
අසාධ්‍යව ප්‍රතිකාර ලැබූ ඩෑන් ප්‍රියසාද් ජීවිතක්ෂයට
UPDATE 2025.04.23. 7:00 AM
සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද් වැල්ලම්පිටිය ප්‍රදේශයේ දී සිදුවූ වෙඩි තැබීමකින් මියගොස් තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ ඊයේ (22) රාත්‍රී 9:10ට පමණ වැල්ලම්පිටිය ලක්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණයේ උඩු මහලකදී මෙම වෙඩිතැබීම සිදුව ඇති බවය.
යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තැබීම සිදුකර පලාගොස් තිබුණි.
මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ පිස්තෝල වර්ගයේ ගිනිඅවියක් යොදා ගනිමින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවය.
ඩෑන් ප්‍රියසාද් මෙම වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් අනතුරුව මිය ගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඊයේ රාත්‍රියේ සඳහන් කර සිටියේය.
කෙසේවෙතත් පසුව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ෙසඳහන් කළේ වෙඩි වැදුණු ඩෑන් ප්‍රියසාද්, මියගොස් නොමැති බව සහ අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි.
අනතුරුව අද උදෑසන පොලිස් මාධ්‍ය කොට්ඨාස විසින් තහවුරු කර තිබුණේ වෙඩි වැදී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි ඩෑන් ප්‍රියසාද් මියගොස් ඇති බවය.
වෙඩි ප්‍රහාර දෙකක් ඩෑන් ප්‍රියසාද්ගේ උරහිස ප්‍රදේශයට සහ තවත් වෙඩි ප්‍රහාර දෙකක් ඔහුගේ පපුව ප්‍රදේශයට එල්ල වී තිබූ බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය.
සිද්ධියෙන් තවත් පුද්ගලයෙකු සුළු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.
ඩෑන් ප්‍රියසාද් ඉලක්ක කර මීට සුළු මොහොතකට පෙර වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ.
වෙඩිවැදී තුවාල ලැබූ ඔහු රෝහල්ගත කර ඇති බව වාර්තා වෙයි.
ලක්සඳ සෙවණ නිවාස සංකීර්ණය පරිශ්‍රයේදී ඔහු වෙඩි ප්‍රහාරයට ලක්වී තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
