ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් බිලියන 323ක ණයයි ...එතකොට විදුලි බිල අඩු කරන්නේ කොහොමද? බලශක්ති ඇමැති කුමාර ජයකොඩි
ලංකා විදුලිබල මණ්ඩලය මේ වන විට ණය බරින් මිදී ඇති බවට පළ වන මාධ්‍ය වාර්තා බලශක්ති ඇමැති කුමාර ජයකොඩි ප්‍රතික්ෂේප කරයි.
අද පාර්ලිමේන්තුව අමතමින් ඇමැති ජයකොඩි පැවසුවේ, විදුලිබල මණ්ඩලය සතුව රුපියල් බිලියන 323ක ණයක් ඇති අතර රජය මේ වන විට එහි කිසිදු ණයක් භාරගෙන නොමැති බවයි.
“විශේෂයෙන් මාධ්‍ය හරහා කටකතා පැතිර යමින් තිබෙනවා. මේ සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිසම ද අදහස් දක්වා තිබෙනවා. කෙසේවෙතත්, විදුලිබල මණ්ඩලය තවමත් ණය ගෙවමින් සිටින්නේ. භාණ්ඩාගාරය හෝ රජය ඒ කිසිදු ණයක් භාරගෙන නැහැ,” යනුවෙන් ඔහු පැවසීය.
විදුලිබල මණ්ඩලය රුපියල් බිලියන 167ක ලාභයක් වාර්තා කර ණය බරින් මිදී ඇත්ද යන්න පිළිබඳ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඇමැති කුමාර ජයකොඩි මෙම අදහස් පළ කළේය.
කඩිනමින් විදුලි ගාස්තු අඩු කිරීමට රජය ලබා දී ඇති පොරොන්දු පිළිබඳ විමසමින් මන්ත්‍රී ජයසේකර ප්‍රශ්න කළේ මෙම වසරේ ජුනි මාසය තෙක් එය කළ නොහැකි බව රජය පවසා ඇත්තේ මන්ද යන්නයි.
“නුදුරු අනාගතයේ දී විදුලි බිල 30%කට වඩා අඩු කිරීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසු බව ප්‍රවෘත්ති වාර්තාවක සඳහන් වුණා. නුදුරු අනාගතය කියන්නේ වසර දෙක තුනක් ද? බොරු කියන්නේ ඇයි?” යනුවෙන් මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේය.
ඊට ප්‍රතිචාර දක්වමින් බලශක්ති ඇමැති කුමාර ජයකොඩි පැවසුවේ රජය කිසි විටෙකත් කෙටි කාලයක් ගැන සඳහන් නොකළ බවත් සැලැස්ම ඉදිරි වසර තුනක කාලයක් සඳහා බවත්ය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි