News Category
From Date
To Date
Maximum Number of Result

බැංකු පොත්වල කෝටි ගණනක් ඉතිරි කර ගැනීමට වඩා කාලකන්නි පාලකයන්ගෙන් රට නිදහස් කර ගැනීමේ පින වටිනා බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු අපේක්‍ෂක සුනිල් හඳුන්නෙත්ති පවසයි.

ගුවන්යානා ඉංජිනේරුවරයකු, විශ්ව විද්‍යාල ආචාර්යවරයකු හා ව්‍යවසායකයකු වන ආචාර්ය සුපුන් ජයසිංහ මහතා අපේ ජනබල පක්ෂයෙන් මෙවර මහ මැතිවරණයේ දී කොළඹ දිස්ත්‍රික්කය සඳහා මැතිවරණයට ඉදිරිපත්වී සිටියි.

කියුබාව ත්‍රස්ත ලැය්ස්තුවෙන් ඉවත් කරන ලෙසත් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේදී කියුබාවට එරෙහිව පනවා ඇති සම්බාධක ඉවත් කරන ලෙස ඉදිරිපත්වන යෝජනාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියේදී ඡන්ද විමසීමට පෙර නිව් යෝර්ක්, ලොස් ඇන්ජලීස් සහ අනෙකුත් එක්සත් ජනපද නගරවල විරෝධතා පැවැත්වූ බව විදෙස් පුවත් සේවා පවසයි.

දෙවන පරපුර නායක, පාර්ලිමේන්තු මැතිවරණ අපේක්ෂක උවිඳු විජේවීර මහතාගේ සහභාගීත්වයෙන් අද(29) දින මහනුවර දිස්ත්‍රික්කයේ ජනහමු මාලාවක් සංවිධානය කර තිබේ.

ශ්‍රී ලංකාවට සංචාරක තහනමක් පනවා නැතැයි ලංකාවේ සිටින අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මිය පවසයි.

මෙවර පාර්ලිමේන්තු මැතිවරණ ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද සළකුණු කිරීමේ කටයුතු හෙට (30) දිනයේ ආරම්භ වීමට නියමිතව තිබේ.

පොල් සංවර්ධන අධිකාරිය බහුජාතික සමාගම් වෙත මෙරට පොල් නිෂ්පාදනයෙන් 70%ක් අපනයනයට ඉඩ ලබාදීමට ක්‍රියා කිරීම හේතුවෙන් රට තුළ උග්‍ර පොල් හිඟයක් සහ අධික ලෙස මිල ඉහළ යෑමක් සිදුව ඇතැයි, සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයන්ගේ සංගමයේ ප්‍රධාන කැඳවුම්කරු බුද්ධික ද සිල්වා මහතා ‘දිවයින’ට ඊයේ (28දා) පැවසීය.

ආරුගම්බෙ සංචාරක පුරවරයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනා ලබාදුන් ප්‍රකාශ අනුව එම සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් පිරිසක් පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇතැයි ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය ඊයේ (28දා) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල් බිලියන සීයකට ආසන්න මුදලක් මුද්‍රණය කර ඇති බව වාර්තා වේ.


ප්‍රධාන පුවත්

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..

ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය බන්ධනාගාරයේ දී ඉවත්කොට අධිකරණයට ගෙන ඒම සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ඇතුළු වගඋත්තරකරුවන් 10 දෙනෙකුට එරෙහිව බ්‍රිගේඩියර්(විශ්‍රාමික) අතුල හේමචන්ද්‍ර ද සිල්වා මහතා අභියාචනාධිකරණයේ නඩු අංක CA/WRIT/787/2026 යටතේ අද දින (2026.10.12) නඩුවක් ගොනුකර තිබේ.

චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..

චීන–ලාඕස දුම්රිය මාර්ගය ඔස්සේ සිදුකර ඇති සමස්ත වෙළෙඳ ගනුදෙනුවල වටිනාකම යුවාන් බිලියන 100 (ඇමෙරිකානු ඩොලර් බිලියන 14.9ක් පමණ) ඉක්මවා ගොස් තිබේ. එම මාර්ගය හරහා මේ වන විට ආනයන හා අපනයන භාණ්ඩ ටොන් මිලියන 20.77කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කර ඇති බව වාර්තා වේ.

ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹීමේ ආදර්ශය අනුගමනය කරමින් රුසියාව සමඟ ආර්ථික සබඳතා යළි ස්ථාපිත කරන ලෙස ජර්මනියේ විපක්ෂ දේශපාලන පක්ෂ දෙකක් ඉල්ලා ඇතැයි වාර්තාවේ.

රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්

රුසියාව සහ යුක්‍රේනය අතර වහාම ක්‍රියාත්මක වන පරිදි බලශක්ති ඉලක්ක වෙත එල්ල කරන ප්‍රහාර අත්හිටුවීමේ එකඟතාවක් ඇති කරගෙන තිබෙන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)

ඊයේ(11) දිනයේ උතුරු නේපාලයට බලපෑ හදිසි මහා ගංවතුර හේතුවෙන් නිවාස හා පාලම් රැසක් ගසාගෙන ගොස් ඇති අතර, පුද්ගලයන් පස්දෙනකුට අධික පිරිසක් අතුරුදන්ව සිටින බව වාර්තා වේ.

ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ

කැනඩාවේ ඔන්ටාරියෝ (Ontario) පළාත් ව්‍යවස්ථාදායකය විසින් 'දෙමළ ජන සංහාරය' (Tamil Genocide) යන සංකල්පය හෝ එය නිල වශයෙන් පිළිගෙන නොමැති බව එරට අධිකරණ තීන්දු මඟින් තහවුරු වී ඇති බව ආචාර්ය නෙවිල් හේවගේ මහතා පෙන්වා දෙයි.

ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..

බන්ධනාගාර ගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි වෙනුවෙන් හා භික්ෂූන්ගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ කළ පා ගමන අද (12) තෙවන දිනටත් පැවැත්වේ.

"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..

ඥානසාර හිමි අත්අඩංගුවට ගැනීමට පෙර තමන්ට ඇමතුමක් ලබාදී හමුවන ලෙස දැන්වූ බවත්, එහිදී උන්වහන්සේ පැවසුවේ උන්වහන්සේව අත්අඩංගුවට ගත් පසු සිවුර ගැලවීම අනිවාර්යෙන් සිදුකරන බව යැයිද, කළින්ම උන්වහන්සේ මේ පිළිබඳව දැනසිටි බවත්, තමන් සමග මේ සම්බන්ධයෙන් උන්වහන්සේ කතා කළ බවත් නීතිඥ සංජීව වීරවික්‍රම මහතා හෙළිදරව්වක් සිදුකරමින් පවසයි.

අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි

අනුරාධපුර පූජා නගරය ගොඩනැගීම සඳහා විශාල ආධාර මුදලක් ඉදිරියේදී ඉන්දියානු රජයෙන් ලැබීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.