News Category
From Date
To Date
Maximum Number of Result

එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂය කාගෙදැයි ප්‍රශ්නයක් මතුවී ඇති බවත්, ව්‍යවස්ථාව කුමන පක්ෂයකදැයි ප්‍රශ්නයක් පැන නැගී ඇති බවත් එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයේ අපේක්ෂකයන් ප්‍රශ්න කරයි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් යානා 8ක් මිලදී ගැනීමේදී සිදුව ඇතැයි කියන ඇමරිකන් ඩොලර් මිලියන ගණනක මහ පරිමාණ වංචාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන විමර්ශන කඩිනම් කර ඇතැයි නීතිපතිවරයා, කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඊ​යේ (30 වැනිදා) දැනුම් දුන්නේය.

ආණ්ඩුව මුදල් මුද්‍රණය නොකළ බව විජිත හේරත් අමාත්‍යවරයා පවසා ඇති බවත්, නමුත් මහ බැංකුවෙන් නිකුත් කළ නිවේදය සුපරික්ෂාකාරී ලෙස අධ්‍යයනය කළ විට මුදල් මුද්‍රණය කළ බව පැහැදිලි වන බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

ආණ්ඩුව පාස්කු ප්‍රහාරය පිළිබඳව විර්ශනය කළ කමිටු වාර්තා දෙකම ප්‍රතික්ෂේපකර ඇති බවත්, අල්විස් කමිටු වාර්තාව ප්‍රතික්ෂේප කරන අවස්ථාවේ විජිත හේරත් ඇමැතිවරයා හේතුව ලෙස පැවසුවේ සභාපති විනිසුරුවරියට විෂමාචාර චෝදනා ඇති නිසා එම කමිටු වාර්තාව ප්‍රතික්ෂේප කරන බව යැයි ද, එහෙත් එම විනිසුරුවරිය විෂමාචාර චෝදනාවට වැරැදිකරු බවට ඔප්පුකරන ලෙස තමන් පැවසූ විට ඇමැතිවරයා නිහඩව සිටි බවත්, එබැවින් ඔහු පැවසූ බොරුව දැන් හෙළිවී ඇති බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විසින් සංවිධානය කරන ලද “Gem Sri Lanka 2025 ප්‍රදර්ශනය” හඳුන්වාදීමේ වැඩසටහනට ඊයේ(29) දින රුසියානු තානාපති ලෙවන් ධගාරියන් මහතා සහභාගී විය.

සෑම දිස්ත්‍රික්කයකටම දෙමළ භාෂාවෙන් අධ්‍යාපනය ලැබීමට පාසලක් තිබුන ද, නැගෙනහිර පළාතේ අහිංසක දුප්පත් සිංහල ජනයාගේ දරුවන්ට සිංහල භාෂාවෙන් අධ්‍යාපනය ලැබීමට පාසලක් නොතිබූ බව නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පවසයි.

නීතිය අයුතු ලෙස භාවිත කිරීම පිළිබඳව ජනතාවගේ පිළිකුල ජනාධිපතිවරයාට දැන්වීම සඳහා මහජන පෙත්සමක් අත්සන් කිරීමට බලාපොරොත්තු වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

දුම්රිය ස්ථානාධිපතිවරුන් අද (30) පස්වරු 4:30 සිට දුම්රිය ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ රාජකාරීවලින් ඉවත් වෙන බව දැනුම්දී තිබේ.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් දකුණු කොරියාව සමඟ ඇති E-8 වීසා ගිවිසුමට හිටපු අමාත්‍යවරයා විසින් රජයේ නිසි අවසරයකින් තොරව නීතිවිරෝධී ලෙස අත්සන් කර ඇති බව අනාවරණය වේ.


ප්‍රධාන පුවත්

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..

ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය බන්ධනාගාරයේ දී ඉවත්කොට අධිකරණයට ගෙන ඒම සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ඇතුළු වගඋත්තරකරුවන් 10 දෙනෙකුට එරෙහිව බ්‍රිගේඩියර්(විශ්‍රාමික) අතුල හේමචන්ද්‍ර ද සිල්වා මහතා අභියාචනාධිකරණයේ නඩු අංක CA/WRIT/787/2026 යටතේ අද දින (2026.10.12) නඩුවක් ගොනුකර තිබේ.

චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..

චීන–ලාඕස දුම්රිය මාර්ගය ඔස්සේ සිදුකර ඇති සමස්ත වෙළෙඳ ගනුදෙනුවල වටිනාකම යුවාන් බිලියන 100 (ඇමෙරිකානු ඩොලර් බිලියන 14.9ක් පමණ) ඉක්මවා ගොස් තිබේ. එම මාර්ගය හරහා මේ වන විට ආනයන හා අපනයන භාණ්ඩ ටොන් මිලියන 20.77කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කර ඇති බව වාර්තා වේ.

ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹීමේ ආදර්ශය අනුගමනය කරමින් රුසියාව සමඟ ආර්ථික සබඳතා යළි ස්ථාපිත කරන ලෙස ජර්මනියේ විපක්ෂ දේශපාලන පක්ෂ දෙකක් ඉල්ලා ඇතැයි වාර්තාවේ.

රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්

රුසියාව සහ යුක්‍රේනය අතර වහාම ක්‍රියාත්මක වන පරිදි බලශක්ති ඉලක්ක වෙත එල්ල කරන ප්‍රහාර අත්හිටුවීමේ එකඟතාවක් ඇති කරගෙන තිබෙන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)

ඊයේ(11) දිනයේ උතුරු නේපාලයට බලපෑ හදිසි මහා ගංවතුර හේතුවෙන් නිවාස හා පාලම් රැසක් ගසාගෙන ගොස් ඇති අතර, පුද්ගලයන් පස්දෙනකුට අධික පිරිසක් අතුරුදන්ව සිටින බව වාර්තා වේ.

ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ

කැනඩාවේ ඔන්ටාරියෝ (Ontario) පළාත් ව්‍යවස්ථාදායකය විසින් 'දෙමළ ජන සංහාරය' (Tamil Genocide) යන සංකල්පය හෝ එය නිල වශයෙන් පිළිගෙන නොමැති බව එරට අධිකරණ තීන්දු මඟින් තහවුරු වී ඇති බව ආචාර්ය නෙවිල් හේවගේ මහතා පෙන්වා දෙයි.

ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..

බන්ධනාගාර ගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි වෙනුවෙන් හා භික්ෂූන්ගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ කළ පා ගමන අද (12) තෙවන දිනටත් පැවැත්වේ.

"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..

ඥානසාර හිමි අත්අඩංගුවට ගැනීමට පෙර තමන්ට ඇමතුමක් ලබාදී හමුවන ලෙස දැන්වූ බවත්, එහිදී උන්වහන්සේ පැවසුවේ උන්වහන්සේව අත්අඩංගුවට ගත් පසු සිවුර ගැලවීම අනිවාර්යෙන් සිදුකරන බව යැයිද, කළින්ම උන්වහන්සේ මේ පිළිබඳව දැනසිටි බවත්, තමන් සමග මේ සම්බන්ධයෙන් උන්වහන්සේ කතා කළ බවත් නීතිඥ සංජීව වීරවික්‍රම මහතා හෙළිදරව්වක් සිදුකරමින් පවසයි.

අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි

අනුරාධපුර පූජා නගරය ගොඩනැගීම සඳහා විශාල ආධාර මුදලක් ඉදිරියේදී ඉන්දියානු රජයෙන් ලැබීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.