News Category
From Date
To Date
Maximum Number of Result

ආණ්ඩුවේ මහ මොළකරු කෝ? - ගම්මන්පිල අසයි..

Apr 21, 2025 at 08:46 PM
|

පිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුවේ දී පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය.

"අද මට දැනෙන්නේ මම රැම්බෝ වගේ. පුංචි කාලේ විශාල හමුදාවක් එක්ක රැම්බෝ තනියම සටන් කරන දර්ශන දැක්කාම මට එදා හිතුනේ මේවා චිත්‍රපටිවල මිස සැබෑ ජීවිතයේ සිදුවන දේවල් නොවේ කියලා. ජනාධිපතිගේ සිට නන්නාඳුන මන්ත්‍රිවරුන් දක්වා කතාවක් පැවත්වුවහොත් සමස්ත ආණ්ඩුවම පහර දෙන්නේ තනි මට. ටිල්වින් සිල්වා මහතාගේ සිට ජවිපෙ සිටින සියළුම නායකයින් සිට පහළම සාමාජිකයා දක්වාම පහර දෙන්නේ තනි මට. කණ්ඩායමක් තනි ඔබට පහර දීමට පැමිණෙත් නම් සටන ඇරඹීමට පෙරම ජයග්‍රහණය ඔබ සතුය කියා කියමනක් තිබෙනවා. මුළු ආණ්ඩුවම එක මිටට එකතු වී මම සුවිශේෂී වීරයෙකු කළ මාලිමාවේ නායකයින්ට ප්‍රණාමය පුද කරන්න මේක අවස්ථාව කර ගන්නවා.

ආණ්ඩුවේ මහ මොලකරු කෝ?

මාලිමා ආණ්ඩුව තවත් වටයකින් මේ රටේ ජනතාව රවටන්න දැරූ උත්සාහයක් අපට පරාජය කරන්න පුළුවන් වුණා. ආණ්ඩුවට මාස හයක් සම්පූර්ණ වුණාම කාදිනල්තුමා ආණ්ඩුවට තර්ජනයක් කළා. පාස්කු ප්‍රහාරයට අවුරුදු හයක් සම්පූර්ණ වන අප්‍රේල් 21 වන විටත් පාස්කු ප්‍රහාරයේ මහ මොලකරු හෙලිදරව් කරන්න ආණ්ඩුව අසමත් වුණොත් තමන් කතෝලික ජනතාව සමග පාරට බහිනවා කියලා. මේකෙන් තැති ගත්ත ජනාධිපතිතුමා මාර්තු 30 දා මැතිවරණ වේදිකාවේ සිට පොරොන්දුවක් දෙනවා අප්‍රේල් 21ට පෙර පාස්කු ප්‍රහාරයට වගකිවයුතු පිරිසක් හෙලිදරව් කරන බවයි. ඒ නිසා හැමෝම බලා ගෙන හිටියා 21ට පෙර ජනාධිපතිතුමා මොකක් හරි හෙලිදරව්වක් කරාවි කියලා. අද අප්‍රේල් 21. හෙලිදරව්ව කලා ද? කරගන්න පුළුවන් උනේ නෑ. ඒකත් ආණ්ඩුවේ තවත් එක් කඩවුණු පොරොන්දුවක් වුණා. එහෙම වුණේ ඇයි?

ආණ්ඩුව සැලසුම් කරලා තිබුණේ පිල්ලෙයාන්ව රැඳවුම් නියෝග මත රඳවා ගෙන ඉන්න අතරේ පිල්ලෙයාන් පපොච්චාරණ කළ විධියට තමන්ගේ හිතේ ඉන්න කෙනා මහ මොලකරු බවට ප්‍රකාශ කරන්න. ඒ නිසා තමයි පිල්ලෙයාන්ව අත්අඩංගුවට අරන් කාත් එක්කවත් කතා කරන්න නුදුන්නේ. ඒ නිසා තමයි නීතියෙන් හිමි නීතිඥවරයෙකුට සහය ලබා ගැනීමට පිලලෙයාන්ට අවස්තාව නොදුන්නේ. ඒ නිසා තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් අත්අඩංගුවට ගැනීමට හේතුවක් දැක්වීම පොලීසියෙන් ප්‍රතික්ෂේප කරේ. ඔය අතරේ ජනාධිපති කිව්වේ අත්අඩංගුවට ගත්තේ පාස්කු ප්‍රහාරයට කියලා. හැබැයි කර්මාන්ත ඇමති කියනවා පාස්කු ප්‍රහාරයට නොවේ මහචාර්යවරයෙකු අතුරුදහන් වීමකට කියලා. පොලිස් ඇමති පාර්ලිමේන්තුවට කිව්වේ පිල්ලෙයාන් පාස්කු ප්‍රහාරය ගැන වැදගත් තොරතුරු හෙලි කරමින් ඉන්නවා කියලා. ඒ පොලිස් ඇමතිගේ පුකාශයට සමගාමිව තමයි මාලිමාවේ කුලී සමාජ මාධ්‍යකරුවන් “පිල්ලෙයාන් සියල්ල වමාරයි”. “පිල්ලෙයාන් පාස්කු ප්‍රහාරයට සම්බන්ධයි” වැනි සිරස්තල හැදුවේ. ඒ වගේම මාලිමාවෙන් නඩත්තු වෙන පුද්ගලයින් ලවා මාධ්‍ය හමු පවත්වමින් මේ මතය සමාජ ගත කලේ.

අපේ රටට සාමය උදා කරන්න ජීවිතය පරදුවට තැබූ මනුස්සයෙකුගේ ජීවිතය ඔට්ටුවට තියලා ආණ්ඩුව කරන මේ අශීලාචාර සෙල්ලම මම දැක්කා. ඒ අසාධාරණ සෙල්ලම කොහොම හරි නතර කරනවා කියා මම අධිෂ්ඨාන කර ගත්තා. ඒ නිසා ආණඩුවේ උපක්‍රම පරාජය කරලා මම නීති ගැටයක් ගහලා පිල්ලෙයාන් බලන්න ගියා. “ඔබව අත්අඩංගුවට ගැනීමට හේතුව කියන්න පොලිසිය ව්‍යවස්ථාවෙන් බැඳිලා ඉන්නවා. හේතුව කිව්වා ද” කියා මම පිල්ලෙයාන්ගෙන් ඇහුව්වා. ඔහු අත්අඩංගුවට ගැනීමේ ලදුපත පෙන්නුවා. ඒකේ අත්අඩංගුවට ගැනීමේ හේතුව කියන තැන ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතේ වගන්ති කිහිපයක අංක දාලා තිබුණා මිස හේතුවක් ලියලා තිබුණේ නෑ. ඒ කියන්නේ පිල්ලෙයාන් අත්අඩංගුවට ගැනීමට හේතුව අඩුම ගණනේ පොලිසියවත් දන්නේ නෑ.

පාස්කු ප්‍රහාරය ගැන ඔබෙන් ප්‍රශ්න කරනවා කියන්නේ ඇත්ත ද කියා මම ඇහුව්වා. මගෙන් පාස්කු ප්‍රහාරය ගැන කිසිම දෙයක් ඇහුව්වෙත් නෑ. ඇහුව්වත් උත්තර දෙන්න කිසිම දෙයක් දන්නෙත් නෑ කියා පිල්ලෙයාන් උත්තර දුන්නා. මොකද ඔහු 2015 සිට 2020 දක්වාම පොලිස් අත්අඩංගුවේ පසු වූයේ .මම පසුව ඔහුගේ එකගතාවය මත ඒ බව රටට කියූ නිසා ආණ්ඩුවේ මහ මොලකරු නිශ්පාදනය කිරීමේ මෙහෙයුම එතැනින්ම කඩාකප්පල් වුණා. ආණ්ඩුව වියරු වැටිලා මට මඩ ගහන එක පුදුම වෙන්න දෙයක් නෑ. මිලියන 22ක් රැවටීමට ගත් උත්සාහයක් තනිවම පරාජය කිරීමට පුළුවන් වීම ගැන මම අවංකවම සතුටු වෙනවා. ආණ්ඩුවේ ලොක්කන් වියරු වැටිලා මට බනින ප්‍රමාණය තමයි මගේ සාර්ථකත්වය මනින මීටරේ බවට පත් වෙලා තියෙන්නේ ආණඩුව මාධ්‍ය ඉදිරියේ මට කොච්චරක් බනිනවද කිය එක

ආණ්ඩුව සඟවන මහ මොලකරු මෙන්න

දැන් ආණ්ඩුවට මහමොළකරු සොයාගන්න බැරි වුණාට ලෝකයේ තිබෙන විශිෂ්ටතම අපරාධ විමර්ශන ආයතනය ලෙස සලකන්නේ ඇමෙරිකාවේ Federal Bureau of Investigations නැතිනම් එෆ්බීඅයි ආයතනය. ඔවුන් සතු සම්පත්, තාක්ෂණය සහ අත්දැකීම් වලින් ඔවුන්ට සම කළ හැකි ආයතනයක් ලෝකයේ නෑ. ඇමෙරිකාව සමග සටන් කරන අයිඑස්අයිඑස් සංවිධානය පාස්කු ප්‍රහාරයේ වගකීම භාරගත් නිසාත් ප්‍රහාරයෙන් ඇමෙරිකානුවන් මිය ගිය නිසාත් විමර්ශන කටයුතු වලට සම්බන්ධ වෙන්න එෆ්බීඅයි ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වුණා. මේ අය සාක්ෂිකරුවන් වගේම සැකකරුවන් ද ප්‍රශ්න කලා. බෝම්බ පත්තු වුණු ස්ථාන වල තිබුණු සාක්ෂි නවීන තාක්ෂණය භාවිතා කරලා විශ්ලේෂණය කළා. ත්‍රස්තවාදින් භාවිත කල ජංගම දුරකතන වගේම උකුළු පරිගණක වල අඩංගු තොරතුරු වගේම මැකූ තොරතුරුත් සියල්ල පරික්ෂාවට ලක් කලා. තව්හිත් ජමාත් සංවිධානයේ පොත්පත් අධ්‍යනය කළා. අයිඑස්අයිඑස් පිළිබඳ ලෝකයේ සිටින විශේෂඥයින්ගෙන් තොරතුරු අරගෙන ලංකාවෙන් ලැබුණු සාක්ෂි සමග සැසඳුවා. මේ සියල්ල කරලා අවසානයේ දී එෆ්බීඅයි ආයතනය තීරණය කරනවා ලංකාවේ පාස්කු ප්‍රහාරයේ මහ මොලකරු අන්කවුරුත් නොවේ තව්හිත් ජමාද් සංවිධානයේ නායක මොහමඩ් සහරාන් හසීම් කියලා. ඒ වගේම ඔහු අයිඑස්අයිඑස් සංවිධානයේ ලංකා ශාඛාවේ ප්‍රධානියා බවත් නවුෆර් මවුලවී එහි දෙවෙනියා බවත් . අයිඑස්අයිඑස් සංවිධානයේ නියෝගය මත තමයි සහරාන් මේ ත්‍රස්ත ප්‍රහාරය සිදු කරන්නේ කියලා.

මේ සියළු කරුණු අඩංගු පිටු 72ක දිවුරුම් ප්‍රකාශයක් එෆ්බීඅයි වෙනුවෙන් එහි විශේෂ නියෝජිත මෙරිලි ආර් ගුඩ්වින් ඇමෙරිකානු අධිකරණයට ඉදිරිපත් කරලා තිබෙනවා. ඉංග්‍රීසි කියවන්න පුළුවන් හැමෝටම මං ආරාධනා කරනවා www.udayagammanpila.com වෙබ් අඩවියෙන් බා ගත කර ගන්න පුළුවන්. පාස්කු ප්‍රහාරය සිදු වු ආකාරය පිළිබද ඉතාම වෘත්තීය මට්ටමේ විශ්ලේෂණයක් ඒ හාරහා දැන ගන්න පුළුවන්. ඒ විතරක් නොවේ සමස්ත ලෝකයේම ඉන්න විශිෂ්ටතම ත්‍රස්ත විශේෂඥයෙකු වන මහචාර්ය රොහාන් ගුණරත්න මැතිතුමා එෆ්බීඅයි වගේම සැකකරුවන් ප්‍රශ්න කරලා තිබෙන තොරතුරු සියල්ලම විශ්ලේෂණය කලා. එෆ්බීඅයි ආයතනයට වගේම ලෝකයේ ඕනෑම රටක් ත්‍රස්ත සැකකරුවන් ප්‍රශ්න කරන්න ඕනි කිව්වොත් ඒ අවස්ථාව මහචාර්ය ගුණරත්න මැතිතුමාට දෙනවා. මොකද ඔහුගේ සුවිශේෂී දැනුමෙන් ඒ රටට ප්‍රයෝජනයක් ගන්න පුළුවන් නිසා. මේ සියල්ල විශ්ලේෂණය කරලා මහචාර්ය රොහාන් ගුණරත්න නිගමනය කලෙත් අයිඑස්අයිඑස් අණින් බෝම්බ ප්‍රහාරය සැලසුම් කළ මහ මොලකරු සහරාන් හසීම් කියලා. පසුව ඔහු තමන් ලබා ගත් තොරතුරු ඇතුලත් කරලා Sri Lanka Easter Sunday Massacre ඉංග්‍රීසියෙන් පොතක් ලිව්වා පසුව සිරිල් ගුණවර්ධණ මැතිතුමන් විසින් සිංහලයට පර්වර්තනය කරලා තියෙනවා.

මහාචාර්ය රොහාන් ගුණරත්න මහතාටත් වඩා වඩා දක්ෂ ත්‍රස්ත විමර්ශකයින් පිරිසක් අපේ එන්ජිඕ නඩයේ ඉන්නවා. ඒ අය යූටියුබ් නාලිකා පවත්වා ගෙන යමින් විවිධ කුමන්ත්‍රණ න්‍යායන් conspiracy theories සමාජ ගත කරමින් ඉන්නවා. මම ඒ අයට ආරාධනා නරනවි වීවසි වැඩි කරගන්න සමාජ මාධ්‍ය ඉදිරියේ ඔවැනි කරුණු කියන්නේ නැතුව තමන්ගේ ගාව පාස්කු ප්‍රහාරය ගැන ඒ අය දන්නා දෙයක් තිබෙනවා නම් වහාම පොලිසියට කියන්න. මොකද ජනපතිතුමා දුන්නු දින ඇතුලත මහ මොලකරු සොයා ගන්න බැරිව ඒ අයට විපතක්නෙ වෙලා තිබෙන්නේ.

ජූඩ් ප්‍රනාන්දු පියතුමා දෙවියන් වහන්සේටත් අකීකරු වේ

ජූඩ් ප්‍රනාන්දු පියතුමා ඊයේ මාධ්‍ය හමුවක් පවත්වමින් පිල්ලෙයාන් ගැන බොරු වැලක් කිව්වා. අරන්තලාවේ භික්ෂු ඝාතනය කළ නැගෙනහිර දී පොලිස් නිලධාරින් හය සීයක් මරා දැමූ පිල්ලෙයාන් වෙනුවෙන් ගම්මන්පිල මහතා පෙනී සිටින්නේ කෙසේද කියා ප්‍රශ්න කළා. අරන්තලාවේ භික්ෂු ඝාතනය සිදු වෙන්නේ 1987 ජූනි 2. පොලිස් නිලධාරින් හය සීයක් මරා දැමීම සිදු වෙන්නේ 1990 ජූනි 11. නමුත් උගත් පාඩම් කොමිසමට පිල්ලෙයාන් දුන් සාක්ෂිය අනුව ඔහුව කොටි සංවිධානයට බඳවා ගන්නේ 1991 දී. ඒකත් ළමා සොල්දාදුවෙකු විධියට. එහෙම නම් අරන්තලාව භික්ෂු ඝාතනයට සහ පොලිස් නිලධාරින් ඝාතනයට පිල්ලෙයාන් සම්බන්ධ යැයි පියතුමා කියන්නේ කොහොමද? අනුන් ලියා දෙන ඒවා සොයා නොබලා කියෙව්වාම මෙවැනි විපත් සිදු වෙනවා. දෙවියන් වහන්සේ ඔබතුමාට ඇස් දෙකක් සහ එක් කටක් ලබා දී තිබෙන්නේ හොඳින් කරුණු කියවා ඉන්පසු කතා කරන්නයි. ගරු පියතුමනි, දෙවියන් වහන්සේගේ දස පනතේ අටවන නියමය බොරු නොකියව යන්නයි. ගරු පියතුමනි, ඔබතුමා දෙවියන් වහන්සේට කීකරු වන සේක්වා!"

සම්බන්ධිත පුවත් | Related News

රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ බස් රථ අනතුරින් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් තිබේ.
ගුරුවරයකුගේ ලංගික අතවරයට ලක්ව සියදිවි නසාගත් කොටහේන ප්‍රදේශයේ පදිංචිව සිටි පාසල් දැරියගේ හඩට ඇය දිවිනසා ගන්නට පෙර කිසිවෙකු ඇහුන්කන් දීමට උත්සාහ කර නැති බවත්, ගුරුවරියක් ලෙස තමන් මෙම දැරියට සිදුවූ අපරාධය පිළිබඳව ලැජ්ජාවට පත්වන බවත් රූපවාහිනී සාකච්ඡාවක දී එක්තරා ගුරුවරියක් විසින් පවසයි.
රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ බස් රථ අනතුරින් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් තිබේ.
ශ්‍රී ලංකාව සමඟ විස්තීර්ණ ණය වැඩසටහනක නියුතුව සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ණය සැපයීමට තවත් කොන්දේසියක් ඉදිරිපත් කර ඇතැයි තානාපති අංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
කුරුන්දි පුරාවිද්‍යා රක්ෂිත භූමිය අනවසරයෙන් වගා කිරීමට පිරිසක් පියවර ගෙන ඇති අතර ට්‍රැක්ටර ​භාවිතයෙන් ඉඩම් සකස් කර ඇති බවත් පැවසෙයි.
පසුගිය මැයි 06 වැනිදා පැවැති පළාත් පාලන මැතිවරණයේදී කුඩය ලකුණින් තරග කළ ජන අරගල සන්ධානය ආසන 16ක් දිනාගැනීමට සමත් වී තිබේ.
සියදිවි නසාගත් 16 හැවිරිදි කොටහේන ප්‍රදේශයේ පදිංචිව සිටි දැරිය බම්බලපිටිය ප්‍රදේශයේ පාසලේ අධ්‍යාපනය හදාරන කාලය තුළදී එම පාසලේ ගුරුවරයෙකුගෙන් ලිංගික අතරවරයකට ලක්ව ඇතැයි අනාවරණ වි ඇති බව පොලීසිය පවසනවා.
සයිබර් ප්‍රහාරයකින් ඉන්දියාවේ විදුලිබල පද්ධතියෙන් 70% ක් බිඳ වැටී ඇති බව පාකිස්තානය ප්‍රකාශ කරන බව ආරක්ෂක මූලාශ්‍ර උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කරයි.
ශිෂ්‍යත්ව උපකාරක පන්ති පවත්වන ජනප්‍රිය ගුරුවරියක් වන 'ටීචර් අම්මා' හෙවත් හයේශිකා ප්‍රනාන්දු විසින් තරුණයෙකුට සිදුකළ පහරදීමක් හේතුවෙන් ඇයව අත්අඩංගුවට ගැනීමට පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

ප්‍රධාන පුවත්

නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)

ඉන්දියාව සම ශ්‍රී ලංකා ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් අවබෝධතා ගිවිසුම්වලට ලඝුකළ නොහැකි බවත්, මෙම ගිවිසුමේ ඇති වගන්ති මගින් ලංකාව තුළ මෙම ගිවිසුමේ අඩංගු කරුණු ක්‍රියාත්මක වීමේ දී නීතිය අනුව කටයුතු කිරීම පවා වළක්වා ඇති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සභික දුමින්ද නාගමුව මහතා පවසයි.

නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..

දෙවන ලෝක යුද්ධය අවසන් කළ දිනය සහ, නාසිවාදී පැසිස්ට්වාදය පරාජය කළ දිනයද මැයි 9 වැනි දා වන අද දිනය බවත්, ලෝකයේ සියලු ජනයාට සහ සතා සිවුපාවාට පවා නිදහසේ ජීවත්විය හැකි ලෝකයක් නිර්මාණය කිරීම වෙනුවෙන් නාසිවාදී පැසිස්ටිවාදය පරාජයට පත්කළ දිනය වන්නේ අද බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි

කියෙව් පරිපාලනය කිසිදු පූර්ව කොන්දේසියකින් තොරව “සම්පූර්ණ සටන් විරාමයකට” සූදානම් බව යුක්රේන නායක ව්ලැඩිමීර් සෙලෙන්ස්කි නිවේදනය කර තිබේ.

මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)

බලයට පත්වී මාස 6ක් තුළ මෙතරම් පසුබෑමකට ලක්වූ ආණ්ඩුවක් ලොව කිසිඳු රටක නැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.

අවුරුදු අසූවක් යනු දිගු කාලයකි. එවැනි කාලයක් තුළ, ලෝකය සිතාගත නොහැකි තරමට වෙනස් වන අතර, වරක් සමීප යැයි හැඟුණු සිදුවීම් පුරාවෘත්තය තුළ මැකී යයි.

මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල

‘මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්’ යයි පිවිතුරු හෙල උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..

පසුගියදා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ඇතුළු පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (07) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්

අල්ලස් කොමිසම විසින් අද (7) පස්වරුවේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරනු ලැබූ හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මැයි 20වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.

බෞද්ධයන්ගේ පූජනීයත්වයට පත් බුදුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වෙන්දේසි කිරීම වහාම නවත්වා, ඒය ඉන්දියාවට බාරදිය යුතු බව පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමියන් පවසයි.

මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව මේ වනවිට නිකුත්වී ඇති ප්‍රතිඵලවලට අනුව ජාතික ජන බලවේගය බහුතර ආසන සංඛ්‍යාවක ඉදිරියෙන් සිටියද සභා පිහිටුවීමේදී කිසියම් අර්බුදකාරී තත්ත්වයකට පත්වෙනු ඇති බව දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි

ඉන්දියාව විසින් එල්ල කළ ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් හත්දෙනෙකු පමණ මියගොස් ඇති බව පාකිස්ථානය ප්‍රකාශ කර ඇත.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි

2025 පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීම මේ වන විට ආරම්භ වී තිබේ. ඒ අනුව අද (06) පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,759ක ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත.

දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..

ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය (SLCPI), ශ්‍රී ලංකා ජාතික ඖෂධ නිෂ්පාදකයින්ගේ මණ්ඩලය (NCPMSL) සහ ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය (SLPMA) යන සංගම්වල සභාපතිවරුන් විසින් මෙම ඒකාබද්ධ ලිපියට අත්සන් තබා ඇත.

දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි පිහිටි පුරාණ ස්තූපයකින්1898 දී සොයා ගන්නා ලද පූජනීය බෞද්ධ ධාතු 300කට අධික එකතුවක් ලලිත කලා, එකතු කළ හැකි භාණ්ඩ සහ ස්වර්ණාභරණ සම්බන්ධ සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය තැරැව්කාර ආයතනයක් වන සොතෙබිස් විසින් ලබන සතියේ (මැයි 7) වෙන්දේසි කිරීමට නියමිතව තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.