වන සංරක්ෂණ ඉඩම්වල බොරලු කැපු සැකකරුවන් ඇමති අණින් පොලිස් භාරයෙන් මුදාහැරලා..
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට සහ ප්‍රාදේශීය ලේකම්වරයාට අයත් රජයේ ඉඩම්වල මාසයක පමණ කාලයක සිට සිදුවන නීති විරෝධී බොරලු කැපීම් වැටලීමට ගිය නිලධාරීන්ට දේශපාලනඥයින්ගෙන් එල්ල වූ බාධා කිරීම් හේතුවෙන් සැකකරුවන් නිදහස් කිරීමට සිදුවීමේ පුවතක් ගල්ගමුව ප්‍රදේශයෙන් වාර්තා වේ.
භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන් විසින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් කල්ලංචිය අංකෙද රක්ෂිතයේ සිදු කළ වැටලීමකදී, නීති විරෝධී ලෙස බොරලු කපමින් සිටි ට්‍රැක්ටර් රථ හතක් සහ රියදුරන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබුණි.
නීතිය ක්‍රියාත්මක කිරීමට නිලධාරීන් උත්සාහ කිරීමේදී එම ස්ථානයට පැමිණි ගල්ගමුව ප්‍රාදේශීය සභාවේ සභාපති විජයරත්න බණ්ඩා මහතා, අදාළ බොරලු කැපීම ප්‍රදේශයේ විනාශ වී ඇති මාර්ග ප්‍රතිසංස්කරණය සඳහා සිදු කරන බව පවසමින් නිලධාරීන්ගේ රාජකාරියට විරෝධය පළ කර ඇත.
පතල් හා ඛනිජ ද්‍රව්‍ය පනතට අනුව නිලධාරීන් කටයුතු කිරීමට උත්සාහ කළද, ප්‍රාදේශීය සභා සභාපතිවරයා ඇතුළු පිරිස ඊට දැඩි බාධා පමුණුවා තිබේ.
අත්අඩංගුවට ගත් ට්‍රැක්ටර් රථ සහ සැකකරුවන් පොලිසිය වෙත රැගෙන යාමට උත්සාහ කිරීමේදී සභාපතිවරයාගේ ආධාරකරුවන් පිරිසක් මාර්ගය හරස් කරමින් නිලධාරීන්ට අවහිර කර ඇත.
මෙම අවස්ථාවට ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන තෙන්නකෝන් මහතාද එක්ව සිට ඇත.
පවතින දැඩි විරෝධය හමුවේ සැකකරුවන් පොලිස් භාරයට ගැනීමට නිලධාරීන්ට නොහැකි වී ඇත.
මේ පිළිබඳව භූවිද්‍යා නිලධාරීන්ගෙන් විමසීමේදී ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ගත් තීරණයක් මත මෙම බොරලු කැපීම සිදුවන බැවින්, අමාත්‍යවරයෙකු ලබාදුන් උපදෙස් මත අදාළ පිරිස අත්අඩංගුවට ගැනීම අත්හිටුවීමට සිදු වූ බවය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ
විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ
චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM
විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..
NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..
"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්
බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්