නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල මොඩියුල රැසක මතබේදාත්මක Link....
ලබන වසරේ සිට පළමුවන ශ්‍රේණිය සහ හයවන ශ්‍රේණිය සඳහා හඳුන්වා දීමට නියමිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ නිකුත් කර ඇති මොඩියුල වල අන්තර්ගත මූලාශ්‍රයන්හි විශ්වාසනීයත්වය පිළිබඳව දැඩි අවිශ්වාසයක් පවතින බව ප්‍රවීණ උපකාරක පන්ති දේශක හිරාන් අමරසේකර මහතා පවසයි.
තම සමාජ ජාල ගිණුම ඔස්සේ අදහස් දක්වමින් ඒ මහතා පෙන්වා දෙන්නේ, රජයේ නිල ෆේස්බුක් පිටුවක් මගින්ද මෙම නව මොඩියුලවල පවතින දෝෂයක් පිළිබඳව වාර්තා කර ඇති බවයි.
විශේෂයෙන්ම මෙම මොඩියුලවල අන්තර්ගත වෙබ් අඩවි සහ යූටියුබ් සබැඳි සඳහා ලබා දී ඇති QR කේත සම්බන්ධයෙන් ඔහු බරපතල ප්‍රශ්න කිහිපයක් මතු කරයි.
අමරසේකර මහතා පෙන්වා දෙන පරිදි, මෙම ග්‍රන්ථවල ඇතුළත් කර ඇති මූලාශ්‍ර බොහෝමයක් .gov (රජයේ), .edu (අධ්‍යාපනික) හෝ .ac.lk (විශ්වවිද්‍යාල) වැනි පිළිගත් සහ විශ්වාසනීය මූලාශ්‍ර නොවේ.
ඒ වෙනුවට විවිධ පුද්ගලයින් විසින් උඩුගත කරන ලද තාවකාලික යූටියුබ් වීඩියෝ සහ වෙබ් අඩවි සබැඳි මෙලෙස නිල පෙළපොත් සඳහා ඇතුළත් කර තිබීම වගකීම් විරහිත ක්‍රියාවක් බව ඔහු අවධාරණය කරයි.
"රටක අනාගත පරපුර වෙනුවෙන් සකස් කරන නිල ග්‍රන්ථවලට මෙවැනි තාවකාලික සහ නොදන්නා පුද්ගලයින්ගේ මූලාශ්‍ර ඇතුළත් කිරීම කොතරම් වගකීම් සහගතද?" යනුවෙන් ඔහු බලධාරීන්ගෙන් ප්‍රශ්න කර සිටියි.
දැනට දරුවන් පරිශීලනය කරන සම්ප්‍රදායික පාසල් පෙළපොත්වල ගුණාත්මකභාවය හා සැසඳීමේදී මෙම නව මොඩියුලවල මට්ටම ඉතා පහළ මට්ටමක පවතින බවද ඔහුගේ අදහසයි.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වීමට තව දින කිහිපයක් පමණක් ඉතිරිව තිබියදී, ඉගෙනුම් ද්‍රව්‍යවල පවතින මෙවැනි තාක්ෂණික සහ අන්තර්ගතමය දෝෂ හේතුවෙන් දරුවන්ගේ අධ්‍යාපන ක්‍රියාවලියට සිදුවිය හැකි බලපෑම පිළිබඳව මේ වන විට අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි