News Category
From Date
To Date
Maximum Number of Result

අද පාර්ලිමේන්තු සභාවාරය අතරතුර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නියෝජ්‍ය කතානායක රිස්වි සාලි මහතා අමතමින් දී කී අශිෂ්ඨ වචනයක් පිළිබඳ ආණ්ඩු පක්ෂයෙන් එල්ල වූ විරෝධය හමුවේ ඉල්ලා අස්කර ගත්තේය

ආගමන හා විගමන පනත යටතේ චෝදනා ලබා සිටින හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මිය අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා නිකුත් කළ වරෙන්තු ආපසු කැඳවීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය. ඩයනා ගමගේ මහත්මිය මෝසමක් ඉදිරිපත් කරමින් අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසුව එම වරෙන්තුව ආපසු කැඳවීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

අන්තර්ජාතික සබඳතා, භූ දේශපාලනික ප්‍රවණතා සහ දකුණු ආසියානු කටයුතු පිළිබඳ ප්‍රාමාණික බුද්ධිමතුක වන ඉන්දියාවේ ඇස්. ඩී. මුනි මහතා අනුර කුමාරගේ ජයග්‍රහණය පිළිබඳ එරට සරසවියක පැවැත් වූ දේශනයක දී දැක්වූ අදහස් සමගින් අරුණ පුවත්පතට දේශපාලන ලිපියක් යොමුකර ඇත. කෘතින් දුසිමකට වඩා රචනා කර තිබෙන ආචාර්ය මුනි ලංකාවේ දේශපාලන ප්‍රවණතා පිළිබඳ නිරන්තරයෙන් අවධානයෙන් සිටින ඒ පිළිබඳ තම අදහස් දක්වන බුද්ධිමතෙකි. ඔහු පවසන ආකාරයට ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ගමන් මගට අවශ්‍ය පුහුණුව අනුර කුමාරට ලැබුණේ චන්ද්‍රිකාගේ ආණ්ඩුවෙනි. ඉන් අනතුරුව පැවැති ජනාධිපතිවරණවල දී ද ජනතා විමුක්ති පෙරමුණ ක්‍රියාශීලීව වැඩ කළේය. 2015 යහපාලන ආණ්ඩුව සමයේ දී අනුර කුමාරට විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය හිමිවීම ද ඔහුගේ දේශපාලන ගමනේ තීරණාත්මක සන්ධිස්ථානයක් විය. අනුර පිළිබඳ මුනි දෙසුමෙන් පැහැදිලි වන්නේ ඔහු දේශපාලන සිද්ධීන් නිවැරදිව නිරීක්ෂණය කර තිබෙන බව බව ඔහුසදහන් කරයි අරුණ පුවත්පතේ පළ කල එම සම්පූර්ණ ලිපිය පහතින් බලන්න

ජාත්‍යන්තර බෝවන රෝග සංගමයේ තේරී පත් වූ සභාපතිනිය ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිශක්තිකරණය හා අනුක වෛද්‍ය විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය නීලිකා මලවිගේ පත් කරගෙන ඇති අතර ඇය 2027 වර්ෂයේ සිට අදාළ ධුරයේ රාජකාරී ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වේ.

ආගමන හා විගමන පනත යටතේ චෝදනා ලබා සිටින හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මිය අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (06) වරෙන්තු නිකුත් කළේය.

පාස්කු ඉරිදා ප්‍රහාරයට කුමන්ත්‍රණය කළ බවට මවුලානා තමාට එල්ල කර ඇති චෝදනාව සම්බන්ධයෙන් මෙම ඩේලි මිරර් පුවත්පත හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත යොමු කළ කෙටි පණිවිඩයකට ප්‍රතිචාර දක්වමින් හිටපු ජනාධිපතිවරයා කියා ඇත්තේ මෙම චෝදනා සම්බන්ධයෙන් තමන් කිසිවක් නොදන්නා බවයි.

ආනයනික ලුණු තොග අද (06) සිට වෙළෙඳපොළට නිකුත් කරන බව හම්බන්තොට ලංකා ලුණු සමාගම පවසයි.

වාහන ආනයනය කිරීමට අවස්ථාව ලබාදීම සදහා ගැසූ ගැසට් නිවේදනය මගින් මෙරට මෝටර් සයිකල් එකලස් කිරීමේ කර්මාන්තය සම්පූර්ණයෙන්ම නතර වීමේ අවධානමක් පවතින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

පෞද්ගලික පරිහරණය වෙනුවෙන් වාහන ආනයනය කිරීමට රජය අවසර දුන්නද මන්ත්‍රීවරුන්ගේ භාවිතය සඳහා වාහන ආනයනය කිරීමට දැන්ම කටයුතු නොකරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.


ප්‍රධාන පුවත්

කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..

කළු ජූලිය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෑතකදී පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ කනගාටුව සහ සමාව අයැදීම සාදරයෙන් පිළිගන්නා බව පවසමින්, එවකට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ලයනල් බෝපගේ සහ මහාචාර්ය අතුල සුමතිපාල යන මහත්වරුන් විසින් විපක්ෂ නායකවරයා වෙත විවෘත ලිපියක් යොමු කර තිබේ.

අගමැතිතුමිය ජාත්‍යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන වගන්තිය මඟින් ශ්‍රී ලංකා ජනරජය තුළ බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබා දී ඇති අතර, බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම සහ සුරක්ෂිත කිරීම රජයේ වගකීමක් බව පැහැදිලිව සඳහන් කර ඇති බවත්, එබැවින් බෞද්ධ ආගමික සංකේතයක් වන චීවරය ඉවත් කිරීම සම්බන්ධයෙන් රජය පියවර ගැනීමේදී මීට වඩා ඉතා සැලකිලිමත්ව කටයුතු කළ යුතු වුවද, එවැන්නක් සිදුවී නොමැති බවත් ජාතික ගුරු ව්‍යාපාරයේ ප්‍රධාන ලේකම් සඳුන් බණ්ඩාර බෝදරගම මහතා පවසයි.

2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්‍රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය

එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ නවතම වාර්තාවකට අනුව, 2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළ ගොස් තිබේ.

ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ

බද්දේගම නගර ශාලාවේදී ඊයේ (11) පැවැති දේශපාලන සම්මන්ත්‍රණයක අදහස් දක්වමින් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා වත්මන් ආණ්ඩුවේ දෙවසරක පාලනය දැඩි ලෙස විවේචනය කරමින්, ආර්ථික කළමනාකරණය, විදේශ සබඳතා, බුද්ධ ශාසනය, රණවිරුවන් සම්බන්ධ නඩු කටයුතු සහ රටේ භෞමික අඛණ්ඩතාව සම්බන්ධයෙන් බරපතළ විවේචන රැසක් මතු කළේය.

ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..

රුසියානු ඩීසල් සැපයුම් සම්බන්ධයෙන් පනවා තිබූ සම්බාධක තාවකාලිකව අත්හිටුවීමට ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය හදිසියේ ගත් තීරණයත් සමඟ ජාත්‍යන්තර දේශපාලන කරළිය දැඩි උණුසුම් වී තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡෙදය රට බවත්, දෙවන පරිච්චේඡද ආගම නොව බුද්ධාගම බවත්, මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවති.

මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ

මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කිරීමට නොයන ලෙසත්, ජනාධිපතිවරයා උතුරට ගොස් 'කිසිම ජාතිවාදයකට නැගිටින්න දෙන්නේ නෑ' යැයි පවසන බවත්, එසේ නම් උතුරේ නැගිටින දෙමළ ජාතිවාදය ද නතර කළ යුතු බවත් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..

මෙරට පෞද්ගලික ඉන්ධන සමාගම් සතුව දැනට මාසයකට ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බැවින් ක්ෂණික ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවදානමක් නොමැති බවත්, එහෙත්, දිගින් දිගටම පාඩු ලබමින් ඉන්ධන අලෙවි කිරීමට සිදුවීම හේතුවෙන් ඉදිරි මාසවලදී අඛණ්ඩ ඉන්ධන සැපයුම පවත්වාගෙන යෑම සඳහා රජය පැහැදිලි උපායමාර්ගික සැලැස්මක් ඉදිරිපත් කළ යුතු බවත් ඉන්ධන ක්ෂේත්‍රයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි.

තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ දැනට ක්‍රියාත්මක වන වැඩසටහන මඟින් සාර්ථකව අත්පත් කරගත් ආර්ථික ස්ථායීතාව අඛණ්ඩව ආරක්ෂා කරගනිමින්, රටේ ඉදිරි ආර්ථික වර්ධනය තවදුරටත් වේගවත් කිරීම උදෙසා ඉදිරියේදී තවත් නව එකඟතාවකට එළඹීමට රජය සූදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..

මහා සංඝරත්නයට පහරදීමේ ද්වේෂ සහගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් පවතින පසුබිමක දේශප්‍රේමී සිංහල නායකයින්ද සිරගත කිරීමේ කුමන්ත්‍රණයක්ද පවතින බව හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා අනාවරණ කරයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.