News Category
From Date
To Date
Maximum Number of Result

අරගලයේ දී සිදු වුයේ නිශ්චිත දේශපාලන ඉලක්කයකට, නිශ්චිත දේශපාලන සටන් පාඨයකට බලවේග ඒකරාශී වීමක් නොවන බවත්, එහිදී ස්මතු වූයේ වැරදි සටන් පාඨ දෙකක් වන 'ගෝඨා ගේ හෝම්' සහ '225 ම එපා' යන සටන් පාඨ බවත් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන සභික සුනිල් වටගල මහතා පවසයි.

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු 13 දා රාත්‍රියේ එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සමඟ පැවැති දුරකථන සංවාදයෙන් පසුව ඉරානයට එරෙහිව ක්ෂණික ප්‍රතිප්‍රහාර දියත් කිරීමේ සැලැස්ම අවලංගු කළ බව ඊශ්‍රායල නිලධාරීන් තමන් වෙත පවසා ඇතැයි නිව් යෝර්ක් ටයිම්ස් පුවත් පත පවසයි.

රුසියාවේ විදේශ අමාත්‍යාංශය ඉරානයෙන් සහ ඊශ්‍රායලයෙන් ඉල්ලා ඇත්තේ සංයමයෙන් කටයුතු කරන ලෙසත් කලාපයේ සතුරුකම් තවදුරටත් උත්සන්න වීම වළක්වා ගන්නා ලෙසත්ය. සති අන්තයේ ඊශ්‍රායලයට ටෙහෙරානයේ ඩ්‍රෝන් සහ මිසයිල ප්‍රහාර එල්ල කිරීමෙන් පසු ඊයේ(14) ප්‍රකාශයක් නිකුත් කරමින් රුසියානු විදෙශ අමාත්‍යවරයා මෙම අභියාචනය කරන ලදී.

ඉරානයට පහර දීමට ඇමෙරිකාව කිසිසේත් සහාය ලබා නොදෙන බව ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්‍යාහුට දන්වා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

රුසියානු හමුදාවට එක්ව සිටින ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් තොරතුරු ලබාදෙන ලෙස රුසියාවේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එරට ආරක්ෂක බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

අමෙරිකාවේ වොෂින්ටන් නුවර දී (15) ඇරැඹෙන ලෝක බැංකුවේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වසර මැද සමුළුවේ දී මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය අවසන් කිරීම පිළිබඳ ඵලදායී සාකච්ඡාවක නිතරවීමට සූදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

ඉරානය වෙත ප්‍රහාර එල්ල කිරීම සඳහා තම භූමිය කඳවුරු කර ගැනීමට ඉඩ නොදෙන බව කටාර් සහ කුවේටය එක්ව ප්‍රකාශ කර තිබේ.

ඉරානයේ විප්ලවවාදී ආරක්ෂක බළකාය ඊශ්‍රායලයට එරෙහිව සාර්ථක මහා පරිමාණ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර ඇති බව ඉරානයේ ඓර්‍ණැ ප්‍රවෘත්ති ඒජන්සිය විප්ලවවාදී ආරක්ෂක බළකායේ ප්‍රරුත්ති නිවේදනයක් උපුටා දක්වමින් පවසයි. ඉරාන ඉස්ලාමීය ජනරජයේ හමුදාව "වැදගත් මිලිටරි ඉලක්ක" වෙත පහර දී විනාශ කිරීමට සමත් විය යනුවෙන් එම ප්‍රවෘත්තිය පවසයි.

ලැබුවා වූ සිංහල සහ දමිළ අලුත් අවුරුද්ද සාමය, සතුට, සෞභාග්‍යය සපිරි සුබ අලුත් අවුරුද්දක් වේවා!.


ප්‍රධාන පුවත්

ආගමික නායකයින් පාස්කු ප්‍රහාරය හරහා දේශපාලනය කරනවා.. - සුරේෂ් සලේගේ මව සත්‍යග්‍රහයට එක්වෙමින් කියයි

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණ සඳහා රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන සිටින හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පිටකොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවැත්වෙන සත්‍යග්‍රහයට අද (08) ඔහුගේ මව සහභාගී විය.

ගින්දරත් එක්ක සෙල්ලම් නොකරනු! පිලිපීන දේශපාලනඥයන් කිහිප දෙනෙකුට අනතුරු ඇඟවීමක්! ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය"

පසුගියදා පිලිපීනයේ චීන තානාපති කාර්යාලය නැවත වරක් අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් සඳහන් කළේ, පිලිපීන හමුදා සහ නීතිය බලාත්මක කිරීමේ ආයතන විසින් පිලිපීනයේ වෙසෙන චීන පුරවැසියන් සහ ව්‍යවසායන් ඉලක්ක කරගනිමින් සිදු කරන පරීක්ෂා කිරීම්, හිරිහැර කිරීම් සහ තෝරා බේරා නීතිය බලාත්මක කිරීම් වැඩි වැඩියෙන් සිදුවන බවයි.

සලේ වෙනුවෙන් අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ වෙයි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට විරෝධය පළකරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් සංවිධානය කළ සත්‍යග්‍රහය අද (08) කොළඹ කොටුව දුම්රිය පොළ පරිශ්‍රයේදී ආරම්භ විය.

සුරේෂ් සලේගේ බිරිඳගෙන් CID අධ්‍යක්ෂ ශානිට ලිපියක්..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර වෙත ලිපියක් යොමු කර තිබේ.

මේ පිරිමහන්නේ නන්දිකඩාල් පරාජයේ වෛරයයි.. මාලිමාවේ ඊබ්‍රාහිම් නිදොස් කොට රණවිරු සලේ පාස්කු පාස්කු ප්‍රහාරයේ “කුරුසය” මත තබා ඇන ගසන්නට ඉඩ නොදෙනු! - විමල්ගෙන් සටහනක්

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් ජානිපෙ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සිය මුහුණු පොතේ තබා ඇති සටහනක් පහළින්..

සලේ වෙනුවෙන් අද සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්..

තමන්ගේ මරණය ආසන්න බව හැඟෙන බැවින් දෑස් දන්දීමට හා සිය අවසන් කැමැති පත්‍රය සැකසීමට අවශ්‍ය ලිපිලේඛන රැගෙන කඩිනමින් එන්නැයි සුරේෂ් සලේ මහතා දැනුම්දුන් බව ඔහුගේ නීතිඥයින් ඊයේ (07) අනාවරණ කර තිබිණි.

වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්

ශ්‍රී ලංකාවේ යුරෝපීය සංගමයේ නියෝජිත කණ්ඩායම විසින් "X" (ට්විටර්) සමාජ මාධ්‍ය තුළ රුසියානු සමූහාණ්ඩුවට එරෙහි කරන ලද නොමඟ යවන තොරතුරු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

යාපනයේ ජාතිව‍ාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්

යාපනය විශ්ව විද්‍යාලයේ වෙසක් උත්සවය සැමරීම වෙනුවෙන් නිර්මාණය කළ වෙසක් කූඩුවක් විනාශ කිරීම සම්බන්ධයෙන් තමන් මුලින්ම මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අදාළ සිදුවීම වාර්තා කළ බවත්, මෙම සිදුවීම පාදක කරගනිමින් තමන් ජාතිවාදය අවුස්සන බවට කිහිපදෙනෙකු විසින් ප්‍රකාශ කර ඇති බවත්, එම ප්‍රකාශ හෙළාදකින බවත් යාපනය සිවිල් සංවිධාන කේන්ද්‍රයේ අරුන් සිද්ධාර්ත් මහතා පවසයි.

ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

බෙදුම්වාදීන්ගේ ප්‍රකාශ සම්බන්ධයෙන් සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ආණ්ඩුවත් විපක්ෂයත් බරපතළ ලෙස මානසික බාධක පනවාගෙන සිටින බවත්, එල්.ටී.ටී.ඊ කොටි ත්‍රස්තයන් සැමරීම ඔවුන් විසින් කිසිඳු බාධාවකින් තොරව පාර්ලිමේන්තුව තුළ දී පවා සිදුකරමින් සිටින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.