News Category
From Date
To Date
Maximum Number of Result

එදා LTTE සංවිධානය මාවිල්ආරු සොරොව්ව වසා සිදු කිරීමට ගිය ව්‍යසනය නවතා දමමින් අප රටේ හමුදාව යුද ජයග්‍රහණයේ ආරම්භය ලබාගන්නා අවස්ථාවේදී ඒ සියල්ල විනාශ කර දැමීමට 2017 වසරේදී ලාල්කාන්ත ඇතුළු ජනතා විමුක්ති පෙරමුණ රට පුරා සමස්ත මහා වැඩ වර්ජනයක් කැඳවා LTTE යට සහාය දැක්වීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කළ බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

මහජන චීන විමුක්ති හමුදාවේ යුද නෞකා තුනක් කොළඹ වරායට පැමිණ තිබේ.

මෙවර ජනාධිපතිවරණයට තරඟ වදින ජනාධිපති ධූර අපේක්ෂකයින් වෙත රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් සෞඛ්‍ය සේවාවේ ප්‍රගමනය ඉලක්ක කරගත් යෝජනාවලියක් ඉදිරිපත් කර තිබේ.

මොස්කව් වේලාවෙන් උදෑසන 6 පසුවීමත් සමඟ යුක්රේනයේ භූමිය හරහා ගුවන් ප්‍රහාර අනතුරු ඇඟවීමක් නිවේදනය කර සුළු මොහොතකින් රුසියාව, කියෙව් පාලන තන්ත්‍රයේ ආරක්ෂක කර්මාන්ත පහසුකම් ඉලක්ක කර දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර ඇත.

2024 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා නාමයෝජනා භාරගැනීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර තිබේ.

ජාතික ජන බලෙව්ගයේ නායක අනුර කුමාර දිසානායක මහතා මාධ්‍ය ප්‍රධානීන් හා පුවත්පත් කර්තෘවරුන් වෙත යැවූ ලිපියක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන අතර එහි දක්වා ඇත්තේ සංඝ සමුළුවක් පැවැත්වූ පලියට තම පක්ෂය ජාතිවාදීන් හෝ ආගම්වාදීන් නොවන බවත්, මාලිමා ආණ්ඩුවක දී කිසිඳු ආගමකට ප්‍රමුඛත්වය ලබා නොදෙන බවත්ය.

ටෙලිග්‍රාම් පණිවිඩ යැවීමේ යෙදුම අයත් ප්‍රධාන විධායක පවෙල් ඩුරොව් ප්‍රංශ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

70 දශකයේ යොවුන් සිනමාවේ පුරෝගාමියා, ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සුගතපාල සෙනරත් යාපා අභාවප්‍රාප්ත වී තිබේ.

ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සිදු කරන මත විමසුම් සමීක්ෂණ නතර කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව අවධානය යොමුකර තිබේ.


ප්‍රධාන පුවත්

ආණ්ඩුවට බැරි බෙදුම්වාදය පරාජය කිරීමේ වගකීම බාරගන්න අපි සූදානම්.. - 'රණවිරු ජනපවුර' ආණ්ඩුවට කියයි..

පසුගිය වසර 30ක යුද්ධයේදී සන්නද්ධ හමුදාවන් සිය වගකීම 100%ක්ම ඉටු කරමින් රට දෙකකට බෙදීමේ තර්ජනයෙන් මුදාගත් බවත්, එලෙස දිනාගත් යුද ජයග්‍රහණය ඉදිරියට පවත්වාගෙන යාම සඳහා බෙදුම්වාදී මතවාද පරාජය කිරීමේ වගකීම බාර ගැනීමට විශ්‍රාමික රණවිරුවන් කිසිසේත් පසුබට නොවන බවත් "රණවිරු ජනපවුර" සංවිධානය අවධාරණය කරයි.

ඉහළ උසාවිවල විනිසුරු පුටු අටක් හිස්..

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරු පුරප්පාඩු අටක් දීර්ඝ කාලයක් තිස්සේ නොපිරවීම හේතුවෙන් අධිකරණ පද්ධතියේ නඩු ගොඩගැසීමෙන් යුක්තිය පසිඳලීමේ කටයුතු වලට බාධා මතුව ඇතැයි අධිකරණ සේවා ආරංචි මාර්ග සඳහන් කරයි.

සාම ගිවිසුමක් සඳහා අමෙරිකාව සහ ඉරානය අවසන් එකඟතාවකට ආවා - පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ්

මැදපෙරදිග කලාපීය යුද්ධය අවසන් කිරීමේ සාම ගිවිසුමක් සඳහා අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අවසන් එකඟතාවයකට පැමිණ ඇති බව පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ් පවසයි.

ගෝඨාභය රාජපක්ෂ ඇත්ත මහමොළකරු තේරුම් ගත්තා.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

යුද්ධය අවසන් වූවද බෙම්වාදීන්ගේ මාර්ග සිතියම අවසන් වී නොමැති බවත්, බෙදුම්වාදී මාර්ග සිතියමේ අවසන් සැතපුම යාමට බිඳවැටුනු ආරක්ෂක හමුදාවක් අවශ්‍ය බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

යුක්රේන ගැටුමේදී රුසියාව සමස්ත බටහිර කඳවුරට එරෙහිව තනිව සටන් කරනවා – පුටින්

යුක්රේනය සහ රුසියාව අතර පවතින ගැටුමේදී රුසියාව ඊනියා “සාමූහික බටහිර” (Collective West ) කඳවුරට එරෙහිව තනිව සටන් කරන බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ප්‍රකාශ කළේය.

“පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට අපොහොසත් වූ නිලධාරීන් දැන් මට එරෙහිව පරීක්ෂණ මෙහෙයවනවා”..- සලේ අභියාචනාධිකරණයට කියයි

2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට අපොහොසත් වූ බවට විවිධ විමර්ශන මඟින් හඳුනාගෙන ඇති ෂානි අබේසේකර සහ රවි සෙනෙවිරත්න ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසක්, මේ වන විට තමන්ට එරෙහිව විමර්ශන මෙහෙයවමින් සිටින බව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, මේජර් ජෙනරාල් සුරේෂ් සලේ සිය නීතිඥවරයා මාර්ගයෙන් පෙරේදා (11) අභියාචනාධිකරණයට දැනුම්දී ඇත.

අලුත් පාස්කු මහ මොළකරුවෙක් සොයාගත්තා නම් FBI, Interpol, Scotlandyard, AFU ආයතනවලටත් දන්වන්න.. - දිලිත් කියයි

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ඇමරිකානු එෆ්.බී.අයි (FBI) ආයතනය, ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය, ස්කොට්ලන්ඩ් යාඩ් සහ ඉන්ටර්පෝල් වැනි ලෝක ප්‍රකට විමර්ශන ආයතන සොයාගත් කරුණු වලට අමතරව නව කරුණු මෙරට බලධාරීන් සොයාගෙන තිබේ නම්, වහාම ඒ බව එම ආයතනවලට දැනුම් දීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බව සර්වජන බලය පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකාව මෙතෙක් අනුගමනය කළ මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තිය තවදුරටත් අනුගමනය කරනු ඇතැයි අපි විශ්වාස කරනවා- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් S ධගාරියන්

ජූනි මස 12 වනදාට යෙදී තිබෙන රුසියානු දිනය වෙනුවෙන් කොළඹ රුසියානු තානාපති කාර්යාලය සංවිධානය කළ උත්සවයක් පසුගිය 10 වනදා ගාලු මුවදොර පිහිටි රත්නදීප හෝටලයේදී පැවැත්වීය.

ඊශ්‍රායලයේ ඉඳලා මෙරට ළමයි එවන ඩොලර් ටික එක ආයතනය හිරවෙලා.. - තවත් හැකර් ප්‍රහාරයක් ගැන ඩී.වී චානක හෙළිකරයි..

ඊශ්‍රායලයේ සිට මෙරට ශ්‍රමිකයන් එවනු ලබන ඩොලර් අප්‍රේල් මාසයේ සිට එක් ආයතනයක සිරවී ඇති බවත්, වැඩිම විදේශ ප්‍රේෂන ප්‍රමාණයක් මෙරටට එවනු ලබන්නේ ඊශ්‍රායලයේ සිටින මෙරට ශ්‍රමිකයන් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක මහතා පවසයි.

සලේගේ පෙත්සම සලකා බැලීම ජූලි 10 දක්වා කල් යයි.. සලේ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අයි.එස්.අයි.එස්. ත්‍රස්ත සංවිධානයේ දෘෂ්ටිවාදය මෙරට තුළ ක්‍රියාත්මක වූ ආකාරය ගැනත් කරුණු හෙළිකරයි..

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගැනීම සඳහා නිකුත් කර තිබෙන රැඳවුම් නියෝගය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සූරේෂ් සලේ මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමේ වැඩිදුර කරුණු සලකා බැලීම සඳහා ජූලි මස 10 වනදා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය නියෝග කළේය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.