට වඩා නීතිමය රාමුව තුළ කටයුතු කළ යුතු බව සහතික කිරීම.

නීතිපති දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම නොව එය ආරක්ෂා කිරීමයි. මෙම කාරණය වහාම විසඳා නොගතහොත්, අධිකරණ පද්ධතිය කෙරෙහි මහජන විශ්වාසය තවදුරටත් ඛාදනය වන අතර, මේ රටේ නීතිමය සාධාරණත්වයේ පදනමම අවදානමට ලක් වනු ඇත.

අප විසින් පෙන්වා දෙන මෙම ගැටලුවේ බරපතලකම ඔබ තුමා හඳුනාගෙන කඩිනම්, තීරණාත්මක පියවර ගනු ඇතැයි මම විශ්වාස කරමි.

මෙයට විශ්වාසී,

ජිහාන් හමීඩ්

සම්බන්ධිත පුවත් | Related News

ඉන්දු - පාකිස්තානු ගැටුම සමස්ත කලාපයටම ඉතා දරණු ලෙස දැනෙන බවත්, 1960 සිට පවත්වාගෙන ගිය ඉන්දු ගංගාවේ ජලය පාකිස්ථානය සමග බෙදා ගැනීමේ ගිවිසුම අත්හිටුවීම හරහා ඉන්දියාව පාකිස්තානයට එරෙහිව ඉතා දරුණු තීරණයක් ගෙන ඇති බවත්, ඉන්දියාව සමග බලශක්ති හෝ වෙනත් ඕනෑම ගිවිසුමකට එළඹී ඇති කලාපයේ අනෙකුත් රටවල්වලටද මෙය හොඳ පාඩමක් බවත් ආචාර්ය දයාන් ජයතිලක මහතා පවසයි.
රජය විසින් ඉන්දියාව සමග අත්සන් කරන ලද ගිවිසුමේ සම්පූර්ණ අන්තර්ගතය වහාම මහජනතාවට හෙළි කරන ලෙස ජාතිකවාදී සංවිධාන ඉල්ලා සිටින බැවින්, ඉන්දියාව සමඟ ශ්‍රී ලංකාව විසින් අත්සන් කරන ලද ආරක්ෂක අවබෝධතා ගිවිසුම (MoU) වටා ඇති මතභේදය වේගයෙන් උත්සන්න වෙමින් පවතී.
සිංහල ජාතියේ අභිමානවත් සංස්කෘතික මංගල්‍ය සහ ජාතික දිනය වශයෙන් සැලකෙන අලුත් අවුරුද්ද එළඹීමට තව වැඩි කාලයක් ගත වන්නේ නැත. අප්‍රියෙල් මස 14 දිනය යෙදෙන අලුත් අවුරුදු උදාවත් සමග සියලු ලක්වාසීන් එය සැමරීමට එකාවන්ව සැදී පැහැදෙයි.
වසර 3ක් තිස්සේ පවතින රුසියාවට එරෙහි යුක්රේන යුද්ධය පිළිබඳව මෙරට ජනයා තුළ පවතින ආකල්පය නිර්මාණය කර ඇත්තේ අමෙරිකා එක්සත් ජනපදයෙන්, යුරෝපා සංගමයෙන් සහ ඔවුන්ට හිතවාදී රටවලින් මෙන්ම එම රටවලට සමීප මෙරට දේශපාලන සහ සමාජ කණ්ඩුයම්වලින් විසින් බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසයි.
යම් කෘතියක කතෘත්වය සම්බන්ධව තීරණය කිරීමේදී සලකා බැලිය යුතු කරුණු අඩංගු වැදගත් තීන්දුවක් පහුගිය දවසක ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන්නා..
Yesterday (30) the international community once again cast their vote in the United Nations General Assembly against the sanctions imposed by Washington against Cuba for more than six decades. At the same time, the United States of America made their own footnote in the United Nations General Assembly session that they would not bow to their world opinion.
තායිලන්තයේ බැංකොක් නුවර පදනම් කරගනිමින් භූ දේශපාලන පර්යේෂකයෙක් සහ ලේඛකයෙක් ලෙස කටයුතු කරන බ්‍රයන් බර්ලෙටික් මහතා විසින් විශේෂයෙන් “නිව් ඊස්ටර්න් අවුට්ලුක්” අන්තර්ජාල සඟරාව වෙත 2024 අගෝස්තු 11 වන දින සම්පාදනය කරන ලද ලිපියේ සිංහල පරිවර්තනය එහි ඇති කාලීන වටිනාකම සලකා ලංකා ලීඩ් පාඨකයා වෙත මෙසේ පිරිනමමු.
සෝවියට් දේශය සහ ශ්‍රී ලංකාවේ සබඳතා පිළිබඳව දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා විසින් පර්යේෂණයක් සිදුකරනු ලබයි.
අද බටහිර වෛද්‍යවරුන්ට හිමි DAT දීමනාව ඉල්ලන රවි කුමුදේශ් ඇතුළු වෘත්තිය සමිති යහපාලන සමයේ රටේ නිදහස් සෞඛ්‍ය විනාශ කරන පෞද්ගලික වෛද්‍ය විද්‍යාල බාල දොස්තරලා වෙනුවෙන් පෙනී සිටි බව මහජන යුතුකම් කේන්ද්‍රය පවසයි.

ප්‍රධාන පුවත්

ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)

වෙන කවරදාකටත් වඩා මාතෘභූමිය දැඩි අනතුරකට ලක්වී ඇති බවත්, මෙරට ඉතිහාසයේ සිටම යටත් කරගැනීම සඳහා විවිධ ආක්‍රමණයන් සිදුවූ බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.

අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)

ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් අත්සන් කළ ගිවිසුම් මගින් රටේ ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකි බව ජාතික සංවිධාන නියෝජනය කරමින් වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය පවසයි.

අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)

පසුගිය දා ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ එකඟතාවයෙන් නිලධාරීන් පිරිසක් විසින් අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට පටහැනි, ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනි බව තර්කානුකූලව, තාක්ෂණික ක්‍රමවේද අනුව ඔප්පුකර සෑදූ ලියවිල්ලක් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට භාරදුන් බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම ඊයේ(02) සිදුවිය.

ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)

පසුගියදා ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් කිහිපයකට අත්සන් කළ බවත්, එහෙත් මේ වන තෙක් කිසිඳු මාධ්‍යයකට සහ ජාතික සංවිධානයකට මෙම ගිවිසුම් පිළිබඳව තොරතුරු හෙළිදරව් කර නොමැති බවත් නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධී බවත්, එමගින් රට විනාශ වන බවත් ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසයි.

ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..

ඉන්දියාවත් සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළකරමින් ඊයේ(01) ජාතික සංවිධාන විසින් අත්සන් කළ ජාත්‍යන්තර පෙත්සම භාරදීම සඳහා අද(02) ජාතික සංවිධාන නියෝජිතයෝ පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණ සිටියහ.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම අද(02) සිදුවිය.

ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)

ලෝකයේ බලසම්පන්න රාජ්‍යයන් හා කුඩා රාජ්‍යයන් අතර ඇතිවන ගිවිසුම්වලදී බලසම්පන්න රාජ්‍යයන් දෙකක් අතර ගිවිසුම්වලට වඩා වෙනස් අයුරකින් ක්‍රියාත්මක වන බවත්, එහිදී කුඩා රාජ්‍යයන්ගේ නායකයන් බුද්ධිමත්ව කටයුතු කළ යුතු බවත් මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති.

ගිවිසුම් 7ක් මගින් ලංකාව යටත් කර ඉන්දියානු ව්‍යාප්තවාදයේ ගොදුරක් බවට පත් කිරීමේ ඉන්දියානු මෙහෙයුම මේ මොහොතේ නිවැරදිව හඳුනාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි (වීඩියෝ)

පසුගිය දා ශ්‍රී ලංකාවට පැමැණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ශ්‍රී ලංකාවේ ජනාධිපති අනුර කුමාර මහතාව වැළඳ ගනිමින් සිදුකළ ජවනිකාව නිවැරදිව වටහාගත යුතු බවත්, ඉන්දියානු සටකපට ව්‍යාපෘතිය හඳුනා ගැනීමට නොහැකි තරම් බුද්ධි හීනයන් නොවිය යුතු බවත් මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසති.

ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි... අනුර වටේ ඉන්න පාර වරද්දන උපදේශකයන්ගේ කෙරුවාව මෙන්න (වීඩියෝ)

ගිවිසුමක් අවබෝධතා ගිවිසුමක් ද නැතිනම් අවසන් ගිවිසුමක් ද යන්න තීරණය වන්නේ ගිවිසුමේ කොන්දේසි අනුව බවත්, අවබෝධතා ගිවිසුමක් කියන්නේද ගිවිසුමක් බවත්, රනිල් වික්‍රමසිංහ 2017 දී අත්සන් කර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට ලබාදුන්නේ ද අවබෝධතා ගිවිසුමක් හරහා බවත්, ඉන්දියාව සමග වත්මන් ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් ද අවබෝධතා ගිවිසුම් ලෙස ලඝුකළ නොහැකි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තබති.. (ඡායාරූප)

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති නරේන්දු මෝදි විසින් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද(30) පැපිලියාන සුනේත්‍රාදේවි මහා දේවී පිරිවෙණේ දී සිදුවිය.

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..

ජාත්‍යන්තර සම්මුතීන් බිඳ දමමින්, ශ‍්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට පටහැනිව, අමාත්‍ය මණ්ඩල පටිපාටි නොසලකා හරිමින්, ශ‍්‍රී ලංකාවේ ස්වෛරීභාවය උල්ලංගණය කරමින්,

මැතිවරණ කොමසාරිස් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම නොදන්නා උද්දච්ච පුද්ගලයෙක්: තනතුරට සුදුසු නැහැ - ජාතික සංවිධාන කියයි

නාමයෝජනා පත්‍රයක් පුරවා ගන්න බැරි අයෙක් ගමක් පාලනය කරන්නේ කෙසේද? යනුවෙන් මැතිවරණ කොමසාරිස්වරයා විසින් සිදු කළ ප්‍රකාශය පිළිබඳව විවිධ පාර්ශ්වවලින් විරෝධය එල්ල වනු දැකිය හැකි බැවින් ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ මතය ඔහුගේ වචනවලින්

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.