ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමන අධිකාරි පනත් කෙටුම්පතේ කමිටු වාර්තාව බාරදෙයි
ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමන අධිකාරි පනත් කෙටුම්පත පිළිබඳ සමාලෝචනය කිරීම සඳහා පත් කරන ලද කමිටුව, ඔවුන්ගේ කාර්යයන් අවසන් කරමින් එහි වාර්තාව මුදල් අමාත්‍යාංශය වෙත අද (9) භාරදීමට කටයුතු කළේය.
නිසි නියාමන ක්‍රමවේදයකින් තොරව ක්ෂුද්‍ර මූල්‍ය ගනුදෙනු රට පුරා සිදු කිරීම මගින් එය විශාල ව්‍යසනයක් දක්වා ගමන් කර අතිවිශාල වින්දිතයන් ප්‍රමාණයක් බිහිවිය.
මේ හේතුවෙන් ඉකුත් 2023 වසරේ ඔක්තෝබර් 30වන දින ශ්‍රී ලංකා ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමන අධිකාරී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පසුගිය රජය කටයුතු කර තිබිණි.
එහෙත් එම පනත් කෙටුම්පත සම්පාදනය කිරීමේදී, එම පනතෙන් බලපෑමට ලක්වන පාර්ශ්වයන් හා නියමිත උපදේශනය අනුගමනය නොකොට පනත රැගෙන ආ බවට සමාජය තුළ විශාල කථිකාවක් ඇති විය.
එහි ප්‍රතිඵලයක් ලෙස එම පනත් කෙටුම්පතට එරෙහිව ක්ෂුද්‍ර මූල්‍ය වින්දිතයන්, ප්‍රජා මූල සංවිධාන ඇතුළු සිවිල් නියෝජිතයන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සම් 6ක් ඉදිරිපත් කෙරුණි.
ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ එම පෙත්සම් විභාගයෙන් අවසානයේදී පනතේ වගන්ති රාශියක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දු ලබාදුන් අතර, පාර්ලිමේන්තුව තුළත්, ඉන් පිටතත් එම පනත් කෙටුම්පත හකුළා ගන්නා ලෙස රජයට බලපෑම් එල්ල විය.
මේ හේතුවෙන් එවක රජය විසින් පනත තාවකාලිකව හකුළා ගැනීමට කටයුතු කළේය.
පසුව මෙම පනත් කෙටුම්පත පිළිබඳව නැවත අදහස් විමසීම සඳහා කමිටුවක් පත්කිරීමට මුදල් අමාත්‍යංශයේ කටයුතු කළේය.
එම කමිටුව මාස පහක පමණ සාකච්ඡාවලින් පසුව ඔවුන් විසින් පනත් කෙටුම්පතට ඉදිරිපත් කළ යුතු සංශෝධන සහ සලකාබැලිය යුතු සංකල්පීය ප්‍රතිපත්ති පිළිබඳ වාර්තාව මුදල් අමාත්‍යංශයේ සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් මංජුල හෙට්ටිආරච්චි මහතා වෙත භාරදීම ඊයේ සිදු කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරානයට අත තියපු ඇමරිකාවට දැන් මොකද වෙලා තියෙන්නේ?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශ්ලේෂණයක්
22 සංශෝධනය ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට..
කන්නියා උණුවතුර ලිං පුරාවිද්‍යා භූමිය, චෛත්‍යය සංරක්ෂණය නැවතත් අත්හිටුවයි?..
අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. - රජීව් අමරසූරිය
කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.
LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..