IMF ගැති ආර්ථික ප්‍රතිපත්තිය නිසා මුළු රටම දැවැන්ත ණය උගුලක හිරවෙලා.. ඉන්දියානු සමාගම් ඇවිත් අපේ ගොවියන්ගේ ඉඩම් කොල්ලකනවා.. - ජන අරගලයෙන් චෝදනා
මර්දනකාරී අණපනත් සම්මත කරමින් ආණ්ඩුව විසින් ගෙනයනු ලබන IMF - ඉන්දියානු ගැති ආර්ථික ප්‍රතිපත්තිය නිසා මෙරට ජනතාවට ගැටලු රැසකට මුහුණ පෑමට සිදුවන බව ජන අරගල ව්‍යාපාරය ප්‍රකාශ කරයි.
අත්විඳීමට සිදුවන පීඩාව පිළිබඳව ජනතාව දැනුවත් කිරීම දිගටම සිදුකරගෙන යන බව ප්‍රකාශ කරන ජන අරගල ව්‍යාපාරයේ සාමාජිකයින් විසින් ඊයේ (01 ) දින උදෑසන කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී අත්පත්‍රිකා බෙදා හැරීමක් ද සිදුකරනු ලැබීය.
එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ ජන අරගල ව්‍යාපාරයේ ජාතික විධායක සභික වසන්ත මුදලිගේ ප්‍රකාශ කළේ IMF කොන්දේසි සහ ඉන්දියානු ගැති ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන් මෙම වර්ෂය තුළදී දැඩි බදු බරක් රටේ ජනතාවට එල්ල වන බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වසන්ත මුදලිගේ මෙසේ ද ප්‍රකාශ කළේය.
" අපි දන්නවා ගෙවුණු 2025 අවුරුද්ද මේ රටේ ජනතාවට එච්චර සුභදායක අවුරුද්දක් වුණේ නෑ. IMF කොන්දේසි එක්ක මේ රටේ ජනතාවට පසුගිය අවුරුද්දෙ විශාල බදු බරක් පැටවුණා. අත්‍යාවශ්‍ය ආහාරවලට, සෞඛ්‍යයට විතරක් නෙවෙයි දරුවන්ගේ අධ්‍යාපන උපකරණවලට පවා විශාල බදු බරක් පටවලා ඉවරයි.
අනිත් පැත්තෙන් ආණ්ඩුව ඉන්දියාව එක්ක අත්සන් කරපු හොර ගිවිසුම්වලට අනුව දැන් මේ රටේ ජනතාවගේ ඉඩම් ටික ඉන්දියාවට පුදන්න සූදානම් වෙනවා. ඉන්දියාව සමග අත්සන් කරපු ගිවිසුම් අතර ඖෂධ ගිවිසුමක් තියනවා.
ඒ ගිවිසුමේ තියෙන්නේ ඉන්දියාවේ බෙහෙත් කිසිදු පරීක්ෂාවකින් තොරව ලංකාවට ගෙන්වනවා කියන එකඟතාවය. ඒ කියන්නේ තත්වයෙන් බාල ඖෂධ ලංකාවට ගේනවා. අපි දන්නවා එක පාරක් කෙහෙළිය ඇතුළු නඩය මේ රටට බාල බෙහෙත් ගෙන්නලා කරපු විනාශය.
දැන් මේ ආණ්ඩුවේ මේ බාල බෙහෙත් මගඩිය නිසා දැනටමත් රෝගීන් මිය යන්න පටන් අරගෙන.
මේ වැඩ ටික මෙහෙම යටින් යනකොට ආණ්ඩුව දන්නවා ජනතා අරගල පැන නගින එක නවත්වන්න බැහැ කියලා. මොකද ගන්න හාල් ටිකට පරිප්පු ටිකට පොඩි එකාගෙ පොතට පැන්සලට බොන බෙහෙත් පෙත්තට පවා බදු ගෙවන්න වෙද්දි.
ඉන්දියානු සමාගම් ඇවිල්ලා ජනතාවගේ ඉඩම් ටික කොල්ල කද්දි. තමනගේ දරුවා ඉගෙන ගත්තු ගමේ ඉස්කෝලේ පාඩුයි කියලා වහන්න යද්දි. ඉන්දියාවෙන් කුණු කොල්ලෙට ගෙන්නන බාල බෙහෙත් බීලා රෝගීන්ට මැරෙන්න වෙද්දි, රෝහල්වල ඖෂධ ටික නැතිවෙද්දි, ඔපරේෂන් එක කරගන්න ඕන පහසුකම් නැතිවෙලා මාස ගණං පෝලිමේ ඉන්න වෙද්දි ජනතාවට සඨන් කරනවා හැරෙන්න වෙන විකල්පයක් නෑ.
මේක කලින්ම දන්න නිසා තමයි ආණ්ඩුව " ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත " කියලා අළුත් මර්දන පනතක් ගේන්න සූදානම් වෙන්නේ. මේ පනත ගේන්නේ ආණ්ඩුවට විවේචන ඉදිරිපත් කරන අයව සිර කරන්න. ආණ්ඩුව යන පාර වැරදියි ජනතාව පීඩාවට පත් කරන IMF කොන්දේසිවලින් වහාම ඉවත් වෙන්න, ඉන්දියාව එක්ක අත්සන් කරපු හොර ගිවිසුම්වලින් වහාම ඉවත් වෙන්න කියලා ආණ්ඩුවට බලකරමින් සඨන් කරන අයව මර්දනය කරන්න පුලුවන් විදිහට තමයි මේ පනත හදලා තියෙන්නේ.
ඒ නිසා අපි හිතනවා එළඹෙන 2026 අවුරුද්ද කියන්නෙත් රටේ ජනතාවට එතරම් සුබදායක අවුරුද්දක් නෙවෙයි. මොකද ආණ්ඩුවේ මේ නව ලිබරල් IMF ගැති ආර්ථික ප්‍රතිපත්තිය නිසා මුළු රටම දැවැන්ත ණය උගුලක හිරවෙලා. ඒ ණය ගෙවන්න වෙන්නේ මේ රටේ වැඩකරන පන්තියට. අනික් පැත්තෙන් දරුවන්ගේ අධ්‍යාපන අයිතිය කප්පාදු වෙන පනත් එනවා. ඉදිරියේදී අපේ රෝහල්වලට තව තව බාල බෙහෙත් එනවා. ඉන්දියානු සමාගම් ඇවිත් අපේ ගොවියන්ගේ ඉඩම් කොල්ලකනවා."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි