News Category
From Date
To Date
Maximum Number of Result

පසුගිය ආණ්ඩු සමයන්හි පාස්පෝට් පෝලිම් තිබියදී ආණ්ඩුව ගැන විශ්වාසයක් නැතිව එම පෝලිම් සැදී ඇති බවට ජාතික ජන බලවේගය පැවසූ බවත් අද පාස්පෝට් ගැනීමට මෙතරම් පෝලිම් සැදී සිටින්නේ වත්මන් ජනාධිපතිවරය හා ආණ්ඩුව සම්බන්ධයෙන් තරුණ පරපුරට විශ්වාසයක් නැති වීම නිසාද යි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා ප‍්‍රශ්න කරයි.

වත්මන් පාලනය යටතේ ඉදිරි වසර තුන ඇතුළත සමස්ත රට ඩිජිටල්කරණයට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

අලුතින් මුදල් මුද්‍රණය කළ බවට පළවී ඇති වාර්තා සම්බන්ධයෙන් පැහැදිලි කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කර තිබේ.

අලුත් යෝජනා නිසා රටේ ආදායම රුපියල් බිලියන 3,000 ක් දක්වා පහත වැටීම නිසා අය වැය හිඟය රුපියල් බිලියන 1000 සිට 2,500 ක් දක්වා වැඩිවන බවත්, මෙම පරතරය පියවන්නේ කෙසේදැයි ජනාධිපතිවරයා වහාම රටට පැවැසිය යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවැසීය.

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා ලෙස පත්කිරීම අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති පෙත්සමක වගඋත්තරකරුවෙකු ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නම් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබාදී තිබේ.

රජයේ සේවකයන්ට, පෞද්ගලික අංශයේ සේවකයන්ට දීමනා ලබාදීමට කැමැති වුවත්, භාණ්ඩාගාරයේ ඇති මුදල් අනුව එය තීරණය වන බවත්, ජනවාරියේ සිට රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට හිටපු ජනාධිපතිවරයා මුදල් වෙන් කිරීමක් කර නොමැති බවත් අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ බලය පිහිටු වීමට ජාතික ජන බලවේගය පක්ෂයට අවස්ථාව ලබාදීම සඳහා විදුලි බල්බය යටතේ තරග කර ජයග්‍රහණය ලැබූ ජාතික ජනතා පක්ෂයේ මන්ත්‍රීවරයාගේ සහාය ලබාදිය හැකි යැයි එම පක්ෂයේ නායක මංජු නිශ්ශංක මහතා පවසයි.

රජය විසින් කිසිදු ආකාරයකින් මුදල් අච්චුගැසීමක් සිදුකර නොමැති බවත්, ඒ සම්බන්ධයෙන් පළවන ජනමාධ්‍ය වර්තා ප්‍රතික්ෂේප කරන බවත් කැබිනට් ප්‍රකාශක ඇමැති විජිත් හේරත් සඳහන් කළේය.

කන්තලේ සීනි කර්මාන්ත ශාලාවට අයත් ඉඩම් ජනතාවට වගා කිරීමට ලබාදීමට රජය ගෙන තිබූ තීරණය මැතිවරණ කොමිසම විසින් අත්හිටුවා ඇති බව වාර්තා වේ.


ප්‍රධාන පුවත්

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..

ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය බන්ධනාගාරයේ දී ඉවත්කොට අධිකරණයට ගෙන ඒම සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ඇතුළු වගඋත්තරකරුවන් 10 දෙනෙකුට එරෙහිව බ්‍රිගේඩියර්(විශ්‍රාමික) අතුල හේමචන්ද්‍ර ද සිල්වා මහතා අභියාචනාධිකරණයේ නඩු අංක CA/WRIT/787/2026 යටතේ අද දින (2026.10.12) නඩුවක් ගොනුකර තිබේ.

චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..

චීන–ලාඕස දුම්රිය මාර්ගය ඔස්සේ සිදුකර ඇති සමස්ත වෙළෙඳ ගනුදෙනුවල වටිනාකම යුවාන් බිලියන 100 (ඇමෙරිකානු ඩොලර් බිලියන 14.9ක් පමණ) ඉක්මවා ගොස් තිබේ. එම මාර්ගය හරහා මේ වන විට ආනයන හා අපනයන භාණ්ඩ ටොන් මිලියන 20.77කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කර ඇති බව වාර්තා වේ.

ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹීමේ ආදර්ශය අනුගමනය කරමින් රුසියාව සමඟ ආර්ථික සබඳතා යළි ස්ථාපිත කරන ලෙස ජර්මනියේ විපක්ෂ දේශපාලන පක්ෂ දෙකක් ඉල්ලා ඇතැයි වාර්තාවේ.

රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්

රුසියාව සහ යුක්‍රේනය අතර වහාම ක්‍රියාත්මක වන පරිදි බලශක්ති ඉලක්ක වෙත එල්ල කරන ප්‍රහාර අත්හිටුවීමේ එකඟතාවක් ඇති කරගෙන තිබෙන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)

ඊයේ(11) දිනයේ උතුරු නේපාලයට බලපෑ හදිසි මහා ගංවතුර හේතුවෙන් නිවාස හා පාලම් රැසක් ගසාගෙන ගොස් ඇති අතර, පුද්ගලයන් පස්දෙනකුට අධික පිරිසක් අතුරුදන්ව සිටින බව වාර්තා වේ.

ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ

කැනඩාවේ ඔන්ටාරියෝ (Ontario) පළාත් ව්‍යවස්ථාදායකය විසින් 'දෙමළ ජන සංහාරය' (Tamil Genocide) යන සංකල්පය හෝ එය නිල වශයෙන් පිළිගෙන නොමැති බව එරට අධිකරණ තීන්දු මඟින් තහවුරු වී ඇති බව ආචාර්ය නෙවිල් හේවගේ මහතා පෙන්වා දෙයි.

ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..

බන්ධනාගාර ගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි වෙනුවෙන් හා භික්ෂූන්ගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ කළ පා ගමන අද (12) තෙවන දිනටත් පැවැත්වේ.

"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..

ඥානසාර හිමි අත්අඩංගුවට ගැනීමට පෙර තමන්ට ඇමතුමක් ලබාදී හමුවන ලෙස දැන්වූ බවත්, එහිදී උන්වහන්සේ පැවසුවේ උන්වහන්සේව අත්අඩංගුවට ගත් පසු සිවුර ගැලවීම අනිවාර්යෙන් සිදුකරන බව යැයිද, කළින්ම උන්වහන්සේ මේ පිළිබඳව දැනසිටි බවත්, තමන් සමග මේ සම්බන්ධයෙන් උන්වහන්සේ කතා කළ බවත් නීතිඥ සංජීව වීරවික්‍රම මහතා හෙළිදරව්වක් සිදුකරමින් පවසයි.

අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි

අනුරාධපුර පූජා නගරය ගොඩනැගීම සඳහා විශාල ආධාර මුදලක් ඉදිරියේදී ඉන්දියානු රජයෙන් ලැබීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.