පාසල් වේලාව දීර්ඝ නොකිරීමට තීරණය කරයි..
2026 වර්ෂය තුළ පාසල් පවත්වන වේලාව දීර්ඝ නොකිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
නිවේදනයක් නිකුත්කරමින් එම අමාත්‍යාංශය ඊයේ (1) රාත්‍රියේ මේ බව පැවසීය.
රට තුළ උද්ගත වූ ආපදා තත්ත්වය සහ පළාත් කිහිපයක පාසල් පද්ධතියට සහ ප්‍රවාහන පද්ධතියට සිදුව ඇති අලාභ හානි සැලකිල්ලට ගනිමින්, පාසල් පද්ධතිය සහ ප්‍රවාහන පද්ධතිය යථා තත්ත්වයට පත් වන තුරු මෙය ක්‍රියාත්මක නොකරන බව අදාළ නිවේදනයේ දැක්වේ.
එමෙන්ම මේ සම්බන්ධයෙන් වන සවිස්තරාත්මක චක්‍රලේඛය අද (2) දින නිකුත් කරන බවද සඳහන්.
ඒ අනුව,
- 2026 වසර තුළ 5 -13 ශ්‍රේණි සඳහා පාසල් කාලය පෙ.ව 7.30 - ප.ව 1.30 ලෙස නොවෙනස්ව පවතියි.
- රජයේ, රජයේ අනුමත පෞද්ගලික පාසල් සහ පිරිවෙන් 2026 වර්ෂයේ පළමු වාරය සඳහා ජනවාරි 5 දින ආරම්භවීමට නියමිතය.
- 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා දිනකට කාලච්ඡේද සංඛ්‍යාව 7කි.
- එක් කාලච්ඡේදයක් සඳහා මිනිත්තු 45ක් වෙන් කෙරේ.
- අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය 1 ශ්‍රේණිය සහ 6 ශ්‍රේණිය සඳහා 2026 වසරේදී ක්‍රියාත්මක වේ.
- අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය යටතේ 6 ශ්‍රේණියේ අධ්‍යයන කටයුතු විධිමත් ලෙස, 2026 ජනවාරි 21 වනදා ආරම්භවීමට නියමිතය.
- 1 ශ්‍රේණිය සඳහා දරුවන් හඳුනාගැනීමේ ක්‍රියාවලිය 2026 ජනවාරි 5 වනදා ආරම්භ වන අතර, විධිමත් ලෙස අධ්‍යයන කටයුතු ආරම්භ වන්නේ 2026 ජනවාරි 29 වනදාය.
- 1 ශ්‍රේණියට අදාළ ක්‍රියාකාරකම් පොත් සහ 6 ශ්‍රේණියට අදාළ ඉගෙනුම් මොඩියුල එම ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු ආරම්භවීමට පෙර සිසුන්ට ලබාදී අවසන් කිරීමට කටයුතු සළසා ඇත.
- අනෙකුත් ශ්‍රේණි සඳහා අවශ්‍ය පෙළ පොත් මේ වනවිට බෙදා අවසන් කර ඇත.
- 2025 අ.පො.ස උසස් පෙළ විභාගයේ ඉතිරි කොටස 2026 ජනවාරි 12 සිට 20 වන දින දක්වා පැවැත්වීමට නියමිතය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්